Tuesday 15 January 2019

නාගරික පාසලක









හැඩ ඇඳුමකින් සැරසී නොආ හෙයින්
කටුස්සා බැහැ කියයි 'මුඛ්‍ය දෙසුමට"


විහිදාලූ පිල් කළඹ වනා
එහෙනං මං කරන්නම් කියා මොනරි්‍ඳු නගියි වේදිකාවට
ගොත ගසයි පළමුව, සිනාසෙයි ඊළඟට
ඉන්පසුව කතාකළ වචන දෙක තුනට
බිහිරි විය ළමුන් දෙතුන් දෙනෙකුම


'හදිසි කැබිනට් මීටිමක් යෙදින"
සිංහයා එවා ඇත පණිවිඩයක් තරුණ හිවලෙකු අත
නියෝජිත හිවලා අතින් සම්මාන ගන්නට ළමුන් බෑ කියද්දී
ගුරුවරු තල්ලු කරයි ඉදිරියට
තරවටු කරමින් ළමුන්ට


-චන්ද්‍රරත්න බණ්ඩාර

4 comments:

  1. බොරුනෙ ලියල තියෙන්නෙ ලමයි කවදාවත් හොයන්නෙ නැහැ තෑගි දෙන්නෙ කවිද කියල කතාවේ මුල් ඡේද දෙකනම් ටිකක් හොදයි

    ReplyDelete
  2. සැබෑව​. හරිම අපූරුයි...

    ReplyDelete