මගේ පළමු කවිය පුවත්පතක පළ වූයේ මා හත්වන පංතියේ ඉගෙන ගන්නා සමයේ ය. පුවත්පත සරසවියයි. අද මෙන් නොව විනෝද මාධ්‍යයක් ලෙසත් සිනමා කලා මාධ්‍යයත්, වේදිකාවත් ප‍්‍රබලව තිබූ එසමයෙහි සරසවිය මහත් අලෙවියක් තිබූ පුවත් පතකි. මගේ කවිය පළවන සමයේ එහි කතුවරයා වූයේ ග‍්‍රැන්විල් සිල්වා මහතා විය යුතුය. ප‍්‍රධාන පුවත්පතක මුද්‍රණ ද්වාරයෙන් තමා ලියූ අකුරු පළමුවරට පළවීම දකින ළමයෙකුට කෙතරම් ආහ්ලාදයක් වනු ඇද්ද? එකල ගමේ ටවුමේ පුවත් පත් විකුණු ‘මාරස්සන ස්ටෝර්ස්’ වෙතින් පුවත්පත මිලදී ගෙන කැළෑ පාරකින් ගෙදර ආ හැටි මට තවමත් මතකය. එකල කවියටම වෙන් වූ පුවත්පතක් ගීතාංජලී නමින් දවස නිවසින් පිටවූ සිහින් මතකයක්ද තිබේ. එකල සඳුදාට මිහිරත්, අඟහරුවාදට යොවුන් ජනතා (අප යෞවන වියේදී), බදාදාට සුබසෙතත්, බ‍්‍රහස්පතින්දාට තරුණී, සිකුරාදාට සරසවියත් නිකුත් විය. සුබසෙත හැර අන් පුවත්පත් දිනපතාම මිලදී ගතිමි. මේ මෑතක ගමට ගිය මම ‘මාරස්සන ස්ටෝර්ස්’ බලන්නට ගියෙමි. අබලන්ව ලෑලි දමා වසා දමා එය නටඹුන් වෙමින් තිබෙනු දැක මසිත ඇති වූයේ ශෝකයකි.
මගේ කවි පිළිබඳ ආසක්ත බව ඇති වූයේ එකල පළවන කවි සහිත ශෝක ප‍්‍රකාශ නිසා යයි සිතමි. මගේ මාපියන් සහ බාප්පලා දෙදෙනා තමන් ගිය අවමඟුල් උත්සවවල දී පල කළ ශෝක ප‍්‍රකාශ ගෙනවිත් මට දුන්නා පමණක් නොව ඒවා හඬනඟා ඔවුන් ඉදිරියේ කියවීමටත් සිදු විය. මගේ ලොකු අත්තා එනම් මගේ මවගේ පියා (ටිකිරි බණ්ඩා රම්බඩගල්ල) මිය ගිය දා සැබෑවටම සොහොන් පොලක පැවැත්වුණු අවමඟුල් උළෙලක දී ශෝක ප‍්‍රකාශයක් කියවීමට මට සිදුවිය. එකළ මා සිටියේ අටවන පංතියේය. ප‍්‍රසිද්ධ සභාවක කවි ගායනා කළා පමණක් නොව ප‍්‍රථම වරට ‘යකඩ කටකට’ කථා කළේ ද එදා ය. එදා නම් මගේ ඥාති සමූහයා ඉදිරියේ මා මහත්සේ ප‍්‍රශංසාවට ලක්විය.
ඔය අවධියේ ම මහනුවර තරුණ කවි සමාජය (ම.ත.ක.ස) සංවිධානය කළ කාව්‍ය රචනා තරගයකට හතර පද කවි පංතියක් ලියා යවා එහි දෙවන ස්ථානය ලැබ එවකට සංස්කෘතික හා සමාජසේවා ඇමති වූ ටී.බි. තෙන්නකෝන් මහතා අතින් සහතික පත‍්‍රයක් ද ලියුම් කවරයක දැමූ රුපියල් පහේ කොළයක් ද ත්‍යාග වශයෙන් ද ලදිමි. පළමු ත්‍යාගයේ වටිනාකම රුපියල් දහයක් වූ අතර තුන්වන ත්‍යාගය රුපියල් දෙකේ කොළයකි. ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර පුෂ්පදාන බාලිකා පාසල් ශාලාවේය.
එක්දහස් නවසිය හැත්තෑහතේ පමණ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස සිටිය දී මවිසින් ‘මතකය’ නමින් කවි පොතක් ලිවීමි. එහි කවරය ඇන්දේද මවිසිනි. එහි සියලූම කවි පාහේ හතර පද එළිවැට සහිත කවි පංතීන්ය. ඒ සඳහා පසුවදනක් ලීවේ අපේ ගමේ සම්භාවනාවට පත් තුරුණු කලාකරුවකු වූ වික‍්‍රම පලිහවඩන විසිනි. මේ පලිහවඩන ගැන යමක් කිව යුතුය. ඔහුගේ එකල අනාගත බලාපොරොත්තුව වූයේ සිනමාවේදියකු වීමටය. වසන්ත ඔබේසේකරයන් යටතේ සිනමාව හදාරා තිබූ පලිහවඩනට චිත‍්‍රපට කලාවට ඇතුළුවීම සඳහා දැනුමක් ද කැපවීමක් ද දක්ෂ කමක් ද තිබුණි. ඔහු විසින් ලියන ලද තිර නාටක මම කියවා ඇත්තෙමි. එහෙත් ඔහුට හිමි ගමන වැළකුණේ ගම හැර යාමට තරම් එඩිතර කමක් පලිහෙට නොතිබූ නිසා යයි මට සිතේ. එහෙත් පසුකළෙක පරාක‍්‍රම සිල්වා සමග යම් නිර්මාණයන්ට දායක විය.
ඌන සංවර්ධිත රටක විකේන්ද්‍රියව (අග නගරයෙන් බැහැරව) ජිවත්වීම දක්ෂයන්ට තැන නොලැබීමට ප‍්‍රධාන එක් හේතුවකි. මාධ්‍ය ඇත්තේ කොළඹ කේන්ද්‍රියවය. ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැති නිසා පත්තර කන්තෝරුවට එන කලාකරුවන් ගැන විනා විකේන්ද්‍රියව ජීවත්වන දක්ෂයන් ගැන මාධ්‍යවලින් ඉඩක් ලැබෙන්නේ නැත. නාට්‍ය තැනෙන්නේත්, චිත‍්‍රපටි හැදෙන්නේත් කොළඹය. ඒවා සඳහා සහභාගි විය හැක්කේ මහා නගරයට සමීප ඇත්තන්ට පමණි. ලංකාව වැනි පුංචි රටක මහා නගරයෙන් බැහැරව විකේන්ද්‍රිය කලා නිෂ්පාදන බිහි නොවීම දුර බැහැර ප‍්‍රශ්නයක් නොව දේශපාලනය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස හ`ගිමි. විකේන්ද්‍රියව කලා නිෂ්පාදන බිහිවූවා නම් හෝ මගේ මිත‍්‍රයා සිය ගමෙන් බැහැරව අගනගරයට සේන්දු වූවා නම් හොඳ සිනමාකරුවෙකු රටට බිහිවන්නට ඉඩ හොඳටෝම තිබුණි.
මගේ ‘මතකය’ පොත මුද්‍රණ ද්වාරයෙන් පිටවුණේ නැත. එය මුද්‍රණයට තරම් සුදුසු වූයේත් නැත. එහෙත් ඒ ‘මතකය’ අපේ ප‍්‍රාථමික ජයග‍්‍රහණයන්ගේ පුරාතන කි‍්‍රයාකාරකම්වල නටඹුන්ය.
කොළඹට කිරි අපිට කැකිරි..........
ReplyDeleteඔබ කියන්නේ අප කාට කාටත් පැවසීමට තිබෙන කතා මාලාවකින් බිඳකි
ReplyDeleteAs a Village boy....I appreciate your...memories...winch lure me in to my memories....
ReplyDelete