Wednesday, 15 June 2016
මිල්ලන්ගොඩ වංශවතා
නන්දන වනයෙන් ආය සකී
දෙව් පුර වැදුමට පින් කෙතකී
කුඹු සොලවන විට තෙද ඉසිරී
දිගු දළ යුගලම මහිමයකී
වැවි පොකුණු මතින් පා එසවී
කන්දට ලන්දට අධිපතිවී
මාළිග දොරටුව වැඳ වැටෙතී
දළදා හිමි පිට මතට වඞී
පසතුරු නද මැද පා තබතී
සිව් ර`ග සේනා රැුක සිටිතී
ඇතින්නියන් කෝමල පාතී
සැබෑ පිරිමියෙක් යයි කියතී
කවිකළ හැකි විසිතුරු බෝමයි
ගජගා ගජ විසිතුරු බෝමයි
නැණ නුවණින් යුත්
ශීර්ෂ මණ්ඩලේ
ලෙන්ගතුකම් ඇති
හෘද මන්දිරේ
ගිජිඳු ගුණෙන් යුත්
මහ ගිජිදාණෙනි
අප හැරදා ඇයි
ආපසු වැඩියේ
චන්ද්‍රරත්න බණ්ඩාර
Tuesday, 14 June 2016
නැති නාස්ති වූ සමාජයක බෞද්ධ භික්ෂුව
එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත් වූ සමගි පෙරමුණේ ආණ්ඩුවේ මැද භාගයේ සිට ලංකාවේ දේශපාලනයේ සිදුවන දෑ වටහා ගැනීමට දැන් මැදි වියේ සිටින අපට හැකියාව ලැබුණි. ඊට පෙර අතීතයේ සිදුවූ සිදුවීම් දැන ගැනීමට පොත පත හා වැඩිහිටියන් ඇසුර නිසාත් අපට පුළුවන්කම ලැබිණි. මේ සමස්ථ ඉතිහාසය පුරාම සිදුවූ දේවල් සලකා බලන විට අද ලංකාව මේ තත්ත්වයෙන් වත් තිබෙන්නට බලපෑ කාරණා කිහිපයක් ඇත. 1931 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ යටතේ ලැබුණු සර්වජන ඡුන්ද බලය, 1945 දී සම්මත කරගත් නිදහස් අධ්‍යාපන පනත, ඉන් ප‍්‍රධාන යයි මම සිතමි.
සර්වජන ඡුන්ද බලය හරහා කවර තරාතිරමේ ශී‍්‍ර ලාංකිකයෙකුට වුවද ලංකාවේ පාලන රටාවට මැදිහත්වීමේ හැකියාවක් ලැබිණි. නිදහසින් පසුව විවිධ වකවානුවල බලයට පත්වූ බොහෝ පාලකයෝ මේ නිදහස් මැතිවරණ ක‍්‍රමය විකෘති කර ඇතත් එහි මූලික හරය නැසීමට ඔවුනට තවමත් නොහැකි වී ඇත. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වට පිටාව ස්වාධීන අධිකරණ ක‍්‍රමයකට මඟ පෑදු අතර නිදහස් මතධාරී සමාජයක් බිහිවීමටද එම තත්වය බලපෑවේය. බලාගෙන වැඩ කරන්නට බි‍්‍රතාන්‍ය පන්නයේ සම්ප‍්‍රදායක් ලැබිණි. ජපානය, චීනය, රුසියාව වැනි රටවල් හැරුණු කොට බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ලෝක ව්‍යාප්ත දේශපාලන සමාජ ආර්ථික කි‍්‍රයාවලියට අවශ්‍ය තමන්ගේ ක‍්‍රමයක් ඇති කර ගැනීමට මූල බීජය සැපයීය .
1948 බලය ලබා ගත් ස්වදේශීය පාලකයෝ බොහෝ දුරට උත්සාහ කළේ තමන්ගේ යටත් විජිත ස්වාමිවරුන්ගේ ක‍්‍රමය විජිතවාදීන්ගේ සතුටට හේතුවන පරිදි ඉදිරියට ගෙන යාමටය. එහෙත් එකී පැරණි ක‍්‍රමය තුළ තිබුණු කාලයාගේ ඇවෑමෙන් පරිනාමයට භාජනය විය යුතු අංග එසේම තබා ගැනීමටත් භාෂාව සංස්කෘතිය හා සමාජ ක‍්‍රමය හමුවේ සුද්දන් ලෙස පෙනී සිටීමටත් නිදහසේ පළමු පාලකයනට අවශ්‍ය විය. එසේ නැතිව ලබා දුන් නිදහසේ අවස්ථාව පාවිච්චි කරමින් බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ යහපත් අංග තවත් ශක්තිමත් කරමින් හා දේශීය සාර අංග මනාව මිශු කරමින් ශී‍්‍ර ලාංකික ජාතියක් නිර්මාණය කිරීමටත් ඒ මගින් ශී‍්‍ර ලාංකික සියල්ලෝම පොදු සංවර්ධනයේ කොටස් කාරයන් කිරීමටවත් ඔවුන් උත්සාහ නොකළේය.
මේ අත්‍යාවශ්‍ය විපරිනාමය නොවූ නිසාම දුෂ්ටත්වයට හා අසහනයට පත් වූවෝ වනාහි බෞද්ධ භික්ෂූන්, ආයුර්වේද වෛද්‍යවරුන් ආදී ග‍්‍රාමීය ප‍්‍රභූ පැලැන්තියට අයත් කණ්ඩායම්ය. එවකට වාමාංශික නායකයන් හැරුණු කොට අන් කාටත් වඩා බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ ද ලෝකය ගමන් කරන දිශානතියේද ස්වරූපය දැන සිටි බණ්ඩාරනායක හොඳ ලිබරල්වාදියෙකු විය. එවකට දක්ෂිණාංශික කඳවුරේ සිටි සැබෑ දැනුමැත්තාද ඔහු විය. ඞී.ඇස්, ඔලිවර් ගුණතිලක ආදින්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස දේශපාලනයටද, පාලන හැකියාවටද ආගන්තුකයෙකු වූ ඩඞ්ලි සේනානායක වෙනුවට බණ්ඩාරනායක, ඞී.ඇස් ගේ අනුප‍්‍රාප්තිකයා වූවා නම් ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට ගමන්කොට රට මෙතරම් ඛේදවාචකයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි.
ඞී.ඇස්්ගේ හා ඔහුගේ සමීපතමයන්ගේ අනුකාරක බවත් රටේ බහුතරයක් වූ ග‍්‍රාමීය සමාජය බලාපොරොත්තු වන්නා සමාජ දේශපාලන රටාවත් බණ්ඩාරනායකගේ තීක්ෂණ ඥානයට වැටහුණි. ඔහු සඟුන් වෙදුන් ආදින්ගේ හෘද සාක්ෂිය , ප‍්‍රාර්ථනාවන් හා දුර දිග නොසිතන බවද මැනවින් වටහා ගත්තේය. ‘රට’ වෙනුවට ‘බලය’ පිළිබඳ ඔහුට තිබුණු ආසාව විසින් තම හෘද සාක්ෂියේ දේශපාලනයෙන් බණ්ඩාරනායකව ඈත් කර තබන ලදී.
බණ්ඩාරනායක විසින් භික්ෂුව ආගමික සංස්ථාවෙන් එළියට කැඳවාගෙන විත් ඔවුනට දේශපාලනයේ තැනක් ලබා දෙන ලදී. සැබැවින්ම එදා ද අතළොස්සක් භික්ෂූන් හැර බහුතරයකට දේශපාලනය හා සමාජ ජීවිතය ගැන පුළුල් දැක්මක් තිබුණේ නැත. එය ඕනෑම රටක පූජක පක්ෂයට ඇති නොහැකියාවකි. මක් නිසාද යත් සිවුරක්ද, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ද සහිතව යම් ආකාරයකට තාපස වෘතයකට එළැඹිය යුතු භික්ෂුව, ලෞකික , තමන්ට සිය අත ඇති පඨිතයන් :එැංඑ* තුළින් නොදැකිය හැකි ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීම තුළ භික්ෂුව හැසිරෙන්නේ සියල්ල විකෘති කරමිනි. බණ්ඩාරනායකගේ හෘද සාක්ෂි විරෝධී දේශපාලනයේ අනුගාමිකයන් වන මෙම භික්ෂුන්ගේ ප‍්‍රධාන මූලාචාරීන් වන්නේ අනගාරික ධර්මපාල තුමාය. ඔහුද මේ රටේ අනෙකුත් ජාතින්ට පමණක් නොව සිංහල ජනවර්ගයේ බෞද්ධ නොවන ජනතාවගේද පැවැත්ම නොඉවසූ කෙනෙකි.
සිංහල හැරුණු විට උගත් භික්ෂූන් බහුතරය පවා දැන සිටියේ පාළි හා සංස්කෘත යන ආගමික දිවි පෙවතකට අවශ්‍ය පෙරදිග භාෂා පමණි. එහෙත් ලෝකය, ලෝකයේ දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය, මැනවින් තේරුම් ගැනීමට අවශ්‍ය නූතන භාෂා පිළිබඳව දැනුම ඔවුන් සතු නොවීය. නූතන භාෂා දැනුමක් තිබූ උඩ කැන්දවල සරණංකර, හපුගොඩ සිද්ධත්ත , කොටගම වාචිස්සර වැනි භික්ෂූන් අතළොස්සක් පොදු භික්ෂු සංඝයාට වඩා මැදහත් සිතින් රටත් ලෝකයත් දෙස බැලූහ.
අධ්‍යාපනයේ කඩා වැටීම හරහා දේශීය අධ්‍යාපනයේ පැරණි භික්ෂු පරම්පරාවට තිබූ දැනුම පවා ගැඹුරින් නොලැබුණු හෙයින් එකී ඥාන මාර්ගයද මෙකී භික්ෂූන්ට වැසී ගියේය. අවසානයේ නාමධාරී උගතුන් රැුසක් මිස දැනුම හා බුද්ධිය සහිත ප‍්‍රාඥයන් ශී‍්‍ර ලාංකීය භික්ෂු සාසනයට අහිමි විය.
බණ්ඩාරනායක බලය උදෙසා විවෘත කළ මාවතේ කෙලවරකට පැමිණ සිටින බෞද්ධ භික්ෂුව අද දවසේ මානව දයාවේ හා සංහිඳියාවේ මූල ධර්ම සිය සිවුරේ බලය යොදා පාගා දමන්නට තැත් කරති. ඒවා පාගා දමන්නට බලය හිමිකරුවන්ට බලකරති. සිවුර, ලෝගුව, පූන නූල මේ ආදි දෑ ආධ්‍යාත්මික, ලෝකෝත්තර හා පාර භෞතික එතෙරවීමක මෙලොව සංකේත වෙති. මෙකී සිවුර දණ්ඩනයේ හිංසනයේ හා අධිපති බවේද සංකේතයක් වීම ඒ දහම අයත් ශ්‍රේෂ්ඨයන්ට කරන බලවත් අගෞරවයකි.
ගහකින් අත්තක් කැඞීමත් අකැප භික්ෂුව, හිංසනයෙන් තවත් ජාතියක් මර්දනය කිරීමට බලකරති. ගිහියෙකු රැුකීමට සඟ බලකා හැදීමට තර්ජනය කරති. ගැටුම වෙනුවට සංහිඳියාව යෝජනා කළ බුදුන් වහන්සේ තරම් තවත් ශාස්තෘවරයෙක් ගැන මා දන්නේ නැත .
තපස් වී වෘතයක් උදෙසා කැපවුණු, ආමිසයට වඩා පිළිවෙත් උසස් කොට සලකන ථෙරවාද බෞද්ධ භික්ෂුවක් එකී සාසනික සීමා මායිම් උල්ලංඝනය කරන්නේ නම් ඔහු චරිතයක් වශයෙන්ම ගොහොදු වන්නේය. ගිහි ජීවිතයේ ඇති ශෘංගාරත්මය මිහිරියාව අත හැරීමේ ශෝකය ඔහු දවා තවා ලන්නේය. ඇඩි‍්‍රනාලිත් වැනි ආවේග බහුල කරන එන්සයිම වැඩියෙන් රුධිර ධාරාවට එකතු වී ඒ නාමික භික්ෂු ශරීරය අවුලට පත් කරන්නේ ය. බණ්ඩාරනායකගේ බල තණ්හාව හරහා විවෘත වූ මාවතේ කෙළවරකට පැමිණි බෞද්ධ භික්ෂුව නටන අභාවික නාඩගමේ හැඩරුව තීරණය කරන්නේ යට කී දෑය.
චන්ද්‍රරත්න බණ්ඩාර
Friday, 3 June 2016
වලාකුලු බැම්ම
Friday, 20 May 2016
ගංවතුරෙ ගසාගෙන නොයන යමක්
අප මාක්ස්වාදයෙන් ඉගෙන තිබෙන්නේ සුබ සාධනය වැඩකට නැති ධනේෂ්වරයටම උඩගෙඩි දෙන කි‍්‍රයාවලියක් ලෙසටය.
ඒත් එය ඇත්තක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ගංවතුරක් වැනි ස්වභාවික විපතකදී සුබසාධන කි‍්‍රයාවලියක් මිනිසුන්ගේ අවසන් ජීව පොද රක දෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ සහන කණ්ඩායම් දැන් ගංවතුරෙන් පීඩිත අනාථයන් අතරට ගොස් ඔවුන්ගේ පීඩාවන්ට පිහිටක් වෙමින් සිටී. චක‍්‍රලේඛ හා නිලධාරිවාදය පලිහක් කරගන්නා රාජ්‍ය ආයතන යමක් කරන මන්දගාමී විලාසයට වඩා ගංවතුර වේගවත්ය. ඒ වේගයට ගැලපෙන්නට ජවිපෙ උත්සාහ කරමින් සිටී.
දර්ශනයට වඩා අවංකකම අදූෂිත බව උසස් කොට සලකන ජවිපෙට රතුපාටින් තැඹිලි පාටට හැරුනොත් රටට මීට වඩා යහපතක් කරන්නට හැකිවෙතැයි සිතමි.
Thursday, 12 May 2016
Canada is a multicultural society
Canada is a multicultural society in the
true meaning of multiculturalism’.
Major mainstream newspapers such as ‘Globe
& Mail’ ‘Toronto Star’ plus TV and radio stations such as CBC, City TV etc.
play the major role in the national
media.
In addition, there is large number of
community newspapers, community radio stations and community TV stations operate
by a large number of ethnic and cultural groups and organizations throughout
the country.
The community media organizations (Newspaper,
TV staions.Radio stations etc.) hold membership with a collective long standing
body called’ ’National Ethnic Media Council ‘in Canada.
The current President of the Council is Mr.
Thomas.D. Sara belonging to the Greek ethnic community in
Toronto. He is involved with the media matters and publications related to the
Greek community in Canada. He is a multilingual media person who has been
living in Canada for close to 37 years.
I am
a member of the ‘National Ethnic Media Council’ as I publish a Sri Lankan community
monthly newspaper called’Yathra’ with a circulation of 7000-10000 per month. ‘Yathra’
has been in continuous publication in Canada since 2006.
Recently Mr. Charles Sousa, the Hon.Finance
Minister of the Ontario provincial government made a presentation to our
council about the 2016 Ontario budget and about the media related issues in
Ontario.
He was particularly interested in listening
to the opinions, comments and suggestions of the membership of the ‘National
Ethnic Media Council’ during the presentation.
I and many of the members who attended the presentation
were highly impressed with the knowledge, and the other capacities and the way Mr.
Charles Sousa conducted the proceeding during that day.
When I was reflecting about this
presentation, my mind naturally travelled to the way these things happen in my
mother country even at this very moment. The way our egocentric, inefficient, ignorant
politicians and ministers behave and perform these tasks deluding themselves
that they know everything about the subject. Frankly most of them do not bother
to study things deeply. Also they do not have an open minded attitude like Mr.
Sousa to learn from a practical engaged audience.
I am herewith posting some pictures taken
with Mr.Chalres Sousa and Mr. Thomas. Sara.
Wednesday, 11 May 2016
වලාකුළු බැම්ම ගැන ගීතයක්
https://www.youtube.com/watch?v=WrEq3fk8Nwk
මගේ වලාකුළු බැම්ම නවකතාව ටොරොන්ටෝ පාඨකයන්ට හඳුන්වා දීමේ සම්භාෂනයක් 2016 අපේ‍්‍රල් 03 වන දින ප‍්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ප‍්‍රධානත්වයෙන් මිසසාගා වැලි ප‍්‍රජා ශාලාවේදී පැවැත්විණි . එහිදී මගේ දීර්ඝ කාලීන මිත‍්‍ර සංගීතවේදී කිත්සිරි ජයසේකරයන් මවෙත සිය සහෝදරත්වය දැක්වූයේ වලාකුළු බැම්ම තේමාවට උචිතව සිය මියුරු හඩින් ගීයක් ගැයීමෙනි . ගීයේ පද ගැලපුනේ මා අතිනි. සිය මිතුරුදම් වෙනුවෙන් ඒ කල කැපවීමට කිත්සිරිට මා සදා තුති පුදමි. මෙහි කැමරාකරණය සුනිමල් බාලසූරියයන්ගෙනි. අප හඳුනා ගත් මුල් දවස්වල සිටම මගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතයේ දී සමීපව සිටින සුනිමල් මහත් වෙහෙසක් දරා මෙම කටයුත්ත ඉටුකළ බව කිව යුතුය. එසේම ප‍්‍රවීන කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු ද කැමරාකරණයෙන් එදා අගනා සහයක් ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය ආම්පන්න ආදිය සපයා දෙමින් සහය දැක්වූයේ අපගේ දීර්ඝ කාලීන මිතුරන් වූ අජිත් හා ගජිත් ජිනදාස පිය පුතු දෙපලය. කැනඩාවේ ප‍්‍රචලිත ශී‍්‍ර ලාංකික රූපවාහීනී සේවාව ‘කලාකවය’ වෙනුවෙන් වීරා ෆොන්සේකා ද කැමරාකරණයෙන් සහය විය.
මේ සියල්ල සිදුවූයේ සහෝදරත්වයේ සීමා මායිම් තුළ වීම නිසා ඒ උදව් උපකාරවලට නව වටිනාකමක් හිමිවිය යුතු නේද?
මගේ වලාකුළු බැම්ම නවකතාව ටොරොන්ටෝ පාඨකයන්ට හඳුන්වා දීමේ සම්භාෂනයක් 2016 අපේ‍්‍රල් 03 වන දින ප‍්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ප‍්‍රධානත්වයෙන් මිසසාගා වැලි ප‍්‍රජා ශාලාවේදී පැවැත්විණි . එහිදී මගේ දීර්ඝ කාලීන මිත‍්‍ර සංගීතවේදී කිත්සිරි ජයසේකරයන් මවෙත සිය සහෝදරත්වය දැක්වූයේ වලාකුළු බැම්ම තේමාවට උචිතව සිය මියුරු හඩින් ගීයක් ගැයීමෙනි . ගීයේ පද ගැලපුනේ මා අතිනි. සිය මිතුරුදම් වෙනුවෙන් ඒ කල කැපවීමට කිත්සිරිට මා සදා තුති පුදමි. මෙහි කැමරාකරණය සුනිමල් බාලසූරියයන්ගෙනි. අප හඳුනා ගත් මුල් දවස්වල සිටම මගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතයේ දී සමීපව සිටින සුනිමල් මහත් වෙහෙසක් දරා මෙම කටයුත්ත ඉටුකළ බව කිව යුතුය. එසේම ප‍්‍රවීන කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු ද කැමරාකරණයෙන් එදා අගනා සහයක් ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය ආම්පන්න ආදිය සපයා දෙමින් සහය දැක්වූයේ අපගේ දීර්ඝ කාලීන මිතුරන් වූ අජිත් හා ගජිත් ජිනදාස පිය පුතු දෙපලය. කැනඩාවේ ප‍්‍රචලිත ශී‍්‍ර ලාංකික රූපවාහීනී සේවාව ‘කලාකවය’ වෙනුවෙන් වීරා ෆොන්සේකා ද කැමරාකරණයෙන් සහය විය.
මේ සියල්ල සිදුවූයේ සහෝදරත්වයේ සීමා මායිම් තුළ වීම නිසා ඒ උදව් උපකාරවලට නව වටිනාකමක් හිමිවිය යුතු නේද?
Sunday, 24 April 2016
සෝමපාල හේවාකපුගේ
මෙම ලිපිය රාවය පුවත්පතේ 2016-04-24 දින පලවූවකි.
බලවත් සංස්කෘතික මිනිසෙකුගේ අහිමිවීමක්
කලා ක්ෂේත‍්‍රයේ නිමග්න බොහෝ උදවියට සෝමපාල හේවාකපුගේ සමග බෙදා හදාගත් චමත්කාරජනක ජීවන අත්දැකීම් සමුදායක් තිබිණි. ඔහුගේ මරණයත් සමග මතක වැස්සක් පරිද්දෙන් ඒ අත්දැකීම් සමුදාය මාධ්‍ය හරහා බෙදා හදා ගැණිනි. සෝමේ හා මගේ ඇසුර ඇරඹෙන්නේ මීට වසර තිහක පමණ කාලයක සිටය. ඔහු අපූරු චමත්කාර ජනක හා ශක්තිමත් ගමන් සගයෙකු විය. ඔහුගේ මිතුරු ජාලයට ඇතුලත් වූ කවර තරාතිරමේ පුද්ගලයෙකු වේවා එකම සමානත්වයකින් ඇසුරු කළේය. අමරදේව පණීභාරත චිත‍්‍රසේන කේමදාස මනෝ දිද්දෙණිය රෝහණ නිමල් ලක්ෂ්මන් හඳගම වේවා අප වැනි ඊට වඩා බොහෝ පහල තලයක අයෙකු වේවා මිත‍්‍රයෙකු නම් සෝමේට ඒ සියල්ලම සමාන මිතුරන්ම විය.
ඔහු අඩපන වී මියයමින් සිටියේ තරමක කාලයක සිටය. ගිය වසරේ සැප්තැම්බරයේ රෝගීව සයනාසනව සිටි සෝමේ බලන්නට ගිය විට පැරණි පුරුදු සතුටෙන්ම ඔහු අපව පිනවීය. අභාග්‍ය සම්පන්න රෝගී ඉරණමකට කලක් තිස්සේ ගොදුරු වී සිටි ඔහුට ප‍්‍රබෝධමත් ජීවන හුස්මක් ආපසු ලැබුණු බව පැවසුවේ නිමල් ඒකනායකය. ආපසු ලබා ගැනීමේ චේතනාවෙන් තොරව මිත‍්‍ර ප‍්‍රජාවකට කළ මෙහෙවර කෘතගුණයක් ලෙස නැවත ඒ මිතුරන් විසින්ම ලෙඩ ඇඳට වැටුණු සගයාට නැවත පුදා තිබුණු නිසාය ඒ.
සෝමපාල හේවාකපුගේ යනු සැබෑ සංස්කෘතික මිනිසෙකි. මගේ ඔහු කෙරේ වන ළබැඳියාව අභිබවා මා විසින් සෝමේ හඳුනා ගන්නේ එලෙසිනි. සෝමපාල හේවාකපුගේ වැනි සංස්කෘතික මිනිසුන් තැනූ සමාජ පරිසරය ශී‍්‍ර ලංකාව තුළින් අහෝසි වී ඇති බව මගේ හැඟීමයි. අශෝක හඳගම කියනා පරිද්දෙන් සිනාව අමතක වූ සමාජයක ජීවත් වන අපට සෝමේ සිනාවේ තෙත් බව කියා දුන් දෙවියෙක් බඳු මිනිසෙක් විය.
ශී‍්‍ර ලාංකීය කලාවේ ස්වර්ණමය දශකයක් වූ හැටේ දශකයේ සිට 21 වන සියවස දක්වා කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ නිරත නිර්මාණ කරුවන් සමග ගැවසුණු සෝමේ ඒ කාලය තුළ පරම්පරා අතර ගමන් කළ ¥තයෙකු බවට පත්වූ සත්පුරුෂයෙකි. එමෙන්ම පරම්පරා අතර මිතුරුදමේ පාලම් තැනූ මිනිසෙකි. එකල චව්කොස්කිගේ ීඅ්බ ක්නැ ඔහු අතට පත්වූ විට එය අසා රස විඳ ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සුදුස්සන් අතට එය පත් කළේ දැනුම හා රස විඳීම බෙදා හදා ගත යුතු දෙයක් යැයි විශ්වාස කළ හෙයිනි. ඔයැ ඛ්ිඑ ඔැපචඒඑසදබ දෙ ක්‍යරසිඑ බියගම මර්වින් පෙරේරා පියතුමාගේ ආස‍්‍රමයේදී ඔහු නරඹා තිබිණ. ඉනික්බිති සමහර හැන්දෑවල එය නැරඹිය යුතු යැයි සිතෙන පිරිස් ෂඡුඊ මුද්‍රණාලයට එක් රැුස් කොට කාගේ හෝ වාහනයකින් බියගමට ගෙන ගොස් එය නරඹන්නට සැලස්වූවා මට මතකය. එකිනෙකා හා මෙලෙස නරඹන හා විඳින කලාකෘති ගැන කතා කරන ඔහු ඒවායේ දී මතුවන අදහස් තම මිතුරන් අතර බෙදා හදා දුන්නේය. බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ වේවා, ඉන්දියානු සංස්කෘතිය මධ්‍යස්ථානයේ වේවා, ලූම්බිනියේ ලයනල් වෙන්ට්ඞ් හි වේවා උසස් කලා කෘතියක් නැරඹීමට අවස්ථාව ලැබුණු විට ඔහු ඒ තොරතුරු අනෙකුන් හා බෙදා හදා ගනිමින් ඒ ආස්වාදය ජනගත කළේය. සැබවින්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයක සිට අග නගරයට සංක‍්‍රමණය වූ අපගේ උසස් කලා රසාස්වාදනයට මං පෙත් විවර කර දුන් මහෝත්තමයන් අතර කෙනෙකි සෝමපාල හේවා කපුගේ, එවැනිම අනෙක් තැනැත්තා දිවංගත පියසේන ගුණතිලකයන්ය. හැරල්ඞ් පීරිස් තවත් එවැන්නෙකි.
මාතරින් කොළඹට පැමිණි සෝමේ සිය සොහොයුරා ඇසුරෙන් මුද්‍රණ කර්මාන්තයට පිවිසුණි. ද්විභාෂික උගතෙකු වූ ඔහුගේ මනරම් ආත්මය තුළ කළ එළියට නොගත් කලාකරුවෙකුද සිටියේය. ඔහු ලියූ ඇතැම් කවි එකළ මා සංස්කරණය කළ ‘මාර්ඟ’ සඟරාවේ පළ කර ඇත. අශෝක හඳගම සෝමේ තුළ සිටි විශේෂිත චරිතාංග නළුවා එළියට ගත්තේය. චිත‍්‍රසේන ලෙස්ටර් වැන්නන් සමග ඉංගිරිසියෙන් ගනුදෙනු කළ ඔහු බොහෝ දෙනා සමග සිංහලෙන් ගනු දෙනු කළේය.
විවිධ පක්ෂවල ප‍්‍රබලයන් සෝමේගේ මිතුරන් වුවත් ඒ කිසි පක්ෂයක ඔහු අනුගාමිකයෙකු නොවීය. ඒ සියල්ල සමග ඔහු සම සිතින් ඇසුරු කළේය. කලි කලහයන්ට මැදිවන සියලූ දෙයින් මිදී ඊට ඉහළින් සිටීමට හැකි සමත්කම සෝමේට තිබිණි.
කලාකෘතියක් නිෂ්පාදනය වූ පමණින් එයට හිමි ආනුභාවය සමාජ ගත වන්නේ නැත. ඒ සඳහා දියුණු සහෘද රසික පර්ෂදයක් අවශ්‍යය. හැටේ දශකයේ කලාව ආනුභාව සම්පන්න වන්නේ එදා තිබුණු ඒ රසික පර්ෂදය හරහාය. අද පවතින ප‍්‍රබුද්ධ රසික පර්ෂදයේ දුබල බව වත්මන් කලාවේ තත්වය මෙසේ වීමට බලපා ඇත. හැටේ දශකයේ කලාව හා කලාකරුවන් ඇසුරින් හුවමාරු වූ ඥාන සම්භාරය සෝමෙට බලපෑ අතර එයම කලාව වෙනුවෙන් යම් යම් පරිත්‍යාග කිරීමට ඔහු පෙළඹවීය. එමෙන්ම ඊට පසු යුගයක කලාව සිය ආත්ම ප‍්‍රකාශනය කරගත් බොහෝ උදවියට සෝමේ සිය අතීත අත්දැකීම් ඇසුරෙන් කියා දුන් බොහෝ දේ තම කලාවේ හැඩහුරුකම සකසා ගැනීමට බලපෑවේය.
කවිය සිනමාව චිත‍්‍රය නවකතාව නර්තනය සංගීතය ප‍්‍රචාරණ කලාව වැනි විවිධ කලා මාධ්‍යයන්හි දැවැන්තයෝ ද ආධුනිකයෝ ද ෂඡුඊ ආයතනයට පැමිණ සෝමේ වටා ගොනු වූහ. මුද්‍රණ කටයුත්තකට පමණක් නොව මරදාන පැත්තේ ආ විට සෝමේගේ තැන රජයන හිතකාමී පරිසරය නිසා කලි කලහයෙන් මිදී සිතට සහනයක් පතාමත් බොහෝ උදවිය ඔහු හමුවට ගියහ. එතනදී අන්තර් විෂයයන්හි නිරත එකිනෙක කලාකරුවන්ගේ සංලාපයන්ට මඟ පෑදුනෝය. ‘තමා නිමග්න කලාවෙන් බැහැර අනෙක් කලාවක් සේවනය කිරීම තම කලා භාවිතය පෝෂණය කරන්නේය’ යන පාඩම මට කියා දුන්නේ පී මාමායයි අප හැඳින් වූ දිවංගත පියසේන ගුණතිලකයන්ගෙනි. එමෙන්ම අන්තර් කලා රසාස්වාදනය අපගේ එදිනෙදා ජිවිතයට බද්ධ වූ චමත්කාර ජනක පුරුද්දක් බවට පත් කිරීමට සෝමේ හා වූ ඇසුර බලපෑවේය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට, නර්තන උළෙලකට සංගීත ප‍්‍රසංගයකට. සරච්චන්ද්‍රයන්ගේ හෝ සුගතපාල ද සිල්වාගේ නාට්‍ය පුහුණුවක් නැරඹීමට සෝමේට පුද්ගලිකව ලැබෙන ආරාධනාවකට අපද කැටව ගියේය. පොදුවේ ඒවා ගැඹුරින් රස විඳීමට මං පෙත් සලසා දුන්නේය.
මෑතක දී නිමල් ඒකනායක ‘සොක‍්‍රටීස්’ නිෂ්පාදනය කළේය. ආචාර්ය ජයලත් මනෝරත්න ‘හඬ නිහඬ’ නාට්‍යය නිෂ්පාදනය කළේය. නාට්‍ය දෙක නිෂ්පාදන අවදියේ පසුවෙද්දී මම මනෝ හා නිමල් සමග නිෂ්පාදන ගලායන ආකාරය ගැන විටින් විට කරුණු විමසීමි. දෙදෙනාටම ඒ සම්බන්ධ දුක් ගැනවිලි තිබිණ. මට හැඟී ගිය ආකාරයට ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල ඒ දෙදෙනාටම අතීතයේදී චමත්කාර ජනක අත්දැකීමක් වූ නාට්‍ය නිෂ්පාදනය අද වෙහෙස කර අරගලයක් බවට පත්වී ඇති සෙයකි. චමත්කාරජනක ජීවන අත්දැකීමක සිට වෙහෙසකර අරගලයක් බවට පත්වීමට බලපෑ හේතු අතර එකක් වන්නේ එවැනි කටයුතුවලට අනුප‍්‍රාණය සැපයූ සෝමේ වැනි සහෘදයන්ගේ සහාය නොලැබීම යයි සිතමි. සරච්චන්ද්‍රයන් හෝ සුගතපාල ද සිල්වා තම නාට්‍යයක පුහුණුවීම් බලන්නට සෝමේට ආරාධනා කරන්නේ නාට්‍ය වේදය හෝ එහි හැඩතල ගැන යමක් අසා දැන ගන්නට නොවේ. ලෙන්ගතු මිතුරුකමට අමතරව ප‍්‍රබුද්ධ රසිකයෙකුගේ අදහස් දැන ගැනීමේ අටියෙනි.
අද අපේ සමාජය වනාහි බලවත් සේ දේශපාලනීකෘත වූ සමාජයකි. ඒ දේශපාලනයේ බලි බිලි බවට පත් වූ අපේ අගනා කලාකරුවෝ එතෙක් තමන්ට සමාජය ඇමතීමට තිබූ පොදු වේදිකාව අහිමිකර ගෙන ඇත. සෝමේ මේ තත්වය කල්තියා දුටු මිනිසෙකි. සිය හිත මිතුරන් වූ මිනිසුන් පක්ෂ දේශපාලනයේ අත කොළු වන විට ඔහු කණස්සල්ලෙන් පසුවිය.
මිතුරුදම් හොඳින් පැවැත්වීමේ හැකියාව නිර්මාණාත්මක දෙයකි. එමගින් සැපයෙන අනුප‍්‍රාණය මිනිසුන් ජීවත්කරවයි. සිය හිත මිතුරු කලාකරුවන් මැදිහත්වී ඔහු වෙනුවෙන් පැවැත්වූ ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයේදී කලාකරුවෝ සෝමේගෙන් ලද අනුප‍්‍රාණය වචන දෙක තුනකින් පැවසීය. ඒ වචන කිහිපය මරණාසන්නව සිටි සෝමේ කලකට නැගිටවාලූහයි කියනු ලැබේ.
දේශපාලකයන් පසුපස යන කලාකරුවන් ඔහුට කනස්සල්ලක් ගෙන දුන්නත් කලාවේ දේශපාලනය සෝමේට සතුටු සහගත බලාපොරොත්තුවක් විය. අශෝක හඳගම ‘චන්ද කින්නරී’ නිපද වූ විට ඒ වටිනා චිත‍්‍රපටියක් වන්නේ කෙසේදැයි කියමින් අප වෙනුවෙන් පූර්ව දර්ශනයක් සංවිධානය කර දුන්නේය. 88-89 බිහිසුණ වකවානුවේ ඒ භීෂණයම තේමා වූ ‘මාඝාත’ නාට්‍ය පිටපත අනුමත කරවා ගැනීමට සෝමේ දුන් සහය හඳගමයන් කෘතවේදීව සිහිපත් කරයි.
අජිත් තිලකසේනයන් රජයේ සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටියදී ඔහුගේ ආර්ථිකයට සහායක් වශයෙන් ‘උපදේශක තනතුරක්’ දී ෂඡුඊ ගේ මේසයක් පුටුවක් සකස් කර දුන්නේය. නොකර බැරිකමට පෲෆ් එකක් ද බලවා ගත්තේය. එහෙත් තිලකසේනයන්ගේ බඳවා ගැනීම ගැන සෝමේ මා සමග කීවේ වෙන කතාවකි. ‘මචං... අජිත් වගේ මිනිහෙක් ළඟ ඉන්නකොට මොන තරං දෙයක් ඉගෙන ගන්නවද? මං විතරක් නෙමෙයි. මෙතෙන්ට එන එවුනුත්... අයිය නම් විරුද්ධයි. ඒත් එයා විරුද්ධ වුණා කියල බෑනේ.’ එතැන් සිට ඔහුගේ කතා සරිත් සාගරය තුල අජිත් තිලකසේන කී කතා බොහොමයක් තිබිණි.
තමන්ට හැකි නිසඟ හැකියාවන් පාවිච්චි කරමින් බුම්මාගෙන සිටි කලාකරුවන්ට සිනාසෙන්නට ඉගැන් වූයේ සෝමේය. තමාගේ කලාවේ මහන්තත්ත කමට අමතරව අනෙකුත් මහන්තත්ත කලාවන්ද ඒවා කරන මිනිසුන්ද සිටින බව සමහරුන්ට පසක් කර දුන්නේ ඔහුය. සියල්ලන්ගේ උස් කම් මිටි කළේත්ල මිටි කම් උස් කිරීමටත් ඔහුගේ ‘මචං’ කම බලපෑවේය. මාගේ සමස්ත ජීවිතය පුරා ‘මචං’ යන ඇමතුම මෙතරම් බලගතුව යෙ¥ මිනිසෙකු හමු වී නැති තරම්ය.
සෝමපාල හේවාකපුගේ යනු ඉතිහාසගත චරිතයකි. ඔහු වෙනුවෙන් පොතක් ලිවීමට ප‍්‍රවීණ ලේඛිකා කැතලීන් ජයවර්ධන ඔහු ජීවතුන් අතර සිටියදීම ඉදිරිපත්වීම අපේ වර්ගයා වෙනුවෙන් කළ උතුම් කාර්යයකි. ඒ පොත ඔහුගේ ජීවිතයට කෙතෙක් අනුප‍්‍රාණය සැපයීද යන්න අන්තිමවරට ඔහු හමු වූ විට මට පසක් විය. ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයද එවැන්නකි.
සෝමපාල හේවාකපුගේ නම් වූ ප‍්‍රබල චරිතය ද එවැනි ගති ලක්ෂණ ඇති කුඩා චරිත ද බිහිවූ සමාජ අවකාශය අපට අහිමි වී ගොසිනි. එය සාමාජීය විකාශනයේ ප‍්‍රතිඵලයකි. ඔහු දුක්බර නිමේෂයන් පළවා හැරීමට සිය මිතුරුකම් පාවිච්චි කළේය. ඒ හිත මිතුරු කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතය පැත්තෙනි. ඔහු කලාවට සහය දුන්නේ කවුරුත් කියන සමරු කලාපය හෝ පෝස්ටරය මුද්‍රණය කරදීමෙන් පමණක් නොවේ. ඒ කලාකෘතිවල ඇතුලාන්තයටම උදව් කිරීමෙනි. ඒ කෘතිය හිමි කලාකරුවා මානසිකව නඟා සිටුවීමෙනි. එකී කලාකරුවා නොදුටු ඉම් පෙදෙස් පෙන්වා දීමෙනි.
සෝමේ පසුගිය දශකයක පමණ කාලයක සිටියේ රෝගීව සයනාසනවය. එහෙත් ඔහුගේ අතීත මහා මෙහෙවර හේතුවෙන් අපට ඔහු සජීවී සහකරුවෙකු සේ දැණිනි.එහෙත් ඔහු කායිකවද අපව හැර යන විට මහා සතිපට්ඨානය සජ්ජායනය කරන විට දැනෙන සාංකාකුල හා බලවත් දුක්බර හැඟීමක් දැනෙයි. ඒ සා හැඟීමක් දැනෙන්නේ හෘදයංගම වූ මහාපුරුෂයන් කෙරේ පමණි.
ආදරණීය සෝමේ ඔබ එවැනි මහා පුරුෂයෙකි.
චන්ද්‍රරත්න බණ්ඩාර
Subscribe to:
Posts (Atom)









