Friday, 30 August 2019
බැටී වීරකෝන් මතකය.
(මේ සටහන මට ලියන්න හිතුනේ අප හිතවත් කුමාරදාස ගිරිබාව සහේදරයා ඉදිරිපත් කළ පිංතුරය හා බැටී පිළිබඳව ලියා තැබු සටහන නිසයි.)බැටී සහෝදරයා ඇන්.ඇම්.,කොල්වින්ලාගේ ජව සම්පන්න දේශපාලන යුගයත් තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත් අවසන් ගමන් යන සමසමාජ යුගයත් අතර සිටි නායකයායි. ප්‍රේමදාස යුගයේ රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව නිර්භයව පෙනී සිටියේ එතුමායි. අධිකරණ කාර්යයෙන් පමණක් සෑහීමකට පත් නොවී රිචඩ් සොයිසා ඝාතනය දේශපාලන බිමට ෙගන ආවේ ඔහුයි. ඔහු තම නියම නමින් (ආර්.බී. හෝ රම්බණ්ඩා ) පුරාණෝක්ති හා ඒවා සම්බන්ධ මානව විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක් පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළකොට තියෙනවා. ඉන් එක් පොතක් එතුමාගේ අත්සන යොදා මට ලැබුණා. බැටී සහෝදරයා කවමදාවත් තම දේශපාලනයේ වාසිය සඳහා තම අනෙක් හැකියාවන් උපයෝගී නොකර ගත් විශිෂ්ටයෙක්. මාතලේ තිබ්බොටුවාව වළව්වේ පවුල් සාමාජිකයෙකු වන බැටී ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. අනෙක් මහනායක හාමුදුරැවරුන්ට සාපේක්ෂව සාධාරණව හිතන පතන මල්වත්තේ වත්මන් මහනායක හාමුදුරුවෝ බැටී සහෝදරයාගේ ඇවැස්ස මස්සිනා. මා දන්නා තරමින් බැටී සහෝ දරයා දේශපාලනයෙන් සමුගත්තේ අසනීප නිසා නොව වත්මන් සමසමාජ පක්ෂය පිළිබඳ කලකිරීම නිසා බවයි සමහරු පවසන්නේ. මා අවසන් වරට බැටී සහෝදරයා මුණගැසුනේ මවිසින් ප්‍රකාශයට පත්කළ ඇන් .ඇම් ගේ "1978 ව්‍යවස්තාව පිලිබඳ විවේචනාත්මක විහ්ලේෂණයක් " කෘතිය දොරට වැඩි දා මහවැලි කේන්ද්‍රයේදීයි. එ 1996 දී පමණ. ඊට පෙර දිනයක මගේ යෝජනාවක් පරිදි අපේ විද්‍යාලයේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ) කලා උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ගෙන් වූවා. ඇත්තටම ඔහු එදා ඒ සඳහා ගෙන්වූයේ එවක ඔහු ආණ්ඩුවේ ඇතිවරයෙකු වූ නිසා නොව මිතොලොජි පිලිබඳ ඔහුගේ මැදිහත්වීමට ගරුකිරීමක් ලෙසයි.
Thursday, 11 July 2019
කොටළුවෙකු මතින් නේරංජාව තරණයට තැත් කිරීම.....
සජිත්
ප්රේමදාස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වීමේ වැඩි ඉඩකඩක් පෙනෙන්නට තිබේ; බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කුමකින් කුමක් වේ දැයි අමුතුවෙන් කිව යුතු නැත. තමාගේ දැනුමේ තරමට සුබසාධන වැඩපිළිවෙළවල් මගින් රටක් පාලනය කිරීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය හැකිය එහෙත් එය යම් තරමකටවත් සිය පියාගේ යුගයට ගැලපුනාට අද එවැනි දෑ විහිළුවක් වී හමාරය . භූමියේ හිඟකම පිළිබඳ සරල වැටහීමක්වත් නැති ඔහු තාත්තාගේ අවැදගත් අනුකරණයක් වන දිළිදුකම පිටතට නිරූපණය කරන ගම්උදා ඔහුගේ දර්ශනයේ දුගීකම මනාව පෙන්වා දෙයි. ඒ ගම්උදාවලින් එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් නම් කර ඇත. සජිත් චිත්රපට සංස්ථාව භාර ඇමතිවරයා ද වේ. ලෙස්ටර්ගේ සදාතනික සිහිනය වූයේ චිත්රපටි සංරක්ෂණාගාරයක් පිහිටුවීමයි. ඒ වැදගත් දෙය ගැන වගේ වගක් නැති සජිත් ලෙස්ටර් නමින් උදාගමක් පිහිටුවයි.
සංගක්කාර වෙනුවෙන් මුල්ගල් ත තැබූ 'ලෝක පූජිත සංගක්කාර ගම' සජිත් සතු ව්යවහාර බුද්ධියේ තරම තේරුම් ගන්නට ප්රමාණවත්ය.
ප්රේමදාස මියගිය විට සංස්කෘතික සාරධර්ම පසෙකලා මිනිසුන් මහමගට බැස කිරිබත් කෑවේ නිකම්ම නොවේ. - අමතක නොකල යුතු කරුණ නම් ඒ කිරිබත් කන මොහොතේ, එ නම් ප්රේමදාස මිය ගිය මොහොතේ මහජන විශ්වාසය වූයේ ඝාතකයන් එල්.ටී.ටී.ඊ.ය බවයි. මහ ප්රේමදාසගේ පාලන සමයේ අප්රමාණ පීඩනය පමණක් නොව අප්රමාණ විකාරද දරාගත නොහැකි වූ නිසායමහජනයා එසේ ප්රීති වූයේ. ප්රේමදාසගේ අනුප්රාප්තිකයා වූ විජේතුංග ජනාධිපති විසින් විසුරුවා හරින ලද කුප්රකට ලෝරන්ස් මාෆියාව, එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයට ඇතුළු කරන ලද සොත්ති උපාලි වැනි වැනි
සරල උදාහරණ කියාපාන්නේ ප්රේමදාස පාලන ව්යුහයේ යථා ස්වරූපයයි.
සජිත්
ගේ සටන් පාඨය 'යළිත්
ප්රේමදාස පාලනයක්" යන්නයි. මංගල සමරවීර දේශපාලන චරිතයක් වන්නේ ප්රේමදාස පාලන සමයේ එහි දරාගත නොහැකි පීඩනයට
එරෙහිව දිවි නොතකා මැදිහත්වීම මගිනි. ඒත්
මංගල අද නූතන ලාංකීය සමාජයේ ප්රජාතාන්ත්රික ජයග්රහණ සමග අභීතව සිට ගන්නා අතරම ඒවා ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැති සජිත් වෙනුවෙන් ද නැගී සිටි. 2005 දී ද ඔහු ඒ කාර්යය කළේය. එහි අනිටු ප්රතිඵල ඔහුත් රටත් ඕනෑතරම් වි්ඳ ඇත. ප්රජාතාන්ත්රික ගුණධර්ම රැකගනිමින් ද, ලෝකයේ යහපත් ප්රවණතා මැනවින් උකහා ගනිමින්ද, රට මෙහෙයවීමට මහා මිනිසුන් අවශ්‍ය යුගයක සජිත් වැන්නෙකුට එය කළ හැකිද? එවැනි
නූතන දැක්මක් නැති නායකයන් විසින් රට පිරිහෙලා ඇති අගාධයන් හොඳින්ම දන්නා මංගල සමරවීර සජිත්ට මෙසේ අත දීම වටහා ගන්නේ කෙසේද?
Monday, 27 May 2019
හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල
හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල
දිය කළ ළමාවිය හා මිනි කැට වන් මතක
ඉසිකෝ මද මාන වැනසූ මෙපින් බිම
සදා වාසනාවන් මැරෙනා තුරාවට.
Sunday, 5 May 2019
සිහිනයකි රෑ- පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමි
https://www.youtube.com/watch?v=j1YauSuOeuM
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමියන් සහභාගි වූ 'සිහිනයකි රෑ" වැඩ සටහන නරඹා හමාරවූ සැනින් මෙම සටහන තබමි. බෙෳද්ධ භික්ෂුව කෙරේ කෙමෙන් පිරිහෙමින් යන මතුල වන ගෙෳරවය යළි නගා සිටුවන ලද උතුමෙතු ලෙස උන්වහන්සේ හඳුනා ගතිමි. බුද්ධ වචනය, බුදු කරුණාවේ මහිමය අපි වැඩිපුර හඳුනා ගන්නේ සාහිත්‍යය ඔස්සේය. එහෙත් එකී මහිමයන් බුද්ධ පුත්‍රයෙකුගේ වදන් ඔස්සේ ඇසීමට ලැබීම පිනක් යයි සිතමි. තමන් කියන දේ පිළිබඳව උන් වහන්සේ අවංකව පෙනී සිටින බව මැනවින් පසක් වූයේ අවසාන ගීතය ලෙස උන් වහන්සේ තේරූ'උතුර නැගෙනහිර" ගීතය ගැන විස්තර කරන විට ධම්මානන්ද හිමියන්ගේ දෙනෙතට නැගුණු කඳුළු දුටුවිටය. උන් වහන්සේගේ ඥාන ප්‍රභාව හා කරුණා ප්‍රභාව පිටුපස බුදුන් වහන්සේ හා වල්පොල රාහුල හිමියන්ද සිටින බව මේ දෙපැයේදී මට පසකු් විය. ඔබටත් ඒ සිහිනයකි රෑ වැඩසටහන නරඹන ලෙසට ආරාධනා කරමි. මහේෂ් නිශ්ශංකගේ පරිනත ලෙස මෙහෙයවූ වැඩ සටහනක් ලෙසද සඳහන් කරමි.

Sunday, 21 April 2019
ඒ පාස්කු ඉරිදාය .
ඒ පාස්කු ඉරිදාය . එය කිතුනුවන් ගේ දිනයයි. ලොව පුරා කිතුනුවන් ගේ ජේසු උපත ට පමණක් දෙවැනි වන සතුටු සහගත දිනයයි. සියලු පව්කාර මිනිසුන්ගේ පවට කර ගසා දුක්ඛිත දුක්බර මරණයකට ගොදුරුව දේව දරුවාණෝ යළි උත්ථානය ලැබූ දිනයයි.
ශිෂ්ට බව නොහඳුනන ම්ලේච්ඡයන් රැසකගේ සාමූහික කෲරත්වය විසින් ඒ අහිංසක සතුට විනාශ කර දමා ඇත. අප කිතුනුවන් නොවුනත්, බෞද්ධයන් වුණත්, නිරාගමිකයන් වුණත් ඔවුන් විඳිය යුතුව තිබු සතුට වෙනුවෙනුත්, ඒ සතුට විඳීමේ අයිතිය අහිමි කිරීමෙන් ලද වේදනාව වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය.
පල්ලියේ දෙවියන් සිටියා ද නැද්ද යන්න මේ මොහොතේ ප්‍රශ්න කිරීමම අමූලික අශීලාචාර විමසීමකි. භක්තිය හා ශ්‍රද්ධාව ආගමිකයන්ගේ ජීවන කලාපයට අයත් සාපේක්ෂ තේරුම් ගැනීමකි. නිරාගමික බව ද සර්වතෝභද්‍ර බවක ප්‍රතිඵලයක් නොවේ. එය ද සාපේක්ෂ වටහා ගැනීමකි.
ආගමික බවට ද නිරාගමික බවටද බලපාන සමාජ ආර්ථික හේතු තිබේ. බටහිර දී නම් නිරාගමික බව හුදු අවබෝධයකට වඩා ජීවත් වෙන පරිසරය විසින්ම ලැබෙන නිරායාස දෙයකි. දියුණු ධනේශ්වර රටවල නම් නිරාගමික බව ලැබෙන්නේ ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
නෙස්ට්‍රඩෑම් පල්ලිය ගිනි ගැනීමත් ,ලංකාවේ කොච්චිකඩේ පල්ලියේ මහා මනුෂ්‍ය ඝාතනයත් වෙනුවෙන් මා වැළපෙන්නේ ඒ ඛේදවාචකයන් නිසා වඩාත් වැලපෙන කිතුනුවාගේ වේදනාව මවිසින් ද අත්පත් කරගනිමිනි. බාමියන් බුදු පිළිම තලේබාන් ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විට බෞද්ධයකු වූ මගේ හදවත වැළපුණේ යම්සේද ඊට සමානවම මෙකී විපත් අරභයාත් වැලපෙමි.
නෙස්ට්‍රඩෑම් පල්ලියේ සහශ්‍රී ලංකාවේ විනාශයෙන් පසු මා දුටු අශීලාචාරම හැසිරිම තිබුණේ නිරාගමිකයන්ටය. ඒ මේ ඛේදවාචක සිදුවෙද්දී දෙවියන් සිටියේ කොහේද යන්න විමසීමයි. ඔවුන් කළේ හඬන හදවත්වලට උල් පිහි වලින් ඇනීමකි.
ඔබේ නිරාගමික බව ඔබේ වටිනාකම් පද්ධතිය තුළ සුරැකේවා .
අනෙකාගේ ආගමික බව ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වේවා.

මේ ඒ ඛේදවාචකයට ගොදුරුවූ කොච්චිකඩේ දේවස්ථානය පසුබිමේ......
”ආ..... ඔයා.... මෙතන.... පොඞ්ඩක් ඉන්න මගෙ පපුව ගැහෙන වේගෙ... පොඞ්ඩක් අල්ලල බලන්න.’ ඔහු පපුව ඉස්සරහට කළා.
මං ඔහුගෙ පපුවට අත තිබ්බේ නෑ. හිනාවුනා විතරයි. කමිසයේ ඇරපු බොත්තම ආපහු දා ගත්තා. කොටුවේ ඉඳං පයින් ම ඇවිල්ල ඔහුගේ පපුවේ පදාසයක් ම දාඩියෙන් තෙමිලා.
‘බස්සෙකෙක එන්න තිබුණනේ’
‘හ්ම්’
.ඇයි නාවෙ’
‘අපරාද සල්ලිනෙ....’
‘සල්ලි අතේ තියෙනවා ද ’
‘ඔව්’ හීන්දෑරී ඔහුගේ මුහුණේ පැහැබර උද්‍යෝගය ටිකක් අඩුවුණ බව මට පෙනුණා. තොල් අතර දිදුලපු පුංචි හිනාව ඒ හිනාවත් එහෙම තියෙද්දිම ස්ථිතික වුණා.
ඉටිපන්දම් දෙකක් අරගත්ත මං සල්ලි ගෙවන්නත් ඉස්සර ඔහු ඉස්සර වුණා. ඒත් ඔහුටත් ඕනෑ වුනා සල්ලි ගෙවන්න. පර්ස් එක කලිසමේ පිටුපස්සෙ සාක්කුවෙ තිබුණත් ඔහු සල්ලි ගත්තේ ඉස්සරහ සාක්කුවක තිබිලා. ඒකෙන් කියවෙන කතාව මං දැනං හිටිය. කඳුළු බිංදු එළියට පනින තරම් වේගයකින් මගෙ පපුව හෝස් ගාලා පත්තු වුණා. ඒත් කඳුළු එළියට පනින්න ඉඩ දුන්නෙ නෑ. මං සල්ලි ගෙව්වට පස්සෙ ඔහු තවත් ඉටි පන්දම් දෙකක් ගත්ත. ඉටිපන්දම්කාරයා පුදුමෙන් වගේ බලං ඉඳලා ඔහුගේ සල්ලි ගත්තෙ. ගත්ත ඉටිපන්දම් දෙක මට දීලා මං ගත්ත ඉටිපන්දම් ඔහු ගත්ත.
”යං”
මං ඉස්සර වුණා. ඔහු මා පස්සෙන් මාව අනුව ආවා.
”ඔයත් එක්ක එකට යනකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා.”
ඔහු වරක් දෙකක් කොහේදිද මට කියලා තිබුණා. විටින් විට ඒවට හේතුත් කියලා තිබුණා.
සිය ගානක් ඉටිපන්දම්වලට තව හතරක් එකතු වුණා. කලිං දැල්වෙච්ච ඉටිපන්දම් තිරවලින්ම මේ ඉටිපන්දමුත් පත්තු කර ගත්තා. පල්ලියෙන් එපිට ගිනි මද්දහනෙ දැවෙන කාෂ්ටකේට වැඩියි ඉටිපන්දම් රස්නෙ. ඉටිපන්දම් ගිනි මැලයට ඉහළින් අන්තෝනි මෑණියෝ අපෙ දිහා බලාන ඉන්නවා. අපිත් උන්නාන්සෙ දිහා බලාගෙන හිටියා.
‘මොනවද ඉල්ලූවෙ’ .......... ඔහු අහනවා.
‘මොකුත් නෑ......’
‘ඇයි.....’
‘මොනව ඉල්ලන්න ද? ’
‘ඇයි අපි ගැන’
‘ඉතිං මේ අපි ඉන්නෙ.... ඒ මදි ද? මං ටිකක් හයියෙන් හිනාවුණා. ආයෙත් ඔහුගෙ මූන සුදුමැලි වුනා.
‘මට මේක සෙල්ලමක් නොවේ.’ ඔහු කියනවා.
‘මටත් සෙල්ලමක් නෙවේ. ඒත් මම අපි මේ කරන වැඬේට නමක් හොයනවා....’
‘ඒකට ආදරේ කියන්න මං පුංචි ද? මං මදි ද?’ ඔහු අහනවා.
වචනයක් පිට නොකර මං ඔළුව හෙල්ලූවා...
‘‘ කල් - අකල් වැහිවලට තෙමුණු තුන් දෙනෙක්’’
මවිසින් රචිත ’ඊළගට තනාගත් ලෝකය’’ කෙටිකතා සංග‍්‍රහයෙන්
Saturday, 20 April 2019
නිමල් ඒකනායක
බිතුසිතුවමක් වැනි මිතුරෙක්
ද නිමල් ඒකනායකගේ උපන්දිනය අපේ හිතවත්කම් එදා 1976 තරම් ඈත කාලයකට ඇදිලා යනවා. පොල් වික්කා (ජනාදිපති නීතිඥ විජය වික්‍රමරත්න)ගේ කාමරයේ පැවැති සමසමාජ ලෝකලයට පැමිණි කුණ්ඩසාල තරුණ පිරිස් අතර ඔහු මට මුලින්ම හමුවුණේ. උදය සේනානායක මහේන්ද්‍ර කරපුටුගල piyasiri අබේකෝන් නියංගොඩ ඒ අතර සිටියා මතකයි. එදත් නිමල් ලස්සණට ඇන්ද ප්‍රිය මනාප කෙනෙක්. උදය සේනානායක කුණ්ඩසාල ආසනයට වාමාංශික එක්සත් පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලල පරාද වුණා. කරපුටුගල සමසමාජයෙන් කොමියුනිස්ට් පක්ෂයට ගිහින් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක් වුණා. නිමල් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා සැලසිනේ සභාපති, රූපවාහිනී සංස්ථාවෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදි තනතුරු හෙබවූවා.
අසූ ගණන්වල මම කොළඹ එනකොට මට හිටිය ලොකුම මිත්‍රයා නිමල් . මං හිතන්නේ එදා මෙදා මේ දීර්ඝ කාලය තුළ කිසිදු හිත් රිදවීමකින් තොරව ඒ මිත්‍රත්වය පැවතුණා. එදා සිට ජීවිතයේ බොහෝ වටිනාදේවල් සඳහා මා යොමු කළා.
නිමල් කවදාවත් තවත් කෙනෙකු අභියෝගයක් කියල හිතපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම ඔහුගේ මිතුරු ජාලයේ සිටි බලවත් මිත්‍රයන් මට හඳුන්වා දුන්නා. මෑත කාලිනව එසේ මට හඳුන්වා දුන් මිත්‍රයෙකු වන්නේ සරසවි අධිපති එච්.ඩී.ප්‍රේමසිරි මහත්තයා.
නිමල්ගේ කුඩා සිරුරේ තිබෙන හදවත විශාල එකක්. මිත්‍රත්වය හා සහකම්පනය නොඅඩුව එහි තිබෙනවා. ඔහු වටා ඉතා හොඳ ඉතා ප්‍රබල මිතුරන් රාශියක් සිටිනවා.ඒ ඔහු යහපත් නිර්මාණශීලී මිතුරෙකු නිසා විය හැකියි.
මගේ ඉහළ වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ නිමල්ගේ උපකාරයෙන්. ඇත්ත වශයෙන්ම මම අද වුව විඳින සමාජභාවය පිටුපස නිමල්ගේ උදව් උපකාර තිබෙනවා.
නිමල් මාව ජනාධිපති චන්ද්‍රිකාට පවා හඳුන්වා දුන්නා. මා හෙබවූ තනතුරු බොහොමයකට මා යොමුකළේ නිමල්. එමෙන්ම මගේ කලාත්මක ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා අතිමහත් අතදීමක් කළා.
සිය ජීවිතය අර්ථවත් සතුටකින් තබා ගැනීම උදෙසා ඔහු යම් ආයෝජනයක් කරනවා.ඒක අප ඔහුගෙන් හැදෑරිය යුතු ඔහුටම ආවේණික දැනුමක්.
මිත්‍රත්වය අවංක ලෙස පුළුල් වපසරියක වැපිරූ පුද්ගලයන් දෙදෙනෙකු මා ඇසුරු කළා. එක්කෙනෙක් සෝමපාල හේවා කපුගේ. අනෙකා නිමල් ඒකනායක.
ඔහුගේ මිත්‍රත්වයේ නොවෙනස් බව තවමත් නොනැසී තිබේදැයි දැනගැනීමටදෝ සතියකට දෙකකට වරක් වත් මා නිමල් අමතනවා.
ඒ හඬ තාමත් මිත්‍රශීලියි අවංකයි.
සුභ උපන් දිනයක් මිත්‍රයා..සහෝදරයා...නෑදෑයා...
Subscribe to:
Posts (Atom)