Monday, 19 January 2015

චන්දි‍්‍රකා බණ්ඩාරනායක නම් වූ ඇය....




චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග නැවතත් බල දේශපාලනයේ මුදුන් තලයට පැමිණීම පිළිබඳව බොහෝ උදවියට ඇත්තේ විෂම හැ`ගීම් විය හැකිය. ඉක්මගිය ජනාධිපතිවරණයේදී බැරිවෙලාවත් ඇය ජනාධිපති අපේක්ෂිකාව වූවා නම් අනිවාර්යයෙන්ම ඇය පරදා මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කරන බව මගේ හැ`ගීමයි. මක් නිසාද යත් ජාතිකවාදී මධ්‍යස්ථ ඡුන්ද පවා ඇයට එරෙහිව වැටෙන නිසාය.
           එහෙත් ඇගේ පැරද‍්‍රමට හේතුකාරක වනු ඇත්තේ ඈ ඇගේ රජය කාලයේ ¥ෂිතයන් රැුකීමට කළ කි‍්‍රයාවන් නොවේ. එසේ නම් ඇය පරදවා  මහින්දට ජයග‍්‍රහණය කළ නොහැකිය. ඇය පරදින්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට  දැරූ අවංක උත්සාහය නිසාය.
       චන්දි‍්‍රකා පිළිබඳව මගේ කියවීම වික්ටර් අයිවන් සිය ”චෞර රැුජින ” කෘතියෙන් කියවුණු තරම් කලූම කලූ එකක් නොවේ. විජේතුංග හැරුණු කොට අනෙකුත් විධායක ජනාධිපතිවරුන් කළ භයානක රටට අහිතකර වැඩ ඈ අතින් සිදුවූයේ අනෙක් අයගෙන් හතරෙන් පංගුවක් පමණය.
      ඈ මගේ ලෝකය තුළ විශිෂ්ටත්වයට පත්වන්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට ඈ දැරූ අවංක උත්සාහය නිසාය. ඈ නොවන්නට අද දවසේ ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් යන්න බොහෝ ඈතවූ අදහසක් විය හැකිව තිබුණි. දීර්ඝ කාලයක් වාමාංශිකයන් හා ලිබරල්වාදීන් ජාතික ප‍්‍රශ්නය සංහිඳියා සම්පන්නව විසඳා ගැනීම සඳහා කළ කී දෑ ඇගේ ආශිර්වාදය යටතේ එක් තැන් කිරීමට හැකිවිය.
        චන්දි‍්‍රකා ජාතික ප‍්‍රශ්නය විසඳීම දෙස බැලූ තවත් සාධනීය ආකාරයක් වන්නේ ජනතාව දැනුවත් නොකර පාලකයන්ගේ ගේමකින් පමණක් එකී ගැටලූව විසඳිය නොහැකි බවයි. ඒ දැක්ම අනුව යමින්  විශ්ව විද්‍යාල ඇදුරන් හා වෙනත් බුද්ධිමතුන්ගෙන් සමන්විත සාම බලකායක්  ඈ විසින් නිර්මාණය කළාය. ගම් දනව් සැරිසරමින් දේශන වැඩ මුලූ පැවැත්වීමට හා වෙනත් මහජන දැනුවත් කිරීම්වලට ඇය අනුබල දුන්නාය.
      මා හිටපු ජනාධිපතිනියගේ යම් සමීප බවකට පත්වූයේ නිමල් ඒකනායක මගේ මිතුරා හරහාය. ඒ ඔස්සේ එකළ සිදුවූ ජාතික ගැටලූව විසඳීමේ කි‍්‍රයාන්විතය සඳහා මවිසින් ”බලය බෙදාහැරීම- ඉතිහාසය- වර්තමානය- අනාගතය ” යන කෘතිය සම්පාදනය කෙළෙමි. ජාතික ගැටලූව විසඳීම සඳහා වූ සියලූ නෛතික හා වෙනත් උත්සාහයයන් ගේ සාහිත්‍යය එයට ඇතුළත් විය. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය චානක අමරතුංග, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ඇතුලූ බොහෝ විද්වතුන් එකී කෘතියට ලිපි සැපයීය. කොටින්ම මා වැනි කුඩා මිනිසෙකුගේ කෘතියකට ඇගේ අදහස් ඇතුළත් ලිපිය ඇයම සංස්කරණය කිරීමට තරම් ඈ මෙම විෂය ගැන උනන්දු වූවාය. එකී කෘතිය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රකාශනය කොට ලංකාවේ සියලූ විහාරස්ථාන, පාසල් හා ප‍්‍රසිද්ධ පුස්තකාල ආදියට චන්දි‍්‍රකාගේම අත්සන් සහිත ආවරණ ලිපියක් සමග යැවීය.
      එසේ යැවුණු පොත ලැබුණු ඇතැම් හාමුදුරුවරු හා වෙනත් ජාතිවාදී පිරිස් චන්ද්‍රිකාටත්, පොතේ සංස්කාරකවරයා වන මටත් , ආණ්ඩුවේ ජාතික ප‍්‍රශ්නය විසඳීමේ උත්සාහයටත් අපහාස කරමින් ලද ලිපි බොහෝ ගණනක් මා සතුව ඇත. ඇයගේ අත්සනින් යැවීමට මා සැකසූ ලිපිය තම අත් අකුරෙන් ඩඩා හොඳින් නැවත සැකසීමට පවා ඇගේ කාර්ය බහුල ජීවිතයෙන් විනාඩි ගණනක් වැය කිරීමට තරම් එතුමිය ජාතික ගැටලූව පිළිබඳව සවිඥානක වූවාය.
     ජාතික ගැටලූව විසඳීමට චන්දි‍්‍රකා මෙන්ම රනිල් වික‍්‍රමසිංහද අවංක උත්සාහයක් දැරුවේය. එහෙත් ඔහු චන්දි‍්‍රකා තරමට ජනතාව මේ විෂය සඳහා දැනුවත් කළ යුතු යයි විශ්වාෂ කළේ නැත. කොටින්ම ඔහු ජනතාවගේ බලය ගැන විශ්වාෂ නොකරන පන්නයේ නායකයෙකැයි මම අදටත් විශ්වාෂ කරමි. ඒ කරුණේදි ඔහු වඩා සමීප වන්නේ ඔහුගේ මාමා වන ජේ.ආර්. ටය. රනිල් වික‍්‍රමසිංහ ජාතික ගැටලූව විසඳීම බල දේශපාලනයේ මුදුන් තලයේ නූල් සූත්තර ඇදීමෙන් කල හැකියයි විශ්වාෂ කරන්නෙකි. රනිල් ජනතාවාදී පාලකයෙක- නොවන්නේ ඒ දුර්මතය නිසාය.
     චන්දි‍්‍රකා රනිල්ට වඩා ලිබරල්වාදී ගති ලක්ෂණ වලින් පොහොනා යයි මම සිතමි. සම්ප‍්‍රදායික වැඩවසම් බලවේගයන්ට බඩ පිනුම් ගැසිය හැකි පරිසරයක ”සම අවස්ථා පනත” ගෙන ඒමට තරම් පාලිකාවක් වශයෙන් ඇගේ තිබූ නිර්භීතභාවය නිදහස් බුද්ධිමතුන් අතින්වත් ඇගයීමකට ලක්වූයේ නැත.
     ඇගේ පාලන සමයේ ඇගේ පාලන කි‍්‍රයාවලියේ හොඳ නරක වෙන වෙනම ගැනීමට තරම් දේශපාලන බුද්ධිමතුන් විචාරකයන් සමත් වූවා නම් ඈ ඇගේ කූට අන්තේවාසිකයන් අතර සිරකාරියක්ව විනාශ නොවන්නට ඉඩ තිබුණි.

Saturday, 17 January 2015

සාස්තර කාරයන්ට නිදහසේ සාස්තරයක්වත් කියන්නට බැරිවූ රටක්






            සුමනදාස අබේගුණවර්ධන යනු කපටියන් අතර ශූර කපටියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සුමනදාස අබේගුණවර්ධන තමන්ගේ දැන උගත් ශාස්ත‍්‍රය හමුවේ අසරණයෙකු වූ බව සිතන විට සියුම් අනුකම්පාවක් ඔහු ගැන ඇතිවේ. මහා දැන උගතෙකු නොවූ සුමනදාස සාමාන්‍ය වේලා පත්කඩක් බලා ගැනීමට රුපියල් විසිපන්දහසක් වැනි ඉහළ මුදලක් අය කිරීමට හැකිවූයේ ඔහු මහ රජුගේ දෛවඥයා වූ හෙයිනි. එමෙන්ම කිසිසේත්ම ඔහු වැනි මිනිසෙකු නොසිටිය යුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ රට ගැන, රටේ වැදගත් මර්මස්ථාන ගැන තිබුණු හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය ගැනද අපට හැ`ගීමක් ලබා දෙමිනි. 
      දැන් සුමනදාස අමුතු කතාවක් කියයි. ඔහු මහින්ද රාජපක්ෂ පරදින බව දැන සිටිය බවත් ඒ බව නොකීවේ ඔහුට ඇති බය නිසා බවත්ය. මහින්ද රාජපක්ෂගේ චර්යාවන් ගැන සිතන විට සුමනදාසගේ කථාව ඇත්තක්යැයි විශ්වාෂ කළ හැකිය. එයින් පෙනී යන්නේ සාස්තරකාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කීමට බැරි පරිසරයක් මහින්ද රාජපක්ෂ විසින් නිර්මානය කර තිබූ ආකාරයයි.
      නව ග‍්‍රහයන් ආසි‍්‍රතව සාස්තර කියූ සුමනදාසත් තමා දන්නා ඇත්ත කීමට නොගියේ මරණ බිය නිසා නම් ලංකාවේ ඇත්ත කියන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ විපත් තේරුම් ගත හැකිය. එහෙයින් සුඛෝපභෝගීව ජීවත්විය හැකි වූයේ සුමනදාස මෙන් රජා සතුටු කිරීමට බොරු කී ජනමාධ්‍යවේදීන් පමණය. සුමනදාසගේ ගනයට වැටෙන පළමු ජනමාධ්‍යකරුවා ලෙස මා හඳුනාගන්නේ ආරියනන්ද දොඹගහවත්තය. ු නීති විරෝධීව ප‍්‍රචාරය කිරීමට ජනාධිපතිතුමා හා කළ රූපවාහිනී සාකච්ඡුාව මෙහෙය වූයේ දොඹගහවත්තය. ඒ දැකීමෙන් දොඹේ ගැන මට තිබූ ශේෂ මාත‍්‍ර ගෞරවයද අවසන් විය. සුමනදාස පන්නයේ ජනමාධ්‍යකාරයෝ සුමනදාස මෙන්ම සුඛ විහරණ ලැබූහ. කරුණාදාස සූරියාරච්චි, මහින්ද අබේසුන්දර, සීලරත්න සෙනරත්, බන්දුල පද්මකුමාර, රාජ්පාල් අබේනායක, සුදර්මන් රදලියගොඩ, අනුර සිරිවර්ධන, මොහාන් සමරනායක, මේ අතරින් කිහිප දෙනෙකි.
       ජනවාරි අටවෙනිදා මහජන බලවේගය විසින් අවසන් කරනු ලැබුවේ සාස්තර කාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කිව නොහැකි මෘග පාලනයකි. ඒ පාලනය හමාර කිරීමට කැපවූ සියල්ලෝම බුහුමන් ලැබිය යුත්තෝය.

Saturday, 10 January 2015

ජනවාරි 8 වනදා යනු

 
 
               ජනවාරි 8 වනදා යනු ලංකාවේ කුඩා මට්ටමේ හෝ විප්ලවයක් සිදුවූ දිනයක් බව මගේ හැගීමයි. එහෙත් එහි ජීව ගුණය හා ඒ කටයුත්තට උරදුන් මිනිසුන්ගේ අපේක්ෂා භංග වන බවත් පළමු වාරයේදීම කළ පත්වීම් වලින් පෙනෙන්නට තිබේ. ඉන් පළමු වැන්න ජනාධිපති ලේකම් පත් කිරිමයි. එවැනි මර්මස්ථානයකට මෙතරම් දූෂිත මිනිසෙකු පත් කිරීම කෙතරම් යුක්ති යුක්තද? මේ වෙනසට හදවතින්ම දායකවූ දක්ෂ, අවංක, දේශපාලන හෘද සාක්ෂියක් සහිත උගතෙකුවූ කරුණාරත්න පරණවිතාන ,දක්ෂ කඩිසර පරිපාලන නිලධාරියෙකු වූ , පී.බී.ජයසුන්දරගේ අනීතික යෝජනාවන්ට අකමැතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිකමෙන් ඉල්ලා අස්වූ සුනිල් සිරිසේන වැනි ජේෂ්ට පරිපාලන නිලධාරියෙක්, පරිපාලන ක්ෂේත‍්‍රයේ ස්වාධීනත්වය සඳහා විශාල සේවාවක් කළ රනුග්ගේ , අඩුම වශයෙන් මහින්දගෙන් දේශපාලන වශයෙන් බැට කෑ තිලක් රණවිරාජ වැන්නෙකුවත් මේ තනතුරට යෝජනා නොවුණේ ඇයි.? මේ නම් වගේම තවත් දක්ෂ හොඳ මින්ස්සු කොතරම් නම් ඉන්නට ඇද්ද මේ පිංගුත්තර අබේකෝන්ට වඩා.
    
              සෝමරත්න දිසානායකට මහින්ද පාලනය තුළ තිබූ සිය සුඛ නම්‍ය පැවැත්ම බාධා විරහිතව ගෙන යාමට රූපවාහිනියේ සභාපති ධුරයට මේ පත්වීම හේතුවනු ඇත. විද්යුත් මාධ්‍ය ගැනත් , ප‍්‍රසංගික කලාව ගැනත් දැනුමක් සමග හොඳ හදවතක්ද, නිර්භීත ආත්මයක්ද සහිත ලක්ෂ්මන් විජේසේකර වැන්නෙක් ඒ තනතුරට යෝජනා නොවුණේ අපේ අවාසනාවටද? මෛතී‍්‍රට වැටුණු ඡුන්ද ලක්ෂ ගණනක් ලක්ෂ්මන්ට නිල් බලකායේ පහරදීම් නිසා මෙරටේ සංවේදී මිනිසුන්ගේ ඡුන්ද බව අප අමතක කළ යුතු නොවේ.

Thursday, 8 January 2015

ඔහු ගිය පසු


 වසර 45ක දේශපාලන අත්දැකීම් සහිතව මහින්ද රාජපක්ෂ දේශපාලනය කළත් ඒ පරිනත බව සිය  රාජ්‍ය පාලනයේදී කිසිදු විටක ප‍්‍රයෝජනයට නොගත්තේය. ඔහුගේ දේශපාලනය පුරාම වැඩි විශ්වාෂය තැබුවේ සංහිඳියාව ගැන නොව චංඩිකම් ගැනය. චණ්ඩි මල්ලීට පළාත් සභාවේ ඇමතිකමක් නොදෙන්නේ නම් ඔහු දේශපාලනයෙන් ඉවත් වන බව කියා චන්දි‍්‍රකාි සමග රණ්ඩු කළේය. ජුලම්පිටියේ අමරෙලා” සම්පත් විදාන පතිරණලා සාරුවා සුනිල්ලා රැුක බලා ගත්තේ ඔහුය. ඔහු තමදරුවන්ට ඉගැන්වුයේ වැදගත් මිනිසුන් වන හැටි නොව බලවත් මිනිසුන් වන හැටිය.
    ලංකාවේ සිටි හැම නායකයෙක්ම ඔවුන්ගේ දරුවන් ඔල මොට්ටලයන් වුනත් අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කළේය. ඩී.ඇස් සිය පුතු ඩඩ්ලිටත් , බණ්ඩාරනායක සිය දරු තිදෙනාටත් ,ජේ.ආර් සිය පුතුටත් , පේ‍්‍රමදාස සජිත්ටත් , චන්දි‍්‍රකා  සිය දරු දෙදෙනාටත්  ඒ දෙමාපිය යුතුකම ඉෂ්ට කළේය.  එහෙත් මහින්ද සිය දරුවන් ලවා  රගර් ගැස්සුවේය. ඔ්නෑම ඉහළ පැලැන්තික නුගත් දරුවෙකුට ඇතිවිය හැක් කාර් රේස්” අශ්ව රේශ් ආදියට මේ ජනාධිපති පියා ඉඩ දුනනේය. සිය දරුවන් දෙදෙදෙනා ඉහළ සමාජයේ සල්ලාලම දරුවන් වෙදද්දී පියෙකු ලෙස එහු ඒවා වැළැක්වූයේ නැත. ඒවාට එරෙහි වන එවුන්ට ඔහු  දඩුවම් දුන්නේය. මර්වින්ලා” එස්බිලාගේ මුතුහෙට්ටිගමලා ගේ චංඩිකම් වැලක්වුයේ නැත’’ ඒවාට උඩ ගෙඩි දුන්නේය’’ මහින්ද යනු් රාජ්‍ය පාලකයන් අතර සිටි තක්කඩියෙකි’ (ඔහුට කෙලවූ අවස්ථාවේ ඒ සංතෝෂයට අඩියක් ගහමින් ලියන් මේ ලිපිය එතරම් වැදගත් නොවිය හැකිය’*
මහින්ද සිය හතලිස් පස්වසරක පරිනත දේශපාලන ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගෙන තිබේ’ ඒ මේ මහජන බලය ඉදිරියේ ඉවත්ව යාම හැර අන් දෙයක් නොමැති බවයි’’ ඒ ඔහු පළමු වරට ඔහු පරිනත දේශපාලකයනු බව පෙන්නූ අවස්ථාවයි’’
 

Thursday, 25 December 2014

සාධුතර මිනිසකුගේ අහිංසක වෑයම

 
 
 
       සාරුක් ඛාන් නිශ්පාදනය කළ ‘අශෝක’ චිත‍්‍රපටයේ මහා ආපදානයෙන් බැහැර සුලූ දර්ශන කිහිපයක් මගේ මතකයට නැගේ. එනම් කාලිංග යුද්ධයෙන් සිදුවූ ජීවිත විනාශය දැක්වෙන සංග‍්‍රාම භුමියේ දර්ශනයයි. එහි බොහෝ දෙනා මිය ගොසිනි. පණ නළ ඉතිරි වූවෝද ඒ මහා ඝාතන යායේ සිටී. සුදු ඇඳගත් ශ‍්‍රමණයන් පිරිසක් පිරිත් කියමින් ඒ මිනී අතර සැරි සරන්නේ එසේ පණ නළ ඇති මිනිසුන් සොයාය. උන් වහන්සේලා මහා කරුණාවෙන් යුතුව පණ නළ බේරුණු ඒ මුහුණු මතට පිරිත් පැන් ඉසිති.
         මේ දර්ශනය ගැන මට සිහිපත් වූයේ ජයතිලක බණ්ඩාර ගැන මතක් වන විටය. ජයතිලක බණ්ඩාර යනු ු දුර්ලභ මිනිසෙකි. අසමසම මිනිසෙකි. ඔහු හුදු කරුණාවන්ත මිනිසෙක් පමණක් නොවේ. ඒ කරුණාව දේශපාලන අරුතකින් ඔප දමා ගත් මිනිසෙකි. සියලූ අවදානම් භාර ගනිමින් , පීඩාවට පත් පාර්ශවයන් වෙනුවෙන් කැපවීම ඔහු තෝරාගත් ජීවන මාර්ගයයි. අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අඛංඩව සිය තෝරාගත් දුෂ්කර මාර්ගයේ ජයතිලකයන් ගමන් කළේය. මුදල් පිළිබඳ කාරණයක් ඔහු අභිමුවට පැමිණි විට ඒවා පිළිබඳ තැකීමක් නොකළ අල්පේච්ඡු මිනිසෙකි. විකල්ප දේශපාලන ව්‍යායාමයන්හි නිරත මිනිසුන් තමන්ගේ කි‍්‍රයාමාර්ග ජයතිලකගේ කි‍්‍රයාමාර්ග හා සසඳා බැලීම වටී.
          ඔහු අද පහර කන මිනිසෙකි. ඒ පහර කද්දීම ඔහු කියන දෙයක් ඇත. මේ අන්දමට පෙර පාලකයන් තමන්ට නොසැලකූ බවයි. එය ඇත්තකි. වත්මන් පාලනය ලංකා භූමිය මත  පිහිටවුනු මිනිස්කම් වියලූනු රාජ්‍ය තන්ත‍්‍රයකි. මකරාක්ෂ සට්ටැඹියෝ මාධ්‍ය ඉදිරියට විත් හැසිරෙන ආකාරයෙන්ම ඔවුන්ගේ මකර ගති අපට හඳුනාගත හැකිය. මේ පාලන තන්ත‍්‍රයේ කොටස් කරුවන් වන්නට පෙර, හොඳ මිනිසුන් වූ උදවියද තම හෘද සාක්ෂියට දොරගුලූ දමා වනචරයන් සේ හැසිරෙති. ජයතිලකට පහර දෙද්දී රෝහණ වීරසිංහ පාලකයන් වෙනුවෙන් හ`ඩා වැටෙයි. තවත් කාලයක් මේ පාලකයා වාර තුනක් නොව තිහකට වුවද සුදුසු යයි සමහරු යෝජනා කරති.
      ජයතිලක බණ්ඩාර තම ජීවිතය නොව දේශපාලන තක්කඩිකම් නිසා පීඩාවට පත් ජීවිත මුදුන්පත් කර ගැනීමට අත්වාරු දෙන මිනිසෙකි. සැබැවින්ම ඔහු ශී‍්‍ර ලාංකික වික්ටර් හාරාය. ඔහු අපගේ සෙනෙහසේ පියාපත් අතර ස`ගවා රැුකගත යුතු සාධුතර මිනිසෙකි.
    
  

Tuesday, 23 December 2014

ලෙව්කේ (මැදමූලන) මැතිඳු අද තනියම වෙල මැද්දේ




           ”විමුක්ති අවකාශය” නැමති යෙදුම මට පළමු වරට හඳුන්වා දුන්නේ මා මිත‍්‍ර කරුණාරත්න පරණවිතානයන්ය. මීට වසර කිහිපයකට පෙර ඔහු පැවසුවේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාෂය කවර පාලකයකුට වුවත් සහමුලින්ම බිඳ දැමිය නොහැකි බවත් ජනයා තුළ පවත්නා විමුක්තිකාමී හැ`ගීම් විසින් ඒ උත්සාහයන් නිසැකවම පරාජය කරනු ඇති බවත්ය.

           දේවල් මේ ආකාරයට පෙළ ගැසුනු ඇතැයි පරනවිතානවත් සිතන්නට නැත. මමද එසේ සිතුවේ නැත. එමෙන්ම දේවල් මේ ආකාරයට පෙල ගැසෙනු ඇතැයි මහින්ද රාජපක්ෂවත් නොසිතන්නට ඇත. අද වන විට ජන බලය ඔහුට එරෙහිව නැගී සිටී. ඔහුට අද ඉතිරිව ඇත්තේ අත්තනෝමතික බවේ හා අනීතික , සදාචාර විරෝධී කි‍්‍රයාමාර්ග කිහිපයක් පමණි.

         ලංකාව එකම ඡුන්ද කොට්ඨාසයක් ලෙස ගැනෙන ජනාධිපතිවරණයක් තිබියදී බොදු බල සේනා වැනි ආන්තික දේශපාලන ව්‍යාපාරයකට ආශිර්වාද කිරීමට ඔහුගේ පෙළඹීමම මහින්ද රාජපක්ෂ සතු දේශපාලන නොදැනුවත්කමේ ප‍්‍රකාශනයකි. ඔහුගේ පරාජයේ තීරණාත්මක කාරණා ඉෂ්ට සිද්ධ වන්නේ එකී අඥාන හැසිරීම හරහාය. සුලූ ජාතින්ගේ අභිමතය නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකි බවවත් ඔහුගේ උද්ධච්ඡු මනසට නොවැටහුණි.

      බලය කළමනාකරණයේදී මහින්ද සිටියේ බිංදුවේදීය. බල කළමනාකරණයේ වැරැුද්ද ඔහුට පළමුව කළේ පේ‍්‍රමදාසය. ඒ හේතුවෙන් ඔහු බලගතු දෝෂාභියෝගයකටත් අවසාන උන්මත්තකයකු සේ මරණයටත් ගොදුරු විය. කෙළවර ආණ්ඩු පෙරළියක් වී චන්දි‍්‍රකා කුමාරණතුංග බලයට පත්විය.

      මහින්ද ඒ සිදුවීම් තුට්ටුවකට මායිම් නොකළේය. පේ‍්‍රමදාස සිය පවුලට බර තබා කි‍්‍රයා කළ අයුරු ඉතා පිළිකුළෙන් යුතුව සිය පක්ෂයේ උදවියත් ජනතාවත් බලා සිටි අයුරු මහින්ද නොදුටුවා විය නොහැකිය. එහෙත් පේ‍්‍රමදාසගේ ඒ තුච්ඡු කි‍්‍රයාව මහින්ද කළේ ඊටත් වඩා පිළිකුල් සහගත අයුරිනි.

      සිය පුතුන් තිදෙනාම රටේ ජාතික රගර් කණ්ඩායමට තේරෙන වාසානාවන්ත පියෙකු වැනි පියෙකු පිළිබඳ උදාහරණයක් ඔබට ලෝකයෙන්වත් සොයාගත හැකිද? එවැනි කි‍්‍රයාවක්වත් නොකර සිටිය නොහැකි තරමට මහින්ද තම බලය තුච්ඡු ලෙස පාවිච්චි කළේය. තම පුතුන්ගේ රේස්කාර් පැදීමේ අභිලාෂයට ඔහු ඉඩ දෙන්නේ රටේ ජාතික අයවැයෙන් රේස්කාර් සඳහා වන බද්ද ඉවත් කිරීමෙනි. ඔහු දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේ පෙම්වතියන්ගේ අභිලාෂයන් ද ජාතික අභිලාෂයන් බවට පත්කළ පියෙකි.

       මේ ලියන අවස්ථාවේ තරුණ කලාකරුවෝ රැුසක් ‘අලූත් පරපුර’ නමින් සංවිධානය වී මහින්ද පාලනයට එරෙහිව කටයුතු කරමින් සිටී. ඒ තරුණ කලාකරුවෝ මීට පෙර කිසිදු දේශපාලන හංවඩුවක් නොවැදුනු උදවියය. එහෙත් තමන්ගේ හා තම පරම්පරාවේ අනාගතය ගැන බිය උපදවා ගත් ඔවිහු මේ පාලනයට එරෙහිව අරගලයට අවතීර්ණව තිබේ.

       සංගක්කාර නැමැති ප‍්‍රබුද්ධ කී‍්‍රඩකයා කවර තරමේ මුදලකටවත් ඔබට සහයෝගය දීම මට කළ නොහැකි යයි මහින්ද රාජපක්ෂ ඉදිරියේම කීමට තරම් නි්ර්භීත විය.

       ජයතිලක බණ්ඩාර කලාකරුවා ඇතුලූ එවැනි විමුක්තිකාමී හැ`ගීම් සහිත තරුණයෝ ප‍්‍රබුද්ධයෝ ගුටි කකා මහින්ද පාලනයට එරෙහිව තම හෘද සාක්ෂිය අවදි කරති.

      පේස් බුක් අවකාෂය ඉතා නිර්මාණාත්මකව ආණ්ඩු විරෝධී ප‍්‍රචාර වලින් පුරවති. පේස්බුක් සාමාජිකයෝ ලක්ෂ ගණනින් ඒවා ලයික් කරති.

      මේ කවර නම් හැසිරීමක්ද මකරාට එරෙහිව ලාන්ස්ලොට්ලා දහස් ගණනාවකගේ සාමුහික ප‍්‍රයත්නයකි. එවැනි ප‍්‍රයත්නයන් ආපසු හැරවිය නොහැකි බව ඉතිහාසය සාක්ෂි දරයි.

Tuesday, 2 December 2014

ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

 

              ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නවැත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම ගඟම මුහුදට වැටෙන තැනදී බලාපොරොත්තු විය නොහැක. හරියට ඔබේ එදා සහ අද, මහවැලි `ගගේ ආරම්භයට හා අවසානයට සමාන කළ හැකිය.
             අපේ මව්බිමේ පුංචි අහස මත ඔබ බොහෝ රුවැති දේ, සිතුවම් කර ඇත. ඒවා රස විඳින මගේ රටේ අසරණ මිනිස්සු ඒවායේ අරුතට හා රසයට වසඟ වී සිටියහ. එ්  අසරණ මිනිස්සු ඔබට සිවිල් බලයක් නිර්මාණය කර දුන්හ. එ් සිවිල් බලය නැවත ආපසු ගැනීමට ඔවුනට කවදාවත් නොහැකිය. එහෙත් එය ඔබට විනාශකර ගත හැකිය. කලාකරුවෙකු ලෙස ඔබගේ සංගීත පිංතාරු දුක් විඳින අසරණ මිනිසාගේ ජීවිත ප‍්‍රනිධානියට කුඩා මී විතක් විය. එ් කුඩා දෙයට, එ් ලැබූ දෙයට, මනා ලෙසින් ඒ රසික ජනයා කළ ගුණ සලකති. ඒත් අද ඔබ මිහිරි නලා වාදකයා හා මී රැුලේ සහ සිඟත්තන්ගේ රැුළේ කතාව සිහිපත් කරවයි. හැබැයි එ් කතාවේ රජාට ළමුන් රැුක ගන්නට  ඕනෑ විය. එහෙත්  මේ කතාවේ රජුට ළමුන් බේරා ගන්නට උවමනා නැත. ඔබ මේ යන ගමන කෙළවර ළමුන් රජා වෙනුවෙන් මුහුදටම බිලි කරනු ඇත.
        ඔබට වයස අවුරුදු හතළිහක් පිරුණු මීට වසර විස්සකට පමණ පෙර අතීතයට යන්නෙමි. ඔබේ කුලූපග හිනාවට, පෙත්තෙන් දෙපෙත්තෙන් පෙන්නුම් කළ අනාගත ලංකාවේ කලාවට යම් වටිනා ප‍්‍රදානයන් කරනු ඇතැයි සිතා ඔබේ ජීවිතයට දීර්ඝායු පැතීමට බොහෝ රසිකයෝ පැමිණියහ. එදා උත්සවයේ නම ආදරණීය රෝහණ විය. එ් නම එදා මීට වසර විස්සකට පෙර ඔබට උචිත නොවේයැයි කිසිවකු කීවේ නැත. එදා පදනම් ආයතනයේ බිත්ති පුපුරන්නට තරම් අතුරු සිදුරු නැතිව රසිකයන්ගෙන් පිරී තිබිණ. එදා ඔබට ආදරය පුද කළ මිනිසුන් අබියස ඔබගේ දෑසින් කඳුළක් ගලා ගියේය. එ් කඳුළ ඔබගේ හදවත තෙමා වැටුණු, සහෘදයන් වෙත පිරිනැමූ ආදරයේ කඳුළක් බව බොහෝ කල් යනතෙක් මමද, මම වැනි බොහෝ  අයද මතක තියා ගත්හ. රසිකයෝ ඔබව ආඩ්‍යත්වයට පත් කළහ. ඔබ සංගීත ලෝකයේ තීරණාත්මක මිනිසෙකු බවට පත් කළේය.
1994 එතෙක් වූ දාහත් අවුරදු දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පිහිටුවා ගත් නිදහස් කලා සංධානයේම කලාකරුවන් බොහෝ සේ එකතු වූයේ ඔබේ ආදරණීය නායකත්වය වටාය.  අරමුණ ජයගන්නා තෙක් නිවැරදිව ඔබ එ් යාත‍්‍රාව පැදවූයේය. එ් ගැන මේ අඳුරු මොහොතේද ඔබට ස්තුති කරමි. ඉනික්බිති පාලකයෝ ද,  කලාකරුවෝද සමාන ලෙස විගඩන් නටද්දී ඔබ නිහඬව ඉවත් විය. ඒ ඉවත්වීම කලා සංධානයේද අවසානය විිය.
          එදා මෙදා තුර ගෙවී ඇත්තේ වසර විස්සකි. එ් වසර විස්ස තුළ තෝරාගත් මෙඟහි ඉදිරියට යන සංගීතඥයෙකු නොව භූමිකා වෙනස් කරන නළුවෙකු බවට ඔබ පත්ව ඇත.
        අද ඔබ සමග සිටින අනෙකුත් කලාකරුවන් ගැන කිසිම ගැටලූවක් මට ඇත්තේ නැත. ඇතමුන් එදා වේල හම්බ කරගන්නා අසරණයන්ගෙන් වෙනස් නොවේ. ඔවුන්ට හොඳ නම රැුක ගන්නවාට වඩා බඩ වියත රැුක ගැනීම පිළිබඳ සාධාරණ ගැටලූ තිබේ. පවත්නා තතු විසින් ඔවුනට  තම හෘද සාක්ෂිය සමග සිට ගැනීමට විදිහක් නැත. එහෙයින් ඔවුන් ඒ මත සිටගෙන සිටී. මහා නළුවන් වේෂයෙන්, මහා නිළියන් වේෂයෙන්, ඔබ සමග පෙනී සිටින අනෙක් සමහරු කලාව හෝ මනුෂ්‍යත්වය හරහා දිගහැරුණු මාවත් ගැන තැකීමක් නොකරති. ඔවුන්ගේ අතීත භාවිතයන්ද එයාකාරය. ඔවුන්ගේ ප‍්‍රතිභාවන් වනාහි හෘද සාක්ෂියේ ප‍්‍රතිබිම්බන නොවේ. ඔවුන් හුදු ශිල්පියෝ පමණි. ඔවුන් සේවය කරන්නට සැදී පැහැදී සිටින පාලකයාගේ මහ පොළොව නුහුලන දුර්දාන්ත බලාපොරොත්තු, අඩු වැඩි වශයෙන් ඔවුනටද ඇත. ඔවුන් අද සමාජ දේහයට කරන අපරාධ ඔවුන්ගේ පුද්ගල ජීවිතයේදී බොහෝ කොට ඇත. ඔවුන් දැමිය හැක්කේ අලි බබා අත් නොහැර යන හොරු හතළිහේ සාමාජිකත්වයටය. ඇට නැති දිවෙන් වත්මන් පාලකයා බුදුන්ගේ නෑයෙකැයි කී එකාට මධ්‍යතන යුගයේ නම් කතෝලික පල්ලිය සම්මාන පිරිනමනු ඇත. මක්නිසාද යත් තමන්ට විරුද්ධ ආගමක ශාස්තෘවරයාට කළ පරිහාසය නිසාය. අද කතෝලික පල්ලිය එතරම් දුර්දාන්ත නොවන නිසා සම්මාන ලැබෙනුයේ ‘බුදුන්ගේ නෑයාගෙන්’ පමණි.
         ආදරණීය  රෝහණ , ඔබගේ වයස හැට පහක් වූ ජීවිතයේ  විවිධ සංවේදී ඉසව් පසුකර ඇති බව මම දනිමි. මහඟු ජීවිත හැදෑරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මහඟු ජීවිත ඇසුරු කිරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මිනිසුන් කෙරේ නිර්ව්‍යාජව ඉපදුනු ළෙන්ගතු සුවඳක් ඔබේ අතීත නිර්මාණ තුළින් වහනය වූ අයුරු අප අත්විඳ ඇත.
          එහෙත්, ඔබගේ අතීත මානව උපයා ගැනීම් කැපකරන, මේ පාලනය ගැන ඔබට දුඟදක් නොදැනේද?  මේ පල්වලෙහි මගේ මාතෘභූමියේ සියලූ වටිනාකම් ගිලී යන වග ඔබට නොදැනේද?  මේ පල්වල තවත් පුලූල් කරන්නට ඔබ කරන කැපකිරීම් තුළ ඔබවන් සොඳුරු මිනිසකුගේ මරණ මංචකයට අනවශ්‍ය බිහිසුනු බවක් එකතුවන බව ඔබට නොදැනේද? මේ පාපයන්ගේ සෙවනැලි පැමිණ ඔබට අපායගාමි සිතුවිලි පහළ කරවන බව නොදැනේද?
         මේ පාලකයා තෙවනවර ජනාධිපති කිරීමේ කාර්යයේදී ඔබ අමතන්නේ සංවේදී මිනිසුන්ටය. එයට ඔබ අපූර්ව මාතෘකාවක් දී ඇත. ‘පොදු අපේක්ෂාව’ ආණ්ඩුවේ දේශපාලනඥයන් නම් වූ බඩජාරි ?න ඇඳුම් ගලවාගෙන බොහෝ කල්ය. ඔවුන්ගේ නිරුවත් රංගනය ගැන ඔවුනට ලජ්ජාවක් නැත. ජනතාවද ඔවුන් නිරුවත් බවත්, ඔවුන්ගේ මුවින් දුඟද හමනා බවත් අවබෝධයෙන් දනී. ඔවුන් දරුණු අපරාධකරුවන් බවත්, කරන්නට යන්නේ තවත් බිහිසුණු අපරාධයක් බවත්, ජනතාව දනිති. එහෙත් ඔබ අමතන්නට උත්සාහ කරන්නේ  ඔබ යම් ශාන්තිදායක දෙයක් කරනු ඇතැයි සිතන අසරණ ඇට්ටර නොවූ රසිකයන්ය. මේ පල්වල සුවඳ යයි කියන බොරුව මී පැණි තවරා ගිල්ලවන්නට උත්සාහ කරන්නේ ඔබේ අතීත මහරු නිර්මාණ හරහා ඔබ කෙරේ විශ්වාසය තැබූ සුවහසක් මිනිසුන්ටය. සැබෑ අපරාධකරුවන් වන්නේ ඔබලාය. අර නිරුවත් තක්කඩියන්ව ඔබ විසින් මේ මොහොතේ පසුකරමින් සිටී.
        මේ ගෝත‍්‍රවාදී පාලනයේ වරප‍්‍රසාද ලත් වහලෙකු වන  මහින්ද අමරවීර ඇමතිවරයා පවසා ඇති දෙයක් ඔබ ඇස ගැසෙන්නට ඇත.
‘මේ ආණ්ඩුවේ හැමෝම තමන්ට අවශ්‍ය තරම් හොරකම් කොට හරි හම්බ කර ගෙන ඇත. ඔවුන් නැවතත් එසේ නොකරන්නට තරම් හරි හම්බ කරගෙන ඇත. යූ.එන්.පිය ආවොත් ඔවුන් හොරකම් කිරීම මුල සිට පටන් ගනු ඇත. එහෙයින් හොරකම් කිරීම අවසන් කල පාලකායට බලය දෙන්න.’
මහින්ද අමරවීර එ් කියන්නේ ඔබේ ‘පොදු අපේක්ෂාවේ’ අභ්‍යන්තර ප‍්‍රකාශනයයි. ඔබගේ ‘පොදු අපේක්ෂාවේ’ අතීත කෙරුවාවෙන් නොබේරී කිලිටි නොවී තිබෙන එක් වැදගත් දෙයක් මට පෙන්වා දෙන්න.
         ඔබ ඉතා හොඳ කි‍්‍රකට් ලෝලියෙක් බව මම දනිමි. එය ශිෂ්ටාචාරයේ අපූර්ව ගුණ ධර්ම කාන්දු කර ගත් කී‍්‍රඩාවකි.  එහෙයින් එකී කී‍්‍රඩාව නිවැරැුදිව හඳුන්වන්නේ ‘මහත්වරුන්ගේ කී‍්‍රඩාව’ යනුවෙනි. ඔබ අද නියැළී සිටින්නේද දේශපාලන කී‍්‍රඩාවකය. එහෙත් ඔබ අද සේවය කරන්නේ යුක්තියේ පමණක් නොව, චිරාත් කාලයක් රැුකුණු නීතියේ පාදමද බිඳ දැමූ විනාශකාර පාලකයකු රජ කිරීමටය.
        ජාතික ආදායම සියයක් වන විට ජාතික ණය බර 102ක් එනම් සියයට එකසිය දෙකක ප‍්‍රතිශතයක් කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සෑම මවකගෙන්ම සියයට 15ක් ලේ රත්ත හීනතාවයෙන් පෙළේ.  2005  වසරේදී 12%ක් වු ප‍්‍රතිශත රේට්ටුව 2013 දී 15% කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ උපදින ළමුන්ගෙන් 15%ක් රක්ත හීනතාවයෙන් පෙළේ. එයද 2005  වසරේදී 12%කි. ඔබ ඉපදුනු යටත් විජිත යුගයේ මේ ප‍්‍රතිශත මෙයාකාර වූවා නම් අහස විස්මිත සංගීතයෙන් පිංතාරු කළ හැකි රෝහණ වීරසිංහ කෙනෙක් අද නැත. යටත් විජිත පාලකයා ඔබේ අනුහස් සහිත නායකයාට වඩා අනුහස් සහගත යයි මට සිතේ.
         ඔබ දේශපේ‍්‍රමියකු ලෙස කැපකිරීම් නොකළත් ඔබ දේශපේ‍්‍රමයට ඇලූම් කළ යුගයක් තිබුණි. යුද්ධය පරාද කළ නායකයා අබියස ඔබ දණින් වැටුණේ ඔහු යුද්ධය පරාද කරන්නට පෙරය. ඔහු යුද්ධය පරාජය කළෙහිය. ඔබ ඔබගේ හෘද සාක්ෂියෙන් අසා බලන්න. තවමත් ඔබ දණින් වැටී සිටින්නේ ඔබේ හදවත ඔජ දමන දේශපේ‍්‍රමය නිසාද? එතකොට නන්විධ වරප‍්‍රසාද ලබන කේ.පී., නඩුවලට උරුම නැති කරුණා අම්මාන්...............
          මේ තරම් තරුණ දරුවන් දමනය කරන මත් ද්‍රව්‍ය වසංගතයක් ඔබ මීට පෙර දැක ඇද්ද? මේ තරම් වකුගඩු රෝගීන් බිහිකරන එ්වා පාලනය නොකරන පාලන කාලයක් ඔබ දැක ඇද්ද?  බඩගින්නට කන්න නැතිව, දරුවන් බඩ බැඳගෙන ගඟට පනින අම්මලා ඔබ දැක ඇද්ද?  එදා නිදහස් කලා සංධාන රැුස්වීම්වල ළමා දරුවන් ¥ෂණය වන ආකාරය ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා ඇඟ හිරි ගඩු පිපෙන සේ විස්තර කරන විට, සංවේදී  ඔබේ දෙනෙත් අග කඳුලක් දිදුලනු මට මතකය. විසි වසරකට පසුව ඒ කඳුළු උල්පත වැසී ගොසින්ද? ඔබේ අනුහස් සහිත නායකයාගේ අනුගාමික ප‍්‍රාදේශීය සභා සභාපතිවරු ළමා කැකුළු ¥ෂණය කොට නීතියට වහන්වී සිටිය හැකි පරිසරයක එ් කඳුළු උල්පත කෝ.?
         ආදරණීය රෝහණ, ඔබට ඉහළින් ඇති අහස දෙස බලන්න.  එය ඝන අන්ධකාරයෙන් පිරී ඇත. ඉස්සරත් එහි අඳුරක් තිබුණි. එහෙත් වළාකුලූ පීරා අලෝකය මතුකරගත හැකි විභවයක් එදා තිබිණි. 1994 ඔබ කැපවූයේ ඒ අරගලයටය. එය ජයග‍්‍රාහී විය. අද ඔබට ඉහළින් ඇති අහස පිරී ඇති වළාකුලූ පීරා දැමීමට දේව හස්තයන් දහසක්  ඕනෑ කර තිබේ.  ඔබේ  දේව හස්තය යක්ෂයාගේ භවන පිංතාරු කිරීමට ගොස් එය යක්ෂ හස්තයක්ද වී ඇත. එ් තුල අහිංසක ආදරණීය අනුහස් නිමාවී ඇත.
 
        අදාරණීය රෝහණ, අවසන් වශයෙන් ඔබට බලකර යමක් කියමි. ඔබට ඔබේ හදවත යළි පාදා ගත නොහැකි නම් ඔබේ පිරිවර සමග එ් දුර්දාන්ත මෙඟහිම යන්න. එ්ත් එක මහරු සම්පත් අප වෙත තබා යන්න. ඔහු ඔබෙ ගුරුවරයා මෙන්ම අපේ අධ්‍යාත්මය සනහාලූ ආධ්‍යාත්මික ගුරුවරයාය. ඔහුගේ මධුර භාෂණය මුසුවූ ඔහුගේ දෘඩතර ආධ්‍යාත්මයේ ගුණ සුවඳ  අපේ දරු මුණුපුරන්ට හිමිකර දිය යුතුය. වෘද්ධ වියේදී අහිංසක ළමා ගති ඇති ඔහු ඔබට පහසුවෙන් දමනය කරගත හැකිය. එ් අමරදේවයන්ය.
        මේ කන්නලව්ව අසාත් ඔබ අනුහස් සහිත යක්ෂයන්ට සේවය කිරීමට යන්නේ නම් ඔබ යන්න. එ්ත් එ් අමරදේව නම් වූ මහඟු ගණ මිණි පර්වතය මෙහි තබා යන්න. එ් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයාට පක්ෂව අත්සනක් ගැනීමට නොවේ.  අනාගතයේ උපනූපන් මිනිසුන්ට වටිනා එක දෙයක් හෝ අවශ්‍ය නිසාවෙනි.
චන්ද‍්‍රරත්න බණ්ඩාර