Wednesday 27 January 2021

කැට කිරිල්ලී


 ඉර සේවය බලන්නට

කඳු මුදුනට නගිද්දී

වලි කුකුලන් හඬ ගෑ ය

''ඔවි ඒ නිවැරදිම හෝරාව" යයි කියා


තමන්ගේ අන්තිමම රැස් ටිකත්

සඳු විසින් හිරුටම බාරදෙන උත්සවයත් දුටු ඈ

ඉනික්බිති

සඳ විතැන් වී යන අයුරුත් දුටුවා ය.


සඳරැස් ටිකකුත් මුහුකරගෙන

බව්ලාන කන්ද ඔස්සේ ගලා ආ

රිදී පැහැති දිය දහර

දවසක්දා සඳ එළියේම දුටු කැට කිරිල්ලී

ඒ මගේ ලස්සණම දවසයි කීවාය කාටදෝ

සඳරැස් හිරු රැසට වසඟ වෙන

මනරම් උදෑසන බලන්නට

දිනපතා කඳු නගින ඈ

හිරුට වසඟව තමන්ද ඔත්පල වෙන වග නොදත්තී...

චන්ද්‍රරත්න බණ්ඩාර

2010

('කැට කිරිල්ලී' කාව්‍ය සංග්‍රහයෙනි)

ගොඩගේ ප්‍රකාශන 

No comments:

Post a Comment