Friday, 10 January 2025

නිමා නොවන නැරඹීමකට සුදුසු කලාකෘතියක්; One Hundred Years of Solitude

One Hundred Years of Solitude නවකතාව ගේබ්රියල් ගාෂියා මාකේෂ්ගේ හොඳම නවකතාව ලෙස සැලකේ. එහි අඩක් සිනමා අනුවර්තනයක් ලෙස නිමවී දැන් NETFLIX හි ප්‍රදර්ශනයට තිබේ. One Hundred Years of Solitude 'මැකොන්ඩෝ" නගරයේ  බුවෙන්ඩියා පවුලේ පරම්පරා හතක කතාවය. බෙලහීනයයි කෙරෙන අවමන් සහගත කතාවකට එරෙහිව ජෝස් අකාඩියෝ බුවෙන්ඩියා විසින් චෝදකයා මරා දමා සිය බිරිඳ උර්සුලා ඉගුවාරන්ද, සිය සනුහරයද කැටුව ඔවුන්ගේ උපන් ගම හැරදමා යයි. ඔවුන්ගේ සංක්‍රමණ ගමනේ එක් රාත්‍රියක ගං ඉවුරක කඳවුරු බැඳ සිටියදී ජෝස් අකාඩියෝ 'මැකැන්ඩෝ" ජනපදය ගැන සිහින දකී. ජනපදයේ නිර්මාතෘ ජෝස් අකාඩියෝ සිය මරණය දක්වාම විශ්වාස කරන්නේ 'මැකැන්ඩෝ" ජනපදය වතුරෙන් යටවී ඇති බවත්, එම දූපතේ සිට ඔහු තම සංජානනයකට අනුව ලෝකය නිර්මාණය කරන බවත්ය.
අකාඩියෝ විසින් තමන් තැනූ ජනපදය, සනාතන රාජ්‍යයක් ලෙස සැකසීමට උත්සාහ කරයි. එහෙත් පසුව මෙම ජනපදය ලෝකයට නිරාවරණය වන අතර, විද්‍යාවද, ගුප්ත ශාස්ත්‍රයන්ද, යටත් විජිත වාදයද, කොන්සරවේටිව් හා ලිබරල්වාදයද, විමුක්ති අරගලයන්ද ආදි ලෝකයේ තියෙන අනෙකුත් සියල්ල මේ පරම්පරා හත තිස්සේ මැකැන්ඩෝ ජනපදයට එන්නට පටන් ගනී.
මීට බොහෝ කලකට පෙර පසන් කොඩිකාර විසින් පරිවර්තනය කළ 'සියවසක් හුදකලාව' කියවා ඇති හෙයින් Alex Garcia Lopez හා Loure Mora විසින් අධ්‍යක්ෂණය කර ඇති පැය අටකට වැඩි ධාවන කාලයක් සහිත මෙම ටෙලි චිත්‍රපටය වටහා ගැනීම පහසු විය. නවකතාව සේම මෙම චිත්‍රපටයත් එයට හිමි ආනුභාවයක් ප්‍රකට කරන දැවැන්ත කලාකෘතියකි. එය නැරඹීමට හැකි අවධියක අප ජීවත්වීමම වාසනාවකැයි හැඟේ.
ලෝකය මිනිසා විසින් අනතුරට ලක්කරන අතරම, ලෝකය මැවූ දෙවියාටම (අකාඩියෝ) ස්වයං සිරගත බවට ලක්වීමට සිදුවීමටත් , තමාගේ පරමාර්ථ පැතූ අයුරින් ඉෂ්ට නොවීම නිසා උමතු බවට පත්වීමටත් සිදුවේ. කොටින්ම තමා කතා කරමින් සිටි ස්පාඤ්ඤ බස අතහැර පුරාතන ලතින් භාෂාව කතා කරමින් සාමාන්‍ය භාෂා ව්‍යවහාර ලෝකයෙන්ද වෙන්වේ.
මාකේෂ්ගේ නවකතාව, සිනමා කෘතියක් ලෙස ප්‍රති නිශ්පාදනය වීම මේ තරම් සියුම් හා බරසාරව නිර්මාණය වීම යනු සිනමා කලාව මෑතකාලීනව අත්පත්කරගෙන ඇති තාක්ෂණික හා කලාත්මක ජයග්‍රහණයන්ගේ තරම කියාපායි.
මෙම චිත්‍රපටය පැය අටක් පමණ පුරා කියාපාන්නේ මාකේෂ්ගේ  නවකතාවෙන් අඩක් පමණය. පරමාදර්ශී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් ජනපදයක් ගොඩනගන මිනිසෙකුගේ අවසානය, අප්‍රමාණ සොබාදහම් ආසිරි ගැන්වීමක් බවට පත්වෙමින් චිත්‍රපටයේ මුල් කොටස නිමාවන්නේ සෞන්දර්යයක් හා මූලාරම්භකයා පිළිබඳ අසීමිත ගෞරවයක් ඇති කරමිනි.
_______________________

No comments:

Post a Comment