මයිකල්ගේ ස්ත්‍රී හඬ පිටුපස ඇති මනා පෞරුෂය, සිය ළමා කාලයේ අඩන්තේට්ටම් හරහා පසුව කෙරෙන මෛත්‍රී සහගත තෝරා ගැනීම් ආදිය සිනමානුරූපීව කරන කියාපෑම් අපූරුය.
ඒ සියල්ලටමත් වඩා වැඩුණු මයිකල්ගේ චරිතය නිරූපනය කරන අති විශිෂ්ඨ නළුවාය. Jaafar Jackson ගේ රඟපෑම මෙම චිත්‍රපටයේ විශිෂ්ටම අංගයයි. මයිකල් ජැක්සන් මියගියේ 2009 වසරේදීය. චිත්‍රපටය තැනෙන්නේ 2026 දීය. සමහර විට Jaafar Jackson කෙනෙකු මුනගැසෙන තෙක්ම මෙතරම් කාලයක් චිත්‍රපටයක් නොහැඳෙන්නට ඇත. එහෙත් මාලනී මියගියේ ගිය අවුරුද්දේය.
