Friday 30 August 2019

බැටී වීරකෝන් මතකය.


(මේ සටහන මට ලියන්න හිතුනේ අප හිතවත් කුමාරදාස ගිරිබාව සහේදරයා ඉදිරිපත් කළ පිංතුරය හා බැටී පිළිබඳව ලියා තැබු සටහන නිසයි.)බැටී සහෝදරයා ඇන්.ඇම්.,කොල්වින්ලාගේ ජව සම්පන්න දේශපාලන යුගයත් තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත්  අවසන් ගමන් යන සමසමාජ යුගයත් අතර සිටි නායකයායි. ප්‍රේමදාස යුගයේ රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව නිර්භයව පෙනී සිටියේ එතුමායි. අධිකරණ කාර්යයෙන් පමණක් සෑහීමකට පත් නොවී රිචඩ් සොයිසා ඝාතනය  දේශපාලන බිමට ෙගන ආවේ ඔහුයි.  ඔහු තම නියම නමින් (ආර්.බී. හෝ රම්බණ්ඩා )  පුරාණෝක්ති හා ඒවා සම්බන්ධ මානව විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක් පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළකොට තියෙනවා. ඉන් එක් පොතක්  එතුමාගේ අත්සන යොදා මට ලැබුණා. බැටී සහෝදරයා කවමදාවත් තම දේශපාලනයේ  වාසිය සඳහා තම අනෙක් හැකියාවන් උපයෝගී නොකර ගත් විශිෂ්ටයෙක්. මාතලේ තිබ්බොටුවාව වළව්වේ පවුල් සාමාජිකයෙකු වන බැටී ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. අනෙක් මහනායක හාමුදුරැවරුන්ට සාපේක්ෂව සාධාරණව හිතන පතන මල්වත්තේ වත්මන් මහනායක හාමුදුරුවෝ බැටී සහෝදරයාගේ ඇවැස්ස මස්සිනා. මා දන්නා තරමින් බැටී සහෝ දරයා දේශපාලනයෙන් සමුගත්තේ අසනීප නිසා නොව වත්මන් සමසමාජ පක්ෂය පිළිබඳ කලකිරීම නිසා බවයි සමහරු පවසන්නේ. මා අවසන් වරට බැටී සහෝදරයා මුණගැසුනේ මවිසින් ප්‍රකාශයට පත්කළ ඇන් .ඇම් ගේ "1978 ව්‍යවස්තාව පිලිබඳ විවේචනාත්මක විහ්ලේෂණයක් " කෘතිය දොරට වැඩි දා මහවැලි කේන්ද්‍රයේදීයි. එ 1996 දී පමණ. ඊට පෙර දිනයක මගේ යෝජනාවක් පරිදි අපේ විද්‍යාලයේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ) කලා උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ගෙන් වූවා. ඇත්තටම ඔහු එදා ඒ සඳහා ගෙන්වූයේ එවක ඔහු ආණ්ඩුවේ ඇතිවරයෙකු වූ නිසා නොව මිතොලොජි පිලිබඳ ඔහුගේ මැදිහත්වීමට ගරුකිරීමක් ලෙසයි.

1 comment:

  1. // පුරාණෝක්ති හා ඒවා සම්බන්ධ මානව විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක්
    නොදැන සිටි කරුණක්.තුති.ටිකක් හෙව්වා
    Sri Lanka's Mythology--Mythology & the early Asian state--
    Kusumasana Devi as Dona Catherina, Empress of Tri Sihala
    මේ සියල්ල මෙතුමා R. Weerakoon නමින් පල කරපුවා.

    ReplyDelete