Saturday 12 December 2015

මනු ගුණ වරුණ :මගේ විසිපස් අවුරුද්ද


 
 

              මේ අවුරුද්දට මගේ පළමු පොත ප‍්‍රකාශයට පත් වී වසර විසි පහකි. නිල වශයෙන් ISBN අංකයක්  ලැබී රාජ්‍ය ලේඛනාගාරයේ පොතක් ලියා පදිංචි කෙරුණේ එදා ය. ඒ පොත ‘කැණිමඬල ගිනි ගත් දා’යි. ප‍්‍රකාශකයා වූයේ සේනාරත්න වීරසිංහය. (ප‍්‍රභා ප‍්‍රකාශකයෝ)  මවිසින් පාසල් අවධියේ සිට ලියන ලද කෙටිකතා එකතුවක් එයට අඩංගු වී තිබුණි. එකළ අසම්මත හිතන්නන් සේ අප සිතූ පැතූ අයුරු ඒ කෙටිකතාවල ගැබ්ව ඇතැයි සිතමි.
 
        අද මුද්‍රණ තාක්ෂණය අපූරුවට දියුණු වී තිබුණත් එකල අතින් අකුරු අමුණා කෙරෙන පොත් මුද්‍රණ ක‍්‍රමයකි තිබුණේ. පිටු කිහිපයක් හෝ අකුරු ඇමිණීමට කාලයක් ගත විය.  සේනාරත්න සොහොයුරා කොටුවේ නිවාස අධිකාරියේ වැඩට එන විට වේයන්ගොඩ සිය නිවසේ සිට පිටු කිහිපයක සෝදුපත් රැුගෙන ඒ. ඒ ටික මවිසින් ගෙදර රැුගෙන ගිය සතුට මට තවමත් මතකය. සෙමෙන්, කල්පනාකාරීව, සංසුන්ව කතා බහ කරන සේනාරත්න ඇතැම් දිනක ”අද යනකොට මරදානෙන් අකුරු ටිකක් ඇරන් යන්නත් තියෙනවා” කියයි. අකුරු යනු අකුරු අමුණන ඊයම් අකුරුය. තමාගේ නිවස තුළම තනාගත් මුද්‍රණාලයේ සේනාරත්න මුද්‍රණ කර්මාන්තය ඇරඹීය.
 
      එදා ඔහු කුලූණු සිතින් මවෙත කළ උපකාරය මගේ සාහිත්‍යයික ජිවිතයට නොමඳව බලපෑවේය. අඛණ්ඩව කියවන්නෙකු හා ලියන්නෙකු වන සේනාරත්න අදටත් ඒ ධෛර්යයෙන්ම වැඩ කටයුතු කිරීම සතුටක් ගෙන ඒ. විශේෂයෙන් පොදු ජනයා තම පාඨකයන් ලෙස තෝරා ගැනීම ඔහුගේ මානුෂික සමාජ දැක්මේ දිගුවක් ලෙස මම දකිමි.
 
        කැණිමඬල ගිනිගත් දා මගේ ග‍්‍රන්ථ අතර තමා බෙහෙවින් අගය කරන කෘතිය බව ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මාධ්‍යවේදී සොහොයුරා නොබෝදා මා සමග පැවසීය. එයින් කුතුහලයට පත් මම එය කියවා බැලීමට උත්සාහ කළත් ඒ පොත මා සමීපයේ නැත. කවරයක් පමණක් ඇත. පොත විසිපස් වසරකට පසුවත් තවමත් වලංගු යයි මටත් හිතුනොත් පොතක් සොයා ගෙන ප‍්‍රකාශනය සඳහා ප‍්‍රකාශකයෙකුට බාර දෙන්නෙමි.
මේ දෙසැම්බර් අග සතියේ මගේ ‘වළාකුලූ බැම්ම’ නවකතාව පිටවන්නේ මගේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන ජීවිතයේ විසිපස්වන අවුරුද්දේය. මේ නිල සාහිත්‍ය ජීවිතයට පෙරාතුව සාහිත්‍ය ජීවිතයක්ද තිබුණි. ඒ ගැන පසුව ලියමි.

11 comments:

  1. මේ පොත මං ඉසසෙල්ලම කියෙව්වෙ ඉසකෝලෙ යද්දි , ධර්මරාජෙ පුස්තකාලෙන්. ඒ කියවද්දි මං තුළ ඇතිවුණ චමත්කාර ජනක අපූර්ව හැගීම තවමත් මට මතකයි. නමුත් මේ පොත මං ළග නෑ. ආයෙමත් මුද්‍රණය කළොත් නරකද?

    ReplyDelete
  2. i have that book.reprint it chandare.good idea

    ReplyDelete
    Replies
    1. Thank you very much. Kapila Gamage or Kapila Kalinga. My nangi said she has a copy of that.
      Thanks again

      Delete
  3. මගේ සුබ පැතුම් පිළිගන්න

    ReplyDelete
    Replies
    1. Thanks My grate friend .I will send copy of my new book.

      Delete
  4. මගේ සුබ පැතුම් පිළිගන්න

    ReplyDelete
  5. Chandare, mage athi mahath sathuta saha suba pethum piliganna. Api den duras wela hitiyath e dawaswala api denna dennata udaw karaganimin pothwala weda karagath heti mathak wenawa.E kale man garu sithin selakoo yaluwo dennek hitiya.E Sa. Ma. Ranjith Ananda saha umba. E buddhimathkama ha gaweshanathmaka bawa nisa. Ranjith mage mithura une iskole kale indala.Umba hamu une psse. E piliwelatama Ranjith issella Australia gihin duras una. Eelangata umba Canada giya. Eth ape mithrakam marila nathi weema sathutak. Digin digatama umbe poth kiyawanna bala sitinawa. Jaya!-- De.Vi.

    ReplyDelete
  6. මගේ සුබ පැතුම් පිළිගන්න

    ReplyDelete
  7. තමන් ගේ පොතක පිටපතක් තමන් ලඟ නැති වීම සමාන කළ හැක්කේ කුමකටද කියා මට නම් සිතා ගන්න බැහැ!

    ReplyDelete