Tuesday 28 December 2021

'හිරු සැඟව ගිය බැවිනි' සමකාමී ප්‍රේමයේ ගති සොබාවයන් හි අනුවේදනීය පැතිකඩක් දැක්වෙන ගීතයක්

https://www.youtube.com/watch?v=PtRGkBOItzs

 ජීවිතයට වෙනස් මානයන් ඇති බවත් ඒ විවිධත්වය අපූර්ව බවත් පොහොසත් සංස්කෘතික සමාජයන් විසින් අතීතයේ දී වටහා ගෙන තිබුණි. එමෙන්ම එයම නවීන ආකාරයකට වර නැගෙමින් බටහිර සමාජයේ ජීවිත අලංකාර කරමින් සිටී. සමලිංගික විවාහයන් නීතියෙන් අනුමත වුවත් නැතත් තුන්වැනි ලිංගිකත්වය හා සමලිංගික ක්‍රියාකාරකම් නීතියෙන්ම බටහිර සමාජය විසින් පිළිගෙන තිබේ.


ඒ කාරණයේදී මෙන්ම නවීනත්වයට හා පුද්ගලික ජීවිතයට අදාළ බොහෝ කාරණා ලංකාවේ දී නම් තවමත් වික්ටෝරියානු ප්‍රමිතීන්ට යටත්ය. නාමිකව මිස යාවත්කාලීන වන ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාව තුල ක්‍රියාත්මක නොවේ.  එහෙයින් ම මිනිස් ජීවිතවලට වෙනස්ව බලපාන බොහෝ කාරණා ආගමික හා ඊනියා සදාචාරමය කෝවක් තුළ  ඇඹරී විනාෂ වී යයි.


සංක්‍රාන්ති ලිංගිකත්වයක් හිමි තුන්වැනි ලිංගිකත්වයක් ලෙස හඳුනාගත යුතු පිරිස් හා සමලිංගිකයන් අවමානයේද ඇතැම්විට නීතියේ ද ගොදුරු බවට පත්වේ.


මෙවැනි සංදර්භයක් යටතේ විශාකේෂ චන්ද්‍රසේකරන් වැනි පුරෝගාමී කලාකරුවෙක් මෙම ප්‍රශ්නය ගැන සිය කලාත්මක භාවිතය තුල විමසීමක් කරයි.ප්‍රැන්ජිපානි වැනි චිත්‍රපටයක් ඒ සඳහා මනා උදාහරණයකි. ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක අනුවර්තනයක් ලෙස හෙන්රි ජයසේන නිශ්පාදනය කළ 'අහස් මාළිගා' ද යම් පමණකට සමලිංගිකත්වය තේමා කරගත් නාට්‍යයක් ලෙස මා අසා ඇත.


හැත්තෑව දශකයේ අගභාගයේ චන්ද්‍රරත්න මාපිටිගම හා ෂෙල්ටන් පයාගල එක්ව අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු" චිත්‍රපටය මෙම විෂයම තේමා කරගෙන නිපදවූවකි. එහෙත් එම චිත්‍රපටය තුළ සමකාමිත්වය යම් රෝගයක් ලෙස හඳුන්වා තිබූ බව මතකය. වඩාත් පුළුල් ලෙස පළමු වරට එම විෂය සාකච්ඡා වූ 'මලට නොඑන බඹරු' ඒ අරුතින් ගත් කළ ඉතාම නිශේධනාත්මක කලා කෘතියකි.


ලෝකයේ සමකාමිත්වය පිළිබඳ කතිකාව සමාජ දේශපාලන වර්ධනයට සමගාමීව වර්ධනය වූවකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වහල් ක්‍රමය තහනම් කිරීමත් සමග ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට එරෙහිව තිබුණු ප්‍රධාන කඩ ඇණයක් ගලවා ඉවත් කෙරිණි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුද්ධයට සෘජුව මුහුණ දුන් බටහිර සමාජය ඒ ලැබූ අමිහිරි අත්දැකීම් ඇසුරෙන් ලෝකය හා ජීවිතයට අයත් සියළු අනුශාංගික අංග නැවත තේ්රුම් ගන්නට පටන් ගත්තේය. මිනිස් නිදහස යනු කවරේද යන කාරණයේ දී ආගමික හා සදාචාරමය වශයෙන් එතෙක් තිබූ සීමාවන් යළි ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ආර්ථක ප්‍රවේශයක් පමණක් ලෙස එතෙක් තිබූ ධනවාදය මානව නිදහස පිළිබඳ කාරණය ද සිය විෂය පථය තුලට ගෙන එය නිදහසේ පුළුල් වෙන්නට ඉඩ හැරියේය. සමකාමිත්වය අපචාරයක් නොව එය මනුෂ්‍ය ජීවිතයේ එක්තරා මානව ගුණාංගයක් ලෙස ඉනික්බිති අර්ථ දැක්වෙන්නට පටන් ගත්තේය. 


1901 ස්පාඤ්ඤ පරිසරය තේමා කරගත් Elisa and Marcela වැනි චිත්‍රපටයක් තුලින් අපට වැඩවසම් යුගයක සමකාමීන් හා ඔවුන්ගේ ජීවිත අර්බුදයට ලක් වූ අයුරු වටහා ගත හැකිය. එහෙත් මෑත යුගයේ නිර්මාණය වූ සමකාමී විෂය ධනාත්මකව නිරූපණය වූ Brock Back Mountain චිත්‍රපටය 2007 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේය. එමෙන්ම මෑතකදී නිර්මාණය වූ Blue is Warmest colour  චිත්‍රපටය අතිෂය සුන්දර සමකාමී ස්ත්‍රී ආදරයක් තේමා වූ අතර එය කෙතරම් ආනුභාවයක් පෑ කලාකෘතියක් වූවා ද යත් ඇතැමුන්ගේ ඒ විෂය පිළිබඳ තිබූ පිළිකුළ තුනී කිරීමට පවා සමත් වූ බව පුද්ගලිකව මම දනිමි.


සමකාමිත්ව විෂය පිළිබඳ සාකච්ඡාවේ එක් අවධියක් පරිපාකයට පත් කරමින් 2003 වසරේ දී බෙල්ජියම සමාන ලිංගිකයන් අතර විවාහයන් නීත්‍යානුකූල බවට පත් කළේ ය. එතැන් සිට මේ වනවිට රටවල් තිහකට ආසන්න සංඛ්‍යාවක් සමකාමී විවාහ නීත්‍යානුකූල බවට පත් කර ඇත. මින් බහුතරයක් ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළින් සලකන බටහිර රටවල්ය. අප්‍රිකානු රටවල් අතරින් දකුණු අප්‍රිකාවත්, ආසියාතික රටවල් අතරින් තායිවානයත් සමකාමී විවාහයන් නීත්‍යානුකූල කළ රාජ්‍යයන් අතරට ගැනේ.


සමකාමී ප්‍රේමය මහත් වූ අනුවේදනීය ගතිකයන්ගෙන් සමන්විත වූවකි. එය තවත් ස්වභාවික ප්‍රේමයක් ලෙස සමාජය විසින් අනුමත නොකිරීම ඔවුන් මුහුණ දෙන ගැටළුවල මුලය.


ශුද්ධ වූ බයිබලයේ  'නික්මයාම' කොටසේ  මෙවැනි සබඳතාවන් දෙවියන් වහන්සේ විසින් අනුමත නොකරන්නේය යන ඇඟවීමක් දක්නට ලැබේ. බුද්ධ දේශනාව තුළ නම් එවැනි අගතිගාමී ඇඟවීමක්වත් නැති තරම්ය. ඉස්ලාම් දහම තුල සමකාමිත්වයට දක්වන විරෝධය විශාලය.


ලිබරල් ක්‍රමය ආර්ථික දර්ශනයකින් ඔබ්බට ගොස් මිනිස් නිදහස අර්ථ ගන්වන්නක් බවට පත්වුනූ විට සමකාමිත්වය ද ඒ නිදහසේම කොටසක් බවට පත් විය.


හිරු සැඟව ගිය බැවිනි


මේ පසුබිම අප විස්තර කළේ අද අප සාකච්ඡාවට බඳුන් කෙරෙන විජය නන්දන පෙරේරා විසින් විරචිත, අමල් පෙරේරා ගායකයාණන් විසින් ගායනා කරන ලද 'හිරු සැඟව ගිය බැවිනි' ගීතය පිළිබඳ රසවින්දනාත්මක ඇගයීමක් කරන අටියෙනි. මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ දිවයිනේ ප්‍රකට සංගීතඥයකු වන නවරත්න ගමගේ විසිනි. එය සමකාමී ප්‍රේමය පිළිබඳ යම් ප්‍රබල අනුවේදනීයත්වයක් ගැබ්වුනු ගීතයකි. සමකාමී ප්‍රේමයේ ගති ස්වභාවයන් පිළිබඳ ලියවුනු ප්‍රථම සරල ගීතය වූ නිසාදෝ එහි අපූරු සංයමයක් ගැබ්ව පවතී. භාෂාමය රම්‍ය බව රැක ගැනීමට දරා ඇති වෙහෙස හා ව්‍යංගය කලාත්මක භාවිතයක් ලෙස යොදාගැනීම මඟින් මෙම ගීතය විශේෂතාවයක් දක්වයි. මෙහි පද පෙල මෙසේය.


'හිරු සැඟව ගිය බැවිනි

ඉඟි බිඟි ද තරු ඇසිනි

නල නුරා ගී සරිනී

සඳ සරාගී මතිනී..


බඹර ගුමු ගුමු නදිනී

තඹුරු පුබුදුවනු බැරී

රොනට ඇදුනද රැයෙහී

නැගෙනු නැති ගී මිහිරී...


ලවන් මී රස ගිහිණී

යහන් සදනුව පෙමිනී

ලෙවන් ඇස මග හැරෙන

පැයේ හමුවනු මැනවී..


විජය නන්දන පෙරේරාගේ කතෘත්වයෙන් එළි දකින සමකාමී ප්‍රේමයේ ගති සොබාවයන් හි ප්‍රධාන අනුවේදනීය පැතිකඩක් දැක්වෙන මෙම ගීතය  තේමාත්මකව ගත් කළ ඒ වර්ගයේ ලංකාවේ බිහි වූ පළමු සරල ගීතය බව කියවේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ලයාන්විත මිහිරි පියවරයන් විඳීමට නොහැකි සමකාමියෙකුගේ  සිය ලසොව හා බලාපොරොත්තුව මෙමගින් විදහා දැක්වේ.

මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සමීප මිතුරෙකු ද, ආශ්‍රේය ශිෂ්‍යයෙකු ද වන නන්දන මෙම පුරෝගාමී ගීතය සම්භාව්‍ය භාෂා රටාවෙන් සහ උපමා රූපක බහුල කාව්‍යාංග වලින් ද අලංකාර කර ඇත. එය ඔහු තෝරාගත් සුවිශේෂී වස්තු විෂයයට කරන බුහුමනක් ලෙස සැලකිය හැකිය. සමාජයේ ගර්හාවට ලක්වන විෂයයීය තේමාවක් භාෂාවේ හා කාව්‍යමය හැඩ රටා මඟින් එම තේමාව ගෞරවයකට පත් කිරීමකැයි මට හැඟේ.


මෙම ගීතය අමල් පෙරේරාගේ වස්තු විෂයයන් තෝරා ගැනීමේ නිර්භීත භාවය පිළිබඳ උදාහරණයකි. විශේෂයෙන් 'තරුවක්' සේ ගැනෙන ගායකයෙක් සිය ප්‍රතිරූපයට මෙය බලපාන්නේ කෙසේද යන අවිනිශ්චිතය නොතකා සමකාමී විෂය ගැන ගීතයක් තෝරා ගැනීම අමල්ගේ පුද්ගල පෞරුෂයට සාක්ෂියක් ලෙස ද සැලකිය හැකිය.


මෙම ගීතයේ රචක නන්දන මෙන්ම තනු නිර්මාපක හා සංගීත නිර්මාපක වන නවරත්න ගමගේ ද සම්භාව්‍ය මාක්ස්වාදය සමානව ඇසුරු කළ සහෘදයින් නිසා ඔවුන්ගේ මැදිහත් වීම අපට තේරුම් ගත හැකිය.


මනුෂ්‍යයාගේ අනුවේදනීය අවකාෂයන් ග්‍රහණය කර ගැනීම කලා නිර්මාණයන්හි එක් පරමාර්ථයකි. සමාජ සම්ප්‍රදායන් කවර තරම් හැඩි දැඩි වුවද කලාකරුවා ඒ බව නොතකා සිය හෘද සංවේදී බව ඒ ඒ විෂයයන් කරා යෙදවයි. ඉතිහාසය මුළුල්ලේ සමකාමී සබඳතා පිළිබඳ බොහෝ කලා නිර්මාණ බිහිව ඇත්තේ (ලංකාවේ නොවේ) ඒ අරුතිනි.


'හිරු සැඟව ගිය බැවිනි' ගීතය ගැනෙන්නේ ඒ ගනයටය. එම වෑයමම නිර්භීතය. කලාත්මකය. නිර්මාණශීලීය .


 - චන්ද්‍රරත්න බණ්ඩාර


Thursday 23 December 2021

දෙදහස් පන්සියයේ ශේෂ පත්‍රය



කැළැම්ඹුනු ජීවිත තැතිගෙන

අවිනිශ්චිතව සිටින'මුත්

රැකගත්ත රිද්මයක්

හද ගැහෙන විදිහක්, වෙනම ලස්සණක් තිබුණා.


තල් වැට කඩා දැමුවා හා හා පුරා

ඇඳ සිටි පිරුවටය කඩා දැම්මා සේ

ඒවා දෙමළකමේ ආභරණ බව දැන දැන ම


තුවක්කු කඳ දිගේ ගලා ආ

බලහත්කාරයට යට වෙමින් ම

සෙව්වා ඔවුන් , 

භගවද් ගීතාවේ, තිරුක්කුරල් ශ්ලෝක අතර

පේලි දෙකක් අතර ඇති තුන්වන පේලි


කතරගම දෙවියන්ගේ පාටට තැනූ

කතරගම දෙවොලේ දොර උළුවහුවල පාටට තැනූ

නිල් පාට දොර උළුවහු

සනාතන දෙමළකමේ,

කැටයම් පොවා හැඩ කළ

දොර පඩි මත හිඳගෙන

අම්මලා අසා සිටියා

අප්පලා ගයන ඒ දහම් සිලෝ ගී

ඈතත් ළඟත් දැල්වෙන යුද ගිනි දෙස බලමින්


අතීතයේ කඩා දැමූ තල් වැටට තිබුණා නිසැඟ ආත්මයක්

මේ දොර උළුවහු වලට ද තිබුණා 

පුරාතනයේ සිට ගෙන ආ ගැඹුරු ආත්මභාවයන්


මිල නොකළ හැකි අමිල දෙමළ දොර උළුවහු

මිල කරන විට ඉහල ලංසුවකට

ඔබ ගනීවි ඒ මිල ගෙවා,

ගෙනගොස් සවි කරන්න

ඔබේ අළුතින් තැනෙන මාළිගාවේ.

ඉල්ලා ගන්න විකුණුම්කරුගෙන් 

'දෙමළ රුධිරයත් " ඇති තරම්

බදාමය අනන්නට උළුවහු සවිකරන

නැත්නම් සවි නොවේවි ඒවා පියස්සට

-චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday 22 December 2021

1978 ව්‍යවස්තාව: විවේචනාත්මක විශ්ලේෂණයක්

 

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා විසින් ලියන ලද ඉහත ග්‍රන්ථය 1978 ව්‍යවස්ථාව ගැන කල් තියා දුටු අනාගත වාක්‍යයක් වැන්න. 1997 වසරේදී මම එය නැවත ප්‍රකාශයට පත් කෙළෙමි. එය සතුටු විය හැකි 'දේශපාලන වශයෙන් පිං අතේ වැඩක්' යයි මම සිතමි. මගේ ඡායාරූප ඇල්බමයක ගිලී තිබුණු මෙම පිංතූරයේ සිටින්නේ එවකට සමසමාජ පක්ෂයේ නායක බැටී වීරකෝන් මහතා සහ මා ය.

ඡායාරූපය: ටිකිරි රත්නායක

Saturday 18 December 2021

-ප්‍රේමානිශංසයේ, සයුරු විලමුලගේ


 චූලා විසින් ඊයේ ප්‍රේමානිශංස අරබයා ලියන ලද පහත කවිය දැක උපදවා ගත් පහන් සංවේගයෙන් යුතුව මෙය ලියූවෙමි.


''රාත්‍රිය සුන්දරය මනරම්ය සිහිලැල්ය

සඳ එළිය ගලා එයි ඔබේ සෙනෙහස විලස

ප්‍රේමයෙන් හද පිරී කල්පනා සුමිහිරිය

ජීවිතය දිගුම දිගු මියුරු කවියක් වැනිය..❤''

-----------------------------------------------------------------


සරමි මම වන අරණ

තරණය කරමි වනවදුල.

කටු ලැහැබ පියමං කරන සඳ

පටැලවුනි විස කටු

රිදුම් දෙයි ම'සියොළඟම


මහමුහුද මායිමේ යම් තැනෙක සිට

කඳු සිඛර ඉස්මත්ත දක්වා

නෑසියන් වැවූ වනවදුල

ගොර සපුන් සැරිසරණ වනවදුල


උඩුගුවන සිසාරා පියාඹන

වර්ණවත් කිරිල්ලක විලස

සිය බුහුටි තුඩගින් වගුරන

ගීතගෝවින්දයේ, භගවද්ගීතාවේ

ගී මකරන්ද,

ඒවායේ ආත්මයෙන් උකහාගෙන


රන් තැඹිලි තෙල් පිරවූ,

මල්කම් ලියකම් ඇඳි රිදී පහනක්

දෝතින් ගෙන,

සිසාරා විත් වන අරණ

සොයාගති 'කෝවලන්' නම් මම

පත්තිනි නම් එලඳ විසින්.

     -ප්‍රේමානිශංසයේ, සයුරු විලමුලගේ


Friday 10 December 2021

https://thuppahis.com/2020/06/13/pablo-neruda-and-thangamma-his-work-in-ceylon/?fbclid=IwAR0SdfnXV1D5bToA1zssDamnN5VWm6LpQJXDZeWWmcLqQ5mTPPGlooLIVPI 


Pablo Neruda and Thangamma … His Work in Ceylon

Dr. Kumar Gunawardane. in Island13 June 2020, where the title runs “Neruda and his daughter”

“It’s night time ,
I’m alone and sad,
Thinking in the light of a flickering candle,
about joy and pain,
about tired old age,
and handsome arrogant youth”
Pablo Neruda

I first heard of Pablo Neruda when he became the Nobel Laureate for literature in 1971. That was the year of my marriage and I was working as a junior doctor at the National Hospital Colombo, both of which left time and leisure for little else. When I got to know that he had spent two years in Ceylon as the Chilean consul in 1929-30, my interest in him heightened.

He was born in 1904 in the mountainous frontier region of Temuco of Chile and named Neftala Ricardo Reyes Basoalto; he assumed a pseudonym for his poems as it sounded better and also to hide his identity from his father, who wanted him to follow a respectable profession.

At the age of twenty two, he became an internationally acclaimed poet when he published, “Twenty Love Poems and Song of Despair”. It is one of the best-selling poetry books of all time and has sold over twenty million copies. He was called the “poet of the people, the oppressed and the forgotten”.

Gabriel Garcia Márquez, himself one of the most eminent Latin American novelists and a fellow Nobel Laureate for literature, labeled him “the greatest poet of the twentieth century in any language”.

Che Guevara revered him as his favourite poet and carried with him only two books to the end of his days, one being Neruda’s Cantos General, a history of the New World from a Hispanic American perspective.

I admired Neruda for his poems.

“I grew up in this town,

my poetry was born between the hill and the river,

It took its voice from the rain,

and like the timber it steeped itself,

into the forests”

I also admired his identity with the poor and the disadvantaged of Chile and indeed the world.

CEYLON

Although a literary celebrity, he was very poor and badly in need of a job. An influential friend introduced him to Chile’s foreign minister who offered him a consul’s position initially in Rangoon. After two tumultuous years, in Burma, where he was harassed by a lover whom he referred to as a panther and a love terrorist he escaped to Colombo. He resided in a cottage at a seaside lane in Wellawatte, which reminded him of his beloved Puerto Saavedra a seaside town in Chile, where he spent many holidays as a child. Here he lived spartanly with a trusty retainer, Brumpy, a pet mongoose Kiriya and a dog Kuthaka. Buampy’s real name was Ratnayake, which Neruda couldn’t pronounce. Brumpy didn’t talk much but smiled a lot with big equine teeth. Kiriya ate at his table, walked with him and slept with him on his bed. Although mongooses are fierce enemies of snakes, on his only encounter with a deadly Russel’s viper, Kiriya sensed danger and ran in the opposite direction until he reached home!

Kuthaka once saved him from certain death; Neruda had stumbled on the rail track while strolling at night. The dog’s loud barking alerted the train driver who stopped the engine in time. This was never forgotten and all his dogs in Chile were named Kuthaka in memory of this faithful canine.

Neruda led a very bohemian existence, hobnobbing with painters, musicians and literary figures notably Lionel Wendt the photographer and musician, and George Keyt. Wendt sent him a sackful of newly arrived books every week. He recognised the genius of Keyt early and praised his portrayal of Sinhalese subjects in their strange expressive grandeur.

Of his routine he wrote, ‘I get up early and walk along the beach for a couple of hours. Then I bathe in the water, which is always warm and I try to swim. Then I return home for an excellent lunch, prepared by my servants for the master as they called me. Then I work.’

Neruda’s experience is very real for me. Whenever we spent a vacation with my mother-in-law at Wellawatte I would walk everyday on the beach, which was only a quarter of mile away from home. The bracing cool of the morning, the fresh air, the soft breezes and the music of the waves crashing against the reef would be the perfect start for a new day. The houseboy Gamini, who accompanied me, would squat on a rock and watch me walk up and down; he didn’t need the workout.

Many beautiful women seeking the company of this handsome and vivacious South American crossed his doorstep. But the most beautiful woman in Ceylon he met was a woman who cleaned his outhouse. He says, “She was so lovely that regardless of her humble job, I couldn’t get her off my mind.” Being completely free of snobbery where the opposite gender was concerned, Neruda left gifts of fruits and silks, to no avail; one day he firmly gripped her by the wrist and led her to his room; her nude form was akin to the voluptuous statues in South Indian Temples carved a thousand years before. But she was completely unresponsive, and kept her eyes wide open all the while; it was like the coming together of a man and statue. The experience was never repeated.

Her name was Thangamma.

Brumpy’s Daughter

The tale intrigued me but was unfinished until I read Tissa Devendra’s absorbing book, “On Horseshoe Street”, a collection of stories of his early life in Kandy and outback Ceylon, where he served as a public servant ending up as a Government Agent.

To me this book is on a par with Jinadasa Wijayatunge’s classic, Grass for My Feet. They both write with nostalgia, humour and empathy with their fellow beings. Both have a realism, which brilliantly evoke their times. Wijayatunge’s the early years of the twentieth century and Devendra’s the decades from the nineteen forties onwards.

The chapter, “Brumpy’s Daughter”, details the saga of Imelda Ratnayake. Devendra first met her in the Aluth Eliya Kachcheri in the hill country. He writes, “In the rather modest bloom of the female cohorts of kachcheri clerks, there stood out one exotic bloom; the mysterious Miss Ratnayake”. A pretty olive, skinned girl with grey eyes, fluent in Sinhala, Tamil and English, she draped her sari in the Tamil fashion and wore a pottu (a dot) on her forehead). The mystery was a young woman with a good Sinhala family name, but dressing in the Tamil style and fluent in the language as well. As she lived in the local convent, the office staff imagined that she was the unwanted child of a white sahib. She was very efficient and established a close rapport with the Indian labourers whose language she spoke.

Imelda did not encourage any dalliances, but a young staff officer was bowled over at first sight. Sadly, this was an instance of unrequited love. One day he took his courage in both hands and wrote to her asking for her hand in marriage. The next day he left for his village to seek permission from his parents, but never returned, effectively vacating post. The kindly chief, the Government Agent, who was apprised of the problem arranged for his transfer to a distant outpost. Imelda having got a well-deserved promotion went over to Colombo and out of Devendra’s mind.

Years later, Devendra, now in the Puranapura Kachcheri, was joined by an old friend from Aluth Eliya. He related the story of Imelda’s father who was now a prosperous farmer in the village of Puhulwewa.

Devendra met Brumpy and his wife, Thangamma, during an official visit to Puhulwewa. Brumpy related over lunch that Thangamma had become pregnant at Wellawatte. The master ‘Mr Race’ behaved like a gentleman and persuaded Brumpy to marry her so that the baby had a father and a name and promised to support them as long as he lived. If the baby was a girl, it was to be called Imelda after his mother. He sent money through a friend probably George Keyt, who suggested the Aluth Eliya convent for her education and a genteel upbringing.

Brumpy came to work in the farm on the recommendation of ‘Mr Race’. It originally belonged to a Japanese man but Brumpy inherited it when he returned to Japan as war clouds were on the horizon.

When Devendra read Neruda’s memoirs, the penny dropped. ’Mr Race’ was Ricardo Reyes, the real name of Pablo Neruda.

Many years later at a conference in Mexico City Devendra was invited to dinner by a Chilean delegate Ronaldo Frei a Neruda devotee. He had worked in Ceylon as an FAO expert and had roamed the streets of Wellawatte, with Neruda’s memoirs in hand, in search of clues of the poet’s life there. He also located Brumpy and Thangamma and eventually married Imelda.

When Devendra meets them, his wife who looks vaguely familiar says, “Sir, can you remember me. I was your clerk at Aluth Eliya”.

Tissa Devendra says it was a seismic shock for him.

Sadly, Neruda’s escapade with Thangamma came back to bite him forty years after his death. The project to rename Santiago’s international airport after Neruda outraged militant feminists who citing the ‘rape’ had it stopped; it remains named after an army general ‘Arturo Merino Benitez’

All of Neruda’s immense contributions to literature had been swept out.

O Tempora! O Mores!

***********

Thursday 9 December 2021

කොත්මලේ සිරිසේන


 

කොත්මලේ අපේ පුරාවෘත්තමය ඉතිහාසයේ ගැමුණු කුමාරයාට සෙවන දුන් භූමියයි. මෑත කාලීන ප්‍රබල දේශපාලන ප්‍රබලයකු වූ ගාමිණී දිසානායකගේ ජන්ම භූමියයි. අපට ඒවා එකක්වත් වැඩක් නැත. අපිට කොත්මලේ වැදගත් වන්නේ කොත්මලේ සිරිසේනගේ උපන් බිම එය වූ නිසාය. 


මම කොත්මලේට පළමු වරට ගියේ නිමල් ඒකනායක, සත්‍යපාල ගල්කැටිය ආදි මිතුරන් පිරිසක් සමග හදිසි අනතුරකට ලක්ව ආබාධිතව සිටි සිරා බලන්නටය. පුරාවෘත්ත බහුල දෙව්ලොවක් ලෙස සිතා සිටි කොත්මලේ මම හැබෑවට අත් දුටුවේ නිමක් නැති කඳු තරණය කළ යුතු මහා ගිරි දුර්ග බහුල යක්ෂ භූමියක් ලෙසය.


සිරා යනු රස සාගරයකි. ඇතමුන් තමන් අරබයා පවසන උපහාස කතා නැවත හාස්‍ය කතා ලෙස කීමට සමත් චරිතයකි. ඔහුගේ මිත්‍ර වළල්ලේ සිටින අප හැමෝගේම අදහස වන්නේ සිරා යනු ඉතාම හිත හොඳ මිනිසෙකු බවයි. ඔහු කෝප වූ අවස්ථාවක් ඔහු සමග වූ දිගු ඇසුරේදී මගේ මතකයට නොනැගේ. දිගුකලක් විදේශගතව සිටි මා වසර දහයකින් පමණ ඔහු හමුවන්නට ලංකාදීපයට ගිය වේලේ පළමුව මා දැකීමෙන් සංතෝෂ වූ ඔහු අනතුරුව ඔහු සැලකලේ ඔහු ඇසූ ඉතාම රසවත් විහිළු කතා ටිකය.

සිරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ස්වර්ණමය යුගයේ ආදි විද්‍යාර්ථියෙකි. දීර්ඝ කාලීන පුවත්පත් ජීවිතයෙන් අනතුරුව සිය ආදරණීය බිරිඳට සිය ලෙන්ගතුකම දැක්වීමේ අරමුණෙන්දෝ  උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඉල්ලුම් කොට ගුරු වෘත්තියට පිවිසියේය. ඔහුගේ වාසනාවට පත්වීම ලැබුණේ සිය ආදි පාසල වූ හැඳුනාව මධ්‍ය විද්‍යාලයටමය. වානිජ උපාධිධාරියෙකු වු සිරාට වානිජ්‍යයට අමතරව සිංහල උගන්නන්ටද සිදුවිය. විටින් විට කොළඹ පැමිණෙන ඔහු සිය සිසුන් තමන් උගන්වන වාණිජ්‍යයෙන් මෙන්ම සිංහල විෂයෙන්ද හපන්කම් පෑ අයුරු අපට කියයි. ඔහු ගුරු වෘත්තියට ගියේ හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමටය. ඒත් ඔහුට එය කරන්න සිදු වූයේ හැඳුනාව විද්‍යාලයේ නේවාසිකාගාර පාලකයා වෙමිනි. 

අපේ ප්‍රිය සම්භාෂණයකට කොළඹ පැමිණි කොත්මලේ තමන් සිංහල ගුරුවරයෙකු ලෙස විද්‍යාලයේ ප්‍රගමනයට තමන් කළ මහත් සේවය අප සමග සාකච්ඡා කරමින් සිටියදී නිමල් මෙවැනි ප්‍රශ්නයක් අැසුවේය.

නිමල්; හරි උඹ සිංහල ගුරුවරයනේ. එහෙනම් කියපං සමාස කියන්නේ මොනවද කියලා...

කොත්මලේ: උඹලා හොඳ යාළුවොත් වෙලා උඹලට අහන්න තිබුණනේ සමාස නැතිව වෙන එකක්.. ඔය විශේෂණ වගේ..


ඔන්න ඔයාකාර රසගුලාවක අපව සැතපූ කොත්මලේ සිය අමිහිරි ගුරු වෘත්තිය අතහැර  යලි ලංකාදීපයේ සේවයට පැමිණුනේය.


සිය විශ්‍රාම දිවිය ගෙවන මෙම රසවතා ලියූ 'දශක හතරක පත්තර මතක' කෘතිය ඔහු සතු පුවත්පත් කලාව පිළිබඳ ඔහු සතු මහරු දැනුම කියාපායි.

සිරා, ඔබ අපේ ලෝකය ලස්සණ කළ අපූරු මිත්‍රයෙක්...සුබ උපන් දිනයක් වේවා මචං..

-චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday 27 November 2021

කුසල සමරවික්‍රම -කල්‍යාණ මිත්‍රයෙක්.

 


නාස්ති තෘෂ්ණා සමං තොයං 

නාස්ති චක්ෂුස්සමප්‍රභා

නාස්ති මිත්‍ර සමො බන්ධුර්

නාස්ති මොක්ෂ සමෝ රසා


යනු හෙයින් තෘෂ්ණාව හා සමාන ජලයක් ද, නුවණ හා සමාන ආලෝකයක් ද, මිත්‍රයා හා සමාන නෑයෙක් ද, නිර්වාණය හා සමාන රසයෙක් ද නැත්තේ යි.

 -ප්‍රත්‍ය ශතකය 40


මම ද මෙහි වර නැගෙන ආකාරයේ මිත්‍රයන් ලැබීමට  වාසනාව ලද්දෙකි. අද ඔවුන්ගෙන් එකෙකු සිය උපන් දිනය සමරයි. ඒ කුසල සමරවික්‍රමය. ඔහු අපගේ පාසලේ අපට බොහෝ කනිෂ්ඨ පංතියක ශිල්ප හැදෑරූ හෙයින් ඔහු හා අප අතර පාසලේ දී එතරම් දැන හැඳුනුම්කම් තිබුණේ නැත. එහෙත් 'පාසලේ කම' යන ලේ නෑකම ඔස්සේ ඔහු හා අප අතර  මිතු දමක් ඇරඹින. මේ කතා කරන්නේ එතැන් සිට ගෙවුනු කාලය ගැනය. ඔහු කෙළෙහි ගුණ සැලකීම පිළිබඳ මාහැඟි උදාහරණයකි. මීට වසර තිහකට පමණ පෙරාතුව මටත් හරියට මතක නැති මා කළ උදව්වක් ගැන ඔහු තවම මතක් කරමින් කෘතගුණ පුදයි. ලෙන්ගතුකම වෙනුවෙන් දිවි දෙවැනි කොට සිතන ඔහු මිත්‍රත්වයට අදාළ කිසිදු මූලධර්මයක්  නොදැනුවත්ව හෝ බිඳින්නේ නැත. මාතු පෝෂක ජාතකයේ මෙන් සිය වයස්ගත මව්පියන් රකින පුතෙකු ලෙස අසීමිත කැපකිරීමක් වත්මනෙහි ඔහු කරමින් සිටී. කුසල බොහෝ සේ අඳියි සහ ලියයි. සිය ලෙන්ගතුකමට භාජනය වූ උදවිය සිතුවමට නගා ත්‍යාග ලෙස ලබාදේ. ඉහත දැක්වෙන්නේ මා සිතුවමට නගා ඇති අපූරු ආකාරයයි. පරලොවක් ඇත්නම් කිසිදා දුගතියක නූපදින තරමට ඔහු පිනින් සරු මිනිසෙකි.

සුබ උපන් දිනයක් කම්කටුලු ඉක්මනින් නිමා වූ  සුබ අනාගතයක් වේවා.

Friday 26 November 2021

ජයන්ත අරවින්ද සංගීත වේදියාණෝ.......


 

මා මෙතුමා දැක ඇතත් කවදාවත් කතාබහවත් කර නැත. එහෙත් මේ සා විශිෂ්ඨ සංගීතඥයෙකු අප රට විසින් බිහි කිරීමම අපේ වාසනාවකි. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අරබයා ඔහු ලබාදුන් දායකත්වය සිංහල නාට්‍ය සංගීතයේ මතු නොව සමස්ත සිංහල සංගීතයේම ඉහළම ඵලයෝ වෙත්. මා ප්‍රිය කරන විශිෂ්ඨම නාට්‍ය ගීතය නිමවී ඇත්තේ අරවින්දයන් අතින් 'පේමතෝ ජායතී සෝකෝ' වෙනුවෙනි. 'ඇදුරුතුමා වෙන්න මගේ ' ඒ මනරම් ගීතයයි. ජයලත් මනෝරත්න බිරිඳ ජයන්ති මනෝරත්න මැතිනිය පළමු වරට ගයා ඇති ඒ ගීතය එදවස මා අසා නරඹා නැත. එහෙත් පසුකාලීනව කර්ණ පරම්පරාවෙන් ඇසූ ඒ ගීතය මගේ රසාත්මක ලෝකයේ  දශක හතරක් පමණ රැවි පිළිරැවි දේ. මා පේමතෝ නාට්‍යයේ පසු නිශ්පාදනයක් නරඹද්දී එහි රඟපෑවේ වෙනත් නිළියකි. පසු කලෙක මනොරත්නයන් ලවා කිහිප වතාවක් මේ ගීතය ගායනා කරවා ගෙන ඇත්තෙමි. ඇතැම් රසිකයන්ට හා විචාරකයන්ට අනුව සරච්චන්ද්‍රයන්ගේ හොඳම නාට්‍යය 'පේමතෝ ජායතී සෝකෝ ය' . එය එසේ වේ නම් එහි ගෞරවයෙන් වැඩි හරියක් හිමිවිය යුත්තේ අරවින්දයන්ටය. 


දුක් සංතාපයන් බහුල දිවි සක්මනේ දී එහි සරතැස නිවා ගැන්මට කවරාකාර ප්‍රේමයක් වුව ඉටු කරන්නේ අමිල මෙහෙයකි. ප්‍රේමයේ මිහිරිම තැන් වඩාත්ම යළි යළි වරනැගෙන්නේ සංගීතය ඇසුරෙනැයි මගේ අදහසය. අරවින්දයන් සිය නිමල සංගීතය විසින් කලේ ඒ මෙහෙවර යයි සිතමි. 


මහාචාර්ය සුචරිත ගම්ලතුන් බී.බී.සී සංදේශය සඳහා කලක් ඉදිරිපත් කළ 'ගී මිණි ආර' වැඩ සටහන සඳහා සංගීත විවරණ ඉදිරිපත් කිරීමට අරවින්දයන්  දායක කරගන්නා ලදී. සාහිත්‍ය හා දේශපාලනයට එතෙක්  නැඹුරු වූ එම වැඩ සටහන නියමාකාරයෙන් 'ගී මිණි ආරක් ' වූ යේ අරවින්දයන්  සම්බන්ධ වීමෙන් පසුවය.

අරවින්දයන්ට රටක් වශයෙන් බැතිබර වූවා මදි යයිද,  ඔහුගේ දැනුම හා ප්‍රතිභාව ලංකාවේ සංගීත ප්‍රවර්ධනය උදෙසා යොදා ගැනීම ප්‍රමාණවත් නොවීයැයි ද මම සිතමි.

අද උපන් දිනය සමරන මෙම ශ්‍රේෂ්ඨ ප්‍රවීණයාට දීර්ඝායු පතමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

Friday 12 November 2021

සත්‍යප්‍රිය මිතුරා-ලක්ෂ්මන් විජේසේකර

 




'සිතුමිණක් යයි සිතා සිටියෙමි' නැමති නිර්මලා රනතුංග ගයන මවිසින් පද රචනය කළ එතරම් ජනප්‍රියත්වයට පත් නොවුනු ගීතයේ සංගීත නිර්මාපකයා ලක්ෂ්මන් විජේසේකරය. 


කිසිවක් වෙනුවෙන් හඹා නොයා උපේක්ෂාවෙන් බලා සිටීම ඔහුගේ පෞරුෂයේ වැදගත් ගුණාංගයක් විය. 1980 මැද භාගයෙන් ඇරඹෙන ඔහු සමග වන පයුරු පාසානය සරල හිත් අමාරුවක්වත් ඇති නොවන ආකාරයෙන් ගලා ගියේය. එකළ බෝඩිං කාරයෙකු වූ මට 1991 හෝ 1992 දොරට වැඩි මගේ මෙරු නවකතාවේ රාත්‍රි සාදයට සිය නිවසේ ඔහු විසින් පහසුකම් ලබා දුන් බවක්  මතකය. 


1994 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන ආරම්භ කෙරුණු නිදහස් කලා සංධානය රට පුරා යද්දී  එකම බසයක විහිළු තහළු කරමින් අපි එකට රට පුරා ඇවිද්දෙමු. ජයග්‍රහණයෙන් කෙළවර වූ සටන අවසානයේ තනතුරු බෙදා ගැනීමේ අප්‍රසන්න පොරයේ දී 'අනේ මචං' කියමින් කලකිරීමෙනුත් උපේක්ෂාවෙනුත් ඒ පොරය දෙස බලා සිටියා මට තවමත් මතකය. ලක්ෂ්මන්ගේ කලා ජීවිතය පොලා පැනීම් හා පසුකර යෑම් නොමැති එකකි. එහෙත්  ලක්ෂ සංඛ්‍යාත රසික සමූහයක් ලකීගේ සෙමෙන් ගමන අනුමත කරමින් ඔහු සමග රැඳී සිටියේය. එකළ කලාභූමිය ඇරී ගෙදර යන ගමන් ඔහු, ආනන්ද වීරසිරි ආදීන් සමග එක්වන අප සමහර දිනෙක එකළ නුගේගොඩ හන්දියේ 'පුබුදු ' එකෙන් යමක් සප්පායම් වෙමින් බොහෝ රෑ වෙන තුරු බොහෝ දෑ කතා කෙළෙමු. එකළ නම් බයිට්, සැන්ඩි  හා දුම්බීමෙන් තොරව මත්පැනෙහි සත්‍ය රසය විඳින අයුරු අපට නම් පුදුමය උපදවයි. ඇතැම් විට මේ 'සත්‍ය ප්‍රිය' මිතුරාගේ ඒ සත්‍යකාමී බව විදහා දැක්වෙන සංකේතයක් ලෙස ගිනිය හැකිය. 

ලකීගේ මනුස්සකම් ගැන ලියන්නට බොහෝ දේ ඇතැත් ඒවා නොලියා සිටිමි. ඇතැම් විට ඒවා ගැන කවදාවත් ලියන්නටත් බැරි වෙනු ඇත.

ඉපදුනු රටින් බැහැර වූ කළ තමාගේ සමීප නෑදෑයිනට අමතරව සිහිපත් වන්නේ තමන්ට ප්‍රිය මනාප වූ දෙවියන් වැනි මිනිසුන් හා තමන්ට වද දුන් යක්ෂයන් වැනි මිනිසුන් පමණකි. ලක්ෂ්මන් විජේසේකර වනාහි එසේ නිතර දෙවේලේ මතක් වන දෙවියෙක් වැනි මිනිසෙකි. මිට වසර හතළිහකට පමණ පෙරාතුව ඔහුගේ  මිත්‍ර වළල්ලට මා ඇතුළු කළ අනෙකුත් මිතුරන්ට හා සිදුවීම් වලට ස්තුති වේවා.

Tuesday 9 November 2021

පින්බර අළුයම නෙතු පිය විදහා

 



පින්බර අළුයම

නෙතු පිය විදහා

ඉහ ඉද්දර ඉඳ ඔබ හිනැහෙනවා

සිරිකත නිවසට වැඩම කළා වැන්නේ....


පුංච් කුරුටු ගී 

කටු ගෑ කරදහි

විසුරුණු පොත් ගොනු 

සහ පිරිවර මැද

සිව්කොන් පවුරින් මා වටවී ඉන්නේ.......


සිතිවිලි සයුරක 

සිහින තරංගා

නිසොල්මනේ ඔබ වෙතට ඇදෙන්නේ

අචේතනික මුත් ඔබේ සිනා ගඟ

සතුට පිටාරා බඳුන් පුරාලන්නේ

බඳුන් පුරාලන්නේ


තනි මංසල වූ 

ඔබගේ ඉරියව්

මොහොතින් මොහොතම නෙත ගැටුනාවේ

පිළිරුවකට බැඳි ඔබ හද සෙනෙහස

මතු මතුවත් මට උරුම උනාවේ

සුවඳ වාසනාවේ

පද රචනය; අජන්තා රණසිංහ

ගායනය; විශාරද බී.වික්ටර් පෙරේරා සමඟ විශාරද නන්දා මාලනී

සංගීතය හා තනුව ; විශාරද බී. වික්ටර් පෙරේරා


මෙම ගීතයට මම ඇලුම් කරන්නේ පළමු වරට මෙය ඇසූ දා පටන් ය. ඒ මගේ පාසල් වියේ මීට වසර හතළිහකට පමණ පෙර සිටය. අදටත් මම එදා මෙන්ම මෙම ගීතයට නොවෙනස්ව ඇලුම් කරමි. මට අනුව අජන්තා රණසිංහයන් රචනා කළ හොඳම ගීතය මෙයය. අජන්තා රණසිංහ නැමති දාර්ශනික කවියා හා ගීත රචකයා එකට මුණ ගස්වන නිර්මාණයක් ලෙස මෙම ගීතය මම දකිමි. කේ.ඒ.සයිගල්, මුකේෂ් වැනි ගායකයන්ට සමාන වික්ටර් පෙරේරා සතු භාවාත්මක හඬ උපරිමයෙන් මෙහි භාවිතා වී ඇතැයි මට සිතේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ රමණීයත්වය විඳ කෙලවර විවාහයේ පූර්ව අවධිය ගෙවා දමන දෙදෙනෙකුගේ සුලලිත හැඟීම් මේ ගීතය පුරා වෑහේ. සමාජ දේශපාලනික කොන්දේසි හෝ වෙනත් ආත්මාර්ථකාමී කොන්දේසි විසින් බිඳ නොවට්ටන තාක් කල් රමණීය හා අනෙකාට ගෞරව කරන ප්‍රේමයක කූට ප්‍රාප්තිය මෙසේ වේ. මෙහිදී නන්දා මාලනීගේ හඬෙහි පවත්නා පිවිතුරු තාරුණ්‍යය හා ප්‍රේමණීය බව හා වික්ටර් පෙරේරාගේ කටහඬෙහි පවත්නා ප්‍රේමාන්විත පෞරුෂය දෙස බලන්න. ජීවිතය වින්දනය කරනවා යනු මෙවැනි මානවීයමල්ගොමු අතරින් ගමන් කිරීමය. 


විශාරද වික්ටර් පෙරේරා යනු මීට වඩා ලංකා සමාජය බැතිබර විය යුතු චරිතයකි. අද සංගීත ක්ෂේත්‍රයේ සිටින බොහෝ ප්‍රවීණයන්ට ගුරු වූ උත්තම චරිතයකි. සංගීත ශිල්පය පිළිබඳ මූලධර්ම කෙරේ අවනතව සිය සමස්ත සංගීත දිවියම සකස් කරගත් අප්‍රමාණ මිනිසෙකි.




Sunday 24 October 2021

ප්‍රේමානිශංස


 ප්‍රවීණ චිත්‍රකලාවේදියකු වන අප මිත්‍ර උපාලි හේරත්, ප්‍රේමානිශංස කියවා ඔහු විඳගත් ආකාරය මවෙත ලියා එවී ය.


ප්‍රේමානිශංස

_______________

සීගිරියෙන් ගෙනා මතක

සේදී යන්නටත් නොදී

වෙනදාටත් වඩා හොඳට

දිය නෑවේ පුසුඹ උලා


ප්‍රේමාලිංගන රැඟුමට

ගැලපෙන අභිනයන් සිතා

කැඩපත දෙස බලාගෙනයි

මුහුණක් හැදුවේ බියකරු


නාන කාමරය දෙසටම

හැරුණු ඇඳේ උඩුකුරු වී

නිරුවත පාමින් මා වෙත

අවුස්සන්ට බලා සිටින


ඇගේ ඇඟ මතට පනින්න.

රුදුරු වන සතෙකු වාගේ 

දොර ඇරියේ මා රහසින්

ෂවර් වතුර ගියත් අපතෙ

තුවායවත් ඇඟේ නැතුව

වැදි රජුගේ අඩව්වකින්


ඒත් ඇඳේ නැත කිසිවෙකු

මගේ බිසව අතුරුදහන්

ඇදුරුතුමාගේ කරළිය

මත මොහොතක් මා තනිවිය


මා නිරුවත යළි වත විය

ඇය සොයන්න යා යුතු විය

පංකා කැරකුම නවතා

කඳුළු ඇසින් එදෙස බැලිමි


සැනෙකින් නැඟි නිහඬතාව

බිඳින හඬකි ඒ අතරින්

ඉකි ගැසුමකි දැන් ඇසෙන්නෙ

අඳුරේ ඇති සඳළුතලෙන්


''නිරූ ඇයි ඔයා අඬන්නෙ?''


''නැහැ, මම මේ සතුටු වෙනවා''

ළං කරගෙන මා ඇය වෙත

දිගු කළ සුරතෙහි එල්ලය

නිදිගත් මහනුවර උඩින්

ඈත පෙනෙන හන්තානය


රති සයනය

අමතක විය

ඇගේ ළමැද මා දෑසින්

ගලනා දිය ඇල්ලක් විය.


Saturday 25 September 2021

හේමන්ත අරුණසිරිගේ ඡායාරූපමය සාක්ෂරතාවයේ ගැඹුර


 ගාර්ෂියා ලෝකාගේ නාට්‍යයක් ඇසුරෙන් තැනුනු 'නියගලා ප්‍රේමය' නාට්‍යයේ පූරකගේ භූමිකාව රංග භූමිය මත දිග හැරෙන මොහොත, හේමන්ත අරුණසිරි ඡායාරූප වේදියා ඔහුගේ රූපමය පරිකල්පනය ඔස්සේ අපට ප්‍රදානය කරන අයුරු වටහා ගැනීමට මේ සමග ඇති ඡායාරූපය පමණක් වුව ප්‍රමාණවත් ය.  මම 'නියගලා ප්‍රේමය' නාට්‍යය නරඹා නැත. බලන්නට අවස්ථාවක් ලැබේදැයි පවා සැක සහිතය. එහෙත් එම නාට්‍ය නොනැරඹීම අඩුවක්ව මගේ රසාත්මක අවකාෂය කනස්සලු කරන්නට මේ ඡායාරූපය පොළඹවයි.

හේමන්ත ඉතා දියුණු ඡායාරූප ශිල්පියෙකි. ඒ දියුණුව වනාහි ශිල්පීය බවෙහි  මෙන්ම කලාත්මක බවෙහි මනා සුසංයෝගයකි.

මනා ආලෝකකරණයෙන් පිරිපුන් රංග භූමිය මත රඟන සඳ ට පැවරූ පූරක භූමිකාවට පණ දෙන නිළියකි. හේමන්ත විසින් ඇගේ රංගනය ඡායාරූපමය අවකාෂයක රඳවමින් නාට්‍යයෙන් බැහැරට ගෙන ගොස් නව ආත්මයක් ලබා දෙයි. එය වනාහි අවස්ථාව ඡායාරූපයට නැගීමට සපුරා වෙනස් කාර්යයකි. ඇයගේ පයෝධර යුග්මයට පහතින් සමරූපී සෙවැනැලි යුග්මය වෙත අපේ  අවධානය පළමුව ලක්වේ. එතැන් සිට අපගේ ඡායාරූප හා චිත්‍ර පිළිබඳ දැනුම ඇසුරින් අප සතුවූ යම් භාවමය රසයකින් යුතුව අප සමස්ත චිත්‍රය අපගේ පිනවුම් උපකරණයක් එසේ නැත්නම් වස්තුවක් බවට පත්වේ.


හේමන්තගේ ඡායාරූප බහුතරයක් තුළ ශිල්පීය ගුණය හා කවිත්වය (කලාත්මක ගුණය ලෙස මා කලින් හැඳින් වූ දෙයට සුදුසුම වචනය මෙය විය යුතුය.) පරෙස්සමට මුසුවු පීදිමක් නැත්තම් පරිපාකයක් දක්නට තිබේ. 

මේ කොරෝනා සමයේ වැඩි වශයෙනුත් ඊට මද කලකට පෙර පවා තමන්ගේ හෝ අනුන්ගේ ඡායාරූපයක් වෙනුවෙන් හේමන්ත ලියන කවිය ඔස්සේ අපගේ සිත යොමු කළහොත් ඔහුගේ ඡායාරූපමය සාක්ෂරතාවයේ   විපුලත්වය සොයා ගැනීමට හැකිය. ඔහුගේ කාව්‍යමය චින්තාවන් විසින් අනුප්‍රාණය ලබන ඡායාරූපමය ඇස මෙවන් නිර්මාණ වලට පාදක හේතු වන්නේ යයි මට සිතේ.

හේමන්තගේ ඡායාරූප ලෝකයට යා යුතුය. ඒ සඳහා කවර ක්‍රමවේද පාවිච්චි කළ යුතු දැයි මම නොදනිමි. එහෙත් ඒ ගැන සොයාබැලීමට මටද සිතේ. 

-චන්ද්‍රරත්න බණ්ඩාර 

Wednesday 22 September 2021

කලියුගය ද?..යුගාන්තය ද?



දහම මියගිහින්

ප්‍රජාතන්ත්‍රවාදයත් එහෙමයි.

මිනිසත් කමේ අහු කොන් ටිකක් විතරක්

සැරිසරනවා තැන් තැන්වල

නැවත උපතක් සොයමින්...


හෙට කියන දිනය 

අද දවසේ පරාවර්තනයක් නොවේවා..


හෙට කියන දවස 

අද දවසේ ප්‍රති පක්ෂයම වේවා!


බවුන් වඩන්නට පාමුලක් නොවන තාක් කල්

බෝ ගසක් මිස බෝ මැඩක් නොවේ ඒ ගස.


අටලෝ දහම නොදන්නා

කරුණා ගුණය ඖෂධයක් සේ නොගන්නා

 වෙද දුරෙක් සිටිය හැකිද?


යකදුරෙක් වෙදදුරෙක් වූ ලෝකයක 

දහම මිය යනවාමයි..

ඉනික්බිති හැම යහපත් දේම 

රෝගී වෙනවාමයි.




Tuesday 21 September 2021

එහෙත් හෙට සිට?


 

ඒ තුමුල කඳු මුදුනත

ජීවිතය නම් වූ මහ පදාසය

සාරාංශ කොට තබා 

ගව් ගනන් පහළට පැමිණියෙමි.


ඒ කන්ද,

සිරීපාදයටත් වඩා

පිදුරුතලාගලටත් වඩා

අපේ ගම් පියස මායිම් වෙන

බොල්ගොඩ, දූල්ලෑව කඳුවලටත් වඩා උස්

මහාමේරුවේ සොහොයුරෙකු වැන්න.


ඒ සාරාංශය තුළ 

දරු පෙමද, එකිනෙක ගැහැණුන්ට හා පිරිමින්ට දැක් වු

ආදරයේ ස්වරූපයන් ද,

එකිනෙක සමීපව තැන්පත් කෙළෙමි.

අමතක වීමකින්දෝ 

සාරාංශය තුළ,

 ජීවත්වීමට ඇවැසි

සියල්ල ළඟ ළඟින් 

තැන්පත් කොට පහළට පැමිණියෙමි.


ඉතින්,

ගමන් වෙහෙසට අද දවස වෙන් කරමි.


එහෙත්,

හෙට සිට?


චිත්‍රපටය නැරඹීමේ ආශ්වාදමය සාරාංශය)

Thursday 16 September 2021

ඔහු පිය මනින ශබ්දය


 

ඔහු පිය මනින ශබ්දය ඇසෙන තුරු මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටියෙමි. සිව් දශකයක් ගෙවී ගොසිනුත් ඒ පියවර තබන හඬ මට දැන් වාගේ මතකය. ඇතැම් විට ඒ මතකය මගේ මරණ මංචකය තෙක් ම ඇතැම් විට ඉන් එහාටත්........? ඒ පියවර මනින පුද්ගලයා රැගෙන එන්නේ මා සොයන ජීවිතය බව මම දැන සිටියෙමි. දොරකඩට පැමිණ ඔහුගේ වසඟකාරී සිනාව ලෝබකමින් යුතුව මුදා හරින විට මං තැවුල් ගත්තෙමි. ඒ සිනාව තුළ තිබුනේ අනුකම්පාව කෙළෙහිගුණ වැනි මනුස්ස ගුණ මිස ප්‍රේමය නොවේ යයි මට සිතේ. ඔහු මා ළඟින් වාඩිවී ඔහු ඉස්සර වෙන තුරු මම බලා සිටියෙමි. එතෙක් මගේ හද බිතෙහි පටල පිලිස්සුම් සුවඳ මට දැනී මම බියපත් වී මි. එහෙත් ඔහු ඉස්සර වූයේ නැත. 

මම ආදරයෙන් මුසපත් වි ඇති බවත් එයම මා මරණය කරා ඉක්මනින් ගෙන යනු ඇති බවත් පැවසීමි. එවිට ඔහු තැති නොගත්තේ ය. පෙර පරිදිම සිය ආත්ම ධනයක් වු වසඟකාරී සිනාවෙන් බිඳක් පෑවේය. ඔහු වෙතින් හමා ආ දේශීය  සබන් සුවඳක් ඔහුගේ ආත්මීය සුවඳ ලෙස අනන්‍ය වී මා මුසපත් කළේය. 

මා මෙන්ම බොහෝ දෙනා මේ මිනිසාට වසඟ වෙන බව මම දැන සිටියෙමි. එවිට ඇති වූ ඔහු කෙරේ ඇති වන ලෝබකම මට දරා ගත නොහැකි තරම් ය. ඔහු කෙරේ වන මගේ උමතුව වටහා නොගන්නා කුරිරුකම මේ මලක් වන් සිතක් ඇති සාරධාර්මික මිනිසා පවත්වාගෙන යන්නේ කෙසේද?

මගේ ගර්වය පසෙකලා මම ඔහුගේ දකුනු අත ගෙන මගේ හදවත ඇති පැත්තේ තබා ගත්තේ ඔහුට මගේ හද රිදුම් හඬ ඇසෙන්නට සැලැස්විය යුතුය යන එවේලේ පැන නැඟුනු අනියත හැඟීම නිසාය.

ඒ අත ගොරෝසුය. එහෙත් ඔහු සියුමැලිය. ඔහුගේ උපන් උරුමයක් වූ රන්වන් පැහැය අව්වේ වැඩ කිරීමෙන් දීප්තිය අඩුවී ඇත. මහපොළොව සමග පොර බදන මොහු කාරණා තේරුම් ගන්නා විලාසය අරුමැසිය දනවයි. 

-නොකී කතාවක්

I was very tired until I heard the sound of his footsteps. Four decades later, I still remember the sound of those steps. Maybe that memory lasts until my deathbed, maybe even beyond that ........? I knew that the person measuring that step would bring the life I was looking for. I sighed as he came to the door and greedily released his seductive smile. I think that smile was a human quality like compassion, not love. He sat next to me and I waited for him to get ahead. Until then, I could feel the burning smell of the film on my heart wall and I was scared. But he was not before.
I told him that I was in love and that it would soon lead me to death. Then he did not panic. As before, he smirked at his self-possessed smirk. The scent of local soap wafted from him, identifying as his subjective scent, engulfed me.
I knew that many like me were addicted to this man. The lust for him that ensued was too much for me to bear. How can this flower-like-minded moral man maintain the cruelty of not understanding my madness towards him?
Aside from my pride I took his right hand and held it to the side of my heart because of the erratic feeling that arose at the time that I should make him hear my heartbreaking voice.
That hand is rough. But he is subtle. His birthright, the golden hue, has diminished in brightness from working in the sun. The way he wrestles with the earth and understands things is amazing.
-Noki story

Thursday 26 August 2021

මගේ සිත මහණදම් පුරයි....

 



කසාවතක් නාඳිමි මම

එහෙත් මගේ සිත මහණ වී ඇත

මහණ දම් පුරයි එය මාව ද සද්ධි විහාරිකාවක කර ගනිමින්.


මසිත අනාගතයේ යම් දිනෙක

සෝවාන් වනු ඇත

විශාකා සිටු දුව මෙන්

ඇය දරුවන් සොළොසක් තැනූ වග

බණ පොතෙහි සඳහනි.


ජීවිතය මුදු දෑතින් 

බදා ගත හැකි වලාකුළු බඳක් නොවන වග

අතීතය මට කියා දුනි.


දෙවි බඹුන් සැරිසරණ

ඔවුන් ඇස නොගැසුණු බිම් කඩවල් 

දුටිමි.හැඳින්නෙමි. ඒ මත ජීවත් වුනෙමි.

සංසාරයේ ගති සොබා උගත්තේ එමගිනි.


හිරු අවරට ගිය විගස

කරුවල දවසේ අනෙක් අඩ ලුහු බඳින බව

දන්නා හෙයින් කරුවල හා කතා කරන 

බස උගත්තෙමි.


සඳ, කරුවල රැයෙහි වරින් වර  ඇවිදින්

සැනසීම ගැන තෘෂ්ණාව  උපදවා 

නික්ම යයි සාංකාව පමණක් ඉතිරිකොට


-චන්ද්‍රරත්න බණ්ඩාර 

Saman4you නාලිකාවේ 'සැමීගේ කතාව' සාකච්ඡාව ඇසීමෙන් ඉපදුනු සසල බව කාව්‍ය නිමිත්ත විය.


Tuesday 24 August 2021

රාම කුමරුනි ඔබ පරාජය බාර ගත්තේ ය.



රාම කුමරුනි ඔබ පරාජය බාර ගත්තේ ය.

රාවණාලා දැන් තව තවත් නිදැල්ලේ සැරිසරනු ඇත.

වෙනස්ව හිතන්නන්ට අනුබල දුන් ඔබ

එවැන්නන්ගේ ලොකුම ආරක්ෂකයා ද විය.

ලංකා දේශපාලනය තුළ ආදරය සතුට වෙනුවෙන් සැබෑවට පෙනී සිටි එකම නායකයා ඔබ විය.

අදින් ඇරඹෙන්නේ ඔබ නැති රටකි.

එහි ජීවත් වීම හරි අමාරු වේවි මංගල.

ඇන්.ඇම්. ට පසු මට දැනුණු ලොකුම දේශපාලන අහිමි වීම ඔබයි.

ඒ ඇත්තටම සිටිය යුතු මොහොතක ඔබ දෙදෙනාම අප හැර ගිය නිසාවෙනි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday 18 August 2021

අජිත් රන්ජන් ඒකනායක හෙවත් Kandy Man


 

ඔහු මගේ පිංතූරය පළමුවෙන් ම කාටුනයකට ඇන්දේ මුරුංගා අත්තක එල්ලාය. එය මගේ හස්තසාර දේපලක්ව සුරැකිව මා සතුව තවමත් පවතී. පාසලෙන් ඉවත් වී සැලකිය යුතු කාලයකට පසුව සඳුදා උදේටත් සිකුරාදා හැන්දෑවටත් දිගු කාලයක් එකට නගරාන්තර දුම්රියේ ගමන් කළෙමු. යොදා ගත් වැඩක් නැති සති මැද කාලයන්හි නුගේගොඩ මංසන්ධියේ භූත බංගලාවකට ටිකක් අඩු භූත ගතියක් තිබූ චමරියක අඩි පුඩි ගසමින් සිට රෑ බෝවී වැනි වැනී ගෙදර ගියෙමි. මිනිසෙකුගේ පූර්ණත්වයට අනිවාර්යයෙන් තිබිය යුතු 'චමරි ජීවිතය' පිළිබඳ අත්දැකීම ලබා ගත්තේ රන්ජන්ගේ න්‍යායික පාලනයට යටත් වූ ඒ කාමරයෙනි. නිහාල් , ජීවක ආදීන් රන්ජන්ගේ පාලනය ඉවසමින් සතුටින් සාමයෙන් එහි කාලය ගත කළහ.

ඉනික්බිති විවාහ වූ රන්ජන් මම බෝඩිංව සිටි නිවසේ ඇනෙක්සියට කැඳවා ගෙන ගියෙමි. ඔය කාලය අතරතුර පක්ෂ කිහිපයක්ම වැළඳ ගනිමින් අත්හළ ඔහු ඒවා වෙනුවෙන් මා සමග ගහ මරා ගත්තේ ය. ඔය කෝක වෙනුවෙනුත් ඇති තරම් තර්ක ඔහු සතුව තිබුණි. (මට පුදුම ඔහු පාසලේ විවාද කණ්ඩායමේ නොසිටි එක ගැනය.) ඔහුගේ උසස් එක ගුණාංගයක් වනුයේ තමා ඒ ඒ කාලයට පෙනී සිටි මතවාදය වෙනුවෙන් බොක්කෙන් ම පෙනී සිටීමය.

ඔහු පරිනත වන අයුරුත් නිර්මාණශීලීව විකාශනය වන අයුරුත් අපි ඇසුරු කළ මුලු කාලය පුරාම බලා සිටියෙමි. ඔහුගේ චිත්‍ර කලාවටත්, ඔහුගේ ජීවිත දැක්මටත් මෙය එකසේ අදාළ ය. සේවා දායකයාට අදාළ දේ වැඩි පම්පෝරි නැතිව, මුදල් ඉස්සර කර ගන්නේ නැතිව කරදෙන්නෙක් ලෙස රන්ජන් ගැන මට දිනෙක අප මිත්‍ර නිමල් ඒකනායක ද කීවේ ය.

රන්ජන්ටම අනන්‍ය කාටුන් ශෛලියක් මතු නොව චිත්‍ර කලා ශෛලියකුත් ඔහු නිපදවාගෙන තිබේ. මගේ කනස්සල්ලට හේතුවක් වන්නේ  ඔහු ඇගයීමේ මිනුම් දණ්ඩක් රට විසින් තවම සොයාගෙන නැති වීමයි. මම ඇතුලු ස්වල්ප දෙනෙක් උත්සාහ කරන්නේ රට වෙනුවෙන් කෙසේ වෙතත් ලෝකයෙන්වත් ඔහුට ඇගයීමක් ලබා දීමටයි.

රන්ජන් කිසිවක් 'බෑ' නොකියයි. පොරොන්දු වන කාරණය අමතක වීම අද දින හැට පනින ඔහුට සමාව දිය යුතු කරුණකි. කුමන බැරෑරුම් කටයුත්තකට වුව 'හා පුලුවන් ' කීම අදාළ පුද්ගලයාගේ ආරම්භක කනස්සල්ල පහකිරීමටත් නව මං සොයා ගැනීමටත් හේතු වන්නේ ය.

අනෙක ඔහු සතු අති ශ්‍රේෂ්ට ගුණය ලෙස මා අත් දැක ඇත්තේ මුදල ඉස්සර කර නොගනිමින් කරන කටයුත්තට සිහි නුවණින් මැදිහත් වීමය.

මචං නුඹ වැන්නෙක් මගේ මිත්‍ර වළල්ලේ සිටීම මහත් ආඩම්බරයක් සේ ම මහත් ශක්තියක් හා සැනසිල්ලකි.

නුඹට චිර ජීවනය ලැබේවා.

(ඉල්ලූ පමාවට මා චිත්‍රයට නැගූ නුඹ වෙනුවෙන් මට පුලුවන් හැටියට නුඹව චිත්‍රයට නැගීමි. ඒ නුඹ නොවේ නම් මට සමා වෙයන්.)

Tuesday 17 August 2021

බෝධිරාජාරාමය


 

කාක බෝ පැලයක් 

රන්වන් දළු ලමින් සිනාසේ

කුණු කන්ද අද්දර මූකලානේ.


වරක් එතැනින් ඇවිද ගිය මගියා

දෙවන වර වැඩියා සංසුන්ව ඇවතකට ඉව අල්ලමින්


එතැන් සිට බෝධිරාජාරාමයේ

ඉතිහාසය ලියැවිණ ඩිජිටල් අවකාෂයේ සිට 

පුස්කොල පොත තෙක් ආපස්සට


විශාලාවට යනෙන පාර අසබඩ

අනෙක් පාර බෝධිරාජාරාම මාවත විය.


තවම නොදැනේ මේ ඉසව්වට

විශාලාවේ මිනී කුණු වූ කුණු ගඳ

තාම පරතරය කදිමයි

නො ඇසෙන්නට මිනී වලහන සිගාලයන්ගේ හඬ


නිවුස් කොලු රැල නලියයි

බෝධිරාජාරාම නිවුස් අට්ටාලය මත හිඳ,

තාම අයිටම් එකක් නොමැතිව


පොඩි හාමුදුරුවෝ වැඩියා 

සිසිල් පැන් බඳුන්, කෙටි කෑම ඇරගෙන

උන්නාන්සේ වදාළා

'බිම්සර' වඩින බව

ලොකු හාමුදුරුවෝ 'මගපල' ලැබූ වග කියන්නට.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Saturday 31 July 2021

ප්‍රේම පුරාවස්තු


 

ඉසුරුමුනියේ ගල් ගැසී සිටින

පෙම්වතුන් අපි......

එතැන අප දෙදෙන

කාලෙකට ඉස්සර අපි ගල් වුනේ



අපි එකිනෙකා හැර ගිහිං...බෝ කලක්..

වෙනත් අයවලුන්ගේ පෙම්වතුන් වී

ගල් නොවී සිටින්නෙමු. තවම පෙම් කරන්නෙමු.

ඒ නව පෙම් පදාස තුල


ඒත් අපේ ජිවයක් නැති ගල් පුවරු බදාගෙන 

පෙම් පුරාවත් තනති.

අචින්ත්‍ය ප්‍රේමය නම් කිමැයි කියා දෙති

ගල් ගැසුනු ගල් පුවරුව පෙන්වමින්.

     -සඳමාල් අත්තනායක


Tuesday 13 July 2021

Jane Eyre


 

සීතල ම සීත මීදුම

ඒ වටා දැවටුණු මන්දාරම් අඳුර

එළඹෙන රෑ අඳුර වෙත පියාඹා යන නිශාචර පක්ෂීන්

දඩයම් හඹා යන බලු රැල

ජීවිතේ හුරු පුරුදු ඇහුම්, දැකීම්, දැනීම්..

ඒ සියලු නන්නත්තාර භාවයන් අතර,

රඳවා ගෙන ආ උත්තුංග මහරු දෙය

පුදමි, 

නින්නාද දෙන කෘතගුණය තුලින් උපදවා ගත්

උත්තුංග ආදරය වෙත

වැරහැලි ගත දරන ඔබගේ අඳ නොවූ හදවතට. 

'සමාව දෙමි' කියන්න,

පුපුරන්නට පෙර මගේ පිපුණු හදවත.

            -ජේන් අයර්

Sunday 27 June 2021

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට


 

ඔහු පළමුවරට අපට මුණ ගැසෙන්නේ මහනුවර දී 'කාලයේ රාවය' ප්‍රසංගයේ සැලසුම්කරුවෙකු ලෙසින් එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේ දී ය. ඒ ඔහු සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබ පැමිණි විගස ම වාගේ ය. ඒ මුණගැසීම සිදුවන්නේ ලංකාවේ 80 දශකය පිළිබඳ නොනැසෙන මතක තබා ගිය නන්දන මාරසිංහගේ සමානයා ලෙසිනි. (මාරසිංහ කවර තරම් අනුහසකින් යුත් අයෙක් වී ද යත් අද පවා ජනතා විමුක්ති පෙරමුණ කවර තරම් ප්‍රතිසංස්කරණයන්ට ලක් වී ඇති නමුත් ඔවුන් අතින් මියගිය අනෙක් සියල්ලට වඩා මාරේ මරා දැමූ පාප මතකයෙන් මිදීමට නොහැකිය. ) 


සුනිලුන්ට කියන්නට බොහෝ දේ තිබුණු බව පෙනුනු නමුත් කියන විලාෂයක් ඒ ආරම්භක අවධියේ ඔහු තනාගෙන සිටියේ නැත. ඔහුගේ දේශන අනවශ්‍ය තරම් දීර්ඝ විය. දේශන ගණනාවක පැහැදිලි කළ යුතු කරුණු එක දේශනයක ගැබ් කිරීමට ඔහු උත්සාහ දැරූ බව මගේ මතයයි. එහෙත් ඔහු කලා සංස්කෘතික සමාජ කණ්ඩායම් සමඟ දිවා රෑ කටයුතු කිරීම නිසාදෝ ඔහුගේ දේශන ශෛලීන් ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. එතැන් සිට ක්‍රමයෙන් ඔහු අපට ප්‍රිය මනාප දේශකයෙකු වෙන්නට පටන් ගත්තේය. එපමණක් නොව අප ප්‍රියකරන ධාරාවේ (වාමාංශික?/බහුත්වවාදී?) දේශකයන් පස්දෙනා අතරට ඔහු ඇතුලත් විය. අනෙක් සිව් දෙනා නම් මහාචාර්ය සුචරිත ගම්ලත්, පියශීලි විජේගුනසිංහ, ආචාර්ය ජයදේව උයන්ගොඩ හා තිස්ස අබේසේකරයි. අනෙක් සිව්දෙනාගේ වුව ද අතීතය ඇසුරෙන් වර්තමානය විග්‍රහ කිරීම මිසක අනාගතය වෙත ප්‍රක්ෂේපනය කිරීමක් අපට දැනෙන ආකාරයට කෙරුනා ද යන්න මට ඇත්තේ සැකයකි. එහෙත් සුනිලුන් අද වගේම එදාත් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයම සිය ඥාන විමංසනයට ලක් කළාය යන්න මගේ හැඟීමයි.


ඔහු 1996 දී පමණ ලියූ, ගැඹුරට මුල් විහිදුනු රුවන් වැකියක් බූදුසමය නම් වූ ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ එතෙක් පැවති අදහස් යළි සංග්‍රහ කර ගැනීමට හේතු කාරක විය. ඒ 'සංඝ සමාජයේ අර්ථඵලදායී වෙනසක් වීමට නම් ඒ සඳහා වන කැරැල්ල ආරම්භ විය යුත්තේ භික්ෂු සමාජය ඇතුළතින් මයි' යන වැකියයි. ඔහු එම කරුණු ඇතුලත් ලියවිල්ල බෙදාහරින ලද්දේ ආණ්ඩුව විසින් සිය සාම ක්‍රියාදාමයට පක්ෂව කෘත්‍රීමව සංවිධානය කරන ලද භික්ෂු උද්ඝෝෂණයක දී ය.  එම අදහස් ඔහුට ඇතිවන්නට ඇත්තේ තමන් ඥානනය කර ඇති අනෙකුත් විමුක්තිවාදී මූලධර්ම අනුව විය හැකිය. විසිපස් වසරක් පමණ ගෙවී ගොස් ඇති නමුත් ඔහු පැවසූ කාරණාව තවමත් අනාත වී නොමැත. 


එමෙන්ම දේශපාලනය වැනි භෞතිකවාදී විෂයයක් ජ්‍යෙතිෂය වැනි පාරභෞතික විෂයයන් ඇසුරෙන් විග්‍රහ කිරීමේ භයානකකම එදවස ඔහු කතා කළේය. ඔහුගේ ඒ පුරෝ කතනයන් කෙතරම් නිවැරදිව අද වන විට ඔප්පුවී තිබේද?


අද මම සුනිලුන් දකින්නේ තමා ජීවත්වන රට පමණක් නොව ලෝකයම සඳහා පාර්ශ්වීය නොව සමස්තයම ග්‍රහණය කරගත් සැලැස්මක් සහිත ලංකාවේ ප්‍රමුඛතම විද්වතා ලෙසිනි. බහුවිධ දැනුම පද්ධතීන් ඒ සඳහා ඔහු උපයෝගී කර ගනී. භෞතික විෂයයන් පමණක් නොව මනුෂ්‍ය නිශ්පාදනයන් වන ආධ්‍යාත්මික විෂයන්ට ද ඔහුගේ සැලැස්මේ තැනක් ඇත. ලංකාවේ මෙම දැනුම සාමූහිකත්වය වෙනුවෙන් ඔහු පෙනී සිටී. මගේ ද විශ්වාසය වන්නේ මෙවැනි සැලැස්මකින් විනා පාර්ශ්වීය සැලසුමක් ඔස්සේ මේ රට දියුණු කළ නොහැකි බවයි.

 

මේ සටහනට හිමිකාරයා වු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට

දිගාසිරි පතමි.

මානිවත්ත අභික්කම...

Thursday 24 June 2021

ජීවත්වීම යනු ජීවිතයම යළි දිනා ගැනීමකි.


 

ප්‍රාර්ථනා කරකාරෙට බන්දා

හොවා කුසුමකට දෝතට නංවා

ස්වේත වර්ණ පින් පෙලට එකතුවී

බැතියෙන් වර එනතුරු පෙල ඉන්නා

පෑල දොරින් පිවිසුන බැති සින්දා

කල්ප ගනන් කල් එහිම රැඳෙන්නා 

කල පැමිණිය කළ දෝත බැලෙන්නා

කාර බැන්ද මල් පෙති ලියලන්නා

         -විෂ්ණු වාසු

(1982 අප එක්ව පළකළ 'අසික්කිතයාගේ සිහිනය' කවි පොතෙන්)

මේ ඔහුගේ මා ඇස ගැසුණු අතීත ම නිර්මාණ වලින් එකකි.

එතැන් සිට ගෙවී ගිය හතළිස් වසරක අතීතයේ භාෂාවෙන් ,සංගීතයෙන්, සිනමාවෙන් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් ඔහු පෙළහැර පෑවේය. ඔහු සෙල්ලම් කළේ තමන්ම තනා ගත් පිට්ටනියකය. එහිදී ඔහු බොහීමියානු ධනපතියකුට සමානය. ඔහු තමන්ගේ බිමක තනාගත් චින්තාවන් ප්‍රකාෂන ලෙස මුදා හරින විට අපව හෙල්ලුම් කවයි. ඔහුගේ ඝටම් සංගීතය, ඔහුගේ සංගීත දෘෂ්ටිය, ඔහුගේ ගුවන්විදුලි වැඩ සටහන් හා ඔහුගේ සිනමාව යන සියල්ලේ මේ හෙල්ලුම් කවන ගුණය තිබිණ. අකල් හි මරු වැළඳ ගත් සිය බෑනනුවන් ගැන ලියූ සටහන තුල ගැබ්වූ විෂ්ණුගේ ස්වරය පාලක පංතිය හෙල්ලුම් කැවිවේය. සිය ශෝකයේ එතූ දේශපාලන චිත්‍රය සමාජයේ සැලකිය යුතු කොටසක් මනාව වැළඳ ගත්තේය.

ඔහු තමන්ට හිමි වූ ජීවිත හා නිර්මාණ කලාපයේ පරිධිය, ස්වොත්සාහයෙන් සිතිජ ඉම තෙක් පළල් කරගත් ආකාරය දකින මට දැනෙන්නේ මහත් සතුටකි. ගෞරවයකි. ජීවිතය යනු සම්ප්‍රදායෙන්, ආගමෙන් හෝ වෙනත් සදාචාර පද්ධතියකින් ලැබෙන දෙයක් ප්‍රවර්ධනය කර ගැනීමම නොවේ. එය සිය ජීවිතයේ ඇඟවුම් වලට අනුකූලව 'ජීවිතයම යළි දිනා ගැනීමකි'.

විෂ්ණු එවැන්නෙකි. ඔහුගේ ජීවිත පොතේ අතීතයේ හමු නොවූ බොහෝ අරුත් මම ගත කරන විප්‍රවාසී ජීවිතයේ දී මට හමුවෙමින් පවතී.දැනෙමින් පවතී. 

මෙහි ලියවුනු හැමදෙයක්ම සටහන් කරන වේලේ මගේ හද ගැසුණු මගේ මිත්‍රශීලී ස්වරය එයාකාරයෙන්ම ඔබට දැනේවා. 


විෂ්ණු වාසු, ඔබට සුබ අනාගතයක්. 

සුබ නිර්මානණීය අනාගතයක්.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Monday 21 June 2021

මාලනී ගෝවින්නගේ


 

හිස් තැනක් යළිත්

එහෙම එකතුවුනු හිස්තැන් ගොඩක්

තමන්ගේ ම හදබසක් තිබූ

පරම රමණීය හදබසක්...

එකෙනෙහිම දල්වා ගත හැකි 

සිත් අග මෝදු වූ කෞෂල්‍යයන් සමූහයක්

අනාගත දැක්මක් සහිත අතීතානුසාරී දැනුමක්

සතර අගතියට ගොදුරු නොවූ දැනුමක්

අවුල් පත් නොවූ, හීනමානය අධිමානය මුසු නො වූ දැනුමක්.

බයාදු නොවී දෙපයින් ඇවිද ගිය මිනිසුන් අතර සිටි

තවත් එවැනි ගැහැණියක්....

මේ ළිං කටෙන් ඔබ්බේ ලෝකය 

ඒවායේ පිළි රැව් දෙන ගුණ සුවඳත් එක්ක ම

ගෙනවිත් පිරිනමා,රැස්කර ගෙන පිං පිරූ, පිරුණු ගැහැණියක්.

-චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday 16 June 2021

රවිලාල් හා යශෝධා විමලධර්ම



 


හැත්තෑ ගණන්වල ගුවන් විදුලිය තනි හයියට අද පවතින පනහකටත් වැඩි රෑපවාහිනී හා ගුවන් විදුලි සේවාවන්ගෙන් කරන සේවාව වගේ දෙගුණයක සේවාවක් කළා. එයත් කළේ භාෂාවත් රැකගෙන, රසිකත්වයත් වඩාලමින් සහ තමන්ගේ ආචාර ධර්ම පද්ධතියකුත් පිළිපදිමිනි. කොටින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්යුත් අවකාෂය එදා මුළුමනින්ම නියෝජනය කලේ  ගුවන් විදුලියයි. මෙහි විකාශනය වූ සිය ගනන් අගනා වැඩ සටහන් අතර එක වැඩ සටහනක් තිබුණා 'සප්ත රංග' කියලා. එය මෙහෙයවූයේ රවිලාල් විමලධර්ම මහත්තයා. එදා මෙදා තුර මගේ යෞවනයේ කුමක්දෝ භාව කලාපයක් පිනවන හඬ පෞරුෂයක් තිබුණු කෙනෙක් එතුමා. එතුමා මෙහෙයවපු 'සප්ත රංග' අඩපැයක වැඩසටහන පුරා විකාශනය වුනු ශාස්ත්‍රීය හින්දි ගී වගේම එතුමාගේ මෙහෙයවීමත් මට නම් ගීතයක්. එහෙම හඬ අනන්‍යතා තිබුණු කිහිප දෙනෙක්ම ජීවත් වුනේ ගුවන් විදුලිය සෙවනේ. මං හිතන්නේ ඔවුන්ගෙ පරපුරේ ලාබාලයා විතරයි අදටත් සක්‍රිය සේවයේ ඉන්නේ. ඒ සමන් අතාවුද හෙට්ටි. අනෙක් අය එක්කො මියගිහින්. නැත්නම් විශ්‍රාම ගිහිං.

මං කවි ලියන්න පටන් ගත්තෙ රවිලාල් විමලධර්ම මහත්තයාගෙ සප්ත රංග වැඩ සටහන අහලා. ඒක මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදියි. මට කවියෙක් වෙන්න වැඩිම බලපෑම ලැබුනේ විමලධර්ම මහත්තයා සිය සප්තරංග වැඩ සටහනට ලගන්නා සුළු බසකින් පරිවර්තනය කළ හින්දි ගීතවල කාව්‍යාත්මක සිංහල පරිවර්තන අහලා. 2017 වසරේ මා ප්‍රකාශයට පත් කළ 'පිංකම්පොල' කාව්‍ය සංගුහය හඳුන්වා දීමෙදිත් මං මේක කිව්වා. 

එක්දාස් නවසිය අසූ ගණන් මුල් භාගයේ දවසක ආරාධනා වැඩ සටහනක් පටිගත කරනවා බලන්න පදනම් ආයතනයට මං ගියේ පියසේන ගුණතිලකයන් සමඟ. එතුමා තමයි මට සංස්කෘතික සමාජයේ ජීවත්වන හුඟක් දෙනා හඳුන්නලා දුන්නෙ. පියසේන ගුණතිලකයන් එක්තරා ආකාරයට පියෙක් වගේ කෙනෙක්. 'සප්ත රංග' වැඩ සටහන ගැන තිබුණු මගේ පිස්සුව ගැන එදා ආරාධනා වැඩ සටහන නරඹන්න පැමිණි විමලධර්මයන් එක්ක ගුණතිලකයන් කිව්වා. එතකොට විමලධර්ම මහත්තයා හයියෙන් හිනාවෙලා මෙහෙම කිව්වා.' ආ එහෙනං ඒ වැඩ සටහන අහන එක්කෙනෙක් හරි ඉන්නවා.' 


මට මේ අටුවාව ලියන්න පෙළඹුනේ වෙන කාරණයකට ප්‍රවිෂ්ට වෙන්න පාරක් හදාගන්න. මේ මෑත දවසක 'සිහිනයකි රෑ' වැඩ සටහනට පැමිණ සිටියේ රවිලාල් විමලධර්මයන්ගේ දියණිය යශෝධා විමලධර්ම මෙනවිය. සිය පියාගෙන් ලද සම්භාව්‍ය උරුමයේ සැබෑ කොටස්කාරියක බව එදා ඒ වැඩ සටහනෙන් යශෝධා පෙන්වා සිටියා. ඇය හින්දි භාෂාවේ මනා නිපුනත්වයක් ඇත්තියක්. එදා මට කවි ලියන්න බලපෑමක් ඇති කළ සප්තරංග වැඩ සටහනේ සිය පියා කළ ආකාරයටම ඇයත් එදා හින්දි ගීතයන් හි සිංහල පරිවර්තනයන් ඉතාම හොඳින් ඉදිරිපත් කළා.

මේ එදා ඇය කළ පරිවර්තනයක්


කටු ලැහැබ පැටලවුනු

සළුව මුදවා ගතිමි.

සියලු බැමි බිඳ දෙපය

මිණි කිකිණි ලා ගතිමි.


සිසාරා උඩු ගුවන

පියාඹයි හද විමන

වළක්වන්නට එපා පියාඹා ගියාදෙන්

යළිත් ජීවත් වෙන්න ඇත සිතේ කැමැත්තක්.


යළිත් මිය යන්නට

අද සිතේ ඕනෑකමකි.

ජීවිතය හිනැහුනේ කුමක් අත් කරගෙනද?

 ලැබුණු දූවිල්ලක්

හැමූ සැඩ සුළඟක්


(චිත්‍රපටය- ගයිඩ්

 පද-සයිලේන්ද්‍ර

සංගීතය-එස්.ඩී. බර්මන්

ගායනය-ලතා මංගෙස්කාර්)

ඇත්තටම මගේ අදහස නම් යශෝධා, ලංකාවේ රංගධාරිනියක් පමණක් නොව විද්වත් යි හැඳින්විය හැකි කලාකාරියක්. 

-චන්ද්‍රරත්න බණ්ඩාර


Tuesday 25 May 2021

වෙසක් පොහෝ දින සුන්දරම මතක රැඳි පින්බිම සිහිකරමි.



 මගේ සංස්කෘතික දැක්මේ සමාරම්භය මෙතනය. ඉතිහාසයට ඇළුම් කරන්නට අදහසක් ඇති වූයේ මෙතැනිනි. බුදු දහමේ ශාන්ති දායක සුවය පළමුවරට හඳුනා ගත්තේ මෙතැනිනි. ධනය හා බලය හමුවේ පුදබිමක් වැනසෙන්නේ කෙලෙසදැයි හඳුනා ගත්තේත් මෙතැනිනි. ඒ සියල්ල අතරේත් ලංකාවේ ලස්සණම බෝ මැඩෙහි රන්වන් පත් සෙලවෙන සිලිලාරය මට තවම මතකය. වෙල් යාය මැද පිහිටි වෙහෙර වහන්සේ අබියස ගල් පඩි පෙළෙහි වාඩි වී රත්න ශ්‍රී විජේසිංහ වැනි කලාකරුවන් වෙනත් සමාජ හා දේශපාලන ක්‍රියාධරයන් සමග කලාව දේශපාලනය වැනි අපමණ දේ කතාබහ කළ අයුරු මතකය. ලංකාවේ කුඩාම මකර තොරණ සහිත විහාරය අපේ ගමේ විහාරයයි. අනාගත බුදු වෙන අනු පිළිවෙලට පාරිලෙයිය ඇත් රජුත්, නාලාගිරි ඇත් රජුත් මතු බුදු වෙන බව දක්වා ඇත්තේ තලාව රජමහා විහාරයේ සිතුවම් වලය.එම විහාර ගෙයි ඇඳ ඇති තේමිය ජාතකයේ පනේලයෙන් පනේලයට වර්ණ රටා හා විස්තර රචනාව පවා තවමත් මට මතකය. අපේ නිවස පිහිටියේ විහාරය පෙනෙන දුරෙහි නිසා එහි ඝන්ඨා නාදය අපටත් අප අවට ගම් මණ්ඩියටත් වේලාව පැවසීය. මෙම විහාරයේ දසවස් ගණනාවක් පුරා භේරී වාදනය කළ වාදකයා ඇසුරින් නවකතාවක් ද (හැන්දෑ දුරය) ලිවීමි. මහා පුරුෂයෙකු වූ ඔහුගේ ගාම්භීර කටහඞින් බුද්ධ ගජ්ජයේ හා වෙනත් ශතක පොත්වල ශ්ලෝක ගායනා කරන අයුරු මතක මාත්‍ර වශයෙන් මගේ දෙසවන් අසළ රැව්දේ. වස් තුන්මාසයේ පාන්දර යාමයේ කුකුලන් හඬලන්නටත් පෙර වාදනය වන භේරී වාදනය අපගේ සංස්කෘතික ලැදියාවන්ට පාරක් සොයා දුන්නේය. ඔහු විශේෂයෙන් සිය වාදන අනන්‍යතා දැක් වූ පෝය හේවිසි, දානමය පිංකමක් අවසානයේ වැයෙන පූජා පද , පිරිත් පිරීම්, අපේ මතකාලෝකය පුරා රැව් දෙන්නේය. මේ උතුම් වෙසක් දිනයේ මේ ගුරුන්නාන්සේ ඇතුළු බොහෝ අප්‍රකට කලාකරුවන්,යතිවරුන්, අපගේ සම්ප්‍රදායේ අනගි දෑ අපවෙත දායාද කළ මිනිසුන් සිහිපත් කරමි.  අපගේ සංස්කෘතික දැක්මේ බෞද්ධ මුහුණුවර සොයා පාදා දුන් ඔවුන් අපගේ සංස්කෘතික ක්‍රියාකාරිත්වයේ පදනම් ගල්ය.


මගේ අතීත සැමරුම් අතරට මෙවන් සමීප පින් බිමක් ලබාදීම ගැන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ටත් , විහාර කර්මාන්තය මනාව මෙහෙය වූ ගලගොඩ දිසාවටත් කාල මානයකින් අතීතයට ගොස් ගරු බුහුමන් දක්වමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

පහත දැක්වෙන්නේ අපේ ගමේ විහාරය ගැන www.srilankaclassicart.com වෙබ් අඩවියේ පළවූ කෙටි ලිපියකි.

තලාව රජමහා විහාරය , මාරස්සන

Tuesday 18 May 2021

අපි හිටගන්නේ කොතැනද?

 



අද උදෑසන නිඳි ඇඳේ දී ම මුහුණු පොත සිසාරන විට පළමුවෙන්ම ඇස ගැසුණේ ඉහත පිංතූරයයි. හැඟීම් දහසක් එක පෙළට ගොඩ ගස්සන මේ පිංතූරය අප මේ ගෙවා දමන භයංකර වර්තමානය පිළිබඳ තම තමන්ගේ ආකාරයන් අනුව කියවා ගත හැකිය. එය 'කරුමය' කියා හෝ 'එයා ගෙනා ආයුෂ ඉවරයි' කියා හෝ 'කරපු විශේෂ පවක් නැති නිසා ලබන ආත්මයේ මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේය" කියා හෝ කෙනෙකුට සැනසිය හැකිය. එහෙත් වෙනත් කරුමයක් නිසා එවැන්නකින් සිත සනසා ගත නොහැකිව අපි ළතැවෙමු. දේශපාලනය අපගේ ජීවිත විෂයයක් වීම නිසා මේ මරණ, මේ විපත් 'කරුමය' ට ඌනනය කළ නොහැකි බව අපගේ වැටහීමයි. 


විජමු ලොකුබණ්ඩාරගේ කෝවිඩ් ආසාදිත මරණය ගැන ආචාර්ය සරත් අමුණුගම, අයිලන්ඩ් පුවත්පතට ගුණ සමරු ලිපියක් සපයමින් ඔහු උත්ප්‍රාසාත්මකව මෙවැන්නක් ලියා තිබුණි. 

'බෞද්ධ භික්ෂුවක් සහ තමන්ම වෛද්‍යවරයෙකු යයි කියා ගත් සෝමාරාම විසින් කලකට ඉහත දී බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලදී. සෝමාරාමට තනතුරු දෙමින් නාමධාරී වෛද්‍යවරයෙකු බවට පත් කරන ලද්දේ අගමැතිවරයාගේ ද අනුමැතිය යටතේ එවකට සෞඛ්‍ය ඇමතිවරිය වූ විමලා විජේවර්ධන විසිනි. අපේ කාලයේ දී ත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවාසනාවන්ත ලෙස ඇදහිලිවන්තයන් සහ සර්ප තෙල් අලෙවිකරුවන් හුවා දක්වමින් එන්නත ගෙන්වීමට උත්සුක නොවීය. උත්ප්‍රාසය වන්නේ මෙම ඛේදජනක අවස්ථා දෙකේදීම බණ්ඩාරනායක හා ලොකුබණ්ඩාර යුග දෙකක පෙනී සිටි අක්‍රිය දේශජවාදයක් විසින් එහි ගතික උපදේශකයන් දෙදෙනෙකුගේ ජීවිත බිලි ගැනීමයි.'


මිට දින දෙකකට ඉහතදී අපේ ලාල් විජේනායක සහෝදරයා විසින් මහාචාර්ය ඨිති භට්ටාචාර්ය විසින් රචිත ඉන්දියාවේ කෙරෝනා ව්‍යසනයට හේතුව එරට ලාභය පමණක්ම ඉලක්ක කරගත් නව ලිබරල්වාදි දේශපාලන ක්‍රමයම බව දැක්වෙන අගනා ලිපිය මවෙත එව්වේ එහි සංදර්භය ගැන සාර්ථක දේශපාලන සංවාදයකිනුත් අනතුරුවය. අද උදෑසන පළමු එෆ් බී සැරිසැරීමේදී ඒ ලිපියේ වැදගත් කොටස් මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිංහලට නගා සිය බ්ලොග් අඩවියේ පළකර තිබුණි. මේ මහාචාර්ය අමරකීර්තිගේ පරිවර්තනයේ වැදගත් කොටසකි.

' ඉන්දියාව කොරෝනා යුද්ධය ජයග්‍රහණය කළ බව කියා සිටි අතර ඒ වන විට නිෂ්පාදනය වෙමින් තිබුණු එන්නත ගැන ආණ්ඩුව උදම් ඇනුවේය. එන්නත් මාත්‍රා මිලියන 55ක් රටවල් 62කට ඒ වන විටත් විකුණා ඇති බව ආණ්ඩුව කීවේය. හින්දුත්ව ජාතිකවාදය සහ ධනවාදය  අතර විවාහය හරි අපූරුවට සිදුවිය. අපේ ජාතිකවාදයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ගැන මොහොතකට සිතන්න.

 කොරෝනා එන්නත යුරෝපය, ඇමරිකාව වැනි ගෝලීය උතුරුකර රටවල නොමිලේ ලබා දුන් අතර ඉන්දියාවේ එසේ නොවිණි. Serum Institute of India යනු ඉන්දියාවේ ප්‍රධානතම එන්නත් නිෂ්පදකයාය. මේ වසරේ ජනවාරි මාසයේදී එම ආයතනය ඉන්දියානු ආණ්ඩුවට මාත්‍රා මිලියන 100ක එන්නත් තොගයක් වික්කේය. ඒ විශේෂ මිලක් යැයි හැඳින්වූ ඉන්දියානු රුපියල් 200ක හෙවත් ඩොලර් 2.74කටය. ඉන් පසු ඔවුහු එහි මිල වැඩි කළහ. පෞද්ගලික වෙළඳපොළෙහි මාත්‍රාවක් රුපියල් 1000ක හෙවත් ඩොලර් 13.68කට විකිණිණ. 

එම එන්නත නිෂ්පාදනය කළ එස්අයිඅයි නම් පෞද්ගලික සමාගමේ ලොක්කා ලෝකයේ සිටින ධනවත්ව මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහුගේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 13ක් යැයි ගණන් බලා ඇත. ඔහුගේ නම සයිරස් පූනවාලාය. සටකපට ව්‍යාපාරික ඉවක් ඇති ඔහුගේ පුත් අදර් පූනවාලා මෙම වසංගතය විශාල ධනයක් උපයන්නට අවස්ථාවක් යැයි පසුගිය වසරේම දැක්කේය. තමන් එන්නතක් නිෂ්පාදනය කිරීමේ පෙරමුණ ගන්නා බව ඔහු ජාත්‍යන්තර මාධ්‍යයට කී විට ලෝකයේ තවත් ආයෝජකයෝ මුදල් යෙදවූහ. බිල් ගේට්ස්ලාද ඒ අතර වූහ. ඉන්දියානු ජනතාව රැවටීම පිණිස ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් නිතර කියන දෙයක් ඔහුද කීවේය. “මේ එන්නත බටහිරට දෙන්න කලින් අපේ රටේ ජනතාව වෙනුවෙන් යොදනවා.” එය නැගලා ගියේය. ඇත්තටම සිදු වූයේ එය නොවේ. මුලින් මුලින් එම ආයතනයෙහි නිපද වූ එන්නත්වලින් 80%ක් අලෙවි කෙරුණේ පිට රටටය. ඒ විශාල ලාභ තීරුවක් සහිතවය. ඉන්දියානු මරණ එන්න එන්නම ඉහළ යන විට එන්නත අපනයනය තහනම් කෙරිණි. 

                                             අතිවිශාල කොරෝනා ධනය

එහෙත් ඒ වන විටත් මාස පහක් තුළ සයිරස් පූනවාලාගේ මුළු වටිනාකම 85%කින් ඉහළ ගොස් තිබිණි. ඉන්දියානු චිතකවලින් නැගෙන දුම් ඉන්දියානු අහස අඳුරු කරන විට අදර් පූනවාලා රටින් පැන්නේය. ඔහු ලන්ඩන් නගරයේ පිහිටි මහා මන්දිරයක් සතියකට ඩොලර් 70000කට කුලියට ගත්තේය. එය ලංකා රුපියල් කීයක්දැයි දැන ගැනීමට 200න් වැඩි කරන්න.'

මා විශ්වාස කරන අන්දමට නව ලිබරල් ක්‍රමයේ අතැම් ලක්ෂණ පැරණි වහල් වෙළඳාම තුලද දක්නට ලැබේ. එදා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අංග විසින් වෙළඳාමට තෙරපුමක් නොදීම නිසා දුගී මිනිස් ප්‍රජාවන් තිරිසනුන් බවටම පත්කර, ඒ මිනිසුන්ම සත්ව ඒකක ලෙස විකිණීම හෝ වෙනත් පරිහරණයන්ට ලක්කරන ලදී. අද වුවද දුගියා පිළිබඳ සැලකීම එසේ නොවේද? ඨිති භට්ටාචාර්ය මහාචාර්ය තුමිය අපට වටහා ගන්නට සලස්වන්නේ දීර්ඝ ශිෂ්ටාචාර ගමනක් ඔස්සේ අප පැමිණ ඇති නමුත් දුගියා මිනිස් ගෞරවයට ලක් නොවීම පිළිබඳ ශෝචනීය යටි පෙළයි. 

ආගම හා ජාතිය අගනා ශිෂ්ටාචාර නිශ්පාදනයන්ය. එහෙත් රාජ්‍ය නැමති ආයතනය අර්බුදයට යන විට ඒවායේ ඇති ජනආකර්ශන ලක්ෂණ තමන්ගේ අර්බුද නග්නත්වය වසා ගැනීමට පාවිච්චි කොට ඒවා විකාර බවට පත් කර ගැනීම ලෝකය පුරාම දුෂ්ට පාලන තන්ත්‍ර විසින් අත්හදා බැලු සහ බලන ක්‍රමයකි. නරේන්ද්‍ර මෝඩි නම් ඊනියා සන්න්‍යාසී දේශපාලන නායකයා ජාතිය හා ආගම සිය නග්න නව ලිබරල්වාදී දේශපාලනයට වැසුමක් ලෙස පාවිච්චි කරන අතර ලංකාවේද එය එයාකාරයෙන්ම සිදුවේ. රනිල් වික්‍රමසිංහ විළි වසාගැනීමකින් තොරවම සිය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ගොස් බිංදුවට බැස්සේය. එහෙත් රාජපක්ෂවරු රනිල්ට වඩා මහපොලොව හොඳින් තේරෙන නිසා කහ සිවුරෙන් සහ සිංහ කොඩියෙන් විළි වසාගෙන එයම කළ නිසා ඔවුන්ට සියයට හැට නව ලක්ෂයක ජන අනුග්‍රහයක් ලැබුණි.


මහාචාර්ය අමරකීර්ති සිය පරිවර්තනයට සිය අවධාරණයන් ලියමින්  පවසන්නේ රනිල් බලයේ සිටියත් මලික් සමරවික්‍රමලා, රවි කරුණානායකලා වේෂයෙන් 'බැසිල් කරණය " ක්‍රියාත්මක කරනු ඇත කියාය. එනම් සිත්පිත් නැති ලෙස 'ලෙඩ දුකිනුත්' අනෙකුත් ව්‍යසන වලිනුත් සිය ලාභ රේට්ටුව තර කර ගන්නා බවයි.

මේ වැරදි පාලන ක්‍රමවේදයන්ගේ ප්‍රථිපල දැන් ජීවිත වශයෙන්ම බිළි ගනිමින් පවතී. එක්කෝ මරු කටටම ගොස් ආශ්චර්යයකින් මෙන් ආපසු එති. අප මිතුරු විෂ්ණු වාසු සිය පුත්‍රයා ගැන ලියූ සංවේදී එෆ්.බී. සටහන කියා පාන්නේ අපේ සෞඛ්‍ය ක්‍රමවේදයන් කවර තරම් ජන ඝාතක ස්වරූපයක් ගෙන ඇත්ද යන්නයි. (එම සටහන කවර තරම් බලපෑම් සහගත එකක් වූවා ද යත් එයට සයිබර් ප්‍රහාරයක් පවා එල්ල වී ඇත.) ඊයේ දිනයේ චින්තන ධර්මදාස සිය ලොකු තාත්තාගේ මළ සිරුර නිදහස් කර ගන්නට කළුබෝවිල  මෘත ශරිරාගාරය අසල ඇසු දුටු අත්විඳි දේ කියවන විට අපට දැනෙන එළඹෙන අගාධය පිළිබඳ හැඟීම සුළුපටු නොවේ.

ආසියා කලාපයේම ගරු නම්බු ලැබූ වෛරස් විද්‍යාඥයෙකු සිය මන්ත්‍රී මණ්ඩලයේම තබාගෙන,ඔහුට වැඩක් බාර නොදී, විශේෂඥ වෛද්‍ය වරියකට විෂයයෙන් කොටසක් පමණක් භාර දී ඇයව ඇති තරම් පෙළමින් , මුට්ටි ගඟේ හෙලන , සර්ප ෙතල් ප්‍රවර්ධනය කරන, සෞඛ්‍ය ඇමතිවරියෙකුත්, ඊටම සමාන්තරව පාරභෞතික කල්ට් ගැන සිය ප්‍රථම විශ්වාෂය තබන රාජ්‍ය ඇමතිවරයෙකුත් තබාගෙන මෙම මරණීය උවදුරෙන් අපට ගැලවිය හැකිද? 

මහාචාර්ය අමරකීර්තිගේ බ්ලොග් ලිපිය හා මහාචාර්ය ඨිති භට්ටාචාර්යගේ ලිපිය සම්පූර්නයෙන් කියවීමට පහත සබැඳි වලින් පිවිසෙන්න.

Wednesday 28 April 2021

මාධ්‍යවේදී ගාමිණී දිසානායක


 

අප කලාව ගැන ගැඹුරු සොයා යාමකට පෙළඹුනු අවධියේ ගාමිණී දිසානායක නම් සමාජ ක්‍රියාකාරී විචාරකයා ලියූ කියූ දෑ වෙසෙසින් වැදගත් විය. ඒ 1970 ගණන්වල අගභාගය හා 80 ගණන්වල මුල් භාගයයි. මර්වින් ද සිල්වා (මාධ්‍යවේදියා) සමග එක්ව ලංකා ගාඩ්යන් සඟරාව පටන් ගැනීමට සහය වූයේද මේ ගාමිණීය. ඩේලි නිවුස් හා ඔබ්සෝවර් පුවත්පත්වල සේවය කළ ඔහු රෙජී සිරිවර්ධන, එල්.ඕ. ඩී. සිල්වා , අජිත් සමරනායක, සිරිල් බී පෙරේරා , චාල්ස් අබේසේකර වැනි කෘතහස්ත විචාරකයන් සමග එකට කියවුනු නමක් වූ ගාමිණී කලකට එම ක්ෂේත්‍රයේ නොකියවුනු නමක් බවට පත්විය. ඒ ඔහු මැද පෙරදිග පුවත්පතක සේවයට ගිය හෙයිනි. 


එහෙත් මීට වසර හය හතකට පෙර කැනඩාවේ දී ගාමිණී මා ඇමතීය. ඒ ඇමතුම එක්තරා දිගුකාලීන මිත්‍රත්වයක් බවට පත්විය. ඔහු මගේ පුවත්පතට පැබ්ලෝ නෙරෑඩා ගැන අමුතුම විදිහේ ලිපි දෙකක් සැපයීය. එහෙත් ඔහුගේ ඉල්ලීම වූයේ ඔහුගේ වත්මන් ප්‍රමුඛතාවය වූ ජ්‍යෙතිෂය අරබයා පුවත්පතෙහි වැඩි ඉඩක් දෙන ලෙසයි. ඔහුට කරන සැලකිල්ලක් වශයෙන් ඒ සඳහා ඉඩකඩක් දුන් නමුත් පත්‍රයේ ස්වරූපය අනුව දිගටම ඒ කටයුත්ත කළ නොහැකි විය. මගේ බැරිකම තේරුම් ගැනීමට ඔහු වහා සමත් විය. 


ගාමිණී යනු සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ලියන්නට කියන්නට සමත් නිර්මාණශීලී විද්වතෙකි. ඔහු මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ගැඹූරු අත්දැකීම් ඇත්තෙකි.


රූපකායවත් නොදැකපු අවදියේ, ඔහුගේ විචාරයන්ට ලොල්වී ඔහුට ඇති ගෞරවය නොනැසෙන ලෙස මහද තැන්පත් කරගෙන සිටියදී ම,  විද්‍යාවේ හාස්කම් ප්‍රායෝගිකව අත්විඳින දුරු රටක දී, පළමු වරට, ඔහු සජීවීව මුණ ගැසෙන්නේ ජ්‍යෝතිෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස නම් එය කෙතරම් උත්ප්‍රාසයක්ද? එහෙත් ගාමිණීට තිබුණේ ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවන් කලාව සංස්කෘතිය ගැන සුළුපටු දැනුමක් නොවේ. ඔහුගේ සන් මිත්‍ර උපාලි හේරත් කියූ පරිදි ගාමිණී මියයන්නට ආසන්න කාලයේ කලා විචාරය පිළිබඳව යූ ටියුබ් චැනලයක් ආරම්භ කරන්නට උත්සාහ කරමින් සිටි බව කියවේ.


ඒ ගාමිණී දිසානායක මීට දින තුනකට පෙර අප අතහැර ගොසිනි. ඒ ප්‍රවෘත්තිය ඇසූ වේලේ මා වෙළී ගිය කනස්සලෙන් තවම මා මිදී නැත. ඔහු සිය දරුවන් ඇතුළු පවුලේ අයට, සමීප හිතමිතුරන්ට අමතක කළ නොහැකි ලෙන්ගතුකමක් පෑවෙකි. මා ද එම මිතුරු වළල්ලේ වූවෙකු නිසා ඒ කනස්සල්ල ඇති වී යැයි සිතමි. කෝවිඩ් ලොක්ඩවුන් තත්වය නිසා ගාමිණීගේ අවසන් කටයුතුවලටවත් සහභාගි වීමට මට නොහැකි විය. එයටද සහභාගි වුවේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේය. මේ සමග අමුණා ඇති පිංතූර දෙකින් එකක් ඒ අවසන් කටයුතු කෙරුණු අද දින කලේබරයක බහා ලූ ඒ දැවැන්තයාගේ සිරුරයි.

හිතවත, ඔබ නිවන හා එයට අයත් සියල්ල දැඩිව විශ්වාස කළේය. එහෙයින් ඒ පැතූ නිවනින්ම සැනසේවා. 

-චන්ද්‍රරත්න බණ්ඩාර