Sunday 5 May 2019

සිහිනයකි රෑ- පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමි

https://www.youtube.com/watch?v=j1YauSuOeuM


පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමියන් සහභාගි වූ  'සිහිනයකි රෑ" වැඩ සටහන නරඹා හමාරවූ සැනින් මෙම සටහන තබමි. බෙෳද්ධ භික්ෂුව කෙරේ කෙමෙන් පිරිහෙමින් යන මතුල වන ගෙෳරවය යළි නගා සිටුවන ලද උතුමෙතු ලෙස උන්වහන්සේ හඳුනා ගතිමි. බුද්ධ වචනය, බුදු කරුණාවේ මහිමය අපි වැඩිපුර හඳුනා ගන්නේ සාහිත්‍යය ඔස්සේය. එහෙත් එකී මහිමයන් බුද්ධ පුත්‍රයෙකුගේ වදන් ඔස්සේ  ඇසීමට ලැබීම පිනක් යයි සිතමි. තමන් කියන දේ පිළිබඳව උන් වහන්සේ අවංකව පෙනී සිටින බව මැනවින් පසක් වූයේ අවසාන ගීතය ලෙස උන් වහන්සේ තේරූ'උතුර නැගෙනහිර" ගීතය ගැන විස්තර කරන විට ධම්මානන්ද හිමියන්ගේ දෙනෙතට නැගුණු කඳුළු දුටුවිටය. උන් වහන්සේගේ ඥාන ප්‍රභාව හා කරුණා ප්‍රභාව පිටුපස බුදුන් වහන්සේ හා වල්පොල රාහුල හිමියන්ද සිටින බව  මේ දෙපැයේදී මට පසකු් විය. ඔබටත් ඒ සිහිනයකි රෑ වැඩසටහන නරඹන ලෙසට ආරාධනා කරමි. මහේෂ් නිශ්ශංකගේ පරිනත ලෙස මෙහෙයවූ වැඩ සටහනක් ලෙසද සඳහන් කරමි.

2 comments:

  1. ඊයෙ බලන්නනම් බැරිවුණා.ස්තූතියි ඔබේ දැනුවත්කිරීමට
    .............................................................
    අපේ අලුත් සින්ඩියත් එක්ක එකතු වෙන්න
    https://sithuvilifmsindiya.blogspot.com

    ReplyDelete
  2. මමත් බැලුවා! ඇත්තෙන්ම හොඳයි!

    ReplyDelete