චූලා විසින් ඊයේ ප්‍රේමානිශංස අරබයා ලියන ලද පහත කවිය දැක උපදවා ගත් පහන් සංවේගයෙන් යුතුව මෙය ලියූවෙමි.
''රාත්‍රිය සුන්දරය මනරම්ය සිහිලැල්ය
සඳ එළිය ගලා එයි ඔබේ සෙනෙහස විලස
ප්‍රේමයෙන් හද පිරී කල්පනා සුමිහිරිය
ජීවිතය දිගුම දිගු මියුරු කවියක් වැනිය..❤''
-----------------------------------------------------------------
සරමි මම වන අරණ
තරණය කරමි වනවදුල.
කටු ලැහැබ පියමං කරන සඳ
පටැලවුනි විස කටු
රිදුම් දෙයි ම'සියොළඟම
මහමුහුද මායිමේ යම් තැනෙක සිට
කඳු සිඛර ඉස්මත්ත දක්වා
නෑසියන් වැවූ වනවදුල
ගොර සපුන් සැරිසරණ වනවදුල
උඩුගුවන සිසාරා පියාඹන
වර්ණවත් කිරිල්ලක විලස
සිය බුහුටි තුඩගින් වගුරන
ගීතගෝවින්දයේ, භගවද්ගීතාවේ
ගී මකරන්ද,
ඒවායේ ආත්මයෙන් උකහාගෙන
රන් තැඹිලි තෙල් පිරවූ,
මල්කම් ලියකම් ඇඳි රිදී පහනක්
දෝතින් ගෙන,
සිසාරා විත් වන අරණ
සොයාගති 'කෝවලන්' නම් මම
පත්තිනි නම් එලඳ විසින්.
-ප්‍රේමානිශංසයේ, සයුරු විලමුලගේ
❤+++++++
ReplyDelete