Monday, 21 September 2015

භික්ෂූන්ගේ නිර්මාණ සාහිත්‍යය හා රන් කරඬුව

 
 

             මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවෝ ලියූ ‘නංගි වෙතටයි’ නව කතාව මා කියවූයේ අප කනිටු පාසල් ශිෂ්‍යයන්ව සිටි අවධියේය. ඒ පොතේ කතා සංදර්භය මට මතක නැතත් ඉන් මනා වූ රසයක් විඳිබව දැනුදු සිහිවේ. චිත‍්‍රයක හෝ නර්තනයක රස විඳ එය යම් කාලයකට පසු සිහියට නැගෙද්දී ඇතිවන ප‍්‍රමෝදය වැන්නක් මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවන්ගේ පොත් ගැන සිහිවන විට දැනේ. ඞීමන් ආනන්දගේ පොත් පත් කියවා කියවීමේ රසය දල්වා ගත් අවධිය පසු කළ පසු මෛතී‍්‍ර මූර්ති, ජි.බී. සේනානායක, කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත් මට හමු විය. මෛතී‍්‍ර මූර්ති හිමිගේ පොත් නැවත කියවීමේ ආසාවෙන් පෙලූනත් මට මේ වැඩිහිටි ජීවිතයේදී තවම ඒවා හමු වී නැත.
            මට සිලූටු කථා විලාසයකින් භික්ෂුවකට අනුයන ඉවුරු නොබිඳගෙන, ඒවා බිහිවූ යුගයේ රිද්මය කැටිකරගත් නවකතා ලෙස මෛතී‍්‍ර මූර්ති හිමියන්ගේ නවකතා සැලකිය හැකිය. මෛතී‍්‍ර මූර්ති හිමියෝ  ඔය පොත්  ලියන අවධියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි රූප සම්පත්තියෙන් අගපත් භික්ෂුවක බව කියැවේ. උන් වහන්සේ වැඩ සිටි පේරාදෙණිය හිඳගල පැත්තේ විහාරයට බුදුන් වැඳීමට එන මුවාවෙන් පළාතේ තරුණියෝ මෛතී‍්‍රමූර්ති හිමියන්ගේ රූප සම්පත්තිය නැරඹීමට පැමිණෙන බව ඒ පළාතේ පදිංචිව සිටි මගේ මිතුරකු මා සමග පැවසීය. එහෙත් මෛතී‍්‍ර මූර්ති හිමියන් සිය සංඝ ගෞරවය කෙළසා නොගෙන සිය ආගමික හා සාහිත්‍ය ජීවිතය පවත්වාගෙන ගිය බවද මගේ මිතුරා උන්වහන්සේට ගෞරවයෙන් යුතුව මා සමග පැවසීය.
            මෛතී‍්‍ර මුර්ති හිමියන් ගැන මට මතක් වූයේ මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ පූජ්‍ය බටුවංගල රාහුල හිමියන්ගේ ”රන් කරඬුව” පොත කියැවූ පසුවය. බටුවංගල රාහුල හිමිද අයත් භික්ෂු සංස්ථාව පිළිබඳව මට ඇත්තේ බලවත් ලෙස ඉරි තලා ගිය විශ්වාසය බිඳ වැටුණු මනෝභාවයකි. ඒ මනෝ භාවයන් ඇතිකළ භික්ෂූ ප‍්‍රතිරූපකයන් අතර රාහුල හිමියන් නොසිටින බව පැහැදිලිය. එහෙත් චීවරධාරිීන් විසින් සමාජයේ අවගමනයට කර ඇති කටයුතු හා ඔවුන්ගේ නොමනා හැසිරීම අහිංසක නිර්ව්‍යාජී භික්ෂු රත්නයන් ගේ ප‍්‍රතිරූපයන්ටද මද හෝ කැලල් සිදු කරයි. බණ්ඩාරනායක මහතා ඝාතනයට නම ගෑවුනේ කැලණි විහාරයේ අධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හා තල්¥වේ සෝමාරාම නම් වූ භික්ෂූන් දෙදෙනෙක් පමණි. ඒ තිරස්චීන ඝාතනය දහස් සංඛ්‍යාත අවශේෂ භික්ෂු සංඝයා හෙළා දැක්ක බවත් උන් වහන්සේලා එයින් සංවේගප‍්‍රාප්ත වූ බවත් සැබෑවකි. එහෙත් පුහුදුන් සමාජය ඒ දවස්වල භික්ෂුවක පාරේ බැස යාමට බැරි තරමට නින්දා අපහාස කළ බව අසන්නට ලැබේ.
             ඒ ආකාරයට, අන්ත ජාතිවාදය ඇතුලූ තිරස්චීන තත්වයන් ආරක්ෂා කිරීමේ භික්ෂූන්ගේ වර්තමාන භූමිකාව බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක්ව තිබේ. බටුවංගල රාහුල හිමියන්  වැනි උඩුගං බලා පිහිනන්නට උත්සාහ යතිවරයන් වහන්සේලාද ඒ ගොඩටම දැමීමේ අවාසනාවන්ත තත්වයක් දක්නට ලැබේ. ශී‍්‍රපාද ඡුන්ද විමසීමේදී බලය අත්පත් කරගත් ආකාරය, දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ දී හොරෙකු ආරක්ෂා කිරීමට නාමධාරී භික්ෂුන්ම දරණ ලද වෙහෙස, බොදුබල සේනා, රාවණා බලය ආදි සංවිධාන සමාජයේ ක‍්‍රමික සාමගී‍්‍රයට කරන චණ්ඩිකම් ආදිය ඔස්සේ මැවුණු ප‍්‍රතිරූපය චීවර දරන්නා වූ හැම කෙනෙකුටම පාහේ එල්ල වෙමින් පවතී. ඒ අතරට පැමිණි අසපු සංකල්පය ගිහි බෞද්ධයන්ගේ අතාර්කික භක්තිය සිය මඩි තරකර ගැනීමට හා ප‍්‍රතිරූප නංවා ගැනීමටත් යොදා ගැනීම හරහා තවත් පැත්තකින් භික්ෂුවගේ ප‍්‍රතිරූපයට හානි සිදු වී ඇත.මෙවැනි අයහපත් වාතාවරණයක් තුළ භික්ෂූන් අතින් නිමවන වැදගත් දෙයක් හෝ නිසිලෙස අගය නොකෙරෙන බව දකින්නට තිබේ.
              ”රන් කරඬුව” ස්වර්ණ පුස්තක සම්මානය දිනූ බව මා පළමුව දැන ගත්තේ මුහුණු පොතෙනි. එහි තිබූ එක කොමෙන්ටුවක  වැඩකට නැති පොතක් ලෙස එම කෘතිය හඳුන්වා තිබුණි. එවැනි කොමෙන්ටු පවා පාඨක සිතට බලපෑම් කරන බව මම දනිමි. ඒ කොමෙන්ටු කරුවාට බලපා ඇත්තේ භික්ෂූන් කෙරේ වන පොදු ප‍්‍රතිරූපය බව මගේ හැඟීමයි.
               කෙසේ වෙතත් මම රන් කරඬුව කියවා හමාර කර සිටින්නෙමි. එහෙයින් මට අනෙක් ප‍්‍රාථමික නිර්දේශ තවදුරටත් වැදගැම්මක් නැත. රන් කරඬුවට වඩා හොඳ කෘති ස්වර්ණ පුස්තක සඳහා නිර්දේශිත කෘති අතර තිබෙනවාදැයි මම නොදන්නෙමි. ඒවා ගැන දැන ගත හැක්කේ ඒ පොත් කියවූ පසුවය.
ආචිර්ණ කල්පිත, පඩික්කම් පුරවන, ආධිපත්‍යධාරි භික්ෂුවක් නොවන්නාවූ, පෘතග්ජන උපේක්ෂාශීලී භික්ෂුවකගේ නිර්මාණශීලී ජීවාත්මය මම රන් කරඬුව තුළින් දකිමි. පොත අතට ගත් වෙලේ මේ නවකතාවේ ශෛලිය ජී.බී. සේනානායක අනුගමනය කළ එක් ශෛලියක් පදනම් වී යයි සිතුවෙමි. දෙවනුව ජී.බී ගේ ශෛලිය හා නවගත්තේගමගේ ශෛලියේ සම්මිශ‍්‍රණයකැයි සිතීමි. එහෙත් වැඩි අවධාරණයකින් බැලූ විට දැක ගත හැකිවූයේ ජීවිතයේ ස්වභාවික ප‍්‍රාථමික නිර්දේශයන් බැහැර කරමින් ලෝකෝත්තර නිර්වචනයකට අනුව සිය සැබෑ ජීවිතය හැඩ ගසා ගන්නට තැත් කරන පෘතග්ජන ශ‍්‍රමණයෙකුගේ ජීවන ලාලසාව එහි ගැබ්වන බවයි. එය අමුතු හා නිර්භීත ප‍්‍රවේශයකි. එමෙන්ම අත නොගැසූ කලාපයක දුර්ලභ තෝරා ගැනීමකි. සිවුරින් එතුනු පෘතග්ජන පුහුදුන් මිනිස් සිරුර රහත් භාවයට ඔසවා තැබෙන අමාවැස්ස, පිච්චමල වැනි නවකතා සැදැහැවත් පාඨකයාගේ භක්ති මනස නොසෙල්වාම තැබුවේය. එහෙත් ධී ශක්තියෙන් අනූන නිර්මාණ වේදයක් අනුගමනය කළ මාර්ටින් වික‍්‍රමසිංහ බුදු හිමිම උදාහරණකොට එතුමන්ගේ සිය ජීවන අරගලයේ යථාව බවතරණය තුළින් නිරූපණය කළේය. එයින් සංස්ථාපිත බෞද්ධයෝ කිපුණහ. ඒ කිපුම වනාහි කාලාම සූත‍්‍රය වැනි දහමක් වදාළ ඒ ශාස්තෘවරයා සොයා යාමට ඇති හොඳම මග වන විචාරාත්මක මග අසුරාලීමකි. 
රන් කරඬුව තුළින් කතුවර හිමියෝ උන්වහන්සේද ඇතුළත්වන භික්ෂු සංඝයා නිරත ලෝකෝත්තර අරගලය එහි පැතුම් සමුදාය, බිඳ වැටීම්, සහ පිට පැනීම් යථා ස්වරූපයෙන් සටහන් කරයි. ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුවක් ලෙස වෙනත් ජීවන සම්ප‍්‍රදායකට ඇතුළුවීමට ගත්තා වූ තීරණයට බලපෑ සිය ළමා වියේ ස්නේහවන්තිය පිළිබඳ දයාර්ද අනුවේදනීය පෘතග්ජන හැඟීම සිය පරමාර්ථ සාධනය පිළිබඳ වෙහෙසකර අරගලයේම කොටසක් කරගනිමින් බොහෝ දුර රැුගෙන එයි. කතුවරයා භික්ෂුවක ද වූ තතු යටතේ ඉතා කෘති‍්‍රම අවසානයක් දෙමින් විප‍්‍රලම්බ ශෝකයෙන් දැවෙන  ස්නේහවන්තිය ද, බුද්ධධර්මය ද නදී තෙරකදී මුණ ගස්සවා සියල්ල හමාර කිරීමට තැත් කරතත් එය එසේ නොකළ හැකි බව තත් විෂයයේ බැ?රුම්ව නියලෙන ගිහි අපට නම් වැටහෙන්නේය. රාහුල හිමියන්ටද එය වැටහෙනු නිසැකය. එහෙත් උන් වහන්සේගේ භික්ෂූත්වය හා නිර්මාණය අතර ගැටුම මතුවන්නේ එතනදීය.
                 ලෝකෝත්තර වටිනාකමක් සහිත රන් කරඬුවක් හා කුඩා පැන්සල් කොටයක ගැබ්වුණු මහ කෙලෙසක් ඔලොගුවක දමා ගෙන දෙකම සුරැුකිමින් බුදු දහමේ මූලය හා එහි පිළිසරණ සොයා යාම අපූර්ව නිර්මාණ නිමිත්තක් තොර්ා ගැනීමකි. බුදු දහමේ නාමයෙන් එයට පටහැනි දේ කරන දේවදත්ත වැනි භික්ෂූන් හා ඔහුගේ අනුග‍්‍රාහක අජාසත් රජු වත්මන් ශාසන විලෝපිත භික්ෂූන් හා ඔවුන්ගේ අනුග‍්‍රාහක දේශපාලකයන් සියුම්ව සමවාය කිරීමකි.
              බටුවංගල රාහුල හිමියන් අතළොස්සක් වූ නිර්මාණකාරියේ යෙදෙන භික්ෂුන් අතර වැදගත් ස්ථානයක් ගනී. ඔහුගේ නිර්මාණවේදය නිර්මාණාත්මකය. නැවුම්ය. පර්ල් එස් බක්ගේ ඨදදා ෑ්රඑය කෘතිය සිංහලට නැගුයේ භික්ෂුවක විසිනි. ඒ 1960 ගණන්වලදී ය. ඉනික්බිති පළමු වරට පොදු ජනයාට සමීප වහරකින් නිර්මාණ කාරියේ යෙදුණේ මෛතී‍්‍ර මූර්ති හිමියන්ය. කෝන්ගස් දෙනියේ ආනන්ද මණ්ඩාවල පඤ්ඤාවංශ, වීර පොකුණේ උපරතන ආදී භික්ෂූන්ද උසස් නිර්මාණාත්මක සාහිත්‍යකරුවන් ලෙස සැලකිය හැකිය. කවර තරමේ භික්ෂුවක් වුවත් ඔහු භික්ෂු ජීවිතයට එළැඹෙන්නේ සිය ජීවිතයේ අප‍්‍රමාණ දේවල් කැප කරමිනි. ඒ කැපකරමින් තම ජීවිතයට අලූතින් එක්කර ගන්නා තමා අනුයන ලෝකෝත්තර දැක්ම සිය කෘතිීන් මත විවිධ ප‍්‍රමාණයන්ගෙන් ් ඇතුලූ වීම වැළැක්විය නොහැක.  පොදු සාහිත්‍ය පෝෂණය කරන වෙනම සාහිත්‍ය ශානරයක් ලෙස භික්ෂුන් අතින් ලියවෙන මෙම සාහිත්‍ය ධාරාව අප තේරුම් ගත යුතුය. බටුවංගල රාහුල හිමියන්ගේ රන්කරඬුව එකී ශානරයට ඇතුලූ කළ හැකි අගනා කෘතියකි.

Friday, 21 August 2015

ගරු සරු ඇති කරු

 
 
 


      ගෙවීගිය මහා මැතිවරණ ප‍්‍රථිපලය ගැන පළමුව මම සතුටු වෙමි’ එහි සාධනීය අංග ගණනාවක් තිබෙන බව මගේ හැ`ගීමයි’’ මෙකී මැතිවරණ ප‍්‍රථිඵලයේ වඩාත්ම සිත්ගන්නා සුලු හා ආශ්වාදනීය කාරණය වන්නේ කරුණාරත්න පරනවිතාන ගේ තේරී පත්වීමයි’පළමුව ඔහු අපගේ මිතුරකු වන්නේය’ එමෙන්ම ඔහු ගැමි හා නාගරික දේශපාලන සමාජය පිළිබඳ කලක් තිස්සේ කළ හැදෑරීම් වලින් යුක්තවූ ද එමගින් ලද පන්නරයකින් යුක්ත වූ ද තරුණ බුද්ධිමතෙකි’ ධන බලය හා වෙනත් සාටෝපයන්ගෙන් තොරව ඡුන්දදායකයාගේ දේශපාලන දැනුම සඳහා යමක් දෙමින් සිදුකළ මැතිවරණ කි‍්‍රයාදාමයක් දියත් වනු අප දුටුවේ කරුගෙනි’
     පැරණි පළපුරුදුකම් අනුව හොඳ මැතිවරණ කි‍්‍රයාවලියක් රත්නපුරේදී බලාපොරොත්තු විය හැකිව තිබුණු අනෙක් කෙනා සිටියේද රත්නපුර ලැයිස්තුවේය’ ඒ වාසුදේවය’එහෙත් ඔහු ඒකාධිපතියෙකු වෙනුවෙන් කඩේ යමින් සිය දැනුවත් අතීත කීර්ති කදම්බයන් තමන්ම කා විනාශ කර ගත්තේය’
     පරණවිතානගේ මැතිවරණ කි‍්‍රයාදාමය ලංකාවේ මෙවර සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලියේ නිර්මාණශීලීම එක යයි මගේ විශ්වාෂයයි’එසේ නැත්නම් එය චම්පිකගේ මැතිවරණ කි‍්‍රයාවලිය හා සමානව සිටී’ කරු ජනතාවට බොරු කීවේ නැත’ ඔහු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙත බුද්ධිමතුන් කැඳවා ගත්තේය’ විද්වතුන් රත්නපුරේ සාමාන්‍ය ජනතාව ඇමතූහ’ විද්වතුන් ජනතාව ඇමතීමෙන් චන්ද ලබාගත හැකියයි කරු විශ්වාෂ කිරීමම අද වැනි දවසක විශේසයක් නොවන්නේද? එමගින් ඔහු තමන් මෙහෙයවන ජනතාව බුද්ධිමත් යයි විශ්වාෂ කළේය’ ඒ මහජන තීරුව විශාල එකකැයි ද විශ්වාෂ කළේය’ එලෙස ජනතාව විශ්වාෂ කරන අපේක්ෂකයෝ ප‍්‍රධාන පක්ෂවල නැත’ ප‍්‍රදාන පක්ෂ දෙකේ නාමධාරී උගතුන් වන ජී’ඇල්’ පීරිස් ආචාර්ය සරත් අමුණුගම මහාචාර්ය තිස්ස විතාරණ වැන්නෝ වුවද එවැන්නක් විශ්වාෂ නොකරති’ එහෙත් පරනවිතාන එය විශ්වාෂ කළේය. ඒ විශ්වාෂය සත්‍යයක් බවද ඔප්පු කළේය’
     මෙම මැතිවරණයෙන් අපේ හිතවතුන් කිහිප දෙනෙකුම ජයග‍්‍රහණය කර ඇත. එහෙත් දිදුලන ජයග‍්‍රහණය වන්නේ කරුණාරත්න පරනවිතානගේ ජයග‍්‍රහණයයි.

Wednesday, 29 July 2015

අබ්දුල් කලාම් ; පුරෝගාමී යුග කාරක පුරුෂයෙක්



             2002 වසරේ සිට 2007 දක්වා කාලය තුළ ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ආචාර්ය අබ්දුල් කලාම් මහතා නොබෝදා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 හැවිරිදි වියේ පසු වූ එතුමා උපත ලද්දේ 1931 ඔක්තෝබර් 15 වන දාය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු වූ කලාම් මහතා ඉතාම සාමාන්‍ය පවුලක  ඡුන්ම ලාභය ලැබූවෙකි. උත්සාහයෙන් ජීවිත සයුර ජයගත් එතුමා අභ්‍යාවකාශ විද්‍යාඥයෙකු ලෙස සිය පරිසමාප්ත වෘත්තීය ජීවිතය හමාර කළේ අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයෙන් ඉන්දියාව මහ බලවතුනට සම කරමිනි්. පසු කාලයේ ඉන්දියාවෙන් අභ්‍යාවකාශයට යැවුණු ‘අග්නි’ ‘පෘතුවි’ ආදී චන්ද්‍රිකා කලාම් මහතාගේ කතෘත්වයෙන් යුත් ඒවාය.
අබ්දුල් කලාම් මහතා ලොව පිළිගත් විද්‍යාඥයෙකි. අවසාන මොහොත දක්වාම විද්‍යාත්මක චින්තනය මගින් ඔප මට්ටම් වූ දරු කැලතක් නිර්මාණය කිරීමට වෙහෙස වෙමින් ඔවුන් ධෛර්යවත් කරමින් කලාපයේ බොහෝ රටවල්වල සැරි සැරුවේය. මීට මසකට පමණ පෙර ශී‍්‍ර ලංකාවටද එතුමන් පැමිණියේ ලංකාවේ තරුණ පරපුර එ් සඳහා යොමු කරවීමේ අධ්‍යාසයෙන් යුතුවය.
           අභ්‍යාවකාශ තාක්ෂණය, මිසයිල තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය වැනි ඉහළ ගණයේ තාක්ෂණයන් ඉන්දියාව වැනි සාපේක්ෂ වශයෙන් දුගී රටක ප‍්‍රචලිත කිරීම සඳහා එතුමා විශිෂ්ට සේවාවක් කළේය.
නිදහස් ඉන්දියාවේ එකොළොස්වන ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තේ අබ්දුල් කලාම්ය. ඔහු එකී තනතුරට ලබාදුන් දැවැන්ත ආලෝකය යුග යුග ගණන් ඉන්දියාවේ පවතිනවා නිසැකය. 1978 දී ලංකාවේ ඇතිකළ මගෝඩි ව්‍යවස්ථාව ලාංකීය පුරවැසි සමාජයේ ශක්තියෙන් පරාජය කරමින් 19 වන සංශෝධනය මගින් යම් සංශෝධනයන් ගෙන එන ලදී. එකී ව්‍යවස්ථා සංශෝධන තව අවුරුදු පහකින් කි‍්‍රයාත්මක කෙරෙන විට එකී ජනාධිපති තනතුර බොහෝ දුරට ඉන්දියාවේ ජනාධිපති තනතුරට සමාන වනු ඇත. බොහෝ විට ඉන්දියාවේ නම් මෙකී තනතුර ජාතික සංහිඳියාවේ දැන උගත්කමේ ශ්‍රේෂ්ටත්වයේ මනාවූ සංකේතයන් වූ පුද්ගලයන්ගෙන් පුරවනු ලැබේ. ඒ සඳහා උදාහරණ ලෙස නිදහස් ඉන්දියාවේ පත් වූ ජනාධිපතිවරුන්ගේ මට්ටම් නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය. මේ ඒ සඳහා දරණ වෑයමකි.
නිදහස් ඉන්දියාවේ පළමුවැනි ජනාධිපතිවරයා රාජේන්ද්‍ර ප‍්‍රසාද් (1884-1963) මහතාය. ඔහු ඉන්දියාවට නිදහස ලබා ගැනීමේ විමුක්ති ව්‍යාපාරයේ මහත්මා ගාන්ධිතුමා සමග උරෙනුර ගැටී කි‍්‍රයා කළ මහාපුරුෂයෙකි.
ඉන්දියාවේ දෙවන ජනාධිපතිවරයා වූයේ ලෝක ප‍්‍රකට බුද්ධිමතෙකු වූ සර්වපල්ලි රාධකි‍්‍රෂ්ණතුමාය. (1888-1975). අප දන්නා තරමින් ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ටයන් සිය දෙනා අතරට පවා ගැනෙන්නෙකි.  ලෝක ප‍්‍රකට දාර්ශනිකයෙකු හා ලේඛකයෙකු වූ රාධකි‍්‍රෂ්ණ මැතිතුමා ආන්ද්‍රා බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද විය.
ඉන්දියාවේ තුන්වන ජනාධිපතිවරයා වූ සකාර් හුසේන් (1897-1969) උපතින් මුස්ලිම් ජාතිකයෙකි. සම්භාවනාවට පත් උගතෙකි. ‘අලියාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාය.
ඉන්දියාවේ සිව්වන ජනාධිපතිවරයා. වී.වී. ගිරි මහතාය. (1894-1980) එතුමා ප‍්‍රවීන දේශපාලකයෙක් මෙන්ම උගතෙකි.  මාස දෙකක් වැනි කෙටි කලක් ජනාධිපතිකම් දැරිය. පසුව 1969 අගෝස්තු  සිට 1974 අගෝස්තු දක්වා දෙවන වරට ජනාධිපතිකම දැරීය. කලක් ඔහු ශී‍්‍ර ලංකාවේ තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.
වී.වී. ගිරි මහතාගේ පාලන කාල දෙක අතරතුර මුස්ලිම් ජාතික උගතෙකු වූ ද, ඉන්දියාවේ අග‍්‍ර විනිශ්චයකාරයා වූ ද මොහොමඞ් හිදයතුල්ලා (1905-1992) ජනාධිපති පදවියට පත් විය.
වර්ෂ 1974 සිට 1977 දක්වා ජනාධිපති පදවිය දැරුවේ පක්රුදීන් අලි අහමඞ් (1905-1977) මහතාය. ඔහුද පළපුරුදු දේශපාලනඥයකු මෙන්ම රට පිළිගත් උගතෙකි.
රාමසාමි වෙන්කතේෂ් වර්මා (1910-2009) මහතා ඉන්දියාවේ අටවැනි ජනාධිපතිවරයාය. සුදු පාලකයන් විසින් ඉන්දියාවේ නිදහස් සටනේ නායකයකු වූ හෙයින් සිරගෙට යවන ලදි. මුදල්, ආරක්ෂක හා කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙස මහත් සේවයක් රටට කළ විද්වතෙකි.
ඉන්දියාවේ දහවන ජනාධිපතිවරයා කේ.ආර්. නාරායන් (1920-2005) මහනාය, රාජ්‍ය තාන්ති‍්‍රක ක්ෂේත‍්‍රයේ හසළයකු වූ ඒ මහතා ඉන්දියාව වෙනුවෙන් විදේශ සේවයේ යෙදුනේය. විද්‍යාව සහ නීතිය පිළිබඳ ආචාර්ය උපාධි ලාභියකු වූ නාරායන් මහතා ‘ජවහල්ලාර් නේරු විශ්වවිද්‍යාලයේ’ උපකුලපතිවරයා වශයෙන් ද සේවයකොට ඇත.
නාරායන් මහතාට පසුව ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා බවට පත්වූයේ අප කතානායක අබ්දුල් කලාම් මහතාය.
       දැන් ජනාධිපති තනතුර දරන්නේද ඉන්දියාවද ලෝකයමද පිළිගත් විද්වතෙකු වූ ප‍්‍රාණාබ් මුකර්ජිය. ඔහු කලක් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයද දැරුවේය.
             මේ ජනාධිපතිවරුන්ගේ උගත්කම් හා විශිෂ්ටත්වයන් සමග අපේ ජනාධිපතිවරුන් පමණක් නොව අගමැතිවරුන් හා පක්ෂ නායකයන් පවා සසඳා බැලීම පාඨකයන්ට බාරය. ළඟ නොබැලූ, ස්වාර්ථය උදෙසා තනතුරු පාවිච්චි නොකළ මේ උතුමෝ ඉක්මගිය හැට හත් වසරක නිදහස් ඉන්දියාව මහ බලවතෙකු බවට පත් කළෝය.
        ‘අප හැම ඉපදී තිබෙන්නේ දිව්‍යමය ගින්නක් සහිතවය. අපගේ ප‍්‍රයත්නය එම ගින්නට තටු ලබා දී එහි සද්භාවයේ දීප්තියෙන් ලෝකය එ්කාලෝක කිරීම විය යුතුය.’ ආචාර්ය අබ්දුල් කලාම් සිය ස්වයං චරිතාපදනාය වූ .Wings of Fire . කෘතියේ පෙරවදනට ලියූ සටහනකි එ්.
           අබ්දුල් කලාම් මහතාගේ ජීවිතයෙන් බිඳකි මේ." ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදීම සිය වෘත්තීය ජීවිතයේ අග්ගිස්ස දුටු ඔහුගේ පළමු සිහිනය වූයේ තමාගේම වූ (ඉන්දියාවේම වූ) ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමය.

          ”අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් ඉන්දීය ජන ජීවිතයේ හොඳම අංග මැනැවින් සංකේතවත් කරන බව ඔහුගේ සහෝදර පුරුසියන් බොහොමයක් දරන මතය ය. වසර 1931 දී තමිල් නාඩුවේ රාමේස්වරහ් හි ඔරු හිමියෙකුට දාව උපන් ඔහු ආරක්ෂක විද්‍යාඥයෙකු ලෙස කීර්තිමත් වාර්තාවක් තැබූවෙකි. ඉන්දියාවේ ඉහළම පුරවැසි සම්මානය වූ භාරත රත්නයෙන් පිදුම් ලද්දෙකි.  ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙලෙහි ප‍්‍රධානියා ලෙස ඔහු ප‍්‍රාණය නිරුද්ධ වූසේ පෙනී ගිය පර්යේෂණ ආයතනයන්ට නව පණක් දී එ්වායේ ගතික්වය පුබුදුවා නව්‍යකරණ වෙත එ්වා මෙහෙයැ වී. මේ ආඥාතභාවයේ සිට ජගත් කීර්තිය කරා පිය නැඟු කලාම් ගේ පෞද්ගලික කතාව පමණක් නො වේ. මෙය ඉන්දියාවේ තුඩ තුඩ රැුව් දෙන අග්නි, පෘථිවි, අකාශ්, ති‍්‍රශූල් සහ නාග් මිසයිලයන් ගේ උත්පත්ති සහ ජීවිත කතාව ද වේ. එයින් ඉන්දියාව ජගත් පිළිගැනීමක් සහිත මිසයිල බලවතෙකු බවට නැඟී සිටියාය.
              කලාම් ඉන්දියාවේ තේජස් වී ආයුධ පද්ධති නිපැදවීමෙහි ලා දායක වූයේ දෛනිකව පැය 18 ක් පමණ වැඩ කරමින් තාපස වෘතයක් බඳු දරුණු දින චර්යාවකට බැඳෙමිනි. හේ වීනා ගායනයට ද එ් අතර කාලය සොයා ගත්තේය. ඔහු තම ජයග‍්‍රහණය ගැන නිහතමානීව සඳහන් කරන්නේ සිය ගුරුවරුන් ගේ සහ වැඩිහිටියන්ගේ බලපෑම කෘතවේදීව සිහිපත් කරමිනි. දකුණු ඉන්දියාවේ කුඩා ග‍්‍රාමීය නගරයක ගෙවූ සිය ළමා සහ තරුණ කාලයේ මුහුණ දුන් දුක්කම්කටොළු, අරගල ඔහු විචිත‍්‍ර ව නිරූපණය කරන්නේ ආශ්වාදජනක ගුරු බලපෑම් ද සමග ය. ආචාර්ය වික‍්‍රම් සරභාහි බඳු දාර්ශනික ඉන්දියානු  විද්‍යාඥයන් විසින් පර්යේෂණ මාලා අනුකලනයෙහිලා ඉටු කළ මහඟු සේවාව ඔහු මෙහිලා ගෙනහැර පායි. මෙය තාක්ෂණවේදී ස්වයං පෝෂණය සහ ආරක්ෂක ස්වායත්තතාව දිනා ගනු වස් ඉන්දියාව ගෙන ගිය අරගලයේ වෘත්තාන්තය ද වේ. එය ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ මෙන්ම විද්‍යාවෙහි ද කතාව ය.”
   
        මේ සටහන අප උපුටා ගත්තේ අරු්න් තිවාරි සමග එක්ව අබ්දුල් කලාම් ලියූ උසබටි දෙ ත්‍සරු ස්ව චරිතාපදානයේ පසුවදනෙනි. එය සිංහලට නැගූයේ ප‍්‍රවීණ පරිවර්තක ජයතිලකද සිල්වා විසිනි. 

Saturday, 25 July 2015

ජාතියේ කඳුළු කථාව


1983 ජූලි 23 වන දින සිට අදට අවුරුදු තිස් දෙකක් ගෙවී ගොසිනි. අවුරුදු තිස් දෙකක් යනු තරුණයෝ මහළු වියටත්, ළදරුවෝ තරුණවියටත් පත්වීමට තරම් සෑහෙන කාලයකි. මේ දීර්ඝ කාලය තුල පොත පතින්ද, ජීවත්වීමෙන් ද ලද හැකි දැනුම අප‍්‍රමාණය. මේ අයුරින් දැනුමෙන් පෝෂණය වීම අප   පරිනත වීම යයි කියමු.
1983 ජූලි 23 වන දින නොහික්මුණු සන්නද්ධ තරුණයන් පිරිසක් කළ නොමනා කි‍්‍රයාවක් දෙතුන් සිය ගුණයකින් වැඩිකොට කටකතා මාර්ගයෙන් දකුණට පැමිණියේය. එවිට දකුණේ දේශපාලන අනුග‍්‍රහය ලත් මැරයෝ, අවශේෂ පටු අවස්ථාවාදී ජනයාද පොළඹවාගෙන දකුණේ දෙමළ ජනයාට එරෙහිව අවි අමෝරා ගත්හ.  එකී තත්වය සමනය කිරීමට එවකට පාලන බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධනට අපමණ හැකියාවක් තිබුණු  නමුත් ඔහු තුන් තිස් පැයක් ගෙවෙන තෙක් එකී නරි රැුලට වීදිවල නිදහසේ සැරි සරන්නට ඉඩ දෙමින් පොලිසිය හා හමුදාව බැරැුක්කවලට සීමා කළේ ය. එහි ප‍්‍රතිඵලය වූයේ  මිල කළ නොහැකි දකුණේ දෙමළ ජනයාගේ දේපළ හා ජීවිත විනාශ වී යාමයි. උදේ හවස බණ කියන, බණ අහන රටක ජනයා මේ සා ම්ලේච්ඡු ආකාරයට හැසිරුණේ කෙසේදැයි සිතා ගැනීම මහත්සේ අසීරු විය. කිසිදු දේශපාලනමය කි‍්‍රයාවකට සම්බන්ද නොවූ, බොරැුල්ලේ හෝ මරදානේ සිය ජීවිකාව කරගනිමින් සිටි කඩල වෙළෙන්දෝ ඒ කඩල ගිනි උදුනටම දා මරා දැමූහ. සපත්තු හදන සපතේරුවෝ, කුඩ හදන ඡුත්තගාහකයෝ වැනි එදිනෙදා වේල ගැට ගසා ගන්නා සමාජයේ අති දිළිඳු කොටස් මහමඟ විලාප නගමින් ම්ලේච්ඡු මරණයට පත්වූහ. මරණයෙන් ගලවාගෙන රැුකවරණ දීමට සමත් උසස් මැද පංතික සිංහල මිතුරෝ ඒ අහිංසකයන්ට නොවූහ. එහෙත් උසස් මධ්‍යම පංතික දෙමළ ව්‍යාපාරිකයන්ට හා වෙනත් සමාජයේ උසස් දෙමළ ප‍්‍රභූ ජනයාට සිය සිංහල ප‍්‍රභූ මිතුරන්ගේ සුවිසල් නිවෙස්වල රැුකවරණ ලැබී නිරුපද්‍රිතව යාපනයට පිටත් කර හැරිණි. වැල්ලවත්ත ආසි‍්‍රත දෙමළ ජනයාට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි මැරයන් වැලැක්වීමට දේශපාලකයන් උනන්දු වුවත්, මුඩුක්කු හෝ කොළඹ වතු ආසි‍්‍රත ජනයාට පහර දීම වැලැක්වීමට දේශපාලකයෝ උනන්දු නොවූහ. උදාහරණයක් වශයෙන් එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වූ ගාමිණී දිසානායක  මහතාගේ නිවසේ දෙමළ බෙදුම්වාදයට කිසියම් ආකාරයකට සම්බන්ධ පෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ පුත් චන්ද්‍රාසන් රැුකවරණ ලැබූ බව කියැවේ. කුමාර සංගක්කාර සිය සුප‍්‍රකට කෞඩි‍්‍ර දේශනයේදී තම පියා විසින් බොහෝ අනතුරට පත් දෙමළ මිතුරන්ට තම නිවසේ නවාතැන්දුන් අයුරු පවසයි. 1983  කළු ජූලියෙන් වඩා පීඩාවට හා මරණයට පත්වූයේ එවැනි රැුකවරණලාභී දෙමළ ජාතිකයන් නොව එදිනෙදා වේල සවිකරගත් කාගේවත් රැුකවරණයක් නැති අහිංසක දුගී දෙමළ ජනයාය.
                 එක්තරා ආකාරයකට 1983  කළු ජූලිය දෙමළ ජනයාට ආශිර්වාදයක් විය. දෙමළ ජනයාගෙන් සැදුම්ලත් ශී‍්‍ර ලංකාවට මහත්සේ බලපෑම් කළ හැකි ඩයස්පෝරාවක් නිර්මාණය වූයේ එම ඛේදවාචකය නිසාය. 1983  කළු ජූලිය නිසා විපතට පත් දෙමළ ජනයා කොළඹ නගරයේ විවිධ තැන්වල පිහිටි රැුඳවුම් කඳවුරුවල ලූහ. එම එක් කඳවුරක් භාරව සිටි එවකට සමාජ සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු  දැනට ටොරොන්ටෝවේ පදිංචිව සිටී. ඔහු පවසන ආකාරයට කැනේඩියානු රජය එකී අනාථයන් වැඩි පිරිසකට ගුවන් ටිකට්පත් පවා ප‍්‍රදානය කරමින් කැනඩාවට ගෙන්වා ගත්තාය. මේ ආරංචියට විපතට පත් නොවූ ඉහළ පැලැන්තියේ දෙමළ මහත්වරු පවා දවසකට දෙකකට එකී කඳවුරුවලට පැමිණ පදිංචි වී ඒ අනුසාරයෙන් කැනඩාවට පැමිණ තිබේ.
                1983 කළු ජූලිය ආසි‍්‍රත ඛේදවාචකය විපතට පත් දෙමළ ජනයා හා සමස්ත දෙමළ ජනයා විසින් අමතක කරනු ඇතැයි සිතිය නොහැකිය. එමෙන්ම එවන් සිදුවීමක් තමන්ගේ ඇස් මානයේ සිදුවූ බව සිංහලයන් විසින්ද අමතක කළ යුතු නොවේ. දේශපාලකයන්ගේ වරදින් රට සංවර්ධනයෙන් හා වෙනත් අයුරින් ප‍්‍රපාතයට ගොස් ඇතත් අප දෙජාතියම  අයත් වන්නේ ලොව සංවර්ධනය වූ ජාතින් දෙකකටය. ඒ ජාතින් දෙකම වෙන වෙනම වසර දහස් ගණනක් තිස්සේ සංවර්ධනය වූ ජාතිකමය මෙවලම් සමූහයක හිමිකරුවන්ය. ඉන් පළවැන්න එකී ජාතින් දෙක වහරන හා පරිහරණය කරන භාෂා දෙකය. සිංහලය ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකාශන භාෂාවන්ගෙන් මනාව පෝෂණය ව හැදී වැඩුණු පරිපූර්ණ භාෂාවකි. දෙමළ භාෂාවද එසේය. එයද සිංහලය මෙන්ම ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකෘති භාෂාවන්ගේ පෝෂණය ලබමින් වසර දහස් ගණනක් තිස්සේ පෝෂණය වූ පරිපූර්ණ භාෂාවකි.  දෙමළය හා සිංහලය එකිනෙක  අතර පෝෂණය  ලබමින් දියුණු විය. චිරාත් කාලයක් හෘද සංයෝගීව ශී‍්‍ර ලංකාව නම් මනරම් භූමිය ආඩ්‍යත්වයට පත් කිරීමට මේ භාෂා දෙක වහරන ජනයා කැපවූහ. ලංකාවේ ශී‍්‍ර නාමය ඉහළ නැංවීමට මේ දෙජාතියටම අයත් උගත්තු සිය බුද්ධිමය ධනය නොමසුරුව වැය කළහ.
                 1983 කළු ජූලියට වගකිව යුතු පාර්ශ්ව තමන් අතින් සිදු වූ වරදක් බවත් එමගින් පොදු ජාතිකත්වයට බරපතළ හානියක් සිදු වූ බවක් පිළිගන්නට තිස් දෙවසරක් ඉක්ම ගිය අද වුවත් සූදානමක් නොමැත. ප‍්‍රධාන පක්ෂ සියල්ලෝම පාහේ ජනතා විමුක්ති පෙරමුණ 1989 දී සිදු කළ වරදට ස්වයං විවේචනයක් කළ යුතු බව කියති. එහෙත් ජාතියේ ඉරණම වෙනස් කළ ජූලි මහා ඛේදවාචකයේ නිර්මාතෘවරුන් වන ඔවුන්ට එ් ස්වයං විවේචනය වලංගු නැත. නිදහස ලබාගැනීමට ආසන්න කාලයේත්, ඉන්පසුවත් ජාතින් අතර නොහොඳ නෝක්කඩු නොතිබුණාම නොවේ. එහෙත් ඒවා දේශපාලකයන් අතරට බොහෝ දුරට සීමා විය. එහෙත් 1983 දී එය ජනතාව  අතර ගැටුමක් බවට පත්වී අද දක්වා ඇදී යන නොහොඳ නෝක්කාඩුවක් බවට පත් වී ඇත.
 
                     අප මේ ලියන කථාව මේ කියවන ඔබ සමහර විට දැනගෙන සිටියා විය හැකිය. එහෙත් එය මෙසේ නැවත සඳහන් කරමු. 1959 වර්ෂයේදී ලංකාවට පැමිණි සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ අගමැතිතුමා ආපසු සිය රටට ගොස් පැවසුවේ තමා සිංගප්පූරුව ගොඩනගන මාදිලිය සොයා ගත් බවත් එනම්  තමාගේ ඉලක්කය වන්නේ ලංකාවේ මට්ටමට සිංගප්පූරුව ගොඩ නැගිීම  බවත්ය. එහෙත් සිංගප්පූරුවට ශී‍්‍ර ලංකාවේ සංවර්ධන මාදිලිය ගැලපුනේ නැත. හොරකම, ¥ෂණය, දේශපාලන තන්ත‍්‍රයේ ඉහවහා යමින්ද, ජාතින් අතර හා පක්ෂ අතර මාරාන්තික ගැටුම් ඇතිකර ගනිමින් ද ශී‍්‍ර ලංකාව ගමන් කළ අනුවන ගමන නැගී එන ජාතියකට අනුගමනය කිරීමට සුදුසු එකක් නොවන බව ලී ක්වාන් යූ පසුව මැනවින් අවබෝධ කරගත්තේය. එහෙත් ජාතින් අතර ගැටුම් ඇති නොවන සේ තත්වයන් කළමනාකරණය කරගත්, ¥ෂණය හා හොරකමට සහමුලින්ම වැට බැඳි, විනය හා සදාචාරය පාලනයේ විධික‍්‍රමය බවට පත් කළ කොළඹ නගරය තරම් කුඩා වූ මේ හුරතල් දේශය තමන්ගේම මාවතක යමින් ලංකාව මෙන් දහස් ගුණයක සංවර්ධනයක් අත් පත් කර ගත්තේය.
                      1993 දී ලී ක්වාන් යූ මහතා නැවත වරක් සිය මැතිවරණයේදී දේශනයක් කරමින් මෙසේ කියයි. ‘ඔබට ජාතින් අතර ගැටුමින් තොරව හා සමගියෙන් යුතුව මේ අත්පත්කරගත් සංවර්ධන මාවතේ ඉදිරියට යාමට අවශ්‍ය නම් අපගේ ඡුැදචකැ.ි ්ජඑසදබ පක්ෂයට ඡුන්දය දෙන්න. එසේ නැතිව, ජාතින් අතර ගැටුමින් යුතු, සංවර්ධනය ගසා කෑමක් බවට පත් කරගත්, විනයක් නැති, ශී‍්‍ර ලංකාව වැනි රටක් ඔබට අවශ්‍ය නම් උදරනැර.ි පක්ෂයට ඡුන්දය දෙන්න. ු ශී‍්‍ර ලංකාව ජාතින්ගේ ප‍්‍රශ්නය සාමකාමීව විසඳා නොගැනීම පිළිබඳ කාරණය නිසා රට බිඳ වැටී ඇති අයුරු ලී ක්වාන් යූ මහතා ලියූ ඛැැ ණම්බ හැඅල ඵහ කසෙැකදබට ජය්කකැබටැථ ීසබට්චදරු.ි ඊසකසබටම්ක න්‍දමරබැහ කෘතියේ සවිස්තරව ඉදිරිපත් කර ඇත.
බෞද්ධාගම මුල් කර ගත් මහා සංස්කෘතියක් ගොඩ නැගී තිබුණු පුරාණ කාලයේ ජාතිකත්වයට ඉහළින් සිතීමට සිංහලයාටද හැකියාව තිබිණි. ඒ බුද්ධාගමේ අභ්‍යන්තරික ගැඹුර ජනයාගේ හෘද සාක්ෂිය මත තැන්පත්වීම නිසාවෙනි. ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයේ ඇතැම් ප‍්‍රදේශවල ඉතා පැරණි කාලයට අයත් වෙහෙර විහාර හා බෞද්ධ නටබුන් දක්නට ලැබේ. ඒවා විනාශමුඛයට  පත්වෙන්නට පටන් ගත්තේ ඈත කාලයේ විසූ දෙමළ මිනිසුන් අතින් නොව මෑතකදී දේශපාලන අවල කෙලියට ගොදුරු වූ මිනිසුන් අතිනි. අපගේ සංස්කෘතික තොටිල්ල වූ රජරට වැව් අමුණුවල, ගම් නියම්ගම්වල නම් ගම් දෙමළ වූයේ (වෙරුංකුලම, පෙරියන්කුලම, බුලන්කුලම ආදි වශයෙන්* දෙමළ බලපෑම දකුණුකරයට ඇතිවූ නිසාය. අපගේ සිංහල භාෂාවේ ව්‍යාකරණ විවරණය වන සිදත් ස`ගරාවේ මූලාශ‍්‍රය දෙමළ ව්‍යාකරණ විවරණයන් ආශ‍්‍රයෙන් රචනා වවූයේ දෙමළ භික්ෂුවක අතිනි. දෙමළ නම් ගම් අපගේ සිංහල භාෂා ව්‍යවහාරයේ නොමඳව පවති.
උඩරට ගිවිසුම වැනි සිංහල ජාතියට බලපෑ වැදගත් ලියවිල්ල සඳහා අත්සන් කළ නිලමේවරුන් අතරින් ගලගම හා ගලගොඩ දිසාව හැර අන්සියලූම නිලමේවරු අත්සන් කොට ඇත්තේ දෙමළ භාෂාවෙනි. මේ ආකාරයට ප‍්‍රධාන ජාතීන් තුන අතරම අනන්‍ය සබඳතාවන්ගේ ඉතිහාසයක් තිබිණි. බෞද්ධකමේ සාර ධර්ම මත පදනම්ව අනෙක් මත ඉවසූ සිංහලයා සාමයෙන්ද සංහිඳියාවෙන් ද සිටියේය. එහෙත් පසු කාලීනව එ් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණ පිට පෙරලූණි. එ් තත්වය තුළ ප‍්‍රධාන ජාතින් දෙක අතරින්ම සත් ගුණවත් මිනිසුන් වෙනුවට රණකාමියෝ වීරයෝ බවට පත්විය. මෑත කාලින දෙමළ සමාජයට ගෞරවයක් ගෙන දුන් මහාචාර්ය සිවතම්බි හෝ මහාචාර්ය කෛලාසපති වෙනුවට රණකාමිත්වයට  උඩ ගෙඩි දුන් ඇන්ටන් බාලසිංහම් දෙමළ සමාජයේ වීරයන් බවට පත්විය. කලාවට මහඟු සේවයක් කළ මහාචාර්ය සරච්චන්ද්‍රට හෝ මහා ගත්කරු මාටින් වික‍්‍රමසිංහට වඩා වර්ගවාදය දේශනා කළ මහාචාර්යවරු සිංහලයන් අතර වීරයෝ විය. මහා දහම් පහනක් දල්වමින් මිනිසුන් ආලෝකමත් කළ බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමියන් වෙනුවට, වෛරය දෙසමින් ගිනි අවුලූවන මහනකමත් බණ දහමුත් නැති වෛරී භික්ෂූන් ගරු බුහුමන් ලබති. උතුම් පූජ්‍යපාදයෝ ලෙi නාම ගැන්වෙති.
              1983, අපගේ නූතන ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එමගින් විවරවූ ජාතින් අතර පැල්ම නැවත එක් කිරීම අප හැමගේ වගකීමකි. එවැන්නක් යළි ඇති නොවීමට අප සැමදා වග බලා ගත යුතුය.

Monday, 22 June 2015

ටෝනි

 
 
             ටෝනි රණසිංහගේ නික්මයාම ටිකක් බරට මගේ හිතට දැනුනේය. එය බරපතළ අහිමිවීමක් ලෙස මගේ හදවත කියයි. ටෝනි යනු රංගන ශිල්පීන් ගුරුකොට ගත යුතු චරිතයකැයි හඟිමි. ඔහු රංගනය ඇෙඟ්  වැඩක් විතරක් නොව දැනුමේද බුද්ධියේ ද මනා සංකලනයක් බව සිය ජීවිතයෙන්ම ඔප්පුකොට පෙන්වීය. ටෝනි කලාකරුවෙකු ලෙස කි‍්‍රයාකාරීව සිටි අවධිය ශිල්පයක් වටා දැනුම එ්ක රාශි වූ යුගයකි. ටෝනි, ගාමිණී, ජෝ, විජය ඔය කවුරුත්  පාහේ අවශේෂ කලාවන් ඇසුරු කරමින් තමාගේ ශිල්පයන් පොහොසත් කිරීමට වැර වෑයම් කළෝ වෙති. ටෝනි හා ගාමිණී ද්විභාෂික උගතුන්ද වූහ. ජෝ  ගැමි සංස්කෘතිය ගැන අපූරු සංවේදිතාවයන් තිබූ නළුවෙකි. විජේ බුද්ධිමතුන් ඇසුරට පි‍්‍රය කළ ඔවුන්ට ගෞරවය දෙමින් නිහතමානීව යමක් ඉගෙන ගැනීමට පි‍්‍රය කළ නළුවෙකි.
       රංගනය පිළිබඳව ඉගෙනීමට ආයතනයක් නොමැති ලංකාවේ දී ටෝනි එය පොත පතින් හැදෑරූ  අයුරු එක් රූපවාහිනී වැඩ සටහනකදී හෙළි දරව් කළේ ය.  මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මුල් අවධියේ ටෝනිට ලබා දුන් පොත පත පේලියෙන් පේලිය දෙතුන් වර කියවමින් අවබෝධකරගත් අයුරුත් ඒවා රංගනයේදී උපයෝගී කරගත් ආකාරයත් හෙළි කළේ ය.
        2002  වසරේ දී එක්තරා දිනයක මා සේවය කළ ආයතනයේ ප‍්‍රචාරක කටයුත්තකට සහාය ලබා ගැනීම ගැන සාකච්චා කිරීමට ගාමිණී ෆොන්සේකා හමුවූයේ අද රටේ සිටින ප‍්‍රබල චරිත තුනක් ද කැටිවය. ලෙඩ ඇඳේ සිටි ගාමිණී සමග සතුටු සාමිච්චියේ දී අප සමග  ගිය එකී මහතෙකු පහත ප‍්‍රශ්නය ඔහු වෙත යොමු කළේ ය. එ් මෙසේ ය. ‘අපි දන්නවා සිංහල සිනමාවේ මහ නළුවා ඔබයි. එහෙත් ඔබට කිව්වොත් දෙවැන්නා නම් කරන්ට කියලා ඔබ නම් කරන නළුවා කවුද?’
          ගාමිණී මදක් සිනාසී ඔහුගේ සුපුරුදු බැ?රුම් මුහුණින් මෙසේ පැවසීය. ‘ඔයාලා හිතන්නේ ජෝ අබේවික‍්‍රම කියලා වෙන්න ඇති... ජෝත් දක්ෂ නළුවෙක්. ඒත් මගේ තේරීම නම් රෝනි රණසිංහ කියලා...’
ඔහු ඒ සඳහා පාදක වූ කරුණු ගණනාවක් අපට පෙන්වා  දුන්නේය... ගාමිණී කී දේවල් ඇත්ත යයි මටද සිතුණි. එහෙත් මට නම් ජෝ හා ටෝනිගේ දක්ෂතා ගැන ඇත්තේ සමාන හැඟීමකි.
           අපේ සිතේ නැගෙන ප‍්‍රහර්ශය රූපමය භාෂාවකට  නැඟීමට  ඕනෑ තරම් නළුවෝ සිටිති. එහෙත් අපේ පශ්චාත්තාපයත්, සාංකාවත්, පපු තුල දැල්වෙන ගින්දර, ඊර්ෂ්‍යාව මේ සියල්ලේ අනේක විධ ප‍්‍රබේදයන් රූපමය භාෂාවකට නැඟීමට හැම නලූවාටම නොහැකිය. එ් දුෂ්කර හැඟීම් රූපමය භාෂාවකට නැගීමට සමත් වූ ඉහළම නළුවා ටෝනි රණසිංහ යයි මට සිතේ. එ් කරුණේ දී ගාමිණී ෆොන්සේකාද සිටින්නේ ඊට පසුව යයි මට සිතේ. එකී භාව විෂයයන් නිරූපණය උදෙසා ටෝනි විශේෂ කැමැත්තක් දැක්වූවා යයි සිතෙන්නේ නාට්‍ය නිෂ්පාදනයේදී ඔහු තෝරා ගන්නා ලද පරාසය ගැන සිතෙන විටය. ශේක්ෂ්පියර් නාට්‍ය ඔහුගේ නාට්‍ය පරාසය විය. ශේක්ස්පියර් නාට්‍ය භාවමය රූපනයට විශේෂ තැනක් දුන් නාට්‍ය ලෙස සැලකිය හැකිය.
          මධ්‍යම පාන්තික මැදි වයස් මිනිසාගේ පේ‍්‍රමය සිංහල සංස්කෘතිය තුළ ගර්හිත එළඹුමකි. එහෙත් එයට කාව්‍යාත්මක චමත්කාරයක් දනවන ලෙස රූපනය කිරීමට ටෝනි සමත් වූ ආකාරය පවුරු වළලූ චිත‍්‍රපටයෙන් පෙනේ. එහි තරුණ කාලයේ තම පෙම්වතිය වූ තැනැත්තිය වයස්ගත අවධියේ යළි හමු වූ විට ඈ (නීටා ප‍්‍රනාන්දු) මෙසේ විමසයි.
‘මහත්තයාගේ ළමයි දැන් හුඟක් ලොකු ඇති’  එ විට පිළිතුරු දෙන ටෝනි මෙසේ පවසයි.
‘ලොකු ළමයි ඉන්න කසාද බඳින්න එපැයි’
මේ සරල වාක්‍ය ඛණ්ඩය පැවසීමට ටෝනි දක්වන රංගන හැකියාව එය නරඹා පහළොස් වසරකට පමණ පසුවත් මසිතෙහි මැවී පෙනේ.
      දුහුලූ මලක් චිත‍්‍රපටයේ ලිංගික ඊර්ෂ්‍යාවන් හිතේ දරාගෙන බිඳී යාමට ආසන්න සිය කුටුම්භය  රැුක ගැනීමටත්, සිය වෘත්තියේ ගෞරවය රැුක ගැනීමටත්, වෙර දරන මැදිවියේ කථිකාචාර්යවරයාගේ චරිතය දුහුලූ මලක් චිත‍්‍රපටයේ ටෝනි විසින් නිරූපණය කළ අයුරු ඔබට මතකද? එවැනි චරිතයක් ඒ තරම් උසස් ලෙස නිරූපණයට හැකි සමතෙකු ගැන ඔබට වැටහීමක් තිබේද?
     ටෝනි ඇසුරු කළෝ ඔහුගේ බරසාර බව ගැන මහත්සේ කතා කරති. ඔහුගේ දැනුම හා ඇසූ පිරූ තැන් ඇති බව පසුකර යා හැකි කිසිවකු රංගන ක්ෂේත‍්‍රයේ විශේෂයෙන් සිනමා රංගන ක්ෂේත‍්‍රයේ බිහිවී  ඇතැයි මම නොසිතමි.
     ලංකාවට ෂේක්ෂ්පියර් නාට්‍ය හඳුන්වාදීමේ පුරෝගාමියා ටෝනි රණසිංහය. ඔහු සතු පෘථුල ඉංගී‍්‍රසි හා සිංහල දැනුමත්, පර්යේෂණ ලැදියාවත් නිසා ප‍්‍රමුඛ ෂේක්ෂ්පියර් නාටක බොහොමයක් නාට්‍ය වශයෙනුත් නිෂ්පාදනය විය. සමහරක් පෙළ වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. වැනීසියේ වෙළෙන්දා නිෂ්පාදනය ද පරිවර්තනය ද කරමින් ෂයිලොක් චරිතයට පනදුන් අයුරු අපූරුය. මා හිතන අන්දමට ඔහුගේ ෂේක්ෂ්පියරියානු නාට්‍ය පෙළකට ඔහුටත් වඩා සාධාරණය ඉෂ්ට කළේ හෙලේනා ලෙහෙත්මකී (එකල පින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ* යයි සිතමි. ටෝනි රණසිංහ පරිවරත්නය කළ හෙලේනා නිශ්පාදනය කළ ඵසා ීමපපැර භසටයඑ ෘරු්ප නාට්‍යයේ සිංහල නම වූයේ ගිම්හානයේ දුටු සිහිනයක්’ ය. එය පරිවර්තනයයක්  මෙන්ම පොහොසත් නිෂ්පාදනයක් ද විය.
        ටෝනිගේ මහත්මා පෙනුමද, මහත්මා රඟපෑම්ද කලාව විෂයයේ මහත්මා දායකත්වයද අපගේ භාවමය ලෝකය පිනවූයේය. සැබැවින් ම ඔහු පරමාදර්ශී නළුවෙකි.

Tuesday, 19 May 2015

විමල් රොඞ්රිගු : අප‍්‍රමාණ මිනිසෙකි

 
 

            ප‍්‍රාංශු දේහධාරී හා නොමැකෙන තාරුණ්‍යයක් තිබුණු අගනා සමසමාජ කාරයෙක් පසුගියදා අප හැර  ගියේය. එ් විමල් රොඩි‍්‍රගුය. කැපවීම හා සමසමාජය හරහා දැන උගත් මිනිසෙකු වූ විමල් සමසමාජ ව්‍යාපාරයේ ප‍්‍රබල සංකේතීය චරිතයක් විය. අව්‍යාජ හා අවංක බව පිරුණු ඔහුගේ පෞරුෂය නොතකා හැරීමට සමසමාජ ඉතිහාසය තුළ හැකිවූයේ සමසමාජය දියාරු ව්‍යාපාරයක් බවට පත් කළ තිස්ස විතාරණ වටා ගොනුව සිටින කල්ලියට පමණි.
            අතීත යුගයේ වාම දේශපාලනය යනු ගැඹුරු හෘද සාක්ෂීන් ගණනාවකගේ එකතුවක් විය. ආත්මයක් අවමානයට පත් කරගන්නා  මිනිසුන් හෙළිදරව්වීමේ සියුම් පරීක්ෂාවක් වාම දේශපාලන යාන්ත‍්‍රණය තුළ තිබුණි. ඒ යාන්ත‍්‍රණයට බිය වූ සමහරු නිහඬ විය. සමහරු පළා ගියෝය. එහෙත් ඇත්ත සමසමාජකාරයෝ පෙරළා තමන්  උත්කර්ෂයට පත් කර ගැනීමේ ක‍්‍රම වේදයෙන් බැහැරව සමාජයෙන් අවම  ි වාසියක්වත් අත්පත් කර ගත නොහැකි පීඩිත හා ආන්තික සමාජ කොටස් සිය සේවය ලැබිය යුතු පිරිස ලෙස තෝරා ගත්තෝය.
              ලංකා සමසමාජ පක්ෂයේ මුල්පෙළ තීරුව ධනවත්කම, උගත්කම හා සිවිල් බලය නොඅඩුව තිබුණු දැවැන්තයන්ගෙන් සමන්විත වූහ. ඔවුන්ගේ ජීවිතවලට වඩා අර්ථවත් බවක් ලැබිය හැකිව තිබුණේ දක්ෂිණාංශික ලිබරල්වාදී දේශපාලනයක් තෝරා ගැනීමෙනි. එහෙත් ඔව්හු තෝරාගත්තේ ඊට හාත්පසින්ම වෙනස් වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. ඒ දැවැන්ත තෝරා ගැනීම ඔවුන්ගේ ජීවිතවලට කටුකත්වය ළඟා කර දුනි. ධන විනාශය ලබාදුණි. බලය ලබා රටේ නායකයන්වීමේ පහසු අවස්ථා මඟ හැරුණි. අත්හැරීම පිළිබඳ මහඟු මානවවාදී ආදර්ශය ලංකා භූමිය කම්පා කළ මෙන්ම වර්ණවත් කළ සිදුවීමක් ද විය. බලලෝභී දක්ෂිණාංශික දේශපාලනය විසින් විනාශ කිරීමට නියමිතව තිබුණු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද වන තුරු රැුකුණේ ඒ මානව වාදී වාම නායකත්වයේ කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසිනි.
           මේ දැවැන්ත කැපකිරීම් දෙස හැඟුම්බරව බලා සිටි අවම වශයෙන් පරම්පරා දෙකක් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටත් සමාජවාදී පුරුෂාර්ත මෙරටෙහි පැලපදියම් කිරීමටත් පෙරට ආවේය. 1948  දී කොළඹ නාගරික  සමාජ ස්තරයක උපත ලද විමල් රොද්‍රිගු එකී දෙවන පරම්පරාවට අයත් තිරසාර වාම නායකයකු විය. ළමාවියේදී ඔහු අත පත් රතු කොඩිය මියෙනතුරා ඔහු අත් හැරියේ නැත. ධනයෙන් බලයෙන් ඔහුගේ ජීවිතයේ බොහෝ  අඩුපාඩු සපුරා ගැනීමට අවස්ථාව ලද නමුත් ඒ සියලූ අවස්ථා ප‍්‍රතිපත්ති දේශපාලනය වෙනුවෙන් අතහැර දැමුවේය. තමා බිරිඳ හා දරු දෙදෙනා කුලී ගෙදරින් අඳුරු ගරාජ කාමරයකට ඇද වැටෙද්දීත් ඔහු පොදු දේපළ සොරා ගැනීමේ පහසු මාවත අත හැරියේය.
             සෑම මැයි දිනයකම කඩියකු මෙන් එහෙ මෙහෙ දුවමින් සමසමාජ පෙළපාලිය සංවිධානය කළ විමල් සිය බිරිඳ හා අගනා ජීවන වටිනාකම් සිය පියාගෙන් උකහාගත් දරුවෝ සම සමාජ භට කණ්ඩායමේ ගමන් කිරීම බලා සිටින්නවුන්ටත් සහභාගි වූවන්ටත් උද්‍යෝගිමත් දර්ශනයක් විය. එ් උද්‍යෝගයෙන්ම විමල් පක්ෂ කාර්යාලය තුලත් පක්ෂය තුලත් දහඩිය මුගුරු හෙලීය. අතිසය ප‍්‍රසන්න හිතවත්කම් සිය පාක්ෂික හිතවතුන් සමග ඇතිකරගත් විමල් අම්මා කෘතියේ පාවෙල් මෙන් ලද හැම අවස්ථාවකදීම උගත්තේය. නියමිත කාලයේදී විධිමත් අධ්‍යාපනය මග හැරුණු විමල්  සමසමාජ ව්‍යාපෘතිය ඔස්සේ  විද්‍යාව කලාව මාක්ස්වාදය ගැන නොනවත්වා ඉගෙන ගත්තේය. පිටත සමාජයේ සාහිත්‍ය සම්මන්ත‍්‍රණ රඟහල් සිනමාහල් අතර සිය දරුවන් බිරිඳ හා සැරි සරමින් දැනුම සොයා යමින් මේ පියකරු මිනිසා අපට ලබා දුන්නේ මහත් වූ ධෛර්යයකි.
සැලකිය යුතු කාලයක් කොළඹ නගර සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස විමල් කටයුතු කළේය. එහිදී සිදුවූ කුප‍්‍රකට සිදුවීමක් නිසා විමල් දේශ කීර්තියට පත්විය. කොළඹ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්තිී‍්‍රවරුන්ගේ එකඟතාවයෙන් කොළඹ හදවතේ විශාල ඉඩමක් නොමිලේම බෙදාගනිද්දී විමල් එය ප‍්‍රතික්ෂේප කළ නිසාවෙනි ඒ. ඒ වන විටත් හරි හමන් ගෙයක් දොරක් ඉඩමක් නොතිබූ ඔහු ප‍්‍රතික්ෂේප කළේ ලක්ෂ සියයකට පමණ මිල කළ හැකි වටිනා දේපලකි.
           දිවංගත බර්නාඞ් සොයිසා විමල්ගේ ගුරුවරුන් අතර සමීපතම දේශපාලන ගුරුවරයා විය. හැට  හත් වියේ දී  විමල් අප හැර යන විට ඔහු පක්ෂය තුළත් ඉන් පිටතත් සටන් කරමින්ම හදාරමින් සිටියේය. ඔහුගේ දරුවන්ට ද ඔහු දැනමුතුකම් දුන්නේ ආයතනික අධ්‍යාපනය මෙන්ම සමාජයෙන් ඉගෙන ගැනීමද කළ යුතු බවටය.
        මට හමුවු අකලංක මිනිසුන් විසිපස් දෙනෙකු නම් කරන්නයැයි කිසිවෙකු කීවොත් විමල් රොඞ්රිගු සොයුරාද ඒ අතරට මා නම් කරනු නිසැකය.  විමල්ට ජීවත් වීමට තිබුණු එකම වත්කම වූයේ පක්ෂයේ පූර්ණ කාලීනයෙකු ලෙස ලැබූ සුලූ වේතනයයි. මහින්ද පාලනයේ ඒකාධිපතිත්වයට පක්ෂව තනතුරු ලෝභී , බලලෝභී වත්මන් සමසමාජ නායකත්වය ඒකරාශි වෙද්දී එකී මතයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්ත ගත් විමල්ගේ ඒ සුලූ ආදායමද අහිමි විය. විමල් නම් වූ ඒ සදාකාලික තරුණයා මියගියේ ඓතිහාසික දිනයකය. එනම් 1978 ඒකාධිපති ව්‍යවස්තාවේ ජනාධිපති බලතල අහිමි නරන ලද ඓතිහාසික යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවූ දිනයේය.
                   විමල් යනු අප‍්‍රමාණ මිනිසෙකි.
 

 

Thursday, 14 May 2015

Iranamvila: ඞී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං.

Iranamvila: ඞී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං.:          අපේ පරම්පරාවත් ලෙඩ දුක් වලින්ම යන්න පටන් අරන්. ඞී.ආර්.බි. දිසානායකත් ගිහිං. හුඟ දෙනෙක් හාට් ඇටෑක් වලින්. ඇටෑක් කරන්නත් හාට් එක...