Sunday, 8 November 2026

Prophetic Powers

 Prophetic Powers

___________________

අනාගතවක්තෘ වන මම, 

එනම් මහා ආත්මය 

අහස කෙළවර ඇති

ආලෝකයේ සිට පැමිණ

ඒ ඉසව්වේම එල්ලා තබමි

දිදුලන සංකේතයක්.


සටහන; "Prophetic Powers" (අනාගතවක්තෘ බලයන්) යනු, Jeesukawin හෙවත්  'සෙලවෙන කූඩාරම් චාරිත්‍රය' (shaking tent ceremony) ලෙස හැඳින්වෙන අධ්‍යාත්මික ක්‍රියාවලියකදී, jossakeed කෙනෙකු (එනම් අනාගත වක්තෘවරයෙකු) විසින් භාවිතා කරනු ලබන, උතුරු ඇමරිකානු ආදිවාසී ජනවර්ගයක් වන 'ඔජිබ්වේ'  ජනතාවට අයත් සාම්ප්‍රදායික පූජනීය ගායනයකි. ස්වදේශික වාචික සම්ප්‍රදායන් සහ අධ්‍යාත්මික විශ්වාසයන් පිළිබඳව සිදු කළ පර්යේෂණයක කොටසක් ලෙස, මානව විද්‍යාඥ හෙන්රි රෝව් ස්කූල්ක්‍රාෆ්ට් (Henry Rowe Schoolcraft) විසින් 19 වන සියවසේදී මෙම කාව්‍යය ලේඛනගත කරන ලදී.

No comments:

Post a Comment