තිවත
පද්මිණී සෙනවිරත්නගේ 'තිවත' නවකතාව කියවා හමාර කලේ මේ දැන්ය. පසුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඒ පොත මවිසින් තෝරා නොගත් බව දුටු ඉනිමංකඩ මහත්මිය 'තිවත' හොඳ පොතක් කියවලා බලන්නකෝ කී නිසා එය මිළදී ගත්තෙමි. ඉතිහාසය පදනම් කරගත් බොහෝ නවකතාවල ඇති ප්‍රධාන අඩුපාඩුවක් ලෙස මා දකින්නේ ඒවා හුදු ඉතිහාස කතා පමණක් වීමය. එහෙත් 'තිවත' එසේ නොවී වර්තමානය වෙත එල්ල කරන සමාජ හා මානව චර්යාමය කැඩපතක් වී තිබේ. මෙහි දී ඉතිහාසයේ වරද කරුවකු කර ඇති සීතාවක රාජසිංහයන්ගේ සැබෑව හෙලි කරමින් ඔහු නිවැරදි කරන්නට කතුවරිය උත්සාහ කරන්නීය. ඒ කාර්යයේ දි ඇයහෙළිදරව් කර ගන්නා සමාජ වටපිටාව වර්තමාන අපට බෙහෙවින් නුදුරුය. ජාතිය , ආගම, කුලය, යන පාර්ශව තුන එදත් අදත් ශතවර්ෂ පහක් තිස්සේ අර්බුදයේ මැවුම්කරුවන් වි ඇත්තේ නොවෙනස් ලෙසිනි. කෘතියේ එක තැනක මෙසේ තිබේ.
'වැරැද්දක් ඇතා නැතා රජවරුන්ට එරෙහිව ජනී ජනයා උසිගන්නන්ට සංඝයාට හැකි වී තිබෙන්නේ උන්නාන්සේලාට අවනත නූනොත් ජීවත් වෙන්නට තියෙන මාර්ගය අහිමි වන නිසා වග මටද වැටහුනේය.'
එකී යුගය හදාරන්නට හා ඒ යුගයට අදාළව බස් වහරක් තනා ගන්නට කතුවරිය සෑහෙන පරිශ්‍රමයක් දරා ඇතැයි සිතමි. ඒ සියල්ල ඇසුරින් රසවත් හා අර්ථවත් කියවීමකට මගපාදාදීම පිළිබඳව මම සෙනවිරත්න මහත්මියට ස්තුති කරමි.
2019-12-01 දින මගේ දිනපොතේ තැබූ සටහනකි.
Sunday, 1 December 2019
Saturday, 30 November 2019
රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.
ධර්මරාජයේ අපේ පාසල් අවධියේ වෙනත් සිසුන්ට වෙනත් වීරයන් සිටි අතර අපට සිටි අප තෝරාගත් සුපිරි වීරයා ධර්මසේන පතිරාජයන්ය.අපට අනෙකුත් වීරයන් වූයේ දයා තෙන්නකෝන් , අමරසිරි කලංසූරිය ආදින්ය. අපි හැමෝම පාහේ වීරයන් සොයා ගත්තේ අපේම ආදි ශිෂ්‍යයන්ගෙනි. අපි ඔවුන් හැකි තරම් අනුගමනය කෙළෙමු. එක්කෝ එය අපේ වාසනාව පෑදීය. නැත්නම් විනාශය පෑදීය. කොටින්ම මම පළමුවරට මත්පැන් බිව්වේද අප සංවිධානය කළ බඹරු ඇවිත් සම්මන්ත්‍රණය නිමාවේ පතිරාජලා දයා තෙන්නකෝන්ලා අනුගමනය කරමිනි. ඒ බීම දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ වතාවතක් ලෙස අද දක්වාම ගෙන ආවෙමි. ඒ අධ්‍යාපනය නිසි ලෙස ලබා ගැනීමට මට හැකි වුවත් පතිරාජලාගේ දයා අයියලාගේ නිර්මාන කෙෳෂල්‍යයේ අද්දරට පමණක්වත් සමීප වීමටවත් තවම හැකියාව ලැබී නැත.
පතිරාජලා දයාලා අපට වඩා බොහෝ සම්පූර්ණ මිනිසුන්ය. ඔවුන් කවර අභියෝග හමුවේ වුව ද යහපත වෙනුවෙන් පෙනී සිටින උදාර මිනිසුන්ය. ඔවුන්ගේ නිර්මාණවල දීප්තිමත් වර්ණය සැකසී ඇත්තේ ඒ උදාර බවිනි.
දයා තෙන්නකෝන්
රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.
පතිරාජලා දයාලා අපට වඩා බොහෝ සම්පූර්ණ මිනිසුන්ය. ඔවුන් කවර අභියෝග හමුවේ වුව ද යහපත වෙනුවෙන් පෙනී සිටින උදාර මිනිසුන්ය. ඔවුන්ගේ නිර්මාණවල දීප්තිමත් වර්ණය සැකසී ඇත්තේ ඒ උදාර බවිනි.
දයා තෙන්නකෝන්
රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.
Sunday, 3 November 2019
රළින් රළ
යමක් ලියමින් සිටින විට නිර්මාණ ආවේශය සිඳී ගිය විට මම අජිත් තිලකසේනගේ කෙටිකතාවක් හෝ කවියක් කියවමි. ආරියවංශගේ කවි ද ඒ ආකාරයට නිර්මාණාවේශය සපයයි රළින් රළ 2014 පළවූවකි. එහෙත් එය මට මුණ ගැසුණේ දැන්ය. ඒ කවි කියවමි. එක් කවියක් කියවා ඒ කව අත හැර අනෙක් කවියක් වෙත යන්නට ලෝභකමක් හිතෙන තරම් ඒවා නිර්මාණශීලීය. ආරියවංශගේ කවිත්වය පමණක් නොව ඔහුගේ විසල් දැනුම පාදක වූ පරිකල්පනයද එකට හමුව බැඳුණු මේ කවි කවියේ හතර මායිම කුමක්දැයි කවියන්ට ගුරූපදේශ දෙයි පියසීලී විජේගුණසිංහ වැනි කවි දෙස බලමින් සියුම් විචාරයන් කළ විචාරිකාවන් අහිමි අද කවිය යළි ප්‍රවණතාත්මක කලාවක් බවට ඇද වැටෙනවා වද්දෝයි සිතේ. කවියෙකු ද කවියෙහි විචාරකයකු ද විය හැකි ගුණාංග සහිත ආරියවංශගේ කවි රසිකයන් අතර පමණක් නොව කවීන් අතර ම මීට වඩා සාකච්ඡා විය යුතු යැයි මට සිතේ
එන්න මේ දැන්ම
පිනි වැටෙන්න ලඟයි බිම
හිරු උරන්නට ඇතේ ඉඩ
සියොත් ගණ ගැයූ පාන්දර
උදා ගී තවම තුඩු අග
තෙල් සලිත හරිත පත්මත
තණ තෙතයි තවම අත්ලට
දුන්න සේ නැමී යහනත
අත් නගා කඩා නිදි ගැට
රත් පතුල් තබා මිහිමත
එන්න වැතිරෙන්න තණමත
ඇන්ද නිදි ඇඳුම් පිටින්මම
ආරියවංශ රණවීර
Thursday, 5 September 2019
කාලයේ කඩ ඉමක් පසු කරමි.
අඳුර විනිවිදිමින්
කණමැදිරි එළියෙන් පවා
මංහසර පාදා ගනිමින්
මේ දුර පැමිණියෙමි.
කණමැදිරි එළියෙන් පවා
මංහසර පාදා ගනිමින්
මේ දුර පැමිණියෙමි.
වසන්තය අග්ගිස්සේ
එයට ගොඩ වැදුනෙමි.
පසුව එහි තොරතුරු
සිසිරයට පැවසීමි.
එයට ගොඩ වැදුනෙමි.
පසුව එහි තොරතුරු
සිසිරයට පැවසීමි.
සදාතනිකව ආදරය කරන්නෝද
සදාතනිකව වෛර කරන්නෝද
හමුවීමි.
සදාතනිකව වෛර කරන්නෝද
හමුවීමි.
රතුවන් පැහැබර අහස
තැඹිලි පැහැ ගැන්වෙන හැටි දිටිමි.
තැඹිලි පැහැ ගැන්වෙන හැටි දිටිමි.
සුබ ප්‍රාර්ථනා සහිත මිනිසුන් වෙත ඇදී ගියෙමි.
කෝකිලයෝ තරමක් පමාවී
මට පමණක් ගැයූ ගී ලියාගෙන සිටිමි.
මට පමණක් ගැයූ ගී ලියාගෙන සිටිමි.
රෑ තුන්යමේ සොඳුරු අඳුරට
වශීවී සිටි විටෙක
හිරු බුබුල ගෙනවිත් සමහරු
රාත්‍රිය එළිය කොටආපසු ගියේ
ඒ හිලව්වට දහවලද අඳුරු කරමිනි.
වශීවී සිටි විටෙක
හිරු බුබුල ගෙනවිත් සමහරු
රාත්‍රිය එළිය කොටආපසු ගියේ
ඒ හිලව්වට දහවලද අඳුරු කරමිනි.
බකමූණෝ නොහඳුනන වෙනසින් බියපත්ව
වෙන වෙන ස්වරවලින් 'හ්ම්' 'හ්ම්' ගෑය.
වෙන වෙන ස්වරවලින් 'හ්ම්' 'හ්ම්' ගෑය.
දහවල් ගයන කුරුල්ලෝ
අහම්බෙන් පැමිණි රාත්‍රියේ
අසීරුවෙන් වුව මිහිරි ගී ගැයුවේ
මා වෙනුවෙනැයි පසු කලෙක මට කීහ.
අහම්බෙන් පැමිණි රාත්‍රියේ
අසීරුවෙන් වුව මිහිරි ගී ගැයුවේ
මා වෙනුවෙනැයි පසු කලෙක මට කීහ.
ඇලඩින් පැමිණ පුදුම පහනත් රැගෙන
තෑග්ගක් දෙන්නට සිතා
එතෙක් සිතූ සිතූ සම්පත් දුන් ඒ පහන
ඉලූ කල කළු ගලෙහි
නැත වැඩියේ ඉටු යකා.
ඇලඩින් කෝපයෙන් පසෙක දැමූ ඒ පහන
මගේ ගෙයි දොරකඩය තවමත්.
තෑග්ගක් දෙන්නට සිතා
එතෙක් සිතූ සිතූ සම්පත් දුන් ඒ පහන
ඉලූ කල කළු ගලෙහි
නැත වැඩියේ ඉටු යකා.
ඇලඩින් කෝපයෙන් පසෙක දැමූ ඒ පහන
මගේ ගෙයි දොරකඩය තවමත්.
රතු පලස මත නැගී පියැඹූ අපට
අහස් ගව්ව මුණ ගැසිනි.
පතීද එතන සිටියේය.
අහස් ගව්ව මුණ ගැසිනි.
පතීද එතන සිටියේය.
ඒ රතු පලස මතදීම
කාලෝ ද මුණ ගැසුණි.
කාලෝ ද මුණ ගැසුණි.
එවැනි හොඳ මිනිසුන් බොහොමයක්
ඒ පලස මත මුණ ගැසුණි.
ඒ පලස මත මුණ ගැසුණි.
කාලෝ යන්න ගියේය.
පතී ඊටත් පෙර යන්න ගියේය.
පියසීලි...සුචරිත ඊටත් පෙරම
තව තවත් අය රැසකි යන්න නියමිත.
පතී ඊටත් පෙර යන්න ගියේය.
පියසීලි...සුචරිත ඊටත් පෙරම
තව තවත් අය රැසකි යන්න නියමිත.
ගෙවී ගිය අතීතය
රත්තරං වගේ බර තමා
රත්තරං වගේ බර තමා
ඒ බර උපයා දුන්
ආදරණීය මිනිසුනි
හිස නමමි අද
මේ ජීවිත කඩ ඉමේ දී
ආදරණීය මිනිසුනි
හිස නමමි අද
මේ ජීවිත කඩ ඉමේ දී
-චන්ද්‍රරත්න බණ්ඩාර
Friday, 30 August 2019
බැටී වීරකෝන් මතකය.
(මේ සටහන මට ලියන්න හිතුනේ අප හිතවත් කුමාරදාස ගිරිබාව සහේදරයා ඉදිරිපත් කළ පිංතුරය හා බැටී පිළිබඳව ලියා තැබු සටහන නිසයි.)බැටී සහෝදරයා ඇන්.ඇම්.,කොල්වින්ලාගේ ජව සම්පන්න දේශපාලන යුගයත් තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත් අවසන් ගමන් යන සමසමාජ යුගයත් අතර සිටි නායකයායි. ප්‍රේමදාස යුගයේ රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව නිර්භයව පෙනී සිටියේ එතුමායි. අධිකරණ කාර්යයෙන් පමණක් සෑහීමකට පත් නොවී රිචඩ් සොයිසා ඝාතනය දේශපාලන බිමට ෙගන ආවේ ඔහුයි. ඔහු තම නියම නමින් (ආර්.බී. හෝ රම්බණ්ඩා ) පුරාණෝක්ති හා ඒවා සම්බන්ධ මානව විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක් පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළකොට තියෙනවා. ඉන් එක් පොතක් එතුමාගේ අත්සන යොදා මට ලැබුණා. බැටී සහෝදරයා කවමදාවත් තම දේශපාලනයේ වාසිය සඳහා තම අනෙක් හැකියාවන් උපයෝගී නොකර ගත් විශිෂ්ටයෙක්. මාතලේ තිබ්බොටුවාව වළව්වේ පවුල් සාමාජිකයෙකු වන බැටී ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. අනෙක් මහනායක හාමුදුරැවරුන්ට සාපේක්ෂව සාධාරණව හිතන පතන මල්වත්තේ වත්මන් මහනායක හාමුදුරුවෝ බැටී සහෝදරයාගේ ඇවැස්ස මස්සිනා. මා දන්නා තරමින් බැටී සහෝ දරයා දේශපාලනයෙන් සමුගත්තේ අසනීප නිසා නොව වත්මන් සමසමාජ පක්ෂය පිළිබඳ කලකිරීම නිසා බවයි සමහරු පවසන්නේ. මා අවසන් වරට බැටී සහෝදරයා මුණගැසුනේ මවිසින් ප්‍රකාශයට පත්කළ ඇන් .ඇම් ගේ "1978 ව්‍යවස්තාව පිලිබඳ විවේචනාත්මක විහ්ලේෂණයක් " කෘතිය දොරට වැඩි දා මහවැලි කේන්ද්‍රයේදීයි. එ 1996 දී පමණ. ඊට පෙර දිනයක මගේ යෝජනාවක් පරිදි අපේ විද්‍යාලයේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ) කලා උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ගෙන් වූවා. ඇත්තටම ඔහු එදා ඒ සඳහා ගෙන්වූයේ එවක ඔහු ආණ්ඩුවේ ඇතිවරයෙකු වූ නිසා නොව මිතොලොජි පිලිබඳ ඔහුගේ මැදිහත්වීමට ගරුකිරීමක් ලෙසයි.
Thursday, 11 July 2019
කොටළුවෙකු මතින් නේරංජාව තරණයට තැත් කිරීම.....
සජිත්
ප්රේමදාස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වීමේ වැඩි ඉඩකඩක් පෙනෙන්නට තිබේ; බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කුමකින් කුමක් වේ දැයි අමුතුවෙන් කිව යුතු නැත. තමාගේ දැනුමේ තරමට සුබසාධන වැඩපිළිවෙළවල් මගින් රටක් පාලනය කිරීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය හැකිය එහෙත් එය යම් තරමකටවත් සිය පියාගේ යුගයට ගැලපුනාට අද එවැනි දෑ විහිළුවක් වී හමාරය . භූමියේ හිඟකම පිළිබඳ සරල වැටහීමක්වත් නැති ඔහු තාත්තාගේ අවැදගත් අනුකරණයක් වන දිළිදුකම පිටතට නිරූපණය කරන ගම්උදා ඔහුගේ දර්ශනයේ දුගීකම මනාව පෙන්වා දෙයි. ඒ ගම්උදාවලින් එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් නම් කර ඇත. සජිත් චිත්රපට සංස්ථාව භාර ඇමතිවරයා ද වේ. ලෙස්ටර්ගේ සදාතනික සිහිනය වූයේ චිත්රපටි සංරක්ෂණාගාරයක් පිහිටුවීමයි. ඒ වැදගත් දෙය ගැන වගේ වගක් නැති සජිත් ලෙස්ටර් නමින් උදාගමක් පිහිටුවයි.
සංගක්කාර වෙනුවෙන් මුල්ගල් ත තැබූ 'ලෝක පූජිත සංගක්කාර ගම' සජිත් සතු ව්යවහාර බුද්ධියේ තරම තේරුම් ගන්නට ප්රමාණවත්ය.
ප්රේමදාස මියගිය විට සංස්කෘතික සාරධර්ම පසෙකලා මිනිසුන් මහමගට බැස කිරිබත් කෑවේ නිකම්ම නොවේ. - අමතක නොකල යුතු කරුණ නම් ඒ කිරිබත් කන මොහොතේ, එ නම් ප්රේමදාස මිය ගිය මොහොතේ මහජන විශ්වාසය වූයේ ඝාතකයන් එල්.ටී.ටී.ඊ.ය බවයි. මහ ප්රේමදාසගේ පාලන සමයේ අප්රමාණ පීඩනය පමණක් නොව අප්රමාණ විකාරද දරාගත නොහැකි වූ නිසායමහජනයා එසේ ප්රීති වූයේ. ප්රේමදාසගේ අනුප්රාප්තිකයා වූ විජේතුංග ජනාධිපති විසින් විසුරුවා හරින ලද කුප්රකට ලෝරන්ස් මාෆියාව, එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයට ඇතුළු කරන ලද සොත්ති උපාලි වැනි වැනි
සරල උදාහරණ කියාපාන්නේ ප්රේමදාස පාලන ව්යුහයේ යථා ස්වරූපයයි.
සජිත්
ගේ සටන් පාඨය 'යළිත්
ප්රේමදාස පාලනයක්" යන්නයි. මංගල සමරවීර දේශපාලන චරිතයක් වන්නේ ප්රේමදාස පාලන සමයේ එහි දරාගත නොහැකි පීඩනයට
එරෙහිව දිවි නොතකා මැදිහත්වීම මගිනි. ඒත්
මංගල අද නූතන ලාංකීය සමාජයේ ප්රජාතාන්ත්රික ජයග්රහණ සමග අභීතව සිට ගන්නා අතරම ඒවා ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැති සජිත් වෙනුවෙන් ද නැගී සිටි. 2005 දී ද ඔහු ඒ කාර්යය කළේය. එහි අනිටු ප්රතිඵල ඔහුත් රටත් ඕනෑතරම් වි්ඳ ඇත. ප්රජාතාන්ත්රික ගුණධර්ම රැකගනිමින් ද, ලෝකයේ යහපත් ප්රවණතා මැනවින් උකහා ගනිමින්ද, රට මෙහෙයවීමට මහා මිනිසුන් අවශ්‍ය යුගයක සජිත් වැන්නෙකුට එය කළ හැකිද? එවැනි
නූතන දැක්මක් නැති නායකයන් විසින් රට පිරිහෙලා ඇති අගාධයන් හොඳින්ම දන්නා මංගල සමරවීර සජිත්ට මෙසේ අත දීම වටහා ගන්නේ කෙසේද?
Monday, 27 May 2019
හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල
හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල
දිය කළ ළමාවිය හා මිනි කැට වන් මතක
ඉසිකෝ මද මාන වැනසූ මෙපින් බිම
සදා වාසනාවන් මැරෙනා තුරාවට.
Sunday, 5 May 2019
සිහිනයකි රෑ- පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමි
https://www.youtube.com/watch?v=j1YauSuOeuM
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමියන් සහභාගි වූ 'සිහිනයකි රෑ" වැඩ සටහන නරඹා හමාරවූ සැනින් මෙම සටහන තබමි. බෙෳද්ධ භික්ෂුව කෙරේ කෙමෙන් පිරිහෙමින් යන මතුල වන ගෙෳරවය යළි නගා සිටුවන ලද උතුමෙතු ලෙස උන්වහන්සේ හඳුනා ගතිමි. බුද්ධ වචනය, බුදු කරුණාවේ මහිමය අපි වැඩිපුර හඳුනා ගන්නේ සාහිත්‍යය ඔස්සේය. එහෙත් එකී මහිමයන් බුද්ධ පුත්‍රයෙකුගේ වදන් ඔස්සේ ඇසීමට ලැබීම පිනක් යයි සිතමි. තමන් කියන දේ පිළිබඳව උන් වහන්සේ අවංකව පෙනී සිටින බව මැනවින් පසක් වූයේ අවසාන ගීතය ලෙස උන් වහන්සේ තේරූ'උතුර නැගෙනහිර" ගීතය ගැන විස්තර කරන විට ධම්මානන්ද හිමියන්ගේ දෙනෙතට නැගුණු කඳුළු දුටුවිටය. උන් වහන්සේගේ ඥාන ප්‍රභාව හා කරුණා ප්‍රභාව පිටුපස බුදුන් වහන්සේ හා වල්පොල රාහුල හිමියන්ද සිටින බව මේ දෙපැයේදී මට පසකු් විය. ඔබටත් ඒ සිහිනයකි රෑ වැඩසටහන නරඹන ලෙසට ආරාධනා කරමි. මහේෂ් නිශ්ශංකගේ පරිනත ලෙස මෙහෙයවූ වැඩ සටහනක් ලෙසද සඳහන් කරමි.

Sunday, 21 April 2019
ඒ පාස්කු ඉරිදාය .
ඒ පාස්කු ඉරිදාය . එය කිතුනුවන් ගේ දිනයයි. ලොව පුරා කිතුනුවන් ගේ ජේසු උපත ට පමණක් දෙවැනි වන සතුටු සහගත දිනයයි. සියලු පව්කාර මිනිසුන්ගේ පවට කර ගසා දුක්ඛිත දුක්බර මරණයකට ගොදුරුව දේව දරුවාණෝ යළි උත්ථානය ලැබූ දිනයයි.
ශිෂ්ට බව නොහඳුනන ම්ලේච්ඡයන් රැසකගේ සාමූහික කෲරත්වය විසින් ඒ අහිංසක සතුට විනාශ කර දමා ඇත. අප කිතුනුවන් නොවුනත්, බෞද්ධයන් වුණත්, නිරාගමිකයන් වුණත් ඔවුන් විඳිය යුතුව තිබු සතුට වෙනුවෙනුත්, ඒ සතුට විඳීමේ අයිතිය අහිමි කිරීමෙන් ලද වේදනාව වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය.
පල්ලියේ දෙවියන් සිටියා ද නැද්ද යන්න මේ මොහොතේ ප්‍රශ්න කිරීමම අමූලික අශීලාචාර විමසීමකි. භක්තිය හා ශ්‍රද්ධාව ආගමිකයන්ගේ ජීවන කලාපයට අයත් සාපේක්ෂ තේරුම් ගැනීමකි. නිරාගමික බව ද සර්වතෝභද්‍ර බවක ප්‍රතිඵලයක් නොවේ. එය ද සාපේක්ෂ වටහා ගැනීමකි.
ආගමික බවට ද නිරාගමික බවටද බලපාන සමාජ ආර්ථික හේතු තිබේ. බටහිර දී නම් නිරාගමික බව හුදු අවබෝධයකට වඩා ජීවත් වෙන පරිසරය විසින්ම ලැබෙන නිරායාස දෙයකි. දියුණු ධනේශ්වර රටවල නම් නිරාගමික බව ලැබෙන්නේ ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
නෙස්ට්‍රඩෑම් පල්ලිය ගිනි ගැනීමත් ,ලංකාවේ කොච්චිකඩේ පල්ලියේ මහා මනුෂ්‍ය ඝාතනයත් වෙනුවෙන් මා වැළපෙන්නේ ඒ ඛේදවාචකයන් නිසා වඩාත් වැලපෙන කිතුනුවාගේ වේදනාව මවිසින් ද අත්පත් කරගනිමිනි. බාමියන් බුදු පිළිම තලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විට බෞද්ධයකු වූ මගේ හදවත වැළපුණේ යම්සේද ඊට සමානවම මෙකී විපත් අරභයාත් වැලපෙමි.
නෙස්ට්‍රඩෑම් පල්ලියේ සහශ්‍රී ලංකාවේ විනාශයෙන් පසු මා දුටු අශීලාචාරම හැසිරිම තිබුණේ නිරාගමිකයන්ටය. ඒ මේ ඛේදවාචක සිදුවෙද්දී දෙවියන් සිටියේ කොහේද යන්න විමසීමයි. ඔවුන් කළේ හඬන හදවත්වලට උල් පිහි වලින් ඇනීමකි.
ඔබේ නිරාගමික බව ඔබේ වටිනාකම් පද්ධතිය තුළ සුරැකේවා .
අනෙකාගේ ආගමික බව ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වේවා.

මේ ඒ ඛේදවාචකයට ගොදුරුවූ කොච්චිකඩේ දේවස්ථානය පසුබිමේ......
”ආ..... ඔයා.... මෙතන.... පොඞ්ඩක් ඉන්න මගෙ පපුව ගැහෙන වේගෙ... පොඞ්ඩක් අල්ලල බලන්න.’ ඔහු පපුව ඉස්සරහට කළා.
මං ඔහුගෙ පපුවට අත තිබ්බේ නෑ. හිනාවුනා විතරයි. කමිසයේ ඇරපු බොත්තම ආපහු දා ගත්තා. කොටුවේ ඉඳං පයින් ම ඇවිල්ල ඔහුගේ පපුවේ පදාසයක් ම දාඩියෙන් තෙමිලා.
‘බස්සෙකෙක එන්න තිබුණනේ’
‘හ්ම්’
.ඇයි නාවෙ’
‘අපරාද සල්ලිනෙ....’
‘සල්ලි අතේ තියෙනවා ද ’
‘ඔව්’ හීන්දෑරී ඔහුගේ මුහුණේ පැහැබර උද්‍යෝගය ටිකක් අඩුවුණ බව මට පෙනුණා. තොල් අතර දිදුලපු පුංචි හිනාව ඒ හිනාවත් එහෙම තියෙද්දිම ස්ථිතික වුණා.
ඉටිපන්දම් දෙකක් අරගත්ත මං සල්ලි ගෙවන්නත් ඉස්සර ඔහු ඉස්සර වුණා. ඒත් ඔහුටත් ඕනෑ වුනා සල්ලි ගෙවන්න. පර්ස් එක කලිසමේ පිටුපස්සෙ සාක්කුවෙ තිබුණත් ඔහු සල්ලි ගත්තේ ඉස්සරහ සාක්කුවක තිබිලා. ඒකෙන් කියවෙන කතාව මං දැනං හිටිය. කඳුළු බිංදු එළියට පනින තරම් වේගයකින් මගෙ පපුව හෝස් ගාලා පත්තු වුණා. ඒත් කඳුළු එළියට පනින්න ඉඩ දුන්නෙ නෑ. මං සල්ලි ගෙව්වට පස්සෙ ඔහු තවත් ඉටි පන්දම් දෙකක් ගත්ත. ඉටිපන්දම්කාරයා පුදුමෙන් වගේ බලං ඉඳලා ඔහුගේ සල්ලි ගත්තෙ. ගත්ත ඉටිපන්දම් දෙක මට දීලා මං ගත්ත ඉටිපන්දම් ඔහු ගත්ත.
”යං”
මං ඉස්සර වුණා. ඔහු මා පස්සෙන් මාව අනුව ආවා.
”ඔයත් එක්ක එකට යනකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා.”
ඔහු වරක් දෙකක් කොහේදිද මට කියලා තිබුණා. විටින් විට ඒවට හේතුත් කියලා තිබුණා.
සිය ගානක් ඉටිපන්දම්වලට තව හතරක් එකතු වුණා. කලිං දැල්වෙච්ච ඉටිපන්දම් තිරවලින්ම මේ ඉටිපන්දමුත් පත්තු කර ගත්තා. පල්ලියෙන් එපිට ගිනි මද්දහනෙ දැවෙන කාෂ්ටකේට වැඩියි ඉටිපන්දම් රස්නෙ. ඉටිපන්දම් ගිනි මැලයට ඉහළින් අන්තෝනි මෑණියෝ අපෙ දිහා බලාන ඉන්නවා. අපිත් උන්නාන්සෙ දිහා බලාගෙන හිටියා.
‘මොනවද ඉල්ලූවෙ’ .......... ඔහු අහනවා.
‘මොකුත් නෑ......’
‘ඇයි.....’
‘මොනව ඉල්ලන්න ද? ’
‘ඇයි අපි ගැන’
‘ඉතිං මේ අපි ඉන්නෙ.... ඒ මදි ද? මං ටිකක් හයියෙන් හිනාවුණා. ආයෙත් ඔහුගෙ මූන සුදුමැලි වුනා.
‘මට මේක සෙල්ලමක් නොවේ.’ ඔහු කියනවා.
‘මටත් සෙල්ලමක් නෙවේ. ඒත් මම අපි මේ කරන වැඬේට නමක් හොයනවා....’
‘ඒකට ආදරේ කියන්න මං පුංචි ද? මං මදි ද?’ ඔහු අහනවා.
වචනයක් පිට නොකර මං ඔළුව හෙල්ලූවා...
‘‘ කල් - අකල් වැහිවලට තෙමුණු තුන් දෙනෙක්’’
මවිසින් රචිත ’ඊළගට තනාගත් ලෝකය’’ කෙටිකතා සංග‍්‍රහයෙන්Saturday, 20 April 2019
නිමල් ඒකනායක
බිතුසිතුවමක් වැනි මිතුරෙක්
ද නිමල් ඒකනායකගේ උපන්දිනය අපේ හිතවත්කම් එදා 1976 තරම් ඈත කාලයකට ඇදිලා යනවා. පොල් වික්කා (ජනාදිපති නීතිඥ විජය වික්‍රමරත්න)ගේ කාමරයේ පැවැති සමසමාජ ලෝකලයට පැමිණි කුණ්ඩසාල තරුණ පිරිස් අතර ඔහු මට මුලින්ම හමුවුණේ. උදය සේනානායක මහේන්ද්‍ර කරපුටුගල piyasiri අබේකෝන් නියංගොඩ ඒ අතර සිටියා මතකයි. එදත් නිමල් ලස්සණට ඇන්ද ප්‍රිය මනාප කෙනෙක්. උදය සේනානායක කුණ්ඩසාල ආසනයට වාමාංශික එක්සත් පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලල පරාද වුණා. කරපුටුගල සමසමාජයෙන් කොමියුනිස්ට් පක්ෂයට ගිහින් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක් වුණා. නිමල් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා සැලසිනේ සභාපති, රූපවාහිනී සංස්ථාවෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදි තනතුරු හෙබවූවා.
අසූ ගණන්වල මම කොළඹ එනකොට මට හිටිය ලොකුම මිත්‍රයා නිමල් . මං හිතන්නේ එදා මෙදා මේ දීර්ඝ කාලය තුළ කිසිදු හිත් රිදවීමකින් තොරව ඒ මිත්‍රත්වය පැවතුණා. එදා සිට ජීවිතයේ බොහෝ වටිනාදේවල් සඳහා මා යොමු කළා.
නිමල් කවදාවත් තවත් කෙනෙකු අභියෝගයක් කියල හිතපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම ඔහුගේ මිතුරු ජාලයේ සිටි බලවත් මිත්‍රයන් මට හඳුන්වා දුන්නා. මෑත කාලිනව එසේ මට හඳුන්වා දුන් මිත්‍රයෙකු වන්නේ සරසවි අධිපති එච්.ඩී.ප්‍රේමසිරි මහත්තයා.
නිමල්ගේ කුඩා සිරුරේ තිබෙන හදවත විශාල එකක්. මිත්‍රත්වය හා සහකම්පනය නොඅඩුව එහි තිබෙනවා. ඔහු වටා ඉතා හොඳ ඉතා ප්‍රබල මිතුරන් රාශියක් සිටිනවා.ඒ ඔහු යහපත් නිර්මාණශීලී මිතුරෙකු නිසා විය හැකියි.
මගේ ඉහළ වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ නිමල්ගේ උපකාරයෙන්. ඇත්ත වශයෙන්ම මම අද වුව විඳින සමාජභාවය පිටුපස නිමල්ගේ උදව් උපකාර තිබෙනවා.
නිමල් මාව ජනාධිපති චන්ද්‍රිකාට පවා හඳුන්වා දුන්නා. මා හෙබවූ තනතුරු බොහොමයකට මා යොමුකළේ නිමල්. එමෙන්ම මගේ කලාත්මක ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා අතිමහත් අතදීමක් කළා.
සිය ජීවිතය අර්ථවත් සතුටකින් තබා ගැනීම උදෙසා ඔහු යම් ආයෝජනයක් කරනවා.ඒක අප ඔහුගෙන් හැදෑරිය යුතු ඔහුටම ආවේණික දැනුමක්.
මිත්‍රත්වය අවංක ලෙස පුළුල් වපසරියක වැපිරූ පුද්ගලයන් දෙදෙනෙකු මා ඇසුරු කළා. එක්කෙනෙක් සෝමපාල හේවා කපුගේ. අනෙකා නිමල් ඒකනායක.
ඔහුගේ මිත්‍රත්වයේ නොවෙනස් බව තවමත් නොනැසී තිබේදැයි දැනගැනීමටදෝ සතියකට දෙකකට වරක් වත් මා නිමල් අමතනවා.
ඒ හඬ තාමත් මිත්‍රශීලියි අවංකයි.
සුභ උපන් දිනයක් මිත්‍රයා..සහෝදරයා...නෑදෑයා...
Saturday, 16 March 2019
මහාවංශය තුළින් ඉතිහාසය නිවැරදිව කියවිය හැකිද ?
https://soundcloud.com/user-198516178/t6ewfvugctfr?fbclid=IwAR1UexfTY0NtHHjK82svkDPYF2DUSmZR4ewPQy7THoZyGh9o5jJ31JbI0Ho
කොළඹ විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය රාජ් සෝමදේව පැවැත්වූ 'මහාවංශය නැවත කියවීම" දේශනය මවිසින් දෙතුන් වතාවක් ශ්‍රවණය කෙළෙමි. එමෙන්ම එය ඔබටද ශ්‍රවණය කරන ලෙසට ආරාධනා කරමි. එතුමා වැදගත් කාරණා කිහිපයක්ම මේ කෙටි දේශනය තුළින් සමාජගත කරයි. ඉතිහාස විෂය හා පුරාවිද්‍යාව අතර වන අප ඉගෙන ඇති බෙදුම් ඉර ඔහු යළි ප්‍රශ්න කරයි. මහාවංශය ශුද්ධ ග්‍රන්ථයක් ලෙස විශ්වාෂ කිරීම නිසා අප සමාජ හා දේශපාලනිකව වැටී ඇති අවුල ගැන කතා කරයි. මහාවංශ කතුවරයා අතිෂය පක්ෂපාතීව ඔහු අභිමත රජවරුන් අගය කිරීමටත් එසේ නොවන රජවරුන් නොතකා හැරීමටත් කටයුතු කළ ආකාරය මැනවින් පහදා දෙයි. මට හැඟී ගිය වැදගත්ම කාරණය නම් එදා මෙදා නොවෙනස්ව භික්ෂුව විසින් රාජ්‍ය හැසිරවීමට දැරූ උත්සාහය හා ඒ සඳහා ඔවුන්ට පාවිච්චි කළ හැකි සෑම මෙවලමක්ම පාවිච්චි කළ ආකාරයත්ය. භික්ෂුව කිසියම් රාජ්‍ය ක්‍රමවේදයකින් තමන්ට ලාභ ප්‍රයෝජනයක් නැත්නම් කවර තරමේ ජනහිතකාමී පාලකයෙකු වුවද ඔහු තම ආශිර්වාදයෙන් පිටමං කරන බවයි.
මහාචාර්ය සෝමදේව සීගිරියේ අගනා බව උදාහරණ කොට පෙන්වමින් එය ඉදිකළ කාෂ්‍යප මහාවංශයෙන් නින්දාවට පත්කර ඇති අයුරු පෙන්වා දෙයි. සීගිරිය භික්ෂුවට නොව ජනතාවට වැදගත් ලෙෳකික නිර්මාණයකි. එමෙන්ම වසභ රජතුමා ජනයාට සෙත සලසන විශාල වාරි කර්මාන්ත හා අගනා මූල්‍ය ක්‍රමවේදයක් තැනූ වැදගත් රජකෙනෙකි. එහෙත් මහාවංශ කතුවරයා ඔහුට ලබාදෙනුයේ අඩු වැදගත්කමකි.
ඉතිහාසය යනු වර්තමානයට අයත් දෙයකි. එය කියවිය යුත්තේ හුදු කියවීමක් ලෙස නොව ඒ අදාළ සංදර්භය මත පිහිටා බව ඒ ගැන අවබෝධයෙන් යුතුව බව එතුමන් මෙහිදී අපගේ අවධානයට යොමු කරයි. අපගේ ඉතිහාස රචනාවන් බොහොමයක් මහාවංශය සත්‍ය ලෙස සලකා ලියවුනු ඒවාය. පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ප්‍රමාණිකයෙකු වන මහාචාර්ය සෝමදේවගේ මේ දිග හැරුම නව සංවාදයකට විවෘත වීමට හොඳ ආරම්භයක් බව මගෙු හැඟීමයි.

Monday, 28 January 2019
තිස්ස,මේ අඹ ගස් හැර තවත් අඹ ගස් තිබේද? මේ සරච්චන්ද්‍ර හැර තවත් සරච්චන්ද්‍රලා සිටිත් ද?
සරච්චන්ද්‍රයන් ලංකාවේ සාමානයන් බොහෝ ගණනක් අතරින් අධිනිශ්චය වූ චරිතයකි. ඔහු නාට්‍යකරුවකු වීම පමණක් නොව, සම්ප‍්‍රදායකට මුලපිරීමත් එමගින් ලංකාවේ හැඩරුව වෙනස් කිරීමට දායක වීමත් හේතුවෙන් ඔහුට ගරු නම්බු බොහෝ ලැබිණ. උපතින් සියවසක් ගෙවා ඇති ඔහුගේ ජීවිතය පුරාවෘත්තයක් තරමට සමාජය තුළ එසවී ඇත. ඒ සඳහා ඔහුගේ ගෝලබාලයෝද මහා මෙහෙවරක් කර තිබේ. මේ සියල්ල හේතුවෙන් මියගියත් නොමැරුණු චරිතයක් බවට සරච්චන්ද්‍රයන් පත්වී ඇත. ඇත්ත වශයෙන්ම එය සමාජයේ ශිෂ්ට සම්පන්න ජයග‍්‍රහණයකි.
සමාජයට මෙහෙවරක් කරන්නේ කලාකරුවන් පමණක් ම නොවේ. සමාජ විද්‍යාඥයෝ, විද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ ඇතුළු බොහෝ දෙනා කරන්නේද මෙහෙවරකි. දියුණු සමාජයන්හි ඒ කළ මෙහෙවර අනුව ඒ සියල්ලෝ ම එක සේ අධිනිශ්චය වෙති.
උදාහරණ ලෙස ගතහොත් ගණනාත් ඔබේසේකර වැන්නෙකු සමාජ මානව විද්‍යාඥයකු ලෙස සිය විෂය ක්ෂේත‍්‍රය තුළ කළ මෙහෙවර පරිමාණව සරච්චන්ද්‍ර මෙහෙවරට දෙවෙනි නොවේ. විද්වතකු ලෙස ලෝකය ජයගැනීමේ දී ජාත්‍යන්තර බහුමාන ලැබීමේදී සරච්චන්ද්‍ර පරයා යයි. එහෙත් එතුමන් විශිෂ්ට ලංකා පුත‍්‍රයකු ලෙස ශ‍්‍රී ලංකාව තුළ අධිනිශ්චය නොවුණේ ඇයි? (ලංකාවේ බිහිවුණ නායකයන් අතරින් නූතනත්වය යම් පමණකින් හඳුනන චන්ද්‍රිකා හා රනිල් හැරුණුකොට ගණනාථ ඔබේසේකරයන් කවුද? ඔහුගේ මෙහෙවර කුමක්ද යන්න කවුරුත් නොදන්නා බව නිසැකය.)
ආචාර්ය කුමාරි ජයවර්ධන 19 වන සියවසේ හා ඉන් මෑත ඉතිහාසයේ සමාජයේ ගතිකයන් සිය පර්යේෂණ විෂයයන් රටට ලොවට පහදා දුන් අනුපම ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ තැනැත්තියකි. ඇගේ බරසාර ග‍්‍රන්ථ මාලාව ම එයට උදා උදාහරණ වෙති. එහෙත් ඇය සමස්ත සමාජය තුළ අධිනිශ්චය නොවුනේ ඇයි?
සිය ප‍්‍රභූ උරුමය අනුව බොහෝ මාවත් තෝරාගැනීමට තිබියදී පුරාවිද්‍යාව තෝරාගත් මහාචාර්ය ශිරාන් දැරණියගල සිය ක්ෂේත‍්‍රයට කළ මෙහෙවර අනුව යුගකාරක පුරුෂයකු ලෙස සමාජය තුළ අධිනිශ්චය නොවන්නේ ඇය?
තව බොහෝ සිටිති. ඔවුනට සරච්චන්ද්‍රට ලැබුණු වාසනාව නොලැබිණි. කලාව මෙන්ම අනෙකුත් සමාජයීය විද්‍යාවන් ද, ශුද්ධ විද්‍යාවන් ද එකසේ සමාජය තුළ ගරු නම්බු ලබමින් පරිහරණය විය යුතුය. ඒ මෙහෙවරයන්හි නිර්මාතෘවරු සමාජය තුළ සමානව අධිනිශ්චය වියයුතුය. සමබර සමාජයක් වන්නේ එවිටය.
Tuesday, 15 January 2019
නාගරික පාසලක
හැඩ ඇඳුමකින් සැරසී නොආ හෙයින්
කටුස්සා බැහැ කියයි 'මුඛ්‍ය දෙසුමට"
විහිදාලූ පිල් කළඹ වනා
එහෙනං මං කරන්නම් කියා මොනරි්‍ඳු නගියි වේදිකාවට
ගොත ගසයි පළමුව, සිනාසෙයි ඊළඟට
ඉන්පසුව කතාකළ වචන දෙක තුනට
බිහිරි විය ළමුන් දෙතුන් දෙනෙකුම
'හදිසි කැබිනට් මීටිමක් යෙදින"
සිංහයා එවා ඇත පණිවිඩයක් තරුණ හිවලෙකු අත
නියෝජිත හිවලා අතින් සම්මාන ගන්නට ළමුන් බෑ කියද්දී
ගුරුවරු තල්ලු කරයි ඉදිරියට
තරවටු කරමින් ළමුන්ට
-චන්ද්‍රරත්න බණ්ඩාර
Subscribe to:
Posts (Atom)