Sunday, 10 July 2016

අපේ අළුත් ජාතික වීරයා




(2016-06-26 වන දින ‘සත්හඩ’ පුවත්පතේ පලවූ කොලම)
           එක් දහස් නවසිය අනූ ගණන් අග භාගයේ වසර දෙකක පමණ කාලයක් ජාතික අධ්‍යාපන ආයතනයේ අමතර කියවීම් පොත් සම්පාදන කමිටුවක සාමාජිකයෙකු ලෙස මා පත්කර තිබිණි. හයවන ශ්‍රේණිය සිට නවවන ශ්‍රේණිය දක්වා වූ පංති සඳහා මේ අමතර කියවීම් පොත් සකස් කෙරිණි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, සෝමා ජයකොඩි ඇතුළු තවත් රට පිළිගත් කිහිප දෙනෙක් ඒ කමිටු සාමාජිකයන් ලෙස කටයුතු  කළේය. අපට සකස් කරන්නට තිබූ අමතර කියවීම් පොතකට මෑතකාලීන ජාතික වීරවරයෙකු පිළිබඳ පරිච්ෙඡ්දයක් ඇතුළු කිරීමට අවශ්‍ය විය. අප කමිටුව මේ පිළිබඳව පුරා රැුස්වීම් වාර දෙකක් සාකච්ඡුා කළා මතකය. එහෙත් ප‍්‍රාථමික ශ්‍රේණියක ඉගෙන ගන්නා ළමයෙකුගේ මනස තුළ අවිවාදිත වීර ප‍්‍රතිරූපයක් සොයා ගැනීමට අවශ්‍ය වීර චරිතයක් අපට සොයා ගැනීමට  නොහැකි විය. එක් අයෙකු නැසීගිය ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නම යෝජනා කළේය. එහෙත් රට තුළම පවතින සිවිල් යුද්ධයක එක් පාර්ශවයක ජෙනරාල්වරයෙක් වීරයෙක් ලෙස උත්කර්ෂයට  නංවන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මා යෝජනාකරුගෙන් ඇසුවා මතකය. කෙසේ වෙතත් අපට අමතර කියවීම් පොත් සඳහා අවිවාදිත වීරචරිතයක් සොයා ගැනීමට නොහැකි වීය යන්න මගේ මතකයයි.
         සැබැවින්ම පසුගිය වසර පනහක පමණ කාලයේ පාර්ශ්වික වීරයන් මිසක ජාතික මට්ටමේ වීරයෙකු සොයා ගැනීමට රටක් වශයෙන් අපට නොහැකි වීය යන්න මගේ හැඟීමයි.
          එහෙත් ලංකාවේ අනතුරුදායක ඉරණම් ගමනක් සිය දැවැන්ත පෞරුෂයෙන් වැළකූ අති විශිෂ්ට පුද්ගලයෙකු අපට හමුවුයේ 2015 ජනවාරි අට වෙනි දිනය. ඔහු පාර්ශ්වික පුද්ගලයකු නොව සකල දේශවාසී සියලූ වාර්ගිකයන්ගේ අනාගතය භයානක ඉරණමකින් බේරාගත් විශිෂ්ටයෙකි. කොන්ද කඩා ගත් රාජ්‍ය සේවයේ කොන්ද ඇති මිනිසුන් අතළොස්ස අතර ගලිවර ඔහු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස හා අ¥ෂිත බව පි‍්‍රයකරන සෑම මිනිසෙක් ගැහැනියක්ම ඔහුට ණයගැතිය. බුද්ධිමතුන් ගැවසෙතැයි සැක කෙරෙන  විශ්වවිද්‍යාලය තුළින්, පාර්ලිමේන්තුව නම් වූ විශාල හතරැුස් කොටුව තුළින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් යැයි කියන දේශපාලන පක්ෂ තුළින් එවන් වීරවරයෙකු බිහිවූයේ නැත.
         මහින්ද දේශපි‍්‍රය ඒ වීරයාය. මම අද වැනි දිනෙක යට කී අමතර පොත් ලියන කමිටුවේ සාමාජිකයෙකුව සිටියා නම් මා ඒ පොතට ඇතුළත් කළ යුතු වීරයා ලෙස යෝජනා කරන්නේ මහින්ද දේශපි‍්‍රයය.
සිංහලයාගේ මතකය දින දෙක තුනකට පමණක් සීමා වන්නේ යැයි ජනවහරක් තිබේ. සැබැවින්ම එය ඇත්තකි. දේශපි‍්‍රයයන්ගේ නිර්භීතකම් ගුණවරුණ ළමයින්ට හා සමාජ කි‍්‍රයාධරයන්ට කියා දිය යුතු මහාර්ඝ දෙයකි. එහෙත් එසේ වන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවභාවිතයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ විවිධ මූලාශ‍්‍ර සහිතව සටන් කළ මිනිසුන්ගෙන් සමහරු මිය ගොසිනි. සමහරු සටන අතහැර ප‍්‍රවාහයට එක්ව සිටිති.
යුද්ධය විසින් සමාජය මත හෙලන ලද දැවැන්ත භීතිය ලංකාවම හිරි වට්ටා තිබිණි. එය මැඩ පැවැත්වීම හෙවත් ප‍්‍රභාකරන් පැරදවීම උදෙසා සමාජයේ වැදගත් මූලධර්ම සියල්ල අහෝසි වූවාට වරදක් නැතැයි සිතන තැනට සමාජය පත් වූයේය. සිය ශාස්තෘවරයාගේ ඉගැන්වීම් අවභාවිතා කොට වුවද යුද්ධයට පක්ෂපාතී වීමට කිසිදු හිරිකිතයක් භික්ෂූන්ට නොතිබිණි. අවසානයේ මේ දාතම රහිත ජන අනුමැතිය සහිතව මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග‍්‍රහණය කළේය. යුද ජයග‍්‍රහණයෙන් ඔද වැඩුණු සිංහලයෝ  ඕනෑ දෙයක් කිරීමේ රාජපක්ෂ වරුන්ට දුන් ජන අනුමැතිය ආපසු කැඳවා ගැනීමට උත්සාහ නොකළෝය. රාජපක්ෂවරුද යුද ජයග‍්‍රහණයේ සන්නාමය වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව අයිතීන් හා මහජන ධනය කොල්ලකෑම ඇරඹුවේය. සුදු වෑන් සංස්කෘතිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සුධීමතුන්ගේ අ`ඩු කඩන ලදි. මානව අයිතිවාසිකම් කි‍්‍රයාධරයන්ගේ හඬ නිහඬ කරන ලදී. තමන්ට අභිමත පරිදි නඩු  නො ඇසු නඩු කාරයන්ට අවමන් කොට ඒ උත්තරීතර තනතුරුවලින් ඉවතට ඇද දමන ලදී.
         එහෙත් දෙවියන් විසින් ඒ අත්තනෝමතික පාලකයාට තමන්ගේ (දෙවියන්ගේ) හාල් කැව්වේය. බල මෝහයේ ඝන අඳුරින් ඔහුට හාත්පස නොපෙනෙන්නට සලස්වන ලදී. බිහිසුණු තව වසර දෙකක් ලේ ගංගාවන්ගෙන් මහපොළොව තෙමෙන්නට ඉඩ නොහරින ලදී. එහෙයින් තවත් නීත්‍යානුකූලවම වසර දෙකක් තිබියදී පහසු ජයක් සඳහා ඒ අත්තනෝමතිකයා විසින් ජනාධිපතිවරණයක් කැඳවන ලදී.
එම ජනාධිපතිවරණය ගල උඩ සටනක් විය. සිය වසකට වඩා පැරණි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සටන ඒ ගල උඩ දී වෙන්නට නියමිතය. ඒ ගල උඩ සටනේ විනිසුරු වූයේ මහින්ද දේශපි‍්‍රයයන්ය. මහින්ද දේශපි‍්‍රයද තම පූර්වජයන් ගිය මග ගියා නම් අද අඬු කැඩුනු යළි පිළිසකර කළ නොහැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක හිමිකරුවන් වන්නට අපි නියමිතව සිටියෙමු. එහෙත් එය එසේ නොවීය. ඔහු තමා වෙත පැවරුණු යුක්තිය ඉෂ්ට කිරීමේ ශුද්ධ වූ වගකීම මනාව ඉටු කළේය. ඔහු තමන්ට බලවත් හෘද සාක්ෂියක් ඇති බව ඔප්පු කළේය. යුක්තියේ මහභාරකාරයා වූ අග විනිසුරුවරයා අරලියගහ මන්දිරයේ කාණු පල්ලේ ලගිද්දී මැතිවරණ කොමසාරිස් නම් සුළවතා සිය අභිත බව මනාව ප‍්‍රකට කළේය.
       මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස අදීන රාජ්‍ය සේවකයකු ලෙස ඔහු තමාට කළ හැකි උපරිමය ඉටු කළේය. ඒ සිය දිවියද පරදුවට තබමිනි. සිය සහායක ජනයා වෙත නායකත්ව ගුණ වපුරවමිනි. කෝටි සංඛ්‍යාත සල්ලි බෙදමින් ඡුන්ද කළවුන්ට මැතිවරණ පනතේ  හැටියට ඡුන්ද කරන්නට බොහෝ කළකට පසු සිදු වූයේ මහින්ද දේශපි‍්‍රය නිසාවෙනි.
      ඒ තනි මිනිහාගේ මහිමය නිසා බලයට පත් ආණ්ඩුව ඒ තනි මිනිසා කපා දුන් වටිනා පාරේ ගමන් කරන්නේද? අප ප‍්‍රධාන නායක දෙපලගෙන් ද ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන්ද ඇසිය යුත්තේ එයයි.
අපගේ මෑත ඉතිහාසයේ රට විනාශයට යන මගට තනි පුරුෂ ශක්තියෙන් අභියෝග කළ මහා වීරයා ලෙස මහින්ද දේශපි‍්‍රය නාමය අන් සියල්ලට ඉහළින් ඔසවා තැබිය යුතුය.

Wednesday, 15 June 2016

මිල්ලන්ගොඩ වංශවතා




නන්දන වනයෙන් ආය සකී
දෙව් පුර වැදුමට පින් කෙතකී

කුඹු සොලවන විට තෙද ඉසිරී
දිගු දළ යුගලම මහිමයකී

වැවි පොකුණු මතින් පා එසවී
කන්දට ලන්දට අධිපතිවී

මාළිග දොරටුව වැඳ වැටෙතී
දළදා හිමි පිට මතට වඞී
පසතුරු නද මැද පා තබතී
සිව් ර`ග සේනා රැුක සිටිතී

ඇතින්නියන් කෝමල පාතී
සැබෑ පිරිමියෙක් යයි කියතී

කවිකළ හැකි විසිතුරු බෝමයි
ගජගා ගජ විසිතුරු බෝමයි

නැණ නුවණින් යුත්
ශීර්ෂ මණ්ඩලේ

ලෙන්ගතුකම් ඇති
හෘද මන්දිරේ

ගිජිඳු ගුණෙන් යුත්
මහ ගිජිදාණෙනි
අප හැරදා ඇයි
ආපසු වැඩියේ

චන්ද්‍රරත්න බණ්ඩාර

Tuesday, 14 June 2016

නැති නාස්ති වූ සමාජයක බෞද්ධ භික්ෂුව





         එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත් වූ සමගි පෙරමුණේ ආණ්ඩුවේ මැද භාගයේ සිට ලංකාවේ දේශපාලනයේ සිදුවන දෑ වටහා ගැනීමට දැන් මැදි වියේ සිටින අපට හැකියාව ලැබුණි. ඊට පෙර අතීතයේ සිදුවූ සිදුවීම් දැන ගැනීමට පොත පත හා වැඩිහිටියන් ඇසුර නිසාත් අපට පුළුවන්කම ලැබිණි. මේ සමස්ථ ඉතිහාසය පුරාම සිදුවූ දේවල් සලකා බලන විට අද ලංකාව මේ තත්ත්වයෙන් වත් තිබෙන්නට බලපෑ කාරණා කිහිපයක් ඇත. 1931 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ යටතේ ලැබුණු සර්වජන ඡුන්ද බලය, 1945 දී සම්මත කරගත් නිදහස් අධ්‍යාපන පනත, ඉන් ප‍්‍රධාන යයි මම සිතමි.
          සර්වජන ඡුන්ද බලය හරහා කවර තරාතිරමේ ශී‍්‍ර ලාංකිකයෙකුට වුවද ලංකාවේ පාලන රටාවට මැදිහත්වීමේ හැකියාවක් ලැබිණි. නිදහසින් පසුව විවිධ වකවානුවල බලයට පත්වූ බොහෝ පාලකයෝ මේ නිදහස් මැතිවරණ ක‍්‍රමය විකෘති කර ඇතත් එහි මූලික හරය නැසීමට ඔවුනට තවමත් නොහැකි වී ඇත. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වට පිටාව ස්වාධීන අධිකරණ ක‍්‍රමයකට මඟ පෑදු අතර නිදහස් මතධාරී සමාජයක් බිහිවීමටද එම තත්වය බලපෑවේය. බලාගෙන වැඩ කරන්නට බි‍්‍රතාන්‍ය පන්නයේ සම්ප‍්‍රදායක් ලැබිණි. ජපානය, චීනය, රුසියාව වැනි රටවල් හැරුණු කොට බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ලෝක ව්‍යාප්ත දේශපාලන සමාජ ආර්ථික කි‍්‍රයාවලියට අවශ්‍ය තමන්ගේ ක‍්‍රමයක් ඇති කර ගැනීමට මූල බීජය සැපයීය .
          1948 බලය ලබා ගත් ස්වදේශීය පාලකයෝ බොහෝ දුරට උත්සාහ කළේ තමන්ගේ යටත් විජිත ස්වාමිවරුන්ගේ ක‍්‍රමය විජිතවාදීන්ගේ සතුටට හේතුවන පරිදි ඉදිරියට ගෙන යාමටය. එහෙත් එකී පැරණි  ක‍්‍රමය තුළ තිබුණු කාලයාගේ ඇවෑමෙන් පරිනාමයට භාජනය විය යුතු අංග එසේම තබා ගැනීමටත් භාෂාව සංස්කෘතිය හා සමාජ ක‍්‍රමය හමුවේ සුද්දන් ලෙස පෙනී සිටීමටත් නිදහසේ පළමු පාලකයනට අවශ්‍ය විය. එසේ නැතිව ලබා දුන් නිදහසේ අවස්ථාව පාවිච්චි කරමින් බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ යහපත් අංග තවත් ශක්තිමත් කරමින් හා දේශීය සාර අංග මනාව මිශු කරමින් ශී‍්‍ර ලාංකික ජාතියක් නිර්මාණය කිරීමටත් ඒ මගින් ශී‍්‍ර ලාංකික සියල්ලෝම පොදු සංවර්ධනයේ කොටස් කාරයන් කිරීමටවත් ඔවුන් උත්සාහ නොකළේය.
මේ අත්‍යාවශ්‍ය විපරිනාමය නොවූ නිසාම දුෂ්ටත්වයට හා අසහනයට පත් වූවෝ වනාහි බෞද්ධ භික්ෂූන්, ආයුර්වේද වෛද්‍යවරුන් ආදී ග‍්‍රාමීය ප‍්‍රභූ පැලැන්තියට අයත් කණ්ඩායම්ය. එවකට වාමාංශික නායකයන් හැරුණු කොට අන් කාටත් වඩා බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායේ ද ලෝකය ගමන් කරන දිශානතියේද ස්වරූපය දැන සිටි බණ්ඩාරනායක හොඳ ලිබරල්වාදියෙකු විය. එවකට දක්ෂිණාංශික කඳවුරේ සිටි සැබෑ දැනුමැත්තාද ඔහු විය. ඞී.ඇස්, ඔලිවර් ගුණතිලක ආදින්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස දේශපාලනයටද, පාලන හැකියාවටද ආගන්තුකයෙකු වූ ඩඞ්ලි සේනානායක වෙනුවට බණ්ඩාරනායක, ඞී.ඇස් ගේ අනුප‍්‍රාප්තිකයා වූවා නම් ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට ගමන්කොට රට මෙතරම් ඛේදවාචකයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි.
        ඞී.ඇස්්ගේ  හා ඔහුගේ සමීපතමයන්ගේ අනුකාරක බවත් රටේ බහුතරයක් වූ ග‍්‍රාමීය සමාජය  බලාපොරොත්තු  වන්නා  සමාජ දේශපාලන රටාවත් බණ්ඩාරනායකගේ තීක්ෂණ ඥානයට වැටහුණි. ඔහු සඟුන් වෙදුන් ආදින්ගේ හෘද සාක්ෂිය , ප‍්‍රාර්ථනාවන් හා දුර දිග නොසිතන බවද මැනවින් වටහා ගත්තේය. ‘රට’ වෙනුවට ‘බලය’ පිළිබඳ ඔහුට තිබුණු ආසාව විසින් තම හෘද සාක්ෂියේ දේශපාලනයෙන් බණ්ඩාරනායකව ඈත් කර තබන ලදී.
          බණ්ඩාරනායක විසින් භික්ෂුව ආගමික සංස්ථාවෙන් එළියට කැඳවාගෙන විත් ඔවුනට දේශපාලනයේ තැනක් ලබා දෙන ලදී. සැබැවින්ම එදා ද අතළොස්සක් භික්ෂූන් හැර බහුතරයකට දේශපාලනය හා සමාජ ජීවිතය ගැන පුළුල් දැක්මක් තිබුණේ නැත. එය  ඕනෑම රටක පූජක පක්ෂයට ඇති නොහැකියාවකි. මක් නිසාද යත් සිවුරක්ද, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ද සහිතව යම් ආකාරයකට තාපස වෘතයකට එළැඹිය යුතු භික්ෂුව, ලෞකික , තමන්ට සිය අත ඇති පඨිතයන් :එැංඑ* තුළින් නොදැකිය හැකි ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීම තුළ භික්ෂුව හැසිරෙන්නේ සියල්ල විකෘති කරමිනි. බණ්ඩාරනායකගේ හෘද සාක්ෂි විරෝධී දේශපාලනයේ අනුගාමිකයන් වන මෙම භික්ෂුන්ගේ ප‍්‍රධාන මූලාචාරීන් වන්නේ අනගාරික ධර්මපාල තුමාය. ඔහුද මේ රටේ අනෙකුත් ජාතින්ට පමණක් නොව සිංහල ජනවර්ගයේ බෞද්ධ නොවන ජනතාවගේද පැවැත්ම නොඉවසූ කෙනෙකි.
      සිංහල හැරුණු විට උගත් භික්ෂූන් බහුතරය පවා දැන සිටියේ පාළි හා සංස්කෘත යන ආගමික දිවි පෙවතකට අවශ්‍ය පෙරදිග භාෂා පමණි. එහෙත් ලෝකය, ලෝකයේ දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය, මැනවින් තේරුම් ගැනීමට අවශ්‍ය නූතන භාෂා පිළිබඳව දැනුම ඔවුන් සතු නොවීය. නූතන භාෂා දැනුමක් තිබූ උඩ කැන්දවල සරණංකර, හපුගොඩ සිද්ධත්ත , කොටගම වාචිස්සර වැනි භික්ෂූන් අතළොස්සක් පොදු භික්ෂු සංඝයාට වඩා මැදහත් සිතින් රටත් ලෝකයත් දෙස බැලූහ.
      අධ්‍යාපනයේ කඩා වැටීම හරහා දේශීය අධ්‍යාපනයේ පැරණි භික්ෂු පරම්පරාවට තිබූ දැනුම පවා ගැඹුරින් නොලැබුණු හෙයින් එකී ඥාන මාර්ගයද මෙකී භික්ෂූන්ට වැසී ගියේය. අවසානයේ නාමධාරී උගතුන් රැුසක් මිස දැනුම හා බුද්ධිය සහිත ප‍්‍රාඥයන් ශී‍්‍ර ලාංකීය භික්ෂු සාසනයට අහිමි විය.
    බණ්ඩාරනායක බලය උදෙසා විවෘත කළ මාවතේ කෙලවරකට පැමිණ සිටින බෞද්ධ භික්ෂුව අද දවසේ මානව දයාවේ හා සංහිඳියාවේ මූල ධර්ම සිය සිවුරේ බලය යොදා පාගා දමන්නට තැත් කරති. ඒවා පාගා දමන්නට බලය හිමිකරුවන්ට බලකරති. සිවුර, ලෝගුව, පූන නූල මේ ආදි දෑ ආධ්‍යාත්මික, ලෝකෝත්තර හා පාර භෞතික එතෙරවීමක මෙලොව සංකේත වෙති. මෙකී සිවුර දණ්ඩනයේ හිංසනයේ හා අධිපති බවේද සංකේතයක් වීම ඒ දහම අයත් ශ්‍රේෂ්ඨයන්ට කරන බලවත් අගෞරවයකි.
      ගහකින් අත්තක් කැඞීමත් අකැප භික්ෂුව, හිංසනයෙන් තවත් ජාතියක් මර්දනය කිරීමට බලකරති. ගිහියෙකු රැුකීමට සඟ බලකා හැදීමට තර්ජනය කරති. ගැටුම වෙනුවට සංහිඳියාව යෝජනා කළ බුදුන් වහන්සේ  තරම් තවත්  ශාස්තෘවරයෙක් ගැන මා දන්නේ නැත .
      තපස් වී වෘතයක් උදෙසා කැපවුණු, ආමිසයට වඩා පිළිවෙත් උසස් කොට සලකන ථෙරවාද බෞද්ධ භික්ෂුවක් එකී සාසනික සීමා මායිම් උල්ලංඝනය කරන්නේ නම් ඔහු චරිතයක් වශයෙන්ම ගොහොදු වන්නේය. ගිහි ජීවිතයේ ඇති ශෘංගාරත්මය මිහිරියාව අත හැරීමේ ශෝකය ඔහු දවා තවා ලන්නේය. ඇඩි‍්‍රනාලිත් වැනි ආවේග බහුල කරන එන්සයිම වැඩියෙන් රුධිර ධාරාවට එකතු වී ඒ නාමික භික්ෂු ශරීරය අවුලට පත් කරන්නේ ය. බණ්ඩාරනායකගේ බල තණ්හාව හරහා විවෘත වූ මාවතේ කෙළවරකට පැමිණි බෞද්ධ භික්ෂුව නටන අභාවික නාඩගමේ හැඩරුව තීරණය කරන්නේ යට කී දෑය.
චන්ද්‍රරත්න බණ්ඩාර

Friday, 3 June 2016

වලාකුලු බැම්ම

මහාචාර්ය විමල් එස් රන්කඩුව මැතිඳුන් අපේ ගැටවර වියේ දී ජීවිතය සමීපයට ආ දැනමුත්තෙකි ඔහුගේ ලෙන්ගතුකම මහා නොනැසෙන එකකි. උණුවන හදක් ඇති එතුමෝ මට බොහෝ උදව් පදව් කර ඇත්තේය. කැනඩා සමාජයේ විශිෂ්ටයෙකු සේ සැලකෙන ඔහු විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරයෙකු පමණක් නොව කැනඩා පෙඩරල් රජයේ ආර්ථික උපදේශකයෙකුද වේ. කැනඩා සමාජයේදී මා අතින් හෝ මා වෙනුවෙන් සිදුවන සෑම කටයුත්තකදීම මුල් පුටුව ඔහුට පිරිනැමෙන්නේ මහත්වූ ගරු බැතියකිනි. ඔහු මගේ ජීවිතය මුලූමනින්ම පාහේ දන්නා සහෘදයෙකි. ඒ සහෘදයාට හා වියතාට මගේ බුහුමන. 2016 අපේ‍්‍රල් 02 වන දින මගේ අලූත්ම නවකතාව කැනඩා ශී‍්‍ර ලාංකික රසිකයනට හඳුන්වා දෙන උළෙලේ දී මහාචාර්ය රන්කඩුව කළ දේශනයයි මේ

Friday, 20 May 2016

ගංවතුරෙ ගසාගෙන නොයන යමක්


       අප මාක්ස්වාදයෙන් ඉගෙන තිබෙන්නේ සුබ සාධනය වැඩකට නැති ධනේෂ්වරයටම උඩගෙඩි දෙන කි‍්‍රයාවලියක් ලෙසටය.
  
      ඒත් එය ඇත්තක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ගංවතුරක් වැනි ස්වභාවික විපතකදී සුබසාධන කි‍්‍රයාවලියක් මිනිසුන්ගේ අවසන් ජීව පොද රක දෙයි.

          ජනතා විමුක්ති පෙරමුණේ සහන කණ්ඩායම් දැන් ගංවතුරෙන් පීඩිත අනාථයන් අතරට ගොස් ඔවුන්ගේ පීඩාවන්ට පිහිටක් වෙමින් සිටී. චක‍්‍රලේඛ හා නිලධාරිවාදය පලිහක් කරගන්නා රාජ්‍ය ආයතන යමක් කරන මන්දගාමී විලාසයට වඩා ගංවතුර වේගවත්ය. ඒ   වේගයට ගැලපෙන්නට ජවිපෙ උත්සාහ කරමින් සිටී.
  
         දර්ශනයට වඩා අවංකකම අදූෂිත බව උසස් කොට සලකන ජවිපෙට රතුපාටින් තැඹිලි පාටට හැරුනොත් රටට මීට වඩා යහපතක් කරන්නට හැකිවෙතැයි සිතමි.

Thursday, 12 May 2016

Canada is a multicultural society




Canada is a multicultural society in the true meaning of multiculturalism’.

Major mainstream newspapers such as ‘Globe & Mail’ ‘Toronto Star’ plus TV and radio stations such as CBC, City TV etc.  play the major role in the national media.

In addition, there is large number of community newspapers, community radio stations and community TV stations operate by a large number of ethnic and cultural groups and organizations throughout the country.

The community media organizations (Newspaper, TV staions.Radio stations etc.) hold membership with a collective long standing body called’ ’National Ethnic Media Council ‘in Canada.

The current President of the Council is Mr. Thomas.D. Sara belonging to the Greek ethnic community in Toronto. He is involved with the media matters and publications related to the Greek community in Canada. He is a multilingual media person who has been living in Canada for close to 37 years.

 I am a member of the ‘National Ethnic Media Council’ as I publish a Sri Lankan community monthly newspaper called’Yathra’ with a circulation of 7000-10000 per month. ‘Yathra’ has been in continuous publication in Canada since 2006.

Recently Mr. Charles Sousa, the Hon.Finance Minister of the Ontario provincial government made a presentation to our council about the 2016 Ontario budget and about the media related issues in Ontario.

He was particularly interested in listening to the opinions, comments and suggestions of the membership of the ‘National Ethnic Media Council’ during the presentation.

I and many of the members who attended the presentation were highly impressed with the knowledge, and the other capacities and the way Mr. Charles Sousa conducted the proceeding during that day.

When I was reflecting about this presentation, my mind naturally travelled to the way these things happen in my mother country even at this very moment. The way our egocentric, inefficient, ignorant politicians and ministers behave and perform these tasks deluding themselves that they know everything about the subject. Frankly most of them do not bother to study things deeply. Also they do not have an open minded attitude like Mr. Sousa to learn from a practical engaged audience.

I am herewith posting some pictures taken with Mr.Chalres Sousa and Mr. Thomas. Sara.

Wednesday, 11 May 2016

වලාකුළු බැම්ම ගැන ගීතයක්

https://www.youtube.com/watch?v=WrEq3fk8Nwk



මගේ වලාකුළු බැම්ම නවකතාව ටොරොන්ටෝ පාඨකයන්ට හඳුන්වා දීමේ සම්භාෂනයක් 2016 අපේ‍්‍රල් 03 වන දින ප‍්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ප‍්‍රධානත්වයෙන් මිසසාගා වැලි ප‍්‍රජා ශාලාවේදී පැවැත්විණි . එහිදී මගේ දීර්ඝ කාලීන මිත‍්‍ර සංගීතවේදී කිත්සිරි ජයසේකරයන් මවෙත සිය සහෝදරත්වය දැක්වූයේ වලාකුළු බැම්ම තේමාවට උචිතව සිය මියුරු හඩින් ගීයක් ගැයීමෙනි . ගීයේ පද ගැලපුනේ මා අතිනි. සිය මිතුරුදම් වෙනුවෙන් ඒ කල කැපවීමට කිත්සිරිට මා සදා තුති පුදමි. මෙහි කැමරාකරණය සුනිමල් බාලසූරියයන්ගෙනි. අප හඳුනා ගත් මුල් දවස්වල සිටම මගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතයේ දී සමීපව සිටින සුනිමල් මහත් වෙහෙසක් දරා මෙම කටයුත්ත ඉටුකළ බව කිව යුතුය. එසේම ප‍්‍රවීන කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු ද කැමරාකරණයෙන් එදා අගනා සහයක් ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය ආම්පන්න ආදිය සපයා දෙමින් සහය දැක්වූයේ අපගේ දීර්ඝ කාලීන මිතුරන් වූ අජිත් හා ගජිත් ජිනදාස පිය පුතු දෙපලය. කැනඩාවේ ප‍්‍රචලිත ශී‍්‍ර ලාංකික රූපවාහීනී සේවාව ‘කලාකවය’ වෙනුවෙන් වීරා ෆොන්සේකා ද කැමරාකරණයෙන් සහය විය.
මේ සියල්ල සිදුවූයේ සහෝදරත්වයේ සීමා මායිම් තුළ වීම නිසා ඒ උදව් උපකාරවලට නව වටිනාකමක් හිමිවිය යුතු නේද?