Saturday, 19 December 2015

ගෝති‍්‍රක වාදය කරා අඩි දෙකක් පස්සට

 

(2015 දෙසැම්බර් 13 වන දින සත්හඩ පුවත්පතේ පළ වූ කොලම)
 
     දින කිහිපයකට ඉහත දී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කළේය. එම අවස්ථාවේ හෝමාගම උසාවිය යාබදව එකී හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිවක් නොකරන්නැයි කියමින් උද්ඝෝෂනයක යෙදුණු පිරිසකි. ඔවුන් අත තිබුණු බැනර් සහ පුවරුවල තිබුණු පාඨවල පොදු තේරුම වූයේ ‘ජාතිය උවදුරෙන් බේරාගත් රණවිරුවනට එරෙහිව කිසිවක් නොකරනු’ යන්නයි. එමෙන්ම අනිවාරතේ යාපනේ අහිංසකයන් කිහිප දෙනෙකු මරා දැමූ සෙබළෙකුට එරෙහිව සාධාරණ විනිශ්චයක් මගින් පැනවුණු දඬුවම අහෝසි කරන්නට යැයි ඉල්ලා ලංකාවේ තැන තැන පෙත්සම් අත්සන් කරනු මම දුටුවෙමි. එමෙන්ම ‘ෆේස්බුක්’ අවකාශයේ සිය ජාතිවාදි අදහස් ප‍්‍රචාරණයට යොදා ගන්නා කිහිප දෙනෙකුම පාහේ එම සෙබලා නිදහස් කරන ලෙස සටහන් තබා තිබුණි.
2005 දී මහින්ද රාජපක්ෂ මහතා පාලන බලයට පැමිණීමත් සමග යුද්ධය පිළිබඳ පක්ෂපාතී මතවාදයක් රට තුළ දළුලා වැඩුණි. වාර්ගික සංවේදනා කළමනාකරණයේ දී රාජපක්ෂ රෙජීමය අතිශයින්ම අසමත්කම් පෑවේය.  යුද්ධයට පක්ෂපාතී මතවාදයන් තුළ පැවති භයානක ජාතිවාදය, අනාගත උවදුරක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම්වලට වින කටින බව උවමනාවෙන් ම වාගේ නොතකා හැරියේ ය. එක්කෝ දැනුවත්ව අනුමත කළෝය. සිංහලයා එක මිටට ගනිමින් තම අනාගත පැවැත්ම එමගින් තහවුරු කර ගත හැකි බව එකී රෙජීමය විශ්වාස කළේය. එකී මිථ්‍යාව වෙත රාජපක්ෂ රෙජීමය ඇදී ගියේ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලැබූ අතිවිශාල ජයග‍්‍රහණය නිසා විය හැකිය.
2005 වර්ෂයෙන් ආරම්භ වී 2014 ජනවාරි 8 න් නිමා වූ රාජපක්ෂ පාලන කාලය තුළ ඉතිහාසය ජාතිවාදයෙන් දෙවනත් කළ ඒ.ඇම්.පී. රාජරත්නලා, මෙත්තානන්දලා, දඹරාවේ රතනසාර හිමි ආදීන් නැවත නැවතත් උපත ලදහ. ඔවුන්ට රිසිසේ හැසිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහයද නොමදව ලැබුණේ ය.
         දෙවන ලෝක යුද්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිත අහිමි වුවත් එමගින් උගත් පාඩම් යුද්ධයේ පාර්ශවකරුවන් වූ යුරෝපා රටවල්, ඇමරිකාව හා ජපානය  මානවවාදී දේශයන් බවට පත් කළේ ය. ඒ ඇසුරෙන් බොහෝ ආසියා අපි‍්‍රකානු රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා මානව අයිතිවාසිකම් හි මුල් පොත් කියවීය. එයම ඔවුන් ලැබූ  භෞතික දියුණුවේම හරය බවට ද පත් විය. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් ආදිය පිළිබඳ එතෙක් ඇතිව තිබූ කතිකාවන් වඩාත් ශක්තිමත් මානව ශක්ති ප‍්‍රභවයන් ලෙස ප‍්‍රායෝගිකව වටහා ගැනීමට එකී රටවල් සමත් විය.
 
         තිස් අවුරුදු යුද්ධයේ ප‍්‍රථිපලයක් ලෙස දෙමළ සිංහල ප‍්‍රජාවන් දෙක අතරම යුද වින්දිතයන් දස දහස් ගණනින් සිටී. යුද්ධය විසින් පිරහෙලන ලද රටක් ඇස් පනා පිට දකින්නට තිබේ. ඒ සියලූ අවාසනාවන්ත තත්වයන් දැක දැකත් පශ්චාත් යුදමය ලංකාව යළිත් එවැනි  අවාසනාවන්ත ඉරණමක් හිමිනොවන රටක් ලෙස සැකසීම පිළිබඳ සංවාදය ප‍්‍ර‍්‍රාණවත් නොවන්නේ ඇයි?
       ‘අපි පාලකයන් වෙනස් කිරීමට වෙහෙස  නොවී ජනතාව වෙනස් කිරීමට වෙහෙස වෙමු’ යයි ලිව්වේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණ නිදහස, මානව අයිතිවාසිකම්, ආදිය පාලකයන්ට වැදගත් විය නො හැකිය. එක්කෝ එසේ වැදගත් ලෙස හිතන පන්නයේ වැදගත් පාලකයෝ අපට ලැබී නැත.
තමන්ගේම රිපබ්ලිකන් පක්ෂයත්, පස මිතුරු ඩිමොක්ටි‍්‍රක් පක්ෂයත් එරෙහිවෙද්දී ඉතිහාසයේ කළු පැල්ලමක් මකා දැමීමට සිය හෘද සාක්ෂියේ මෙහෙයවීමෙන් ඇමරිකාවේ වහල්ක‍්‍රමය නැති කිරීමේ පනත (ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය)  මහත් වූ අවදානමක් බාර ගනිමින් ගෙන ආවේ ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාය. ඔහුගේ බිරිඳ මාරි ටොඞ්,  කෙන්ටකි පළාතේ බලවත් වහල් සේවාවක් හිමි පවුලක ස්ති‍්‍රයකව සිටි නමුත් ඔහු තම හෘද සාක්ෂ්‍යයට අනුව වැඩ කළේය. එහෙත් එවැනි හෘදසාක්ෂියකින් මෙහෙයවන  දේශපාලනඥයන් අපේ පාලක පැලැන්තීන් අතර නම් නොවේ.
      ජනවාරි අට වැනිදා රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමෙන් ලැබුණු විමුක්ති අවකාශය තව තවත් පුළුල් කිරීමට පාලක පංතීන් කිසිවක් නොකරන බව අප තේරුම් ගත යුතුය. එය සම්පූර්ණයෙන් මහජන තෙරපුම මත රඳා පවත්නා කටයුත්තකි. එහෙත් එකී මහජන තෙරපුම වෙනුවට අද දකින්නට ඇත්තේ ලැබුණු විමුක්තිදායක ජයග‍්‍රහණයන් අතළොස්ස (ස්වාධීන අධිකරණ කි‍්‍රයාවලියක් ඔස්සේ වැරදිකරුවන්ට දඬුවම් දීම, ජාතියේ ධනය කොල්ල කමින් බලය අයුතු ලෙස පාවිච්චි කළ උදවිය නීතියේ කි‍්‍රයාකාරිත්වය හමුවට ගෙන ඒම, ස්වාධීන කොමිෂන් සභා ප‍්‍රාණවත් කිරීම ආදිය) පවා අහෝසි කරන ලෙස තැන තැන සිදුවන ජන කණ්ඩායම්වල නැගිටීම්ය. ඒවා නඩත්තු කරන්නේ ද ඒවාට මිනිස් බලය සපයන්නේ ද රෙජීමයේ අපරාධ සහායකයන්ම බව පෙනෙන්නට තිබේ. එක්නැලිගොඩ ඝාතනය, රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රබලයන් කළ ¥ෂණ කි‍්‍රයා විමර්ශනය කිරීම ආදියට එරෙහිව නැඟී සිටින මෙවැනි අතළොස්සක් කණ්ඩායම් මැඩ පැවැත්වීම හා ඔවුන් සදාචාර ලෝකයක අතරමං කිරීම යහපාලන ආණ්ඩුවේ බල ව්‍යාපෘතියේම කොටසක් මෙන්ම, මහජන විමුක්තිවාදී ව්‍යාපාරවල ද කි‍්‍රයාකාරිත්වයේ කොටසක් විය යුතුය.
        දකුණු අපි‍්‍රකාවේ ජාතික සම්පතක් ලෙෂ සැළකුණු ආබාධිත ඔලිම්පික් කී‍්‍රඩක ඔස්කාර් පි‍්‍රස්ටෝරියස්  විසින් සිය පෙම්වතිය රීවා ස්ටින්කැම්ප්  වෙඩි තබා මරා දැමුවේය. එහිදී දකුණු අපි‍්‍රකානු අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැමිණ වීය. එහෙත් පසුව ඔහු ඉහළ උසාවියකට කළ අභියාචනයක් ඔස්සේ පසුගියදා ඇප ලැබිණි. එකී ඇප ලැබීම  අධිකරණය ලබා දුන් වැරදි තීන්දුවක් ලෙස දකුණු අපි‍්‍රකාව පුරාම කතා බහට ලක් වෙයි. සුදු ජාතික විනිසුරන්, සුදු ජාතිකයෙකුට දැක්වූ පක්ෂපාතිකමක් ලෙසත්, දකුණු අපි‍්‍රකාව බිහිකළ වීරයෙකුට ඒ වීරත්වය සලකා දැක්වූ පක්ෂපාතකමක් ලෙසත් ආදි වශයෙන් සලකා විශාල මහජන උද්ඝෝෂණ එකී තීන්දුවට එරෙහිව ඇතිව තිබේ. වීදි බට ජනතාව ඉල්ලන්නේ වීරත්වය නොසලකා වරදට නිසි ද`ඩුවම් දෙන ලෙයසි. එ් පූර්ණ විමුක්ති අවකාශයක  සකසා ගත් විමුක්තිදායක හැඟීම් සිය ආත්ම තුළට ඇතුළු කරගත් ජනතාවක් හැසිරෙන හැටිය. එහෙත් ලංකාවේ වැරදිකරුවන්ට හා වින්දිතයන්ට යුක්තිය පතා යුත්තියේ දෙවොල (අධිකරණය) හමුවට ගිය විට මහජන කණ්ඩායම් එසේ නොකර මිනීමරුවන් නිදැල්ලේ හරින ලෙස ඉල්ලා සිටී. ඒ දෙස පොදු මහජන කණ්ඩායම් ද වෙනසින් පසු බලයට පත් වූවන් ද නිකං බලා සිටිති.
     ඉතිහාසය මුළුල්ලේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  හා එයට අයත් සියලූ අනුශාංගික අංග ආපසු හැරවීම සඳහා සමාජවාදය, සංවර්ධනය හා ජාතිකවාදය හරි හරියට සම්මාදම් වී ඇති බව අගතියට නොවැටී ආපසු හැරී බලන විට පෙනේ. 1970-77 පාලන කාලය තුළ සියලූ මර්දනීය කි‍්‍රයා දියත් වූයේත්, අවසානයේ මහජන කැමැත්තට පිටින් වසර දෙකක පාලන කාලය දීර්ඝ වූයේත් සමාජවාදය හා අධිරාජ්‍ය විරෝධය පිළිබඳ කැරට් අලය ජනතාවට දිගු කරමිනි. 1977 න් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු සකලවිධ අණපනත් හා අතිවිශාල ලෙසින් ලෙයින් හා යකඩින්  සිදුවූ මර්දනය සිදු වූයේ සංවර්ධනය පිළිබඳ මිථ්‍යාව ජනතාව මත මුදා හරිමිනි. 2005 සිට 2015 දක්වා ගෙවී ගිය රාජපක්ෂ රෙජීමය  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ නිදහස ආදී සියල්ල දුගී දුප්පත් කරමින් ඒවා ජාතියේ ඉදිරි ගමනට ඇති මාරාන්තික බාධක ලෙස වර ගැන්වුණේ ජාතිකවාදය පදනම් කරගෙනය.
       දරුවන් බිහිකිරීම පමණක් නොව ඔවුන් නිරුපද්‍රිතව  රැුක ගැනීමත්, ලොකු මහත් කිරීමත් මව්වරුන්ගේ වගකීමකි. එමෙන්ම ජනවාරි 8 වැනිදා බිහි වූ විමුක්ති අවකාශය නිරුපද්‍රිතව රැුක ගැනීමත් එය ලොකු මහත් කිරීමත් එය නිර්මාතෘ බලවේගවලම වගකීමකි.

Wednesday, 16 December 2015

වැන්දඹු අනත්දරු දේශපාලනය

 

         හිටපු ඇමතිවරියක වූ රෝසි සේනානායක මහත්මිය ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනයේ ඇති අවම බව ගැන පසුගිය දිනෙක බීබීසීය සමග ඵැවති සාකච්ඡුාවකදී ඉතා කනස්සල්ලෙන් කතාකර තිබුණි. රෝසි සේනානායක මහත්මිය ද නිළියක හා කලෙක රූප රාජිනියක ද වුවත් ඇගේ දේශපාලන ආගමනයේ පදනම වන්නේ ඒවා නොව ඇගේ දේශපාලනික කි‍්‍රයාකාරිත්වයයි. ඇයට අගය කළ යුතු මට්ටමේ නූතන දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති බව අපගේ පිළිගැනීමයි. ඇය එක අතකින් මෑත කාලයේ දැනුමැතිම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය විය හැකිය.
      පාලකයාට හෝ දේශපාලන නායකයාට ඇති ශෘංගාරාත්මක කැමැත්ත පදනම් කරගෙන පළාත් සභාවේත් මහජන මන්තී‍්‍ර මණ්ඩලයේත් නිළියන් මහජන නියෝජිතවරියන්ව සිටි බව අපි කවුරුත් දනිමු. එහෙත් එවැනි කාන්තා නියෝජනයක් නිසි කාන්තා දේශපාලනික ආගමනයක් ලෙස සැලකිය නොහැකිය.
අද ලෝකයේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පද්ධතීන් තුළ ලිංගිකත්වය, වාර්ගිකත්වය පමණක් නොව ආබාධිත බව පවා නොසලකා කැපවීම, දැනුම හා හැකියාව පදනම් කරගෙන දේශපාලනික ආයතනවල නියෝජනය ලැබෙනු දක්නට ලැබේ.
       රෝසි සේනානායක මහත්මියගේ ගෙන හැර පෑම් අනුව ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%කටත් අඩුය. ඊට සාපේක්ෂව ඉන්දියාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය මිලියන 1.4ක් හෙවත් 50%කි. ලංකාවට සාපේක්ෂව සාක් කලාපයේ අනෙකුත් රටවල පවා එකී ප‍්‍රතිශතය ඉහළ අගයක් ගනී.
       1931 දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හරහා ලැබුණු සර්වජන ඡුන්දයත්, ඊටත් පසු කලෙක ලැබුණු බහු පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යන දෙකම බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු අගනා තිළිණයන්ය. එහෙත් එකී ලැබීම් නූතන දේශපාලනයේ වර්ධනයන්ට සාපේක්ෂව වැඩි දියුණු කර ගනිමින් සමාජයේ වාර්ගිකත්වය, ස්තී‍්‍රපුරුෂ භාවය විනිවිදින උත්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අත්පත් කර ගැනීමට අපි අසමත් වී සිටිමු.
      ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4.5%කි. එහෙත් ඊට සාපේක්ෂව බංගලාදේශය, පකිස්තානය, නේපාලය වැනි රටවල පවා එකී ප‍්‍රතිශතය 20% හා 30% ඉක්මවා යයි.
දේශපාලන ක්ෂේත‍්‍රයේ දී කාන්තා නියෝජනය උචිත ප‍්‍රතිශතයකින් පවත්වා ගැනීමට අසමත් වීම යනු  ස්තී‍්‍රන් බලගැන්වීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රික කි‍්‍රයාවලියේද අප පෙළන ගැටලූවක් ලෙස ගත හැකිය.
පසුගිය ඔක්තෝබර් 19 දින බලයට පත්වූ කැනඩාවේ ලිබරල් පක්ෂ ආණ්ඩුව තිහකින් යුත් සිය කැබිනට් මණ්ඩලයේ පහළොස් දෙනෙකුම ඇමතිවරියන්වීම කියා පාන්නේ එවැනි රටක පවත්නා සෑම අතකටම විහිදුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රුව ගුණ වරුණයි. විවිධ ජාතිකයන්ටද කැනේඩියානු කැබිනට් මණ්ඩලය දොර විවෘත කර තිබීම හේතුවෙන් පෙන්වන්නේ ජාතිකත්වය මත කේන්ද්‍රිය දේශපාලනයෙන් විතැන්වීමට ඇති ඉඩකඩ අහුරා ඇති අයුරුය.
      කැනේඩියානු ඇමති මණ්ඩලයට අලූතෙන් තේරී පත්වී සිටින ඵ්රහ්ප ඵදබිැෙ මහත්මිය ඇෆ්ගනිස්තානු සම්භවයක් සහිත තිස් හැවිරිදි තරුණියකි. ඇය එකොළොස් හැවිරිදි වියේදී කැනඩාවට සංක‍්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ගත කර ඇත්තේ දහනව වසරක් පමණකි. එහෙත් සම්භවය ආගම ආදි කාරණා ද්විතීක ලෙස සලකන දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් තුළ දක්ෂකම, කැපවීම පුරවැසි බවට ගෞරවයක් ලබාදීම හා අවංක බව ඇය කැනඩාවේ උසස් තනතුරකට ඔසවා තබා ඇත.
     2011 පැවති මැතිවරණයෙන් ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ අසුනකින් තේරී පත්වුණු රධිකා සිත්සබේසන් මෙනවියද ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත තැනැත්තියකි. ඇයද මන්තී‍්‍රවරියක් ලෙස තේරී පත්වන විට 29 වන වියේ පසුවිය. අතිෂයින් දක්ෂ උගත් කාන්තාවක වූ ඇයගේ සේවය ලබා ගැනීමට කැනේඩියානු ව්‍යවස්ථාදායකය සමත් විය.
       දේශපාලනික ආයතනයන්හි  නියෝජනය කෙරෙහි කාන්තා, තරුණ, විවිධ වාර්ගික හා වෙනත් විවිධත්වයන් උදෙසා සංවේදී නොවීම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියේම ඇති අවවර්ධිත බව පෙන්නුම් කරන්නකි. 1959 බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයත් සමග කිසිදු දේශපාලනික අත්දැකීමක් නොමැතිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පුටුව දක්වාම පැමිණෙන්නීය. ඒ ඇය බණ්ඩාරනායක මහතාගේ වැන්දඹුව වූ නිසා මිස දේශපාලන දැනුම හෝ ඒ කෙරේ වන විශේෂ කැපවීමක් නිසා නොවේ. මෑත කාලීනව මන්ති‍්‍රවරියන් සේ තේරි පත්වුණු උපේක්ෂා ස්වර්ණමාලී, අනර්කලී ආකර්ෂා පමණක් නොව මාලනී ෆොන්සේකා මහත්මිය පවා සැලකිය යුත්තේ දේශපාලන කි‍්‍රයාකාරිකයන්ට වඩා ඔවුන් සතු රුව ලස්සන පාලක බලධරයාට සිතට අල්ලා යෑම ලෙස සැලකිය හැකිය.
      පුරුෂයා මිය ගිය පසු ස්ති‍්‍රය ඒ දර සෑයටම දමා මරා දැමීම අනුමත කරන හින්දු සමාජයකුත් ස්ති‍්‍රය සමාජ කාර්යයන්ට වැද්ද නොගන්නා ආචිර්ණ කල්පික මුස්ලිම් සමාජයකුත් පසුබිමේ ගාන්ධි හා ශී‍්‍ර නේරුතුමන් ඉන්දියාව තුළ බිහිකළ නව දේශපාලන දර්ශනය බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉන්දියානු සම්භාව්‍ය බවක් එකතු කළා සේ හැඳින්විය හැකියි. එකී දර්ශනය තුළ අතර මග ඇද වැටෙන කිසිම ජන කොටසක් නැති තරම්ය. ස්ති‍්‍රීන්, පහළ කුල සාමාජිකයන්, ආබාධිතයන් අනෙකුත් වාර්ගිකයන් බලගන්වන හා ඔවුන් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ කර ගැනීමේ පුලූල් බවක් ඉන්දියානු දේශපාලන ක‍්‍රමය තුළ පවතිී. ඉන්දියාවේ සංකීර්ණ සමාජය තුළ අප‍්‍රමාණ වැඩවසම් ලක්ෂණ තිබුණා වුවත් රාජ්‍ය තන්ත‍්‍රය ඊට වඩා ඉහළින් කි‍්‍රයාකරන ලෞකික එකකි. ඒ හේතුවම ඉන්දියාව ලෝකයේ මහ බලවතෙකු බවට ඔසවා තිබේ.
      එහෙත් ඉන්දියාවට වඩා සරල සමාජ පසුබිමක් තිබුණු ලංකාවේ අවම වශයෙන් බි‍්‍රතාන්‍යයන් ලබා දී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හර පද්ධතියවත් රැුක ගත්තා නම් මීට වඩා ස්තීි‍්‍රන්ට අනෙකුත් ජනවාර්ගිකත්වයන්ට සංවේදී පාලන ක‍්‍රමයක් තනා ගැනීමට ඉඩ තිබිණ.
      ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය එක්තරා ආකාරයකට ‘වැන්දඹු අනත්දරු’ දේශපාලනයක් සේ සැලකිය හැකිය. සැමියා පියා එහෙමත් නැත්නම් සහෝදරයා මිය යෑමෙන් පුරප්පාඩුවන හිස් තැන පිරවීමට කාන්තාවක් පැමිණීම සාමාන්‍ය දෙයක් වී තිබේ. සිරිමා බණ්ඩාරනායකගේ සම්ප‍්‍රාප්තියත් සමග ඇරඹුණු මෙකී සම්ප‍්‍රදාය අද දක්වාම නොවෙනස්ව පැවත ඒ. ඉලංගරත්න මහතා ඡුන්ද පෙත්සමකින් පරාජය වූ පසු තමරා කුමාරි මන්ති‍්‍ර ධුරයට පත්වන්නේ දේශපාලනයේ එක්තරා ශිෂ්ට අවධියක දීය. චන්දි‍්‍රකා බණ්ඩාරනායක, පවිත‍්‍රා වන්නිආරච්චි, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, විජයකලා මහේෂන්, ආනන්දි ෂෂීදරන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙකී වැන්දඹු අනත්දරු දේශපාලනයට උදාහරණ කිහිපයක් පමණකි.
     ඇත්තටම ගතහොත් ලංකාව යනු දේශපාලනය නොකරන දේශපාලනඥයන්ගෙන් පිරුණු රටකි. ඔවුන් කිසිදු දේශපාලනයකට අදාළ දැනුමක් සොයා යන පිරිසක් නොවන්නා සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතීන් කෙරේ විශ්වාසයක් හෝ ගෞරවයක් ද නැත්තෝ වෙති. එවැනි තත්වයක් තුළ බාහු බලය, සටකපටකම් හා මුඛරිකම තමන් කරන දේශපාලනයට අත්‍යවශ්‍ය සුදුසුකම් වෙති. ඒ සුදුසුකම් සපුරා ගැනීමට ස්ති‍්‍රන් අසමත්වීම පුදුමයක් නොවේ. ඒ සුදුසුකම් කෙසේ හෝ සපුරා ගත්තියෝ් මහජන නියෝජිතවරියන් බවට පත්වෙති.
ස්ති‍්‍ර නිියෝජනය අවම වන්නේ ගතානුගතික දකුණේ දේශපාලනයේ පමණක් නොවේ. වාමාංශික දේශපාලනයේ හැටි සොබාවද එයාකාරයමය. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ගතහොත් ඒ වායේ කැපී පෙනෙන ශිෂ්‍ය නායිකාවන් සිටිත් ද? නැත. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.
චන්ද්‍රරත්න බණ්ඩාර

Monday, 14 December 2015

මහ විරු සමරුව (මවිසින් සත්හඞ පුවත් පතට සතිපතා ලියන කොලමේ 2015-11-29 දින පළ වූ ලිපිය.)

 
          ”බාබු” නමින් ටොරොන්ටෝ නුවර පවත්වාගෙන යන අවන්හල කැනඩාවේ එල්ටීටීඊ දේශපාලනයේ වැදගත් ස්ථානයකි. එල්ටීටීඊ පරාජයට පෙරාතුව එකී අවන්හලේ පිවිසුම් දොරටුවේ විශාල ඊලාම් සිතියමක් ප‍්‍රදර්ශනය කෙරිණි. එමෙන්ම එල්ටීටීඊයට පක්ෂපාති පති‍්‍රකා ආදියද ලබා ගැනීමේ හැකියාව බාබු අවන්හලේ තිබේ. පසුගිය නොවැම්බර් 26 වන දා කහ සහ රතු කොඩිවලින් සරසා එකී අවන්හල හැඩ කර තිබුණේ සිය අභාවප‍්‍රාප්ත සංවිධාන නායකයාගේ උපන් දින සැමරුම උදෙසාය. එදින කවුන්ටර් මත තබා තිබූ  කේක් පිරවූ බඳුන්වලින් කෑම මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට නොමිලයේම කේක් ලැබුණේ ඒ සැමරුමේ කොටසක් ලෙසිනි. ඒ ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතැති වෙළඳ සැල් අවම වශයෙන් පෝස්ටරයක්වත් ප‍්‍රදර්ශනය කරමින් සිය මියගිය නායකයාට බුහුමන් දැක්වීය. එමෙන්ම එකක් දෙකක් හැර සියලූම දෙමළ වෙළඳසැල් වසා තිබුණේ ද එකී සැමරුමට සහායක් වශයෙනි.
                   යුද්ධය අවසාන වීමට පෙරාතුව තරම් නැතත් ඉන් පසුවත් ස්වකීය නායකයාගේ උපන් දිනයත් ඊට පසු දින මහා විරු දිනයත් කැනඩාවේ ප‍්‍රධාන වශයෙනුත් අනෙක් බොහෝ යුරෝපා රටවලත් නොකඩවාම සැමරේ. සම්පූර්ණ දෙමළ භාෂාවෙන් පමණක් නිර්මිත සම්පූර්ණ ප‍්‍රමාණයේ :ත්‍මකක ීස‘ැ* පෝස්ටර් සෑම දෙමළ වෙළෙඳ සැලකම පාහේ ප‍්‍රදර්ශනය කර තිබුණි. පෝස්ටර් පති‍්‍රකා ආදි සියල්ල දෙමළ බසින් පමණක් නිර්මාණය කිරීමේ සරල බලාපොරොත්තුවව විය හැක්කේ දෙමළ ජනයා පමණක් යට කී සැමරුම් සඳහා සහභාගි කර ගැනීම විය හැකිය.
                   මෙවර මහ විරු දිනය නැරඹීමට මමද ගියෙමි. ඒත් එක්තරා ආරක්ෂාව පිළිබඳ චකිතයකින් යුතුවය.  පූර්ව යුද කාලීන උන්මාදය හෝ පුලූල් ජන සහභාගිත්වයක් හෝ මෙවර මහවිරු දිනයේ  දක්නට නොතිබුණි. යුද්ධය අතරතුර කාලයේ නම් එකී රැුස්වීම් භූමි වෙත දහස් ගණන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්  පැමිණියේය. එහෙත් මෙවර නම් මා දුටුවේ සිය ගණනක් වූ ජනතාවක් පමණකි. මෙවැනි සමරු සාර හෝ අසාර වන්නේ ලංකා දේශපාලනය දෙමළ ජාතික ප‍්‍රශ්නය පාවිච්චි කරන ස්වරූපයෙනැයි මට සිතේ.
කැනඩා භූමිය තුළත් යුරෝපය පුරාත් විසිරී සිටින අති විශාල දෙමළ ජනගහණය තුළ යුද වින්දිතයන් බොහෝ ගණනක් සිටින බව නොරහසකි. ඔවුන්ගේ ලංකාව පිළිබඳ මතකයන් තුළ ඇත්තේ යුද්ධයේ කුරිරුකම මිස ජනවාරි 8 වන දා විප්ලවයෙන් පසු ඇතිවෙමින් පවත්නා සංහිඳියාව පිළිබඳව අත්දැකීම් නොවේ.  ඔවුනට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් සංහිූිඳියාවට පක්ෂපාත අදහස් ප‍්‍රකාශ කරන විට මෙකී ඩයස්පෝරා සාමාජිකයන් කෝපයට පත්වන්නේ එහෙයිනි. එල්ටීටීඊයට පක්ෂපාත අදහස් උදහස් දක්වන ගජේන්ද්‍ර පොන්නම්බලම් හෝ ආනන්දි ෂෂීදරන් වැන්නන්ට ලංකා භූමිය තුළ සිටින දෙමළ ජනයාගේ සහාය නැතත් ඩයස්පෝරා ජනකාය අතර ඊට වඩා උසස් පිළිගැනීමක් ඇත්තේ යටකී යුද වින්දිත අත්දැකීම් නිසා යයි සිතමි.
                   මීට තෙමසකට පමණ ඉහත දී යම් කිසි අලූත් වැඩියාවක් සඳහා  එකී කටයුතුවල යෙදෙන දෙමළ ජාතිකයෙකුගේ සහාය ලබා ගැනීමට මට සිදුවිය. මූලික කතා බහ නිමවීමෙන් පසු ඔහු සතුටු සාමිචී කථා කළේය. ඔහු මගේ ගම් පළාත් කොහේදැයි ඇසුවේය. මගේ ගම මහනුවර යයි මම පිළිවදන් දුනිමි. මහනුවර නම ඇසීමත් සමග ඔහුගේ මිත‍්‍රශීලී භාවය වියැකෙන අයුරු මවිසින් නිරීක්ෂණය කෙළෙමි. ඔහු පැවසුවේ තමා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ලෙස වසර හතර හමාරක් නඩු නැතුව අපමණ වධ බන්ධනවල ලක්වෙමින් බෝගම්බර සිරගෙදර ගත කළ බවය. අවසානයේ අධිකරණය හමුවේ නිවැරදිකරුවෙකු ලෙස රිමාන්ඞ් භාරයෙන් නිදහස් වූ බව ඔහු මා සමග පැවසීය. ඔහුට මගේ මුණ ගැසීම සිය බිහිසුණු මතකය කෙතෙක් අවදි කළා ද යත් ඔහු මගේ වැඩ කටයුත්ත කර දීමට යළි පැමිණියේ නැත.
                   කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්ත ආණ්ඩුවේ කොන්සර්වේටිව් පාක්ෂික මන්තී‍්‍ර ජැක් මැක්ලේන් :න්‍්ජන ඵ්ජකැ්රබ* මහතා මෑතකදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර තිබුණි. එනම් එල්ටීටීඊ මහවිරු සමරුවට අප සහය පළ කළ යුතු වගත් ලාංකීය දෙමළ ජනයා කැනඩාවේ සහාය ලැබිය යුතු පීඩිත ජනවර්ගයක් ලෙස හඳුනාගත යුතු බවත්ය. ලක්ෂයක පමණ දෙමළ ජනතාවක් ආණ්ඩුවේ හමුදා අතින් මැරුම් කා ඇත. එහෙයින් ඔවුන්ගේ සාධාරණ බලාපොරොත්තු සඵල කර ගැනීමට කැනඩාව සහය පළ කළ යුතු බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය.  එමෙන්ම ගෝලීය දෙමළ සංසදය හා පාර ඊලම් රාජ්‍යය  සමග සබඳතා තර කර ගත යුතු බවටත් ඔහු යෝජනා කර ඇත.
           මෙය කොන්සර්වේටිව් පක්ෂයේ නිල ප‍්‍රකාශයක් නොවිය හැකිය. එක අතකට එය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමේ ස්වරූපයේ කතාවකි. එල්ටීටීඊ ව්‍යාප්තයට ප‍්‍රධාන වශයෙන් බාධා කළේ පැවතුණු කොන්සර්වේටිව් ආණ්ඩුව විසිනි. විශේෂයෙන් අවසාන යුද්ධය සමාසන්න කාලයේ අධිවේගී මාර්ග අහුරමින් දෙමළ ජනයා කල උද්ඝෝෂණ කැනේඩියානු ආරක්ෂක ඉතිහාසයේ නවමු එහෙත් අමිහිරි අත්දැකීමක් විය. එයින් කොන්සර්වේටිව් ආණ්ඩුව බලවත් සේ කෝපයට පත්විය. එල්ටීටීඊය කෙරේත් සමස්ථ  දෙමළ ජනයා කෙරේත් කොන්සර්වේටිව් පක්ෂය දැක්වූ මිත‍්‍රශීලී නොවන ආකල්පය ඔන්ටාරියෝ ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ දේශපාලනයේදී විශාල ඔවුන් විශාල පසුබෑමකට ලක් කළේය. 
         එහෙයින් ඒ තත්වය කල් ඉකුත් වූ පසුව තේරුම් ගැනීමක් ලෙස යටකී මන්ති‍්‍රවරයාගේ හැඳින්වීම සැලකිය හැකිය. කැනඩාවේ දැන් සිදු වී ඇති ආණ්ඩු වෙනස වනාහි එක්තරා ආකාරයකට දෙමළ ජනයා බලාපොරොත්තු වූ ඔවුන්ගේ සහාය ලැබුණු එකකි.
          මගේ අවබෝධයේ හැටියට එල්ටීටීඊය සිය මහවිරු දින සමරුව හා මහා වීර දිනය සිය සංවිධානය අරබයා වන දෙමළ ජනයා සතු මතක කන්ද  යළි අවදි කරන ඔවුන්ගේ පැත්තෙන් ගත් කළ වැදගත් සැමරුම් දෙකකි. ලක්ෂ හතරකට ආසන්න කැනඩාවේ වෙසෙන ජනයාගෙන් බහුතරය ඒ රටට පැමිණ ඇත්තේ කවරාකාර හෝ යුද වින්දිතයන් වශයෙනි. ඔවුන්ගේ ඒ දුක් වේදනාවන් ඔවුන් මියෙන තුරාම සුළු වශයෙන් හෝ පවතිනු නිසැකය. කාලයාගේ ඇවෑමෙන් තමන් සතු එල්ටීටීඊයට ඇති ළෙන්ගතුකම් තුනී කළ හැක්කේ උතුරේ ජනයා ප‍්‍රමුඛ සුළු ජනවාර්ගිකයන්ගේ දුක් ගැනවිලිවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංදර්භයක් තුළ විසඳුම් ලබාදීමට ලංකාවේ දේශපාලන ක‍්‍රමය සමත්වීම මගින් පමණකි. එමෙන්ම බලය  උදෙසා ජාතිවාදය අවුස්සමින් අවස්ථාවාදීව හා භීතියක් ඇතිවෙන අයුරින් හැසිරෙන ඇතැම් සංවිධාන හා පුද්ගලයන්ද විසින් ඩයස්පෝරක ජනයා තව තවත් එල්ටීටීඊ සන්නාමය වෙතට සමීප කරන්නේය.
               එල්.ටී.ටී.ඊ.යේ අනුහස් සහිත නායකයා මෙන්ම එහි සියලූ මුල් පෙළ නායකයන්ද කාඩර්වලට ගොනුවී සිටි බහුතරයද යුද පරාජය ඔස්සේ වැනසී ගියේය. එහෙත් එතෙක් පැවතුණු දෙමළ ජන ජීවිතයම මුලූමනින්ම කණපිට හරවා ඔවුන් ජාත්‍යන්තර අවධානයට පත් මිනිස් ප‍්‍රජාවක් බවට පත් කිරීමට එල්.ටී.ටී.ඊ.යට හැකියාව ලැබුණි. එමෙන්ම තල්වැටෙන් කොටුවී , කුල පීඩනයේ ගොදුරු බවට පත් පීඩිත ජනයාගේ ඒ පෙලූ බැමි කඩා බිඳ දැමීමට ද එල්.ටී.ටී.ඊය සමත් විය.  එවන් මහා පරිමාණ පරිවර්තනයක් කරන්නට එවැනිම අරගලයක් සිංහල දකුණේදී කළ ජනතා විමුක්ති පෙරමුණට  නොහැකි විය.
සිය අවසන් පැතුම දිනා ගැනීමට නොහැකි වුවත් දෙමළ ජනවර්ගය තුළ කරනු ලැබුවාවූ මහත්වූ විපර්යාසය නිසා එල්.ටී.ටී.ඊ ය දෙමළ සමාජය තුළ යළි යළි අනුස්මරණය වීම වැළැක්විය හැකිද?
චන්ද්‍රරත්න බණ්ඩාර
 

Saturday, 12 December 2015

මනු ගුණ වරුණ :මගේ විසිපස් අවුරුද්ද


 
 

              මේ අවුරුද්දට මගේ පළමු පොත ප‍්‍රකාශයට පත් වී වසර විසි පහකි. නිල වශයෙන් ISBN අංකයක්  ලැබී රාජ්‍ය ලේඛනාගාරයේ පොතක් ලියා පදිංචි කෙරුණේ එදා ය. ඒ පොත ‘කැණිමඬල ගිනි ගත් දා’යි. ප‍්‍රකාශකයා වූයේ සේනාරත්න වීරසිංහය. (ප‍්‍රභා ප‍්‍රකාශකයෝ)  මවිසින් පාසල් අවධියේ සිට ලියන ලද කෙටිකතා එකතුවක් එයට අඩංගු වී තිබුණි. එකළ අසම්මත හිතන්නන් සේ අප සිතූ පැතූ අයුරු ඒ කෙටිකතාවල ගැබ්ව ඇතැයි සිතමි.
 
        අද මුද්‍රණ තාක්ෂණය අපූරුවට දියුණු වී තිබුණත් එකල අතින් අකුරු අමුණා කෙරෙන පොත් මුද්‍රණ ක‍්‍රමයකි තිබුණේ. පිටු කිහිපයක් හෝ අකුරු ඇමිණීමට කාලයක් ගත විය.  සේනාරත්න සොහොයුරා කොටුවේ නිවාස අධිකාරියේ වැඩට එන විට වේයන්ගොඩ සිය නිවසේ සිට පිටු කිහිපයක සෝදුපත් රැුගෙන ඒ. ඒ ටික මවිසින් ගෙදර රැුගෙන ගිය සතුට මට තවමත් මතකය. සෙමෙන්, කල්පනාකාරීව, සංසුන්ව කතා බහ කරන සේනාරත්න ඇතැම් දිනක ”අද යනකොට මරදානෙන් අකුරු ටිකක් ඇරන් යන්නත් තියෙනවා” කියයි. අකුරු යනු අකුරු අමුණන ඊයම් අකුරුය. තමාගේ නිවස තුළම තනාගත් මුද්‍රණාලයේ සේනාරත්න මුද්‍රණ කර්මාන්තය ඇරඹීය.
 
      එදා ඔහු කුලූණු සිතින් මවෙත කළ උපකාරය මගේ සාහිත්‍යයික ජිවිතයට නොමඳව බලපෑවේය. අඛණ්ඩව කියවන්නෙකු හා ලියන්නෙකු වන සේනාරත්න අදටත් ඒ ධෛර්යයෙන්ම වැඩ කටයුතු කිරීම සතුටක් ගෙන ඒ. විශේෂයෙන් පොදු ජනයා තම පාඨකයන් ලෙස තෝරා ගැනීම ඔහුගේ මානුෂික සමාජ දැක්මේ දිගුවක් ලෙස මම දකිමි.
 
        කැණිමඬල ගිනිගත් දා මගේ ග‍්‍රන්ථ අතර තමා බෙහෙවින් අගය කරන කෘතිය බව ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මාධ්‍යවේදී සොහොයුරා නොබෝදා මා සමග පැවසීය. එයින් කුතුහලයට පත් මම එය කියවා බැලීමට උත්සාහ කළත් ඒ පොත මා සමීපයේ නැත. කවරයක් පමණක් ඇත. පොත විසිපස් වසරකට පසුවත් තවමත් වලංගු යයි මටත් හිතුනොත් පොතක් සොයා ගෙන ප‍්‍රකාශනය සඳහා ප‍්‍රකාශකයෙකුට බාර දෙන්නෙමි.
මේ දෙසැම්බර් අග සතියේ මගේ ‘වළාකුලූ බැම්ම’ නවකතාව පිටවන්නේ මගේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන ජීවිතයේ විසිපස්වන අවුරුද්දේය. මේ නිල සාහිත්‍ය ජීවිතයට පෙරාතුව සාහිත්‍ය ජීවිතයක්ද තිබුණි. ඒ ගැන පසුව ලියමි.

Tuesday, 17 November 2015

වීරයන් නඩත්තු කිරීම




            ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ළඟ ළඟ පෙරලූනු බාල්දි අතරින් හතරවන බාල්දිය පෙරලා ඇත්තේ රෝහණ විජේවීරගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසිනි.
            විජේවීර මහත්මිය සිය දරුවන් ද සමග දැනට නැවතී සිටින්නේ වැලිසර හමුදා කඳවුරට අයත් නිවස්නයක ය. බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම මෙකී පවුල දීර්ඝ කාලයක් බලා කියාගත්  නාවික හමුදාව එම වගකීමෙන් නිදහස්වීමට යයි. තමන්ට එරෙහිව නැඟී සිටි කැරළිකාර නායකයෙකුගේ බිරිඳ හා දරුපවුල වසර 25 ක් තිස්සේ බලා කියා ගැනීමම එක්තරා ආකාරයට නාවික හමුදාව් හා රජය කළ ප‍්‍රශංසා කටයුතු කි‍්‍රයාවකි.
           රෝහණ විජේවීර මරා දැමුණේ 1989 නොවැම්බර් මාසයේදී ය. ඔවුන්ගේ බාලම දරුවා ඉපදුනේ 1989 නොවැම්බරයේ කියා සිතුවත් ඒ දරුවාගේ වයස අවුරුදු 26 කි. අනෙක් දරු පස් දෙනාම ඊට වඩා වැඩිමහල් විය යුතුමය. එහෙයින් ඒ සියලූ දරුවන්ට හා විජේවීර මහත්මියට තමන්ගේ ම වූ ස්වාධීන ජිවිතයක් ගත කිරීමේ හැකියාව තිබේ. එහෙත් රජයේ අරමුදලින් (මහජන බදු මුදල්වලින්* වසර 25ක්ම ජීවත් වූ ඔවුන් එය නවතින තැන තමන් බලා ගන්නට තම ස්වාමියා අනෙකුන්ගේ සහයද සහිතව තැනූ  දේශපාලන පක්ෂයට බලකරයි.
විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තැනුවේ තනිව නොවේ. ඒ සඳහා ජිවිත ද දහඩිය ද කඳුළු ද වැය කළෝ දහස් ගණනකි. අනෙක විප්ලවවාදි පක්ෂයක් තම මිය ගිය නායකයන් නඩත්තු කළ යුතු ආකාරයක් තිබේ. එ් ඔවුන්ගේ ඉගැන්වීම් හා කැපකිරීම් යළි යළි මෙනෙහි කරමින් ඒ ඔස්සේ ය.
          දැන් රෝහණ විජේවීරගේ බිරිඳ සිය සැමියා විසින් රචිත පොත් කිහිපයක් නැවත පළ කිරීම වළක්වමින් අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹ තිබේ. මෙය දේශපාලන පක්ෂයකට, එහි අනුගාමිකයන්ට පමණක් නොව බුද්ධිමය සමාජය ද බැ?රුම්ව සිතිය යුතු අනාගත උවදුරක් පිළිබඳ අශෝභන පූර්වා දර්ශයකි.
            තවමත් ලංකාවේ බුද්ධිමය නීතිය විසින් මෙවැනි කාරණා පිළිබඳ නිරවුල් ආස්ථානයක සිටිමින් මෙවැන්නක් විවරණය කිරීමට අසමත්ය යන්න මගේ හැඟීමයි. නීතිය කෙසේ වෙතත් දේශපාලන හා සදාචාරය පැත්තෙන් ද විජේවීර මහත්මියගේ හැසිරීම සලකා බැලිය යුතුය.
            රෝහණ විජේවීර යනු එතෙක් තිබූ වාමාංශික ව්‍යාපාරයෙන් ද, ලෝක සමාජවාදී ව්‍යාපාරයෙන් ද බොහෝ දේ උගෙන, දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දායක වූ පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ ඒ ව්‍යායාමය  සඳහා සිය ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවූ තවත් දහස් ගණනකි. කැප කිරීම් කළ අප‍්‍රමාණ ජීවිත සංඛ්‍යාවකි.
         මාර්ටින් වික‍්‍රමසිංහ හෝ වෙනත් ලේඛකයෙකු ලියන කෘතියක් ඔහුගේ පෞද්ගලික දැනුම සොයා යාමේ අරගලයේ මාහැඟි ප‍්‍රථිඵලයක් වූවාට විජේවීර රචිත කෘති එසේ පෞද්ගලිකව දැනුම සොයා යාමේ අරගලයක කොටසක් පමණක් ම නොවේ. ඒ සඳහා වන දැනුම හා අත්දැකීම් සපයා ගැනීමේ අරගලයට දායක වූවෝ වනාහි සිය ජීවිතයෙන්, දේපළවලින් හා කාලයෙන් සිය ශ‍්‍රමය පුද කළෝ ය. එහෙයින් විජේවීරගේ කායික ජීවිතය ද මානසික ජීවිතය ද නඩත්තු කළෝ ඒ මහා කැප කිරීම් කළ පුද්ගලයෝය.
          ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජීවත් වූයේ පොත පත ලිව්වේ කියෙව්වේ සිය පෞද්ගලික ධනයේ උපකාරයෙනි. දොස්තර වික‍්‍රමසිංහ දේශපාලනය කළේ සිය වෛද්‍ය දැනුම මගින් උපයා ගත් ධනයෙනි. පීටර් කේනමන් දේශපාලනය කළේ සිය ධනවත් පවුලේ ධනය වියදම් කරගනිමිනි. කොල්වින් ආර් ද සිල්වාගේ කායික හා බුද්ධිමය ජීවිතය නඩත්තු කළේ ඔහුගේ නීතිඥ වෘත්තියෙන් උපයා ගත් මුදලිනි.
          එහෙත් විජේවීරගේ තනි පෞද්ගලික ජීවිතය පමණක් නොව ඇගේ දරුමල්ලන් සහිත සුවිශාල පවුලද නඩත්තු කළෝ පක්ෂයය. පක්ෂයට සල්ලි සපයා දීමට මේ රටේ දුගියෝ ද තරුණයෝ ද ශිෂ්‍යයෝ ද වෙනත් තරාතිරම්වල පුද්ගලයෝ ද දායක වූහ. ජවිපෙ කැටවලට සල්ලි නොදැමූ කිසිවකු ශී‍්‍ර ලංකාවේ වෙත් නම් ඒ අතළොස්සකි. ඔවුන්ගේ නියමුවා, ගිනි පුපුර, ආදි පත්තර විකුණන්නට වෙරදරන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ලක්වන උසුලූ විසුලූ නින්දා මම දැක ඇත්තෙමි. එහෙත් ඒ සා හැඟීමෙන් දායක වූ මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් පවුලක් නඩත්තු කිරීම ඒ කැටවලට සල්ලි දැමූ පුද්ගලයෙකු වශයෙන් මම නම් විරුද්ධ වෙමි. ඒ අපේ දහඩිය මහන්සිය අපහරණය කිරීමක් සේ මම සලකමි.
           ජවිපෙ විජේවීර පවුලේ දේපළක් ද? විජේවීර මහත්මියගේ සොහොයුරා වූ වෛද්‍ය සුභාෂ් ප‍්‍රනාන්දු නැමැත්තා එකළ විදේශයක සිට පැමිණ සිය මස්සිනාගේ හයියගෙන රණ්ඩු සරුවල් කරගත් අයුරු අපට මතකය. විජේවීර මහත්මියගේ හැසිරීම ද ඊට දෙවෙනි නොවේ.
            විජේවීර මහතාගේ බිරිය හා දරුවන් වනාහි ඔහුගේ දේශපාලන ජීවිතයේ කොටස් නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඵලයන් ය. ඒ සුවිසල් පවුලේ යහපත සඳහා පක්ෂ සාමාජිකත්වය, අනුගාමිකයන් හෝ හිතවතුන් කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් හෝ යුතුකමක් නැත. සැබැවින්ම එසේ කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වටා සිටින මහ ජනකායගේ කැපවීම් අපහරණයේ යෙදවීමකි.




Wednesday, 14 October 2015

වලාකුළු බැම්ම





              මගේ අළුත්ම නවකථාව ''වලාකුළු බැම්ම" ලෙස නම් තැබුවෙමි. නම් ගනනාවක් අතරින් ඒ නම තෝරා ගැනීමට මා මිතුරු නිමල් ඒකනායක හා චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සහය පැතුවෙමි. නිමල් කොහොමත් කලා කෘතිවලට නම් තැබීමේ ශූරයෙකි.-පුත්‍ර සමාගම-අයි නාලිකාව -උක්දඩු ගින්න-ඒ ශූරකමේ අගනා ප‍්‍රථිපලය. වලාකුළු බැම්මම විය යුතු යයි කීවේ නිමල්ය.

             සමහරවිට මේ මගේ අවසාන විශාල නවකථාව විය හැකිය.පිටු ගණන හයසියයකට ආසන්නය. අවුරුදු තුනහමාරක් මේ සදහා වැය කෙළෙමි. 1997 අවුරුද්දේ -හැන්දෑදුරය- පිටවුනාට පසු නවකතාවක් ලියා නැත්තෙමි.

              වලාකුළු බැම්මේ මා දැන් සිටින්නේ තුන්වනවරට සෝදුපත් බලන අවස්ථාවේය. එය සො‍දුරු කාර්යයක් වෙතැයි කලින් සිතා සිටියත් එය මහත් අසහනකාරී දෙයක් වී ඇත්තේ ජීවන ගැටළු ඒ මතට රොක්වී ඇති නිසාය.එක ඇසක සිදුවී ඇති පෙනුමේ අඩුවක්ද මෙම කාර්යයට බාධා කරයි.

              පොත ප්‍රකාශ කරන්නේ සරසවි ප්‍රනාශකයන්ය. නිමල් ඒ සදහා වන මිතුරු කපුකම කළේය. ප්‍රකාශනය සදහා විධිමත් ක්‍රියාමාර්ග ඉදිරි දෙසතිය තුල ගැනෙනු ඇත.

             කවරය දිනිදුට දෙන්නට සිතා සිටිමි.මගේ පසුගිය කෘති කිහිපයකම කවර නිර්මාණය කළේ ඔහුය.
පරිඝනක අකුරු කළේ මගේ මල්ලී නලින්ගේ මැදිහත් වීමෙනි.එහි තවත් ඉතිරි කොටස් චන්දිමා සොයුරිය ඉටු කළාය.වියරණ බැලුවේ ධර්මරාජ විද්‍යාලයේ විශ්‍රාමලත් සිංහල ආචාර්ය ඩී.බී.හේරත් මහතාය.

             මේ කෘතිය ප්‍රකාශනය වනතුරු මම ආශාවෙන් බලා සිටිමි. ලියා හමාර වූ දා හීන් අඩියක් සප්පායම් වෙමින් නවකථාවේ ගැබ්බර බරින් හෑල්ලුවීමේ සතුට අහිංසකව වින්දෙමි. මට තවත් ධනයක් ඇතැයි සිතුවෙමි. සෝදුපත් බලන විටත් යම් පිරැණු බවක් දැනේ. පොත ප්‍රකාශනයට පත්වනදා කොහොම හිටීවිද?

පතීගේ කලාව


              
             මම ඉන්නේ නැවත ප‍්‍රචාරය වන කඩුල්ල ටෙලි නාට්‍යය නරඹමිනි. දැන් කැනඩාවේ වෙලාවෙන් රාති‍්‍ර 2.00ය. එහි නිර්මාණකරුවා වන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය. ඔහු මගේ ලෝකය තුළ සදා නොනිවෙන පහන් තරුවය. මගේ කලාවේ ගමන් තරුව වූයේ ඔහුය. අපි පාසල් යන පැටි වියේදී අපගේ අනාගත ඉරණම රැුඳී පවතින්නේ සිනමාව ඔස්සේ යැයි සිතුවේ පතී නිසා ය. ඔහු අපගේ පාසල වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ජේෂ්ඨ ආදී ශිෂ්‍යයෙකි. පතී තිරනාටකය ලියූ හන්තානේ කතාව තිරගත වන විටත් ඔහුගේ පළමු කෙටි චිත‍්‍රපටය වූ ‘සතුරෝ’ හා ඔහුගේ පළමු වෘත්තාන්ත චිත‍්‍රපටය වූ ‘අහස් ගව්ව’ චිත‍්‍රපටය තිරගත වන විටත් ඒවා බැලීමට තරම් තැනක අපි පසු නොවූනෙමු. අප දුටු පතීගේ පළමු චිත‍්‍රපටය වූයේ බඹරු ඇවිත්ය. එය අපගේ රසික ඇස කණා පොල්ලන් ගැස්සවීය. චිත‍්‍රපටය බැලීමෙන් නොනැවතී අපි පාසල් සිසුන් කණ්ඩායමක් සේ පතී සොයා කොළඹ නොදන්නා අපි, කොළඹ ආවෙමු. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ පිහිටි ඒ නිවහන තාම මට මතකය. ජීවිතය සරලව බාර ගන්නා ඔහුගේ විභූතිමත් ඇස් දෙකට හා නොනැසෙන තාරුණ්‍යයට සමාජයේ බොහෝ දේ විෂය වේ යයි අපි සිතුවෙමු. විද්‍යා විෂය හදාරමින් සිටි අප කලාවට පිවිසුණේ අපටත් පතී කෙනෙක් වෙන්නට හැකි යයි සිතාය. පාසල් වියේදීම අපි මත්පැන් තොලගෑවේ පතී බොන නිසාය. ඒවා සුන්දර විභුතිමත් මිනිසකුට අත්‍යාවශ්‍ය එකකැයි අපි සිතුවේ පතී හරහාය. ලෙඩ රෝගවලට මාවත් හෙළි නොකරන්නේ නම් අපි එදා හිතුවා හරිය. (හැම වටිනා දේකම අඳුරු පැත්තක් තිබේ.)
             පතීගේ බඹරු ඇවිත් මම දහ හතර වතාවක් බැලූවෙමි. මහනුවර වේල්ස් සිනමා හලෙන් ගැලවී ගොස් කඩුගන්නාව කීර්ති සිනමා හලේ තිරගතවන විටත් බැලූවෙමි. කැනඩාවට පැමිණත් දෙතුන් වරක් වීඩියෝ මාර්ගයෙන්ද එය නැරඹුවෙමි. හෙටත් මැරෙන තුරාවට අලූත් දැනුමක් දෙන කලා කෘතියක් සේ එය අපට බොහෝ දේ දෙනු ඇත.
             1979 හෝ 80 දවසක පතී අපේ පාසලේ දේශනයකට කැඳවාගෙන යාමටත් මමත් මගේ සගයා වූ ධම්මික මාභරනත් විද්‍යාලපති ඒ. පී. ගුණරත්න ගුරු පියාගේ වාහනයෙන් මහනුවර දුම්රියපලට පැමිණියෙමු. පතී එදා පෙනී සිටියේ ඩෙනිම් කලිසමකිනි. සාක්කු බොහෝ ගණනක් ඇති කපු කමිසයකින්ද සෙරෙප්පු දෙකකින් යුතුවය. එදා ඔහුගේ මනා ආකර්ෂණය අප හිත් බැඳ ගත් නිසා තවමත් අපට ටයි කෝට් ඇඳීම කැමැත්තෙන් කළ නොහැකි ව තිබේ.
            පසු කලෙක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් ලෙස පතී බුහුමන්  ලබන සමයේ (1998) මාද මැදිහත්ව තැනූ ‘ධර්මරාජ විද්‍යාලයීය කලා සංගමයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පතී කැඳවූවෙමි. ඊට වසර තුනකට පෙර ආරම්භ වූ මේ කලා උළෙලේ ආරාධිතයා වූයේ අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, ජී.ඇල්. පීරිස්, සරත් අමුණුගම හා බැටී වීරකෝන්ය. ඔවුන් පැමිණියේ මනා පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසීය. පාසල් සිසුන්ගේම යෝජනාවක් අනුව දේශපාලකයන් පසෙක තබා මහා කලාකරුවන් ප‍්‍රධාන අමුත්තන් සේ සහභාගි කරගැනීමට තීරණය විය. ඒ පළමු තේරීම අපේම ආදි ශිෂ්‍යයෙකු වූ පතිරාය. පතීද මේ කලා උළෙලට ඊට පෙර නොවරදාවම සහභාගි වී තිබුණි.
          බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙක පෙරටු කරගත්, විද්‍යාලාධිපතිතුමා ආදි ශිෂ්‍ය සංගම් සභාපති හා කලා සංගම් ප‍්‍රධානීහු ප‍්‍රධාන අමුත්තා පිළිගැනීමට සිසුන් දින තුනක් දිවා ? මහන්සිවී තැනූ තොරණ පාමුල රැුඳී සිටියෙමු. පතී පැමිණියේය. ඒ අප සිතූ විදිහට නොවේ. හැමදාම අඳින අමුතු කමිස වෙනුවට සුදු කමිසයක් හැඳ සිටියේය. ඒ්ත් මඳක් අත් නමාගෙනය. විදුහල්පතිවරයාගේ සිනාවත් ඇඹුල්වීමත් අතර මුහුණ මම දුටුවෙමි. එහෙත් සියල්ල යථා පරිදි සිදු විය.
       එකළ අප දිනපතා හෝ සතිපතා කිහිප දිනක්වත් බ්ලූම්පීල්ඞ් සමාජ ශාලාවේදී  හමු වී කලාව ගැන කථා කළෙමු. පසුදාට කවර තරමේ වැඩ රාජකාරි තිබුණත් පතී නික්ම යන තෙක් බිබී සංවාද කෙළෙමු. නිමල් ඒකනායක, නැසීගිය විමල් හලංගොඩ, ලයනල් වික‍්‍රම, සුනිල් සිරිසේන මහින්ද සේනානායක (විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ) ඒ පිරිස් අතර විය.
       2014 අවසන්වරට ලංකාවට ගිය විටත් ඒ හමුව එසේම පැවැත්විණි. විමල් හලංගොඩ මිය ගොසිනි. ලයනල් ආවේ නැත. ඩොනල්ඞ් කරුණාරත්න හා ජයලත් මනෝරත්නද විය. එදා ඒ කථාකරන සෙනෙහෙබර ඇස් වලින්ද සංයමශීලී බුද්ධිමත් වචන පිටකරන මුවින් ද පතී අප හා කථා කළේය. පතීගේ වයස දැන් අවුරුදු 72 ක්ලූ. එතරම් නොනැසෙන තාරුණ්‍යයක් මම දැක නැත්තෙමි. අපට ඔහුගේ අනුගමනය කළ නොහැකි වූ බොහෝ දේ අතර නොනැසෙන තාරුණ්‍යයක් පවත්වා ගැනීමට ඔහු අත්දුටු ක‍්‍රමවේද අප අත්නොදිටුවෙමු. ඔහු මෙන් අනාගාමිකයෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පූර්ණ භෞතිකවාදියකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පතලා වූ මානව හිතවාදයක් දරා සිටීමට බැරි විය. ඔහු මෙන් නව දැනුම ඉවසන්නෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් සිය පෞද්ගලිකත්වය සරලවද ඒ හා සමානවම බැ?රුම්වද ගැනීමට අපට නොහැකි විය. ධන ධාන්‍ය බව භෝග සම්පත්වලට උකටලීව සිටීමට අපට නොහැකි විය.
      බොහෝ දෙනා තොරොම්බල් කරන ගෞතම සිද්ධාර්ථ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පළමු ඇරයුම ලැබුණේ පතීටය. ඔහු එය බාරගෙන පිටපත ද ලියූ බව සැලය. එහෙත් එහිදී චිත‍්‍රපටය වෙළඳාමේ දී ඇති විය හැකි බාධා දුරලීමටදෝ අප දන්නා තරමින් ආගම් ගැන එතරම් තැකීමක් නොකරන චිත‍්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න පිටපත ‘පුරාවිද්‍යා චක‍්‍රවර්තී’ එල්ලාවල මේධානන්ද භික්ෂුව වෙත අනුමැතිය පතා යොමු කළ යුතු යයි යෝජනා කර ඇත. පතී ඒ සඳහා විරුද්ධ වූවා පමණක් නොව එකී ව්‍යාපෘතියෙන්ද ඉවත් විය. අප තොරොම්බල් කරමින් නැරඹුයේ ඒ කලාව මරා උපන් දේවගුත්ත නාමධාරී සිද්ධාර්තය.
          පතී යනු මාවත් ගණනාවකින් සොයා යා හැකි මිනිසෙකි. මා ආරම්භකව සිතු මාවතෙන් බොහෝ දුර ගියෙමි. යළි මම එහි පැමිණියෙමි.
         අපගේ සිනමා ආගමනය සිදු නොවූයේත්, පතීට සිනමා දිවියෙන් බොහෝ කලකට වෙන්වීමට සිදු වූයේත්, එකම හේතු කාරණා නිසා ය. විවෘත ආර්ථිකය පැමිණීම, සිනමාවේ ආගමනය, 83 කළු ජූලිය හරහා ජනයාගේ විනෝද සිත් ඇහිරීම, සිනමාව ආයෝජන ක්ෂේත‍්‍රයක්ව තිබූ අවධිය විවෘත ආර්ථිකය හරහා ඇහිරී යාම ඒ  කාරණාය. මට වසර මතක නැත. එහෙත් ගැහැණු ළමයි චිත‍්‍රපටයේ රඟ පෑම වෙනුවෙන් වසන්ති චතුරානිට හොඳම නිළියට හිමි කතෝලික සිනමා පර්ෂදයේ සම්මානය ලැබුණු වසර විය. එදා මමද ඒ උත්සවය බැලීමට ගොස් සිටියෙමි. එදා සරල පතීට ගාම්භීර ගාමිණී ෆොන්සේකා හමුවිය. ඒ දෙදෙනා හුවමාරු කරගත් දෙබස අවුරුදු 30 කට පමණ පසුවත් මට මතක තිබේ.
ගාමිණී : කොහොමද පතී.
පතී : ඔහෙ ඉන්නවා.
ගාමිණී : ළඟදි ඔයාගේ චිත‍්‍රපටයක්වත් දැක්කෙ නෑ.
පතී : කෝ අපිට චිත‍්‍රපටි හදන්න සල්ලි වියදම් කරන්න නිෂ්පාදකයො.
ගාමිණී ලජ්ජාවෙන් සිනාසෙමින් ඉවත්ව ගියා මට මතකය.
         අපගේ සිනමා සිහිනය වැළකුණේ ද පතීලා චිත‍්‍රපට නොහැදු නිසාය. අප එල්ලෙන්නට සිතා සිටි පතීටද ඒ ආර්ථික සමාජ දේශපාලන වාතාවරණය තුළ චිත‍්‍රපට නොලැබුණේය. අපි ඉන් විතැන් වී ලේඛන කලාවට පිවිසියෙමු. එය අප මිනිසුන් ලෙස ඔසවා තැබීය.
       ඒ දීර්ඝ විරාමයට පසු පතී චිත‍්‍රපටයක් 2000 දී පමණ නිෂ්පාදනය කළේය. ඒ ”මතුයම් දවසක’’ යි. ඒ ගැන මම කිසිත් නොකියමි.
      සැබැවින්ම ඔහුගේ නැවත  ආගමනය සිදු වන්නේ ‘සක්කාරං’ සමගය. එය තුළ පතීගේ නිර්මාණාත්මක  ජීව ගුණය රැුඳී ඇතැයි සිතමු.