දහම මියගිහින්
ප්‍රජාතන්ත්‍රවාදයත් එහෙමයි.
මිනිසත් කමේ අහු කොන් ටිකක් විතරක්
සැරිසරනවා තැන් තැන්වල
නැවත උපතක් සොයමින්...
හෙට කියන දිනය
අද දවසේ පරාවර්තනයක් නොවේවා..
හෙට කියන දවස
අද දවසේ ප්‍රති පක්ෂයම වේවා!
බවුන් වඩන්නට පාමුලක් නොවන තාක් කල්
බෝ ගසක් මිස බෝ මැඩක් නොවේ ඒ ගස.
අටලෝ දහම නොදන්නා
කරුණා ගුණය ඖෂධයක් සේ නොගන්නා
වෙද දුරෙක් සිටිය හැකිද?
යකදුරෙක් වෙදදුරෙක් වූ ලෝකයක
දහම මිය යනවාමයි..
ඉනික්බිති හැම යහපත් දේම
රෝගී වෙනවාමයි.
No comments:
Post a Comment