ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ආදිවාසී පුරාණා්ක්තිවල බන්ජිල්,(Bunjil) නිර්මාණක දෙවියා සහ සංස්කෘතික වීරයාය. බොහෝ විට ඔහු දිගු වලිගයක් සහිත රාජාලියෙකු ලෙස නිරූපණය කෙරේ. ලෝකය නිර්මාණය කළ සහ ජීව පැවැත්ම ගෙන ආ, මැවීමේ සහ ආරක්ෂාවේ බලය මූර්තිමත් කළ ආත්මය ලෙස බන්ජිල් ගෞරවයට පාත්‍ර වේ. ආදිවාසී සංස්කෘතියේ නිර්මාතෘ සහ ආරක්ෂකයා ලෙස මොහු හැඳින්වේ. ශක්තිය, අධිකාරිය, ප්‍රඥාව සහ සදාචාරාත්මක මග පෙන්වීම සංකේතවත් කරන බලවත් කුරුල්ලෙකි. ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවගේ Dreamtime කතාවල කැපී පෙනෙන චරිතයකි.
Bunjil Place යනු City of Casey අනුග්‍රහයෙන් පවත්වාගෙන යන කලා හා සංස්කෘතික නිකේතනයකි. අගනා පුස්තකාලයක්, රංගශාලාවක්, ප්‍රදර්ශන ශාලාවකින් සමන්විතය.
පසුගිය සති තුනේ මා ඔස්ට්‍රෙලියාවේ ගතකළ කාලයේ එහි පුස්තකාලයෙන් අපමණ ප්‍රයෝජන ලැබීමි.
Bunjil රාජාලියාගේ හැඩයට තනා ඇති මෙම අගනා කලා මධ්‍යස්ථානය මා දුටු අපූරුතම ගෘහනිර්මාණ ශිල්පී හාස්කමකි.
Photo credit : Naln Kulasekara/ Dunya Ranasinghe
+++
ReplyDeleteඅපේ රටෙත් ප්‍රාදේශියව මෙවන් සංස්කෘතික මධ්‍යස්ථාන බිහිවෙනවනම් රටේ ඉදිරිගමනට රුකුලක් වෙනවා.
ReplyDelete