පසුගිය දිනෙක ජනාධිපතිතුමා අගමැතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැක බලා ගැනීම සඳහා ‘සුහද කොකා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේය. එවන් සාතිශය වැදගත් අවස්ථාවක් උදෙසා එවැනි චිත‍්‍රපටයක් තෝරා ගැනීමත් අප පසු කරන දේශපාලන මොහොතේ හැඩ රුව වටහා ගැනීමට ලැබුණු අගනා අවස්ථාවකි. ‘සුහද කොකා’ චිත‍්‍රපටය නිෂ්පාදකයන්ගේ අරමුණු සාක්ෂාත් කරගත් සරල විනෝදාස්වාද චිත‍්‍රපටයකි. එහි විකටයන් වන්නේ වර්තමාන දේශපාලන නියෝජනයේ චරිත හා ඒ වටා සිටින හෙංචයියන් කැලකි. චිත‍්‍රපටය නැරඹූ බොහෝ දෙනාද එකී ප‍්‍රධාන හා උප ප‍්‍රධාන චරිත නිරූපණයන්ගේ සැබෑ භූමිකා රඟන්නෝ වෙති. ටක්කෙටම කිව හැක්කේ මේ සහභාගි වූ ප‍්‍රභූ සමූහයා කිසිදු කම්පනයක් නොමැතිව චිත‍්‍රපටයේ තිබුණු විහිළුවලට සිනාසුනු බවයි. චිත‍්‍රපටයේ මතුපිටින් හෝ දැක්වෙන සැබෑ තත්වයට කම්පිත චිය හැකි සමාජ හෘද සාක්සිය අපගේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් අහිමි කරගෙන බොහෝ කල්ය. අනෙක් අතට ‘සුහද කොකා’ චිත‍්‍රපටයට ඊට එහා ගිය බරපතළ කම්පනයක් ඇති කිරීමට තරම් සමත් සිනමා භාවිතාවක් ඇත්තේ ද නැත.
ජනවාරි 8 වන දා සිදු වූ සමාජ පෙරළිය ඇසුරෙන් බලයට පත් වූ වර්තමාන ආණ්ඩුව බැ?රුම් එකක් වෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු විය. ඒ සඳහා වූ ජනරැුල්ල සැදුම් ලද්දේ එක්තරා ආකාරයකට සරල විලම්බීත හා මාරාන්තිකව ගෙවී ගිය දේශපාලන අත්තනෝමතිකත්වයක් පිළිබඳ විරෝධයකින් අවුලූවා ගත් හෘද සාක්ෂියක් සහිත මිනිසුන්ගෙනි.
ඒ නව සමාජ උන්නතිය පන පෙවිය යුතු දේශපාලනඥයෝ නැරඹිය යුත්තේත් ඔවුන්ට පෙන්විය යුත්තේත් ‘ලින්කන්’ ‘සල්මා’ වැනි අතිශය ආනුභාව සම්පන්න ජාත්‍යන්තර ගනයේ දේශපාලන චිත‍්‍රපට සහ සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද් ’ කලකට ඉහත නිෂ්පාදනය වී යළිත් වරක් නැවත නිෂ්පාදනය වන ‘සොක‍්‍රටීස්’ වැනි නාට්‍යයන්ය.
තමන්ගේ රටේත් ලෝකයේත් අනාගතය තුන් කල් දැන අවශ්‍ය ප‍්‍රමාණයට දැඩි වෙමින් ද අවශ්‍ය ප‍්‍රමාණයට මුදු මොළොක් වෙමින් ද තීන්දු තීරණ ගන්නා ලින්කන් වැනි දේශපාලන චරිත පාදක කරගත් අත්පොත් බඳු කලා කෘතිය. ඇමරිකානු සිවිල් යුද්ධයේ දී දැඩිව කි‍්‍රයා කරන ඒබ‍්‍රහම් ලින්කන් මානුෂ අයිතිවාසිකම් හා ඇමරිකානුවන්ගේ ශිෂ්ටාචාරවත් බවට එරෙහිවන වහල් ක‍්‍රමය අහෝසි කිරීමට සිය දිවි පරදුවට තබමින් කි‍්‍රයා කරයි. එක් අතකින් බැලූ විට එක විට එකිනෙකට පටහැනි කි‍්‍රයාන්විත දෙකක් මෙහෙයවන ලින්කන් (සිවිල් යුද්ධය පරාජය කිරීම හා වහල් මෙහෙය අහෝසි කිරීම* ඒ දෙකම කරන්නේ රටේ අනාගතය ගැන සිතමිනි. ලින්කන්ගේ බිරිඳ කෙන්ටකි පළාතේ වහල් හිමි පරපුරක සාමාජිකාවක වුවත් බිරිඳගෙන් කවර කෙනහිලි පැමිණියත් ඒවා නොසලකා හැර රට වෙනුවෙන් කළයුත්ත කරයි. එවැනි මහෝත්තමයෝ සිටි බවවත් ඇතැම් දේශපාලනඥයෝ නොදනිති. වාසනාවකට වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා නම් එවැනි මහෝත්තමයන් ගැන හොඳාකාරව දනිති.
ශී‍්‍ර ලංකාවේ ගෙවී ගිය දේශපාලන යුගයන්හිදී දේශපාලනඥයකුට තිබිය යුතු අත්‍යාවශ්‍ය ආචාර ධර්ම හා පරාර්ථකාරී කැපවීම මුළුමනින් ම පාහේ අහෝසි වී ගියේය. හරියට සොක‍්‍රටීස් නාට්‍යයේ සොක‍්‍රටීස් මුහුණ දුන්නා වූ මේ තත්ත්වය මෙනි.
සොක‍්‍රටීස් ථ‘ඔබ සමහර විට දන්නවා ඇති මා එක් වතාවත් මේ නගරයේ විධායක තනතුර දරුවා. ඒ තමයි මා දැරූ එකම එක තනතුර. ඇතන්ස් නුවර මහා අද්මිරාල්වරුන්ගේ ¥ෂණ කටයුතු වධ හිංසා ගැන මට පැමිණිලි වගයක් විභාග කරන්න සිද්ධ වුණා. ඒ වගේම සිද්ධ වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් (සිනාසී* ඒත්... මට මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මහා වධයක් වුණා. මහා අද්මිරාල්වරු මිනීමරුවෝ බව ඔප්පු කරන්න මා සැරසුණාම උන්ගිහිල්ලා කුමන්ත‍්‍රණය කරලා මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරල මාව විධායක තනතුරින් පහ කරලා දැම්මා.
මේ අප පසුකළ හා පසු කරමින් සිටින දේශපාලන මොහොත නොවේද? දේශපාලනය විසින් නැතිභංගස්තාන කර දැමුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු එහි අනුශාංගික අංග බොහොමයකි. එමෙන්ම දේශපාලනඥයන් විසින්ම ස්ථාපිත කරන ලද දරුණු ගණයේ ප‍්‍රමිතීන් ද බොහොමයකි. බලය යොදා ස්ථාපිත කරන ලද මෙම අයුක්ති සහගත ප‍්‍රමිතීන් ගැඹුරින් විභාග කරන බුද්ධිමය සංසදයන් සංස්කෘතික බලමුලූ ප‍්‍රමාණවත් තරමට ප‍්‍රාණවත් නැත.
සොක‍්‍රටීස් සමාජයට කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර වන්නා වූ නව ඥානාලෝකයන් නව සංවාද මණ්ඩපයන් තනාගන්නා ලෙසයි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිවන පුරවැසි මනෝභාවයක් තනා ගන්නා ලෙසයි.
සොක‍්‍රටීස් යුද්ධය ගැන මෙසේ කියයි. ‘මා කල්පනා කර ඇති අන්දමට යුද්ධය කියන්නේ ජාවාරමක්. ව්‍යාපාරයක්, ධනය එක් පැත්තකට එක් රැුස් කර ගැනීමට ගෙන යන පීඩාකාරී බලපෑමක් - කයට මුල් තැන දෙන මිනිස්සු එකම වර්ගයක යුද්ධයට ආසයි. ඒ මිනිස්සු යුද්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ අසීමිත සැප සම්පත් භුක්ති විඳීම පුද්ගලික සුඛ විහරණ සාද සංග‍්‍රහ.’
මේ අප පසු කළ යථාර්ථය නොවේද?
පාර්ලිමේන්තුවට පමණක් නොව ඊට පහළ ආයතනවලට පවා පත්ව එන මහජන නියෝජිතයෝ පැහැපත්ව කඳ බඩ ආරන්නේ ඔවුන්ගේ කය - මනස සතුටින් තිබෙන නිසාය. ඔවුන් සුඛිත මුදිත වෙද්දී රටට සිදුවූයේ කුමක්ද? එහෙත් අංක එකේ ධනවාදී ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා ගේ කඳබඩ මෝරාද නැත. මුහුණේ සතුටක්ද නැත. ඇත්තේ බුද්ධිමත් බැ?රුම් කමකි. ඔහුට ලැබූ තනතුරට සාපේක්ෂව ඔහු මහන්සි වී වැඩ කළ යුතුය. ඇමෙරිකානු සම්ප‍්‍රදාය රැුකිය යුතුය. මේ සියවසේ අවසානය දක්වාම යහපත් රටක් වශයෙන් පැවතීමට කටයුතු සම්පාදනය කළ යුතුය. ඒ නිසා ඔහුට අවශ්‍ය වන්නේ ඒ සා බැ?රුම් කටයුතුවලට සහාය වන සංස්කෘතික නිර්මාණයන්ය. ඔහු ලින්කන් චිත‍්‍රපටය තමන්ගේ ජීවන අභාෂය කර ගන්නේ එහෙයිනි.
ඔබාමා තරම් බැ?රුම් නැති අපේ පාලකයෝ සිය වටිනා කාලය වැය කොට සුහද කොකා නරඹා තමන් වැනි නළුවන් පිරිසකට සිනාසෙති. සුහද කොකා වටිනා කලා කෘතියක් නොවන්නේ ඒ සිනාසුනේ තමන්ටම යයි යන වැටහීම අවම වශයෙන් දේශපාලකයන්ටවත් දීමට අසමත් කෘතියක් නිසාය.
ඔබාමා තරම් බැ?රුම් නැති අපේ පාලකයෝ සිය වටිනා කාලය වැය කොට සුහද කොකා නරඹා තමන් වැනි නළුවන් පිරිසකට සිනාසෙති. සුහද කොකා වටිනා කලා කෘතියක් නොවන්නේ ඒ සිනාසුනේ තමන්ටම යයි යන වැටහීම අවම වශයෙන් දේශපාලකයන්ටවත් දීමට අසමත් කෘතියක් නිසාය.
අපේ දේශපාලකයන් ගැඹුරු කලා කෘති සේවනයේ යෙදෙන්නේ ඉතා අඩුවෙනි. අවම වශයෙන් සංස්කෘතික ජීවිතයකට ඇබ්බැහි වූ දේශපාලකයන් අපට ඇත්තේ කීයෙන් කී දෙනාද? එහෙත් රට පාලනය කිරීමේ වරම් ලැබූ මොවුනට අවශ්‍ය දේශපාලන දැනුම හා සදාචාරාත්මක පදනම ශක්තිමත් වීමට කලාකෘති සේවනය කළ යුතුය. ලෝක සිනමාවේ එවැනි නිර්මාණ බොහෝය. එමෙන්ම සිංහල වේදිකාවේද බොහෝ විසුක දස්සන අතර එවැනි උසස් නාට්‍ය නිෂ්පාදනය වේ. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක වැනි දැනට කරලිය ඇසුරු කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණ එවැනි ඒවා වේ. නිමල් ඒකනායක නිෂ්පාදනය කරන ආචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක‍්‍රටීස් මට මතක් වූයේ එහි පෙළ මෑතකදී මා කියවූ හෙයිනි. එයින් සාකච්ඡුා කෙරෙන්නේ අප පෙළන මේ ගොරතර යථාර්ථයම නොවේද?
සුහද කොකාගෙන් ඇරඹූ හොඳ ආරම්භය ඊට වඩා හොඳ දේශපාලන කලාකෘති ජනපති අගමැති ඇතුළු රට කරවන ඇත්තන්ට පෙන්වීමට ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට සිත් පහළ වේවා!
ජනවාරි 8 මහජන විප්ලවයට දායක වූ සිවිල් සමාජයේ ප‍්‍රාර්ථනය වූයේ සොක‍්‍රටිස් නාට්‍යයේ දැක්වෙන සොක‍්‍රටීස් මරණ මංචකයේ සිට කළ ප‍්‍රාර්ථනයමය.
”මීට වඩා යහපත් ලෝකයක් ලබාවා
මීට වඩා යුක්ති සහගත ලෝකයක් ලබාවා
මීට වඩා ඥානවන්ත මිනිස් වාසයක් ලබාවා”
මීට වඩා යුක්ති සහගත ලෝකයක් ලබාවා
මීට වඩා ඥානවන්ත මිනිස් වාසයක් ලබාවා”
No comments:
Post a Comment