හිටපු ඇමතිවරියක වූ රෝසි සේනානායක මහත්මිය ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනයේ ඇති අවම බව ගැන පසුගිය දිනෙක බීබීසීය සමග ඵැවති සාකච්ඡුාවකදී ඉතා කනස්සල්ලෙන් කතාකර තිබුණි. රෝසි සේනානායක මහත්මිය ද නිළියක හා කලෙක රූප රාජිනියක ද වුවත් ඇගේ දේශපාලන ආගමනයේ පදනම වන්නේ ඒවා නොව ඇගේ දේශපාලනික කි‍්‍රයාකාරිත්වයයි. ඇයට අගය කළ යුතු මට්ටමේ නූතන දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති බව අපගේ පිළිගැනීමයි. ඇය එක අතකින් මෑත කාලයේ දැනුමැතිම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය විය හැකිය.
පාලකයාට හෝ දේශපාලන නායකයාට ඇති ශෘංගාරාත්මක කැමැත්ත පදනම් කරගෙන පළාත් සභාවේත් මහජන මන්තී‍්‍ර මණ්ඩලයේත් නිළියන් මහජන නියෝජිතවරියන්ව සිටි බව අපි කවුරුත් දනිමු. එහෙත් එවැනි කාන්තා නියෝජනයක් නිසි කාන්තා දේශපාලනික ආගමනයක් ලෙස සැලකිය නොහැකිය.
අද ලෝකයේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පද්ධතීන් තුළ ලිංගිකත්වය, වාර්ගිකත්වය පමණක් නොව ආබාධිත බව පවා නොසලකා කැපවීම, දැනුම හා හැකියාව පදනම් කරගෙන දේශපාලනික ආයතනවල නියෝජනය ලැබෙනු දක්නට ලැබේ.
අද ලෝකයේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පද්ධතීන් තුළ ලිංගිකත්වය, වාර්ගිකත්වය පමණක් නොව ආබාධිත බව පවා නොසලකා කැපවීම, දැනුම හා හැකියාව පදනම් කරගෙන දේශපාලනික ආයතනවල නියෝජනය ලැබෙනු දක්නට ලැබේ.
රෝසි සේනානායක මහත්මියගේ ගෙන හැර පෑම් අනුව ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%කටත් අඩුය. ඊට සාපේක්ෂව ඉන්දියාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය මිලියන 1.4ක් හෙවත් 50%කි. ලංකාවට සාපේක්ෂව සාක් කලාපයේ අනෙකුත් රටවල පවා එකී ප‍්‍රතිශතය ඉහළ අගයක් ගනී.
1931 දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හරහා ලැබුණු සර්වජන ඡුන්දයත්, ඊටත් පසු කලෙක ලැබුණු බහු පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යන දෙකම බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු අගනා තිළිණයන්ය. එහෙත් එකී ලැබීම් නූතන දේශපාලනයේ වර්ධනයන්ට සාපේක්ෂව වැඩි දියුණු කර ගනිමින් සමාජයේ වාර්ගිකත්වය, ස්තී‍්‍රපුරුෂ භාවය විනිවිදින උත්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අත්පත් කර ගැනීමට අපි අසමත් වී සිටිමු.
ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4.5%කි. එහෙත් ඊට සාපේක්ෂව බංගලාදේශය, පකිස්තානය, නේපාලය වැනි රටවල පවා එකී ප‍්‍රතිශතය 20% හා 30% ඉක්මවා යයි.
දේශපාලන ක්ෂේත‍්‍රයේ දී කාන්තා නියෝජනය උචිත ප‍්‍රතිශතයකින් පවත්වා ගැනීමට අසමත් වීම යනු ස්තී‍්‍රන් බලගැන්වීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රික කි‍්‍රයාවලියේද අප පෙළන ගැටලූවක් ලෙස ගත හැකිය.
පසුගිය ඔක්තෝබර් 19 දින බලයට පත්වූ කැනඩාවේ ලිබරල් පක්ෂ ආණ්ඩුව තිහකින් යුත් සිය කැබිනට් මණ්ඩලයේ පහළොස් දෙනෙකුම ඇමතිවරියන්වීම කියා පාන්නේ එවැනි රටක පවත්නා සෑම අතකටම විහිදුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රුව ගුණ වරුණයි. විවිධ ජාතිකයන්ටද කැනේඩියානු කැබිනට් මණ්ඩලය දොර විවෘත කර තිබීම හේතුවෙන් පෙන්වන්නේ ජාතිකත්වය මත කේන්ද්‍රිය දේශපාලනයෙන් විතැන්වීමට ඇති ඉඩකඩ අහුරා ඇති අයුරුය.
දේශපාලන ක්ෂේත‍්‍රයේ දී කාන්තා නියෝජනය උචිත ප‍්‍රතිශතයකින් පවත්වා ගැනීමට අසමත් වීම යනු ස්තී‍්‍රන් බලගැන්වීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රික කි‍්‍රයාවලියේද අප පෙළන ගැටලූවක් ලෙස ගත හැකිය.
පසුගිය ඔක්තෝබර් 19 දින බලයට පත්වූ කැනඩාවේ ලිබරල් පක්ෂ ආණ්ඩුව තිහකින් යුත් සිය කැබිනට් මණ්ඩලයේ පහළොස් දෙනෙකුම ඇමතිවරියන්වීම කියා පාන්නේ එවැනි රටක පවත්නා සෑම අතකටම විහිදුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රුව ගුණ වරුණයි. විවිධ ජාතිකයන්ටද කැනේඩියානු කැබිනට් මණ්ඩලය දොර විවෘත කර තිබීම හේතුවෙන් පෙන්වන්නේ ජාතිකත්වය මත කේන්ද්‍රිය දේශපාලනයෙන් විතැන්වීමට ඇති ඉඩකඩ අහුරා ඇති අයුරුය.
කැනේඩියානු ඇමති මණ්ඩලයට අලූතෙන් තේරී පත්වී සිටින ඵ්රහ්ප ඵදබිැෙ මහත්මිය ඇෆ්ගනිස්තානු සම්භවයක් සහිත තිස් හැවිරිදි තරුණියකි. ඇය එකොළොස් හැවිරිදි වියේදී කැනඩාවට සංක‍්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ගත කර ඇත්තේ දහනව වසරක් පමණකි. එහෙත් සම්භවය ආගම ආදි කාරණා ද්විතීක ලෙස සලකන දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් තුළ දක්ෂකම, කැපවීම පුරවැසි බවට ගෞරවයක් ලබාදීම හා අවංක බව ඇය කැනඩාවේ උසස් තනතුරකට ඔසවා තබා ඇත.
2011 පැවති මැතිවරණයෙන් ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ අසුනකින් තේරී පත්වුණු රධිකා සිත්සබේසන් මෙනවියද ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත තැනැත්තියකි. ඇයද මන්තී‍්‍රවරියක් ලෙස තේරී පත්වන විට 29 වන වියේ පසුවිය. අතිෂයින් දක්ෂ උගත් කාන්තාවක වූ ඇයගේ සේවය ලබා ගැනීමට කැනේඩියානු ව්‍යවස්ථාදායකය සමත් විය.
දේශපාලනික ආයතනයන්හි නියෝජනය කෙරෙහි කාන්තා, තරුණ, විවිධ වාර්ගික හා වෙනත් විවිධත්වයන් උදෙසා සංවේදී නොවීම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියේම ඇති අවවර්ධිත බව පෙන්නුම් කරන්නකි. 1959 බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයත් සමග කිසිදු දේශපාලනික අත්දැකීමක් නොමැතිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පුටුව දක්වාම පැමිණෙන්නීය. ඒ ඇය බණ්ඩාරනායක මහතාගේ වැන්දඹුව වූ නිසා මිස දේශපාලන දැනුම හෝ ඒ කෙරේ වන විශේෂ කැපවීමක් නිසා නොවේ. මෑත කාලීනව මන්ති‍්‍රවරියන් සේ තේරි පත්වුණු උපේක්ෂා ස්වර්ණමාලී, අනර්කලී ආකර්ෂා පමණක් නොව මාලනී ෆොන්සේකා මහත්මිය පවා සැලකිය යුත්තේ දේශපාලන කි‍්‍රයාකාරිකයන්ට වඩා ඔවුන් සතු රුව ලස්සන පාලක බලධරයාට සිතට අල්ලා යෑම ලෙස සැලකිය හැකිය.
පුරුෂයා මිය ගිය පසු ස්ති‍්‍රය ඒ දර සෑයටම දමා මරා දැමීම අනුමත කරන හින්දු සමාජයකුත් ස්ති‍්‍රය සමාජ කාර්යයන්ට වැද්ද නොගන්නා ආචිර්ණ කල්පික මුස්ලිම් සමාජයකුත් පසුබිමේ ගාන්ධි හා ශී‍්‍ර නේරුතුමන් ඉන්දියාව තුළ බිහිකළ නව දේශපාලන දර්ශනය බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉන්දියානු සම්භාව්‍ය බවක් එකතු කළා සේ හැඳින්විය හැකියි. එකී දර්ශනය තුළ අතර මග ඇද වැටෙන කිසිම ජන කොටසක් නැති තරම්ය. ස්ති‍්‍රීන්, පහළ කුල සාමාජිකයන්, ආබාධිතයන් අනෙකුත් වාර්ගිකයන් බලගන්වන හා ඔවුන් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ කර ගැනීමේ පුලූල් බවක් ඉන්දියානු දේශපාලන ක‍්‍රමය තුළ පවතිී. ඉන්දියාවේ සංකීර්ණ සමාජය තුළ අප‍්‍රමාණ වැඩවසම් ලක්ෂණ තිබුණා වුවත් රාජ්‍ය තන්ත‍්‍රය ඊට වඩා ඉහළින් කි‍්‍රයාකරන ලෞකික එකකි. ඒ හේතුවම ඉන්දියාව ලෝකයේ මහ බලවතෙකු බවට ඔසවා තිබේ.
එහෙත් ඉන්දියාවට වඩා සරල සමාජ පසුබිමක් තිබුණු ලංකාවේ අවම වශයෙන් බි‍්‍රතාන්‍යයන් ලබා දී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හර පද්ධතියවත් රැුක ගත්තා නම් මීට වඩා ස්තීි‍්‍රන්ට අනෙකුත් ජනවාර්ගිකත්වයන්ට සංවේදී පාලන ක‍්‍රමයක් තනා ගැනීමට ඉඩ තිබිණ.
ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය එක්තරා ආකාරයකට ‘වැන්දඹු අනත්දරු’ දේශපාලනයක් සේ සැලකිය හැකිය. සැමියා පියා එහෙමත් නැත්නම් සහෝදරයා මිය යෑමෙන් පුරප්පාඩුවන හිස් තැන පිරවීමට කාන්තාවක් පැමිණීම සාමාන්‍ය දෙයක් වී තිබේ. සිරිමා බණ්ඩාරනායකගේ සම්ප‍්‍රාප්තියත් සමග ඇරඹුණු මෙකී සම්ප‍්‍රදාය අද දක්වාම නොවෙනස්ව පැවත ඒ. ඉලංගරත්න මහතා ඡුන්ද පෙත්සමකින් පරාජය වූ පසු තමරා කුමාරි මන්ති‍්‍ර ධුරයට පත්වන්නේ දේශපාලනයේ එක්තරා ශිෂ්ට අවධියක දීය. චන්දි‍්‍රකා බණ්ඩාරනායක, පවිත‍්‍රා වන්නිආරච්චි, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, විජයකලා මහේෂන්, ආනන්දි ෂෂීදරන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙකී වැන්දඹු අනත්දරු දේශපාලනයට උදාහරණ කිහිපයක් පමණකි.
ඇත්තටම ගතහොත් ලංකාව යනු දේශපාලනය නොකරන දේශපාලනඥයන්ගෙන් පිරුණු රටකි. ඔවුන් කිසිදු දේශපාලනයකට අදාළ දැනුමක් සොයා යන පිරිසක් නොවන්නා සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතීන් කෙරේ විශ්වාසයක් හෝ ගෞරවයක් ද නැත්තෝ වෙති. එවැනි තත්වයක් තුළ බාහු බලය, සටකපටකම් හා මුඛරිකම තමන් කරන දේශපාලනයට අත්‍යවශ්‍ය සුදුසුකම් වෙති. ඒ සුදුසුකම් සපුරා ගැනීමට ස්ති‍්‍රන් අසමත්වීම පුදුමයක් නොවේ. ඒ සුදුසුකම් කෙසේ හෝ සපුරා ගත්තියෝ් මහජන නියෝජිතවරියන් බවට පත්වෙති.
ස්ති‍්‍ර නිියෝජනය අවම වන්නේ ගතානුගතික දකුණේ දේශපාලනයේ පමණක් නොවේ. වාමාංශික දේශපාලනයේ හැටි සොබාවද එයාකාරයමය. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ගතහොත් ඒ වායේ කැපී පෙනෙන ශිෂ්‍ය නායිකාවන් සිටිත් ද? නැත. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.
චන්ද්‍රරත්න බණ්ඩාර
ස්ති‍්‍ර නිියෝජනය අවම වන්නේ ගතානුගතික දකුණේ දේශපාලනයේ පමණක් නොවේ. වාමාංශික දේශපාලනයේ හැටි සොබාවද එයාකාරයමය. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ගතහොත් ඒ වායේ කැපී පෙනෙන ශිෂ්‍ය නායිකාවන් සිටිත් ද? නැත. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.
චන්ද්‍රරත්න බණ්ඩාර
මගේ විශ්ව විද්‍යාල පළමු වසරේ දී Peradeniya Student Union එකට ශිෂ්‍ය නියෝජිතයින් තෝරන්නට රැස්වීම පැවැත්වුනේ පිරිමි නේවාසිකාගාරයකි. එයින්ම තේරෙනවා බලාපොරොත්තු වූ කාන්තා නියෝජනයේ තරම!
ReplyDeleteRosi is not a person who knew the palpitation of majority of Sri Lanka. She often expressed her anger towards majority Budhhists. She wanted to changes the Sinhala Buddhist base in Sri Lanka. Parliamentary representative(MPs) should reflect the ideas of people they represent, otherwise they cant survive. That is current democracy.(unless people are brain washed by barrage of advertisements funded by NGOS and other countries with vested interests.)However female representation is important, but Can they survive in the current political atmosphere. We got rid of some thugs and a new set of thugs are in power now including cinnamon club(kurudu polu) foreign minister.
ReplyDeleteදේශපාලනයේ කාන්තාවන් වැඩිවෙන එකට පුද්ගලිකව මම කැමති සාපේක්ෂව හොරකම්, මැරකම්, වංචා හා දුෂණ අඩුවෙයි කියන සිතුවිල්ල නිසා.. කොහොමත් පිරිමි හිටියත් ඒ හැටි වැඩක් නම් කරන්නේ නෑනේ..
ReplyDelete