Saturday 16 March 2019

මහාවංශය තුළින් ඉතිහාසය නිවැරදිව කියවිය හැකිද ?

https://soundcloud.com/user-198516178/t6ewfvugctfr?fbclid=IwAR1UexfTY0NtHHjK82svkDPYF2DUSmZR4ewPQy7THoZyGh9o5jJ31JbI0Ho


කොළඹ විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය රාජ් සෝමදේව පැවැත්වූ 'මහාවංශය නැවත කියවීම" දේශනය මවිසින් දෙතුන් වතාවක් ශ්‍රවණය කෙළෙමි. එමෙන්ම එය ඔබටද ශ්‍රවණය කරන ලෙසට ආරාධනා කරමි. එතුමා වැදගත් කාරණා කිහිපයක්ම මේ කෙටි දේශනය තුළින් සමාජගත කරයි. ඉතිහාස විෂය හා පුරාවිද්‍යාව අතර වන අප ඉගෙන ඇති බෙදුම් ඉර ඔහු යළි ප්‍රශ්න කරයි.  මහාවංශය ශුද්ධ ග්‍රන්ථයක් ලෙස විශ්වාෂ කිරීම නිසා අප සමාජ හා දේශපාලනිකව වැටී ඇති අවුල ගැන කතා කරයි. මහාවංශ කතුවරයා අතිෂය පක්ෂපාතීව ඔහු අභිමත රජවරුන් අගය කිරීමටත් එසේ නොවන රජවරුන් නොතකා හැරීමටත් කටයුතු කළ ආකාරය මැනවින් පහදා දෙයි. මට හැඟී ගිය වැදගත්ම කාරණය නම් එදා මෙදා නොවෙනස්ව භික්ෂුව විසින් රාජ්‍ය හැසිරවීමට දැරූ උත්සාහය හා ඒ සඳහා ඔවුන්ට පාවිච්චි කළ හැකි සෑම මෙවලමක්ම පාවිච්චි කළ ආකාරයත්ය. භික්ෂුව කිසියම් රාජ්‍ය ක්‍රමවේදයකින් තමන්ට ලාභ ප්‍රයෝජනයක් නැත්නම් කවර තරමේ ජනහිතකාමී පාලකයෙකු වුවද ඔහු තම ආශිර්වාදයෙන් පිටමං කරන බවයි.
මහාචාර්ය සෝමදේව සීගිරියේ අගනා බව උදාහරණ කොට පෙන්වමින් එය ඉදිකළ කාෂ්‍යප මහාවංශයෙන් නින්දාවට පත්කර ඇති අයුරු පෙන්වා දෙයි. සීගිරිය භික්ෂුවට නොව ජනතාවට වැදගත් ලෙෳකික නිර්මාණයකි. එමෙන්ම වසභ රජතුමා ජනයාට සෙත සලසන විශාල වාරි කර්මාන්ත හා අගනා මූල්‍ය ක්‍රමවේදයක් තැනූ වැදගත් රජකෙනෙකි. එහෙත් මහාවංශ කතුවරයා ඔහුට ලබාදෙනුයේ අඩු වැදගත්කමකි.
ඉතිහාසය යනු වර්තමානයට අයත් දෙයකි. එය කියවිය යුත්තේ හුදු කියවීමක් ලෙස නොව ඒ අදාළ සංදර්භය මත පිහිටා බව ඒ ගැන අවබෝධයෙන් යුතුව බව එතුමන් මෙහිදී අපගේ අවධානයට යොමු කරයි. අපගේ ඉතිහාස රචනාවන් බොහොමයක් මහාවංශය සත්‍ය ලෙස සලකා ලියවුනු ඒවාය. පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ප්‍රමාණිකයෙකු වන මහාචාර්ය සෝමදේවගේ මේ දිග හැරුම නව සංවාදයකට විවෘත වීමට හොඳ ආරම්භයක් බව මගෙු හැඟීමයි.

No comments:

Post a Comment