කැළැම්ඹුනු ජීවිත තැතිගෙන
අවිනිශ්චිතව සිටින'මුත්
රැකගත්ත රිද්මයක්
හද ගැහෙන විදිහක්, වෙනම ලස්සණක් තිබුණා.
තල් වැට කඩා දැමුවා හා හා පුරා
ඇඳ සිටි පිරුවටය කඩා දැම්මා සේ
ඒවා දෙමළකමේ ආභරණ බව දැන දැන ම
තුවක්කු කඳ දිගේ ගලා ආ
බලහත්කාරයට යට වෙමින් ම
සෙව්වා ඔවුන් ,
භගවද් ගීතාවේ, තිරුක්කුරල් ශ්ලෝක අතර
පේලි දෙකක් අතර ඇති තුන්වන පේලි
කතරගම දෙවියන්ගේ පාටට තැනූ
කතරගම දෙවොලේ දොර උළුවහුවල පාටට තැනූ
නිල් පාට දොර උළුවහු
සනාතන දෙමළකමේ,
කැටයම් පොවා හැඩ කළ
දොර පඩි මත හිඳගෙන
අම්මලා අසා සිටියා
අප්පලා ගයන ඒ දහම් සිලෝ ගී
ඈතත් ළඟත් දැල්වෙන යුද ගිනි දෙස බලමින්
අතීතයේ කඩා දැමූ තල් වැටට තිබුණා නිසැඟ ආත්මයක්
මේ දොර උළුවහු වලට ද තිබුණා
පුරාතනයේ සිට ගෙන ආ ගැඹුරු ආත්මභාවයන්
මිල නොකළ හැකි අමිල දෙමළ දොර උළුවහු
මිල කරන විට ඉහල ලංසුවකට
ඔබ ගනීවි ඒ මිල ගෙවා,
ගෙනගොස් සවි කරන්න
ඔබේ අළුතින් තැනෙන මාළිගාවේ.
ඉල්ලා ගන්න විකුණුම්කරුගෙන්
'දෙමළ රුධිරයත් " ඇති තරම්
බදාමය අනන්නට උළුවහු සවිකරන
නැත්නම් සවි නොවේවි ඒවා පියස්සට
-චන්ද්‍රරත්න බණ්ඩාර
හ්ම්...
ReplyDeleteහරිම කාලෝචිත කවියක්. දිගටම ලියන්න. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා. ඔබටත්, පවුලේ සැමටත් නිරෝගීමත් නව වසරක්.
ReplyDelete