ඔහු පිය මනින ශබ්දය ඇසෙන තුරු මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටියෙමි. සිව් දශකයක් ගෙවී ගොසිනුත් ඒ පියවර තබන හඬ මට දැන් වාගේ මතකය. ඇතැම් විට ඒ මතකය මගේ මරණ මංචකය තෙක් ම ඇතැම් විට ඉන් එහාටත්........? ඒ පියවර මනින පුද්ගලයා රැගෙන එන්නේ මා සොයන ජීවිතය බව මම දැන සිටියෙමි. දොරකඩට පැමිණ ඔහුගේ වසඟකාරී සිනාව ලෝබකමින් යුතුව මුදා හරින විට මං තැවුල් ගත්තෙමි. ඒ සිනාව තුළ තිබුනේ අනුකම්පාව කෙළෙහිගුණ වැනි මනුස්ස ගුණ මිස ප්‍රේමය නොවේ යයි මට සිතේ. ඔහු මා ළඟින් වාඩිවී ඔහු ඉස්සර වෙන තුරු මම බලා සිටියෙමි. එතෙක් මගේ හද බිතෙහි පටල පිලිස්සුම් සුවඳ මට දැනී මම බියපත් වී මි. එහෙත් ඔහු ඉස්සර වූයේ නැත.
මම ආදරයෙන් මුසපත් වි ඇති බවත් එයම මා මරණය කරා ඉක්මනින් ගෙන යනු ඇති බවත් පැවසීමි. එවිට ඔහු තැති නොගත්තේ ය. පෙර පරිදිම සිය ආත්ම ධනයක් වු වසඟකාරී සිනාවෙන් බිඳක් පෑවේය. ඔහු වෙතින් හමා ආ දේශීය සබන් සුවඳක් ඔහුගේ ආත්මීය සුවඳ ලෙස අනන්‍ය වී මා මුසපත් කළේය.
මා මෙන්ම බොහෝ දෙනා මේ මිනිසාට වසඟ වෙන බව මම දැන සිටියෙමි. එවිට ඇති වූ ඔහු කෙරේ ඇති වන ලෝබකම මට දරා ගත නොහැකි තරම් ය. ඔහු කෙරේ වන මගේ උමතුව වටහා නොගන්නා කුරිරුකම මේ මලක් වන් සිතක් ඇති සාරධාර්මික මිනිසා පවත්වාගෙන යන්නේ කෙසේද?
මගේ ගර්වය පසෙකලා මම ඔහුගේ දකුනු අත ගෙන මගේ හදවත ඇති පැත්තේ තබා ගත්තේ ඔහුට මගේ හද රිදුම් හඬ ඇසෙන්නට සැලැස්විය යුතුය යන එවේලේ පැන නැඟුනු අනියත හැඟීම නිසාය.
ඒ අත ගොරෝසුය. එහෙත් ඔහු සියුමැලිය. ඔහුගේ උපන් උරුමයක් වූ රන්වන් පැහැය අව්වේ වැඩ කිරීමෙන් දීප්තිය අඩුවී ඇත. මහපොළොව සමග පොර බදන මොහු කාරණා තේරුම් ගන්නා විලාසය අරුමැසිය දනවයි.
-නොකී කතාවක්
I was very tired until I heard the sound of his footsteps. Four decades later, I still remember the sound of those steps. Maybe that memory lasts until my deathbed, maybe even beyond that ........? I knew that the person measuring that step would bring the life I was looking for. I sighed as he came to the door and greedily released his seductive smile. I think that smile was a human quality like compassion, not love. He sat next to me and I waited for him to get ahead. Until then, I could feel the burning smell of the film on my heart wall and I was scared. But he was not before.
I told him that I was in love and that it would soon lead me to death. Then he did not panic. As before, he smirked at his self-possessed smirk. The scent of local soap wafted from him, identifying as his subjective scent, engulfed me.
I knew that many like me were addicted to this man. The lust for him that ensued was too much for me to bear. How can this flower-like-minded moral man maintain the cruelty of not understanding my madness towards him?
Aside from my pride I took his right hand and held it to the side of my heart because of the erratic feeling that arose at the time that I should make him hear my heartbreaking voice.
That hand is rough. But he is subtle. His birthright, the golden hue, has diminished in brightness from working in the sun. The way he wrestles with the earth and understands things is amazing.
-Noki story
No comments:
Post a Comment