Friday, 21 November 2014

අපේ හාමුදුරුවන්ගේ සිවුරෙ තුත්තිරි




           මුර දේවතවා යනු සිකුරිටි ගාඞ් කෙනෙකුද නොවේ. මුර බල්ලා යන්නද ඒ වචනයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. බුදු සමයේ කිසිදු බණ දහම් පොතක මුර දේවතා යන වචනයක් ද දක්නට නැත.
එහෙත් ලංකාවේ ඇතැම් හාමුදුරුවරු තමන් හඳුන්වා ගන්නේ මුර දේවතා නමිනි. නම් ඉදිරියට විවිධාකාර නම් ‘අභිධාන’ තබා ගැනීමේ විශේෂ කැමැත්තක් හාමුදුරුවන්ට තිබේ. ‘විචිත‍්‍ර භාණක’ ‘ති‍්‍රපිටක වාගිශ්වරාචාර්ය’ ‘ධර්ම කවීශ්වර’ ආදි තමන්ම නිපදවා ගත් වචන මේවා අතර දක්නට තිබේ. මේවායින් සෑහීමකට පත් නොවූ හාමුදුරුවරු දේශපාලකයන් තමන්ගේ බත් බැලයන් පිනවීමට දෙන සාම විනිසුරු (මුලූ දිවයිනටම* ආදී බලූ නොවටිනා අභිදාන භික්ෂුනාම ඉදිරියේ සටහන් කර තබයි. තමන්ම දී තමන්ම පළඳවා ගන්නා මේ අභිදාන ගැන සෑහීමකට පත්නොවී තෝරාගත් ඇතැම් ගිහියන්ටද ඒවා පිරිනමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ‘රෝහණ ජනරංජන’ ලැබෙන්නේද , සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායකට ‘කීර්ති ශී‍්‍ර ජනරංජන’ ලැබෙන්නේද එයාකාරයටය.
          සියල්ල අතහැර දමා පිණ්ඩපාතිකව වෙසෙන්නැයි බුදුන් වහන්සේ අනුදැන වදාළ භික්ෂූන්ගේ නාම තණ්හාව මෙසේ නම් අනෙක්වා ගැන කියනුම කවරේද?
          අද දවසේ ධර්ම ග‍්‍රන්ථවල කැටිවුණු බුදු දහමේ කිසිදු අර්බුදයක් නැත. එ්වා යාවත්කාලීන නොකොටම අනාගතය සඳහා ගෙන යා හැකි මා හැඟි ධර්ම දේපලය.  අද නැත්තේ ගිහි බෞද්ධයෙකුට බැතිබර හදින් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ හැකි භික්ෂූන්ය. විදග්ධ බෞද්ධයාට මෙන් නොව අහිංසක බෞද්ධයාට එවැනි භික්ෂූන් අවශ්‍යය. යට කී මා හැඟි ධර්ම ග‍්‍රන්ථවල ඇති ධර්මය සිවුර දරාගත් භික්ෂුවක වටාපතට මුවා වී කියන විට අහිංසක බෞද්ධයාට පහන් සංවේගය උපදී.
         අද රටේ කැපී පෙනෙන හාමුදුරුවරු බොහොමයක් කියන්නේ බණ නොවේ රටේ නැති කුණු හරුපය. වර්තමානයේ ඒ සඳහා හොඳම උදාහරණය ගලබොඩඅත්තේ ඥානසාර නම්වූ භික්ෂුවය.
කැළණියේ විහාරාධිපතිව වැඩ විසූ බණ්ඩාරනායක ඝාතක බුද්ධරක්ඛිතගෙන් පසුව බිහි වූ කැපී පෙනෙන ව්‍යාපාරිකයා කිරම විමලජෝති හාමුදුරුවන්ය. බුද්ධ රක්ඛිත හාමුදුරුවෝ විමලා විජේවර්ධන මහත්මිය ප‍්‍රසිද්ධියේ අඹුකමට තබා ගත්තේය. එමෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරද කළේ ප‍්‍රසිද්ධියේය. එහෙත් කිරම විමලජෝති හාමුදුරුවෝ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ මෙන් හත් පළේ ගාගෙන බිස්නස් නොකරයි. උන් වහන්සේ විකුණන්නේ නැව් බඩු නොව තෙවළා වදාළ පිරිසිදු සද්ධර්මයය. ඒ අතින් බුද්ධරක්ඛිතට වඩා කිරම විමලජෝති හාමුදුරුවෝ දහස් වතාවක් උපක‍්‍රමශීලීය. හැබැයි දෙදෙනාම ආදායම් ලැබුවේ ලබන්නේ ව්‍යවහාරික මුදල් වලිනි.
          සිවුරු දරාගත් පමණින් භික්ෂූන් වෙනවා නම් සනත් ගුණතිලකද, ඩබ්. ජයසිරිද, ජී.ආර්. පෙරේරා ද භික්ෂුහුය. මක්නිසාද යත් ඔවුන්ද  වරින් වර භික්ෂු චරිත රඟපෑමට සිවුරු දරාගත් හෙයිනි. අනෙක් දෙදෙනා කෙසේ වෙතත් ඩබ්. ජයසිරි නම් අද පවත්නා සමාජ ව්‍යසනය ගැන කම්පාවෙන බව මම පෞද්ගලිකව දනිමි. එහෙත් සැබෑවට සිවුර දරාගත් විමලජෝති, ගලබොඩ අත්තේ ඥානසාර බෙංගමුවේ නාලක ආදි භික්ෂූහු රට පත්වී ඇති මේ ව්‍යසනය ගැන ජයසිරි තරම්වත් කම්පා නොවෙති. එසේ කම්පාවක් ඇත්නම් ඉතිහාසයේ කවර කලකවත් ¥ෂණයට භීෂණයට පාර කැපූ මිනිසුන් මරා දැමූ, ජාතිය මංමුලා කරවූ රට විදේශ රටකට උකස් කළ මේ පාලකයන් ආරක්ෂා කරන්නේ නැත.
      ඔය කොයි භික්ෂුවත් සිවුර දරා ගන්නේ ජාතියේ සිකුරිටි ගාඞ් වැඬේ කිරීමට නොවේ. හතර කේන්දරය පාළු නිසා ගිහිගෙයට වඩා ් වටනේ චීවරයටයයි කේන්දරයෙන් කියන නිසා ඔවුන් සිවුරු දරා ගන්නා පළමු කාරණයයි. දෙවනුව සාසනයට දරුවකු දන්දී හතර වරිගයම නිවන් දැක්කවීමේ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනාව කෙනෙකු මහණවීම තවත් කාරණයකි. ඒ සඳහා දරුවෝ බොහෝ ඇති පවුල් උනන්දු වෙති. පන්සල් සතු දේපළ පිට යනවාට අකමැති විහාරාධිපතිවරු තම ලේ නෑයන් මහණ කිරීමටද උනන්දු වෙති. (සියම් නිකායික භික්ෂූන්ගේ තත්ත්වය බොහෝ විට මෙයාකාරය.* තුන් වැන්නේ සසර දුක පිළිබඳ ඇති සැබෑ වැටහීම මහණවීමට හේතුවකි. බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමි ආදි පැවිදි උතුමෝ මහන වූයේ උන් වහන්සේලාට ගිහිකලම ඇතිවූ සසර දුක පිළිබඳ අවබෝධයෙනි
       එ් කවර කාරණයට මහණ දිවියට ඇතුළත් වුණත් ලෝක සාසන සිද්ධියටත්, එහිම විනාශයටත් පාර කැපූ භික්ෂුහු එදත් සිටියහ. අදත් සිටිති. යක්කඩුවේ ප‍්‍රඥාරාම, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, කොටගම වාචිස්සර, වල්පොල රාහුල, කොටහේනේ පඤ්ඤා කිත්ති, බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය, රේරුකාණේ චන්දවිමල, කිරිඇල්ලේ ඥානවිමල, ආදි භික්ෂුහු ශාසනයටත් ශී‍්‍ර ලංකාවටත් මහත් වූ සේවාවක් කළ යතිවර පරපුරක කිහිප දෙනෙකි.
      එවන් උතුමන් ගනයට ගත නොහැකි ශාසන විලෝපකයෝ කැලණියේ බුද්ධරක්ඛිතට පෙරත් සිටියහ. පසුවත් සිටියහ. අදත් සිටිති. සඟ සසුනේ දේවදත්ත නිකාය ලෙස ඔවුන් හැඳින්වීම උචිතය. දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරත්න සිට සුළු ජාතිකයන්ගේ ලේ ඉල්ලා කෑ ගසන වත්මන් භික්ෂූහු සියල්ල එ් නිකායේ උදවියහ.
     සිවුර දරා ගත් පමණින් භික්ෂුවක් වන්නේ නැත. බුදුන් වහන්සේ විසින් සිවුර දරාගත්තවුන් කරන නොපනත් කම් හෙලා දුටු හා දඬුවම් කළ අයුරු ති‍්‍රපිටකයේ පාරාජිකා පාළිය කියවීමෙන් වටහා ගත හැකිය. මත්පැන් බී වාහන එළවා දඩ කන, නීතිය  ඉෂ්ට කරන නිලධාරීන්ට කුණුහරුපෙන් බැන වදින, දර්ගා නගරය වැනි තැන්වල මිනීමරන්නට අනුබල දෙන භික්ෂූන් වැනි දණ්ඩකයෝ පාරාජිකා පාලියේදීවත් අපට හමුවන්නේ නැත.

Thursday, 20 November 2014

කාල නදි ගලා බසී ; තණ්ඩලේ සමග එම පාරුවේ මමද සිටියෙමි.

 
 
 

                කාල නදී ගලා බසී ඇතුළු ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු පොත් සියල්ලම මා අසල ඇත. විචාර බුද්ධියක් සහිත මිතුරෙකුගේ රෙකමදාරුව මත නෝබට් අයගමගේ ගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව මම මුලින් කියව්වෙමි. මගේ මිතුරාගේ අදහස වූයේ ඇඞ්වෙන්චර් කථා ගණයට වැටෙන රමණීය නවකථාවක් ලෙස කාල නදී හැඳින්විය හැකි බවයි.
               දැන් හොඳ නවකතා ලියවෙන්නේ නැතැයි ඉතා රළු පරලූ කතා කියන ගුණදාස අමරසේකරගෙන් මම ඉල්ලා සිටින්නේ  කාල නදී කියවා බලන ලෙසයි. එන්.ජී.ඔ් අරමුණු ඇතුළු එතුමා නගන එකදු චෝදනාවක් වත් ‘කාල නදී ගලා බසී’ අරබයා දමා ගැසීම කළ නොහැකි යයි එහිදී ඔහුට වැටහෙනු නිසැකය.
කාල නදී ගලා බසී කියවා දවස් දෙක තුනක්ම නවකථා කියවීමෙන් වැළකී සිටින්නට අදහස් කර සිටිමි. එ් කාල නදී තුළින් මැවුණු අපූර්ව චමත්කාරයේ සුවදායක ආශ්වාදය නිමා කර ගන්නට මගේ ඇති අකමැත්ත නිසාය. කාල නදී ගලා බසී නවකතාව සැබැවින්ම මිනිසත් බවේ රමණීය බිම් පෙදෙස් හා දුක්ඛදායි ඉරණම් හෙළි පෙහෙළි කරන නවකතාවකි. ජීවිතේ කිසිදු දවසක කළු ගඟ හා ඇසුරක් නොතිබුණු මට තවමත් හැෙඟන්නේ තණ්ඩලේ හා වීරියවන්ත සාදිරිස් කොළුවා හා නිරීක්ෂකයෙකු ලෙස එකී පාරු ගමන්වලට මමද සහභාගි වූ බවකි. හරියට බඹරු ඇවිත් චිත‍්‍රපටයේ වීරසේන මෙනි.
               සියලූ යහ ගුණ දරන, සියලූ වීරියවන්තකම් දරන, සියලූ හැකියාවන් දරන අපරාජිත මිනිසුන් ලොව බිහිවන්නේ නැති වුවත් එවැනි මිනිසුන් ගණනාවකගේ එක් සංකේතාත්මක චරිතයක් නිර්මාණකරුවාට බිහි කළ හැකි ය. එවැනි චරිත සහිත කතා වීර කථා ගණයේ ලා සැලකිය හැකිය. එවන් චරිතයක් ඔස්සේද සමාජයේ ඉම් පෙදෙස් දෙස බැලූම් හෙළිය හැකි ය. සාදිරිස් හා තණ්ඩලේ යන දෙදෙනාම එකී ආකාර අපරාජිත මිනිසුන් දෙදෙනෙකි.
            මානව බැඳියාවන් කෙරේ පේ‍්‍රම කිරීමටත් එ්වායේ ඇති බන්ධනයන්ගේ යථාව හඳුනා ගැනීමටත් සමත් කෘතියක් යනු උසස් ගණයේ සාහිත්‍ය කෘතියකි. එවැනි කෘතියක් ආශ්වාදනීය කියවීමක් කළ හැකිනම් එයද උසස් ලක්ෂණයකි.
           සාදිරිස්ගේ දුරස්ත සැබෑ පියා අපට මුණ නොගස්වයි. ඔහුගේ ගුණයක් හෝ දුර්ගුණයන් ගැන කතුවරයා සඳහන් නොකරයි. එහෙත් මිනිසාගේ සුපුෂ්පිත ජීවිතයට හතුරු සමාජ වටාපිටාවක පීඩිත මිනිසෙකුගේ ඉරණමේ දෙකට දෙවාරුවට හසුවූ එ් දුරස්ත පියා දැකීමේ කවුලූ දොරවල් කිහිපයක් කතුවරයා අපට හැර තබයි. එය මෙකී නවකතාවේ ශූර ප‍්‍රතිපාදනයක් බව මගේ හඳුනා ගැනීමයි.
          හොඳ නරක පිළිබඳ කාල අනුරූපී සිතීමක් අපට ඇත. එදා යහපත රජයන ගමක් තිබුණි. එය අද නැත. මේ ප‍්‍රවාදය නම් අමූලික බොරුවකි. මේ නම් කාලයට අනුව සිදුවන වෙනසක් නොවේ. සමාජ වටාපිටාව එයට පිටුබලවූ සමාජ ක‍්‍රමයේ ගැටලූ පමණකි. ගලපාත වීරකෝන් මුදලිතුමා මෙන්ම අකුරැුස්සේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති තුමාත්, තංගල්ල ප‍්‍රාදේශීය සභාපතිත් ස්ති‍්‍ර ¥ෂකයෝය. කාල වකවානු දෙකක ජීවත් වූ එ් තුන්පලට එ් සඳහා අවශ්‍ය ආනුභාවය ලැබුණේ පාලකයන්ගෙනි. පාලන රටාවෙනි. කහවත්තේ මිනීමැරුම්  අද සිදු වූවත්, කුමනේරිස්ලා එදා මිනී මැරුවත් එ් සියල්ලම සිදුවන්නෙ සමාජ තෙරපුමක බලපෑමෙනි. එදා ස්තී‍්‍රහුද, අද ස්ත‍්‍රීහුද ත‍්‍රාඩ පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක් වෙති. ලාභ දෙගුණ තෙගුණ කර ගැනීමට ව්‍යාපාරිකයෝ එදා මෙන්ම අදත් ලද හැම අවස්ථාවක්ම පැහැර නොහරිති. කුඩු සමන්ලා වම්බොට්ටලාගේ අද චණ්ඩි පාට්වලට අසරණයෝ බිලිවන විට ඔවුන්ගේ පූර්වගාමියෝ වූයේ කර්තේලිස්ලාය.
         නෝබට් අයගමගේ නිර්මාණය කරන්නේ මීට සියවසකට සමාසන්න කාලයේ සමාජ වටාපිටාවය. එහි ගලා යන අවම, මධ්‍යම හා උත්තරීතර මට්ටමේ පේ‍්‍රම දහරාවන්ය. මනුස්සකම් හා අමනුස්සකම්වල හැටි සොබාවය. දයාව කරුණාව ගලන උල්පත්වල පිවිතුරු ලස්සණය. කොටින්ම මේ සියල්ලේ එකතුව වූ ජීවිතයය. එහෙත් අප එය කියවන්නේ අද එ් සියල්ල පිළිබඳ අත්විඳින යථාවේ පවුරු පදනම් මත ඉඳගෙනය. හිටගෙනය. අතීතයේ හා වර්තමානයේ සම්ප‍්‍රයුක්තය තුළින් බෙහෙවින් පෝෂිත යථාර්ථයක් අපට අවධාරණය කළ හැකිය. යහපත් කලා කෘතියක් යනු එවැනි යථාර්ත සම්පාදනයක් සපයන්නකි. කාල නදී ගලා බසී එවැන්නකි.
         පරිසර වර්ණනයේදීත්, ලෙන්ගතුකම් උද්වහනය වන අයුරු වර්ණනයේදීත් අයගමගේ සතු අනන්‍යතාවක් තිබේ. ඔහුටම සුවිශේෂී ගැඹුරක් තිබේ. මං තවමත් තණ්ඩලේ හා සාදිරිස් සමග කළුගෙඟ් නිම්න හා ගල්පර අතරින් ඇදී යන පාරුවේ සිටින්නේ එහෙයිනි. පේ‍්‍රම කළ හැකි හැම ස්ති‍්‍රයකටම ආශක්ත වීම පෘතග්ජන මිනිසාගේ  ගති ලක්ෂණයකි. සාදිරිස්ටද මේ යථාව පොදුය. ඔහු මැගිලින් හා මධ්‍යම ප‍්‍රමාණයේ පේ‍්‍රමයක වෙලේ. එය මැගිලින්ද නොදනී. එහෙත් සාදිරිස්ගේ ජීවිතය පුරා සිහින් සිනිදු සළුවක් සේ එකී පේ‍්‍රමය එති එතී තිබේ. පැණිගල දියණිය හා සාදිරිස් බැඳෙන්නේ ඇතිව නැතිව යන අවම පේ‍්‍රමයකිනි. එහෙත් සැලී නෝනා හා සිසිලියානා සංසාරගත පාරුවේ හබල් දෙකය. පළමු ආකර්ෂණය, එ් ඔස්සේ උපදින පේ‍්‍රමය තමන්ට ගැළපෙන උසස් හා පහත් නැති පවුලක් වීම පවුලක් පන්සලක් වී පිළිවෙලක්වීමේ සම්ප‍්‍රදායික අදහස් දරුමල්ලන් හදන තම අණසකට යටත් සම්ප‍්‍රදායික බිරිඳක්වීම සැලී නෝනාගෙ පේ‍්‍රමයේ ආරම්භය හා අන්තය නිරූපණය කරයි. සාදිරිස්ගේ යශෝදරාවතේ හරි අඩක් හිමි එකී සැලී නෝනාටය.
සාදිරිස්ගේ යසෝදරාවතේ ඉතිරි අඩ හිමි සිසිලියානාටය. කාල නදී නවකතාවේ උපුටා දක්වන වදරින් හයිට්ස් නවකතාවේ කුලීන යුවතිය ඇයය. යශෝධරා බෝධිසත්වයන් කෙරේ වූ තෙත බරිත පේ‍්‍ර්මය අයත් සිසිලියානාටය. පරිත්‍යාගශීලිනිය ඇයයි. සැලී නෝනා නොවේ. සිසිලියානාගේ තුංග පයෝධර සැලී නෝනාගේ පයෝධරවලට වඩා බරින් වැඩිය. පාලනය කළ නොහැකි අවස්ථාවක පූර්ණ පේ‍්‍රමයෙන්ද පූර්ණ එළඹුමකින්ද ගලා හැලෙන දිය දහරාවක් අසල වන මලින් ගැවසී ගත් වනමල් ගොමුවක සාදිරිස් සිසිලියානාගේ තුඟු විසිතුරු සිරුර මත ලැග්ගත් එවේලෙහි රජයන සමාජ තතු මිනිසාගේ පරම ආශ්වාදයට එරෙහිය. එවැනි සමාජයක ් ගින්දර කෑවොත් අඟුරු වමනය කළ යුතු’ තතු යටතේ සාදිරිස්ගේ ගැල පැදවෙන්නේ  සැලී නෝනා වෙතය. ආණ්ඩුකාරයාගේද මිතුරෙකු වන ධන කුවේර ලූවිස්  අප්පුගේ දියණිය වෙත නොව පෝරණුකාර සාමෙල්ගේ දියණිය වෙතය.
        මා මීට වසර අවුරුදු විසිතුනකට පෙර පියදාස රන්පත්විලගේ පළමු නවකතාව වූ ‘දියට හඬන කෑදැත්තෝ’ නැමති නවකථාව කියවීමි. මගේ ‘මෙරු’ නවකතාවද ඇතුළත් වූ විජයවර්ධන ත්‍යාග තරගයේ ජයග‍්‍රාහි නවකතාව වූයේ දියට හඬන කෑදැත්තෝය. අයගමගේගේ  කාල නදී ගලා බසී කියවන විට මට දියට හඬන කෑදැත්තෝ මතකයට නැගුනි. කාලනදී ගලාබසී මෙන්ම දියට හඬන කෑදැත්තෝ ද නිශ්චිත භූගෝලීය කලාපයක රුව ගුණ වරුණ නිරූපණය කෙරුණු නවකතාවකි. කාලය වශයෙන් සමානයයි සිතේ. වියළි කලාපයේ පරිසර හා සමාජ යථාර්ථය දැක්වීමේ සමත්කමේදී රන්පත්විල බෙහෙවින් අයගමගේට සමානයයි මට සිතේ. එහෙත් එ් කෘතිදෙක එකිනෙකින් නිර්මාණාභාෂය ලබා නොමැති බව නම් සහතිකය. සංවේදීව හා නිර්මාණාත්මකව තම නිජ පරිසරය දෙස බලන විට වෙනත් පරිසර තුළින් වුවද අපට  හමුවන්නේ සමාන සුඛ දුක්ඛ වේදනාවන්ය. දියට හඬන කෑදැත්තන්හි  පී‍්‍රමන් නැමති යුරෝපීය ජාතිකයාත්, ‘කාල නදී ගලා බසී, හි තන්ඩලේ නැමති ස්වදේශිකයාත් මුහුණ දෙන්නේ සමාන ජීවන සමාජ අරගලයකටය.
‘අපි නීතියෙන් සහ කයින් කවරෙකු හා බැඳී සිටියද, අපි ආත්මගතව බැඳී සිටිනුයේ ඔවුන් සමගද? නොඑසේ නම් ජීවිතයේ යම් තැනකදී අප අතින් ගිලිහී ගිය, එහෙත් හදවතේ ගැඹුරුම පත්ලේ සදා කාලික කඳුළක් වී කකියන, රිදුම් දෙවන අපට අහිමි සෙනෙහසක් සමග ද?
‘මගෙ දෙයියො ඔයා ජීවත් වෙන්න  ඕනෙ. මගේ පණ දීලා හරි මං ඔයාව ජීවත් කර ගන්නවා’ සාදිරිස්ගේ මුහුණේ සිහින් සිනා රැුල්ලක් නැගුනේය.
‘සාමාන්‍යයෙන් ඇතැම් නර්ස් නෝනලාට රෝහල්වලදී බොහෝ දේ ඇසෙනු නැත. විශේෂයෙන්ම රෝගීන්ගේ කෙඳිරිලි ඇසෙන්නේ නැත. එහෙත්, එ් වෙලාවේ  සාදිරිස්ගේ ඇඳ අසල හුන් තරුණ හෙදියට සිසිලියානා,  සාදිරිස්ට තෙපලූ වදන් ඇසින. රූමත් නව යොවුන් හෙදිය ඔවුන් දෙදෙනා දෙස අසීමිත වූ දයාර්ද්‍ර ස්නේහයකින් සිනාසිසී බලා සිටියා ය.’
        අපේ රටේ පේ‍්‍රමයට කාල වකවානු නියම කරගෙන තිබේ. තරුණ වියෙන් ඔබ්බේ වන පේ‍්‍රමය අශිෂ්ටය. එය ගලා යාමට ඇති වාං දොරටු වසා දැමිය යුතුය. නැතහොත් සමාජ දේහය කිලිටි වෙයි. එහෙත් නෝබට් අයගමගේ වීරයන් දෙදෙනෙකු පෙරටුවේ තබාගෙන කෙරෙන මෙම නිර්මාණ රචනාවේ එ් වාං දොරටුව ඇරගෙන තමාම එ් අසල සිටගෙන සිටී. එය නිර්භීත ව්‍යායාමයකි.
       මේ ඇගයීම ලියවුණේ ‘කාල ලදී ගලා බසී’ නවකථාව කියවා රසවිඳීමේ දිගුවක් ලෙසිනි. විඳි චමත්කාරයේ සටහනක් ලෙසිනි. ඇතැම් විට රසික මා අරබයාම ලියාගත් සටහනකි. විචාරකයකුට මෙහි ඇති දොසුත් දකින හැකිවනු ඇත. එහෙත්  මට අවශ්‍ය වූයේ මා ලැබූ වින්දනයට හා චමත්කාරයට සාධාරණය ඉෂ්ට කරන්නටය.
චන්ද්‍රරත්න බණ්ඩාර

Monday, 10 November 2014

සූරිය කුසුම : සූරිය කුසුමේ සචිත‍්‍රා මාලින්ද සමග චූලාභය


 
 

                       පියදාස සිරිසේනයන්ගේ ‘ජයතිස්ස හා රොසලින්’ නවකතාවේ පිටපත් 25,000ක් 1906 දී අලෙවි වූ බවත් එම අලෙවි සංඛ්‍යාව අභිභවනය කිරීම අදටත් අපහසු වී ඇති බවත් ප‍්‍රකට කරුණකි. පියදාස සිරිසේනගේ ජීවිතයත්, ජයතිස්ස හා රොසලින් නවකතාවේ මෙහෙවරත් කැපවූයේ එකළ නැඟී ආ ජාතික ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසාය. කොටින්ම පූර්ව නිදහස් යුගයේ සිංහල ජනතාවගේ ‘විමුක්ති අවකාශය’ විසින් කෙරෙන ඉල්ලීම්වලට දෙන ප‍්‍රතිපාදනයක් ලෙස එම නවකතාව හැඳින්විය හැකිය. එය ඉනික්බිති යුගයේ බිහිවූ මාර්ටින් වික‍්‍රමසිංහගේ නවකතා ධාරාවටත් ඊට පෙරාතුව බිහිවූ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ නවකතාවේ උසස් ආඛ්‍යානමය රටාවටවත් අයත් නොවුණකි.
                  මේ ගොඩ නැගුණු අදහස් මාලාවට ඍජු සබඳතාවක් නැතත් චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ ‘සූරිය කුසුම’ නවකථාව ද එවැනි විමුක්ති අවකාශයක පිපෙන එක්තරා පුෂ්පයක් ලෙස හැඳින් විය හැකි ය. ඒ විමුක්ති අවකාෂය වන්නේ ජාතිකත්වය නොව ¥ෂණය හා භීෂණමය වටපිටාවකින් මිදීමේ පොදු මහජන ප‍්‍රාර්ථනයයි.
                කැනඩාව වැනි බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සන්නිවේදන තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබුණත්, නවකථාවට ඇති ස්ථානයේ තහවුරු වීමක් මිස අවම වීමක් තවමත් දක්නට නොලැබේ. ඇතැම් විට කඩදාසියේ මුද්‍රිත නවකථාව වෙනුවට අයි පෑඞ් වැනි මෙවලම් තුළට බහා නවකථා කියවීමක් දැකිය හැකි ය. කියවන්නේ කුමක්ද යන්නට වඩා, මේ කියවීමේ යෙදීම නම්වූ උතුම් කාර්යය, එකී සමාජයන්හි තහවුරුව පවතින, අනෙකාගේ පුද්ගලික භාවයට ගරු කිරීම, නිකරුනේ කාලය නාස්ති කිරීමෙන් වැලකී සිටීම, නිරන්තර දැනුම උත්පාදන මාර්ගයකට සිය ආත්මය විවෘත කොට තැබීම,  වැනි උසස් ගුණාංග තවදුරටත් තහවුරු කිරීමට හේතු වී ඇත. බස් රථයේ හෝ උමං දුම්රියේ ගමනක් යන විට විවිධ හැසිරීම් සහිත විවිධ ජාතිකයෝ මුණ ගැසෙති. නිකරුණේ සිටින මිනිස් සිත ඒවා දෙසට ඇදී යාම ස්වාභාවිකය. එසේ ගොස් අනෙකාගේ පෞද්ගලිකත්වයට බලපෑමක් නොවීම සඳහා ද මේ පොත් කියවීම වැදගත්ය.
                  බස් රථයේ දුම්රියේ කියවෙන මේ පොත් උසස් සම්භාවනීය පොත් නොවිය හැකිය. එමෙන්ම අවර ගණයේ ලිංගික පොත් ද නොවේ. මක් නිසාද යත් එවැනි පත පොත ප‍්‍රසිද්ධියේ නොකියවීමේ ස්වයං විනයක් එකී පාඨකයන්  විසින් ප‍්‍රගුණ කර ඇති හෙයිනි. බොහෝ විට ඒවා මධ්‍යම ගණයේ නවකථා ලෙස වැදගත් පොත පතය. ඒවා එදිනෙදා කාර්යබහුල ජීවිතයේ හිස් තැන් පුරවා නිස්කලංක  ආශ්වාදයක් ලබාදීමට සමත් කෘතීන්ය. සැබැවින්ම මේ රටවල අලෙවි වාර්තා තබන්නේ මේ මධ්‍යම ගනයේ නවකතාය.
                   ශී‍්‍ර ලංකාවේ මෙවැනි මධ්‍යම ගනයේ නවකතා බිහිවීමක් දක්නට නැති තරම්ය. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට  අදාළව එකී මූලික කියවීම සඳහා පොත් එකසිය ගණනක් යොදාගත් බව එහි සංවිධායකයන් පවසා තිබුණි. එහෙත් දෙවන වටය සඳහා තෝරා ගත්තේ ඉන් පොත් දොළහකි. ඉතිරි සියයක් පමණ වන නවකතා අතර මධ්‍යම ගණයේ ‘මල්පොත්’ ගණයට නොවැටෙන පොත් කිහිපයක්වත් තිබුණා විය හැකිය. එහෙත් එ්වා ජනතාවට හඳුන්වාදීමේ සන්නිවේදන කාර්යයක් නොමැති හෙයින් එ්වා පාඨක අවධානයෙන් මැකී යා හැකිය. අනෙක් කරුණ වන්නේ මේ බොහොමයක් නවකථාවල ආඛ්‍යාන විලාසයේ ඇති දුර්වලකම්ය.
               මම චූලාභයගේ ‘සූරිය කුසුම’ ඇතුළත් කරන්නේ ධනාත්මක ලක්ෂණ බහුල මධ්‍යම ගණයේ නවකතා ගනයටය. පළපුරුදු සන්නිවේදකයකු හා සාහිත්‍ය කලාවේ අවශේෂ ක්ෂේත‍්‍රයක් වන කවිය, කෙටිකතාව, ගීත රචනය ආදියේ කලක් තිස්සේ නියැලෙමින් භාෂාව හා සාහිත්‍ය රීතීන් මැනවින් හඳුනන ලේඛකයෙකු ගේ සිය අත්දැකීම් කෙළවරකදී බිහිවූ නවකථාවකි ‘සූරිය කුසුම’. එය අර මා මුලින් සඳහන් කළ බටහිර ශික්ෂිත පාඨක බහුතරයකගේ සිත් දිනාගත් ආරේ නවකතාවකි.
               බාලිකා අනාථ නිවාසයකින් පැන යන සියලූ මානව සුදුසුකම්වලින් සමන්විත තරුණියක්  නිරුපද්‍රිතව සිය ගමනාන්තය කරා යන්නීය. සියලූම මානව ගුණ දහම්, වෘත්තීය සාරධර්මවලින් හා අනූන පෞරුෂයකින් පිරුණු ජනමාධ්‍යවේදියකුගේ නිරන්තර රැුකවරණය ඇයට හිමිවේ. මොවුන් මුහුණ දෙන ගැටලූවලදී පමණක්වත්, ඉතාම සාධාරණව හා ඉතාම නිර්භීතව හැසිරෙන පොලීසියේ ප‍්‍රධානියෙක් සිටී. සෙනෙහස හා කරුණාව පෙරදැරිකරගත් අවදානම නොතකා අනෙකාට පිහිටවන වැඩිමහල් සොහොයුරියක් වැනි මිතුරියකගේ රැුකවරණයද ලැබේ.  සිය තරුණ රූමත් සේවිකාව වෙත වරදකාරී ඉ`ගියක්වත් නොපාන නීතිඥයකු සිටී.  ඇයටම උදව් පදව් කරන ගුණ දහමින් සපිරි නීතිඥ ලිපිකරුවෙකි.  දීර්ඝ කාලීනව සිය උන්නතිකාමී ජීවිතයේදී කළ මිනීමැරුමක් අරබයා සැලූම් වෙව්ලූම් කන නගරාධිපතිවරයෙක් (දේශපාලකයෙක්) සිටී.
            මේ රසවත් කථාව ගොඩ නැංවීම උදෙසා අද ලංකාව (හාර ලක්ෂය මංකොල්ලය සිදුවූ අවධියේ ලංකාව නොව) මේ ආකාරයට ෆැන්ටසිකරණය කෙරේ. එහෙත් එ් ෆැන්ටසිකරණය ඔස්සේ  මවන චරිත හරහා අද ලංකාවේ අගතියට වැටී ඇති පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට කතුවරයා සාර්ථකත්වය දිසාවට ගමන් කරන උත්සාහයක යෙදේ. යටකී ලෙස මධ්‍යම ගණයේ පොත්වලින් පෝෂණය කළ හැකි ජනයා එවැනි වීරයෝ, සත්ගුණවත් මිනිස්සු ලබන ජයග‍්‍රහණ බලාපොරොත්තු වෙති. එසේ නැත්නම් ඔවුන් පොත් කියවන්නේ නැත.
         එමෙන්ම සිංහල නවකතාකරුවා මේ වන විට, ඉතා හොඳින් අත්පත් කර ගෙන ඇති අවස්ථා විවරණය චූලාභය විසින්ද කෘතියට උචිත ලෙස මැනවින් සාක්ෂාත් කරගෙන ඇත. ආතතීන්, හැඟීම්, පරිසරය, මානව සබඳතා වර්ණයේදී ඔහු සතු කාව්‍යාත්මක භාෂාව අපූරු හැඩරුවක් සූරිය කුසුමට එකතු කොට තිබේ.
උසස් නවකථාවක තිබිය යුතු යථාර්ථ නිරූපණය පිළිබඳ ගැටලූ ඇතත්, නවකතාවේ පාත‍්‍ර වර්ගයා කතුවරයාගේ මෙහෙයවීම් වුවත්, ඔවුන්  උපයෝගී කරගෙන අද පවත්නා සමාජ වටාපිටාවේ  භයංකාර චිත‍්‍රය ලිහිල් ලෙස හෝ මතුකර ගැනීමට චූලාභය සමත්ව තිබේ. එම සමත්කම විශේෂිතව ගත යුත්තේ සරල ලෙස එ්වා විඳින අනුගාමි පාඨකයකු බිහි කිරීමට සමත්වීම නිසාය. එමගින් මෙම සමාජයේ භයංකාරත්වය පිළිබඳ වැටහීමක් පාඨකයාට ලැබෙන නිසාය.
       හැටේ දශකයේදී කරුණාසේන ජයලත් වැනි ලේඛකයෝ එදා සමාජයට ගැළපෙන ලෙස, මධ්‍යම ගණයේ නවකතාව ඔස්සේ සාහිත්‍යයත්, මානව ජිවිතයත් පෝෂණය කළෝ්ය. ඉනික්බිති එවැනි බරපතල සමාජ මැදිහත්වීමක් කිරීමට සමත් මධ්‍යම ගණයේ සාහිත්‍ය කලාවකට කිසිවකුගේ  අනුග‍්‍රහය නොලැබුණි. චූලාභයගේ නවකථාව  බිහිවන්නේ එ් යුගයට දශක තුන හතරකට පසුවය. උසස් නවකථාව පිළිබඳව නවතම සාහිත්‍ය හා සමාජ කතිකාවක් ගොඩ නැගෙමින්  පවතින අවධියකය. රාජ්‍ය ව්‍යාපෘතීන් පසාරු කරගෙන ගොස් පෞද්ගලික ව්‍යවසායකයන් නිර්මාණශීලීව ගොඩ නැඟූ පරිසරයකය. පොත් ප‍්‍රකාශනයත්, පොත් ලිවීමත් ආශ්වාදජනක කටයුත්තක්ව ඇති අවධියකය. එ් ඔස්සේ ඇතිවූ තරඟකාරිත්වය හමුවේ  ඕනෑම ලේඛකයෙකු වෙනුවට, කි‍්‍රයාශීලී හා ගවේෂණශීලී නව වස්තු විෂයයන් සීරුවට සොයා යන ලේඛකයකු බිහිවීමේ පරිසරයකය.
         සූරිය කුසුම සූක්ෂම විචාරයකට හසු කළහොත් එහිදී හඳුනාගත හැකි දුර්වලතා තිබේ. එමෙන්ම සම්භාව්‍ය නවකතාව විසින් වැඩි වර්ධනය කළ අංගෝපාංග පොදු පාඨකයාට උචිත වන ආකාරයට හැඩ ගසාගත් ප‍්‍රශංසනීය උත්සාහයක් ද තිබේ. සූරිය කුසුම එක්තරා ආකාරයකට  ඩබ්ලිව් එ් සිල්වා විසින් වර්ධනය කිරීමට උත්සාහ දැරූ එහෙත් නොහැකිවූ පොදු ජනයා ආකර්ෂණයට ලක්වූ කථා රටාවේත් ,මෑත කාලීන සම්භාව්‍ය ගනයේ ලේඛකයන්ගේ කථා රටාවෙහි ඇතැම් ලක්ෂණයන්ගේත්, කරුණාසේන ජයලත් විසින් ප‍්‍රවර්ධනය කළ චමත්කාරය හා සාරධර්මික මානව සබඳතා සහිත නවකතාවන්හිත්  මිශ‍්‍රණයක් දැකිය හැකිය.
චූලාභය සූරිය කුසුමේ අපූරුවට ගොඩනංවන කථාන්තරය පාඨකයා විඳින බව එහි අලෙවි වාර්තා සටහන් කරයි. එහෙත් වෙනම පරිච්ෙඡ්දයක් ලෙස ගොනු කොට ඇති සන්ෆලවර් ගැන මට  ඇත්තේ දෙගිඩියාවකි. එය නිර්මාණාත්මක බවක් ප‍්‍රකට කරන්නේද? එසේ නැතිනම් අපූරුවට ගොඩ නගාගෙන පැමිණි වියමන බිඳ දමන්නේද?
චන්ද්‍රරත්න බණ්ඩාර.

Wednesday, 29 October 2014

දෙවියන් පවා නොසලකා හරින දෙවියන්ගේ දරුවෝ






හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නාය ගොස් හාරසියයකට ආසන්න ප‍්‍රමාණයක් පනපිටින් පස් කඳුවලට යටවීමේ ශෝක ජනක ප‍්‍රවෘත්තිය සංවේදී හදවත් දවාලනු නිසැකය' හි`ගමනට ඇදවැටුන වQjkq;a යුද්ධය නිසා අනාථ වුවනුත් හැරුණු කොට සංවිධිත ජනවර්ගයක් ලෙස සාමූහිකව දුක් විඳින ජාතිය වතුකරයේ දෙමළ ප‍්‍රජාවයි'

   1988 දී පමණ මතුගම අගලවත්ත  හා බුලත්සිංහල යන මැතිවරණ කොට්ඨාසයන්හි වතු නිවාස පිළිබඳ සමීක්ෂණයකට සහායවීම මගින් ඔවුන්ගේ ජීවන විජිතයේ දුක් දෝමනස්සයන්හි සමීප අත්දැකීමක් ලබා ගැනීමට මට හැකිවිය' 1996 දී පමණ කෑගල්ල නාවලපිටිය නුවරඑළිය ආදි පෙදෙස්වල වත= ුපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ සැසිවාරයන් කිහිපයක් මෙහෙයවීමේ අවස්ථාවද මවෙත ලැබුණි' මේ සියල්ලෙන් මා හ\ුනාගත්  සරල දෙය නම් නිදහසින් පෙර හෝ පසුව රට කරවූ පාලකයින් මගින්වත් මේ පීඩිතයන්ගේම  නායකයන් මගින්්වත් කිසිදු සහනයක් ඔවුනට නොලැබුණු බවයි'
කවර දුෂ්කර තත්වයන් යටතේ වුවද ඔවුන් සියල්ලෝම වැඩමුරය පැහැර නොහැරිය යුතුය' ඒ සාමාන්‍ය තත්වයයි' වතුකරයේ කුඩා ගැහැණු පිරිමි දරුවෝ   ්මහ මන්දිරවල මෙහෙකාරකමට යති' ඇහැට කනට පෙනෙන වතුකර ළ\qුන්  කංකානිගේ සිට ලොකු  එවුන් දක්වා  ලිංගික සේවා සැපයිය යුතුය’ ඒ සියල්ල මගින් උපයා ගන්නා සොච්චම් වැටුප වුවද තුන්වේල කා මිනිසුන් ලෙස ජීවත් වීමට ප‍්‍රමාණවත් නොවේ’
බාල මහලු ගැහැණු පිරිමි බේදයක් නැතිව වතුකර දෙමළ ප‍්‍රජාවගේ මුහුණු මත ලියවී ඇති අසංතෝසයේ කතාව වටහා ගත්තෝ වෙත්නම් ඒ හතලිහේ පනහේ දශක වල වමේ ව්‍යාපාරය පමනි'’ ඔවුන් විසින් ඒකරාශි කරමින් අද ඔවුන් විඳින යම් වරප‍්‍රසාදයක් වෙත්නම් එය ලබා දීමට එදා වමේ නායකයෝ සමත් වූහ’

මේ පීඩිතයින් වමේ ව්‍යාපාරයෙන් බිඳවීමට ජාතිවාදි එළඹුමකින් වෘත්තීය සමිති ව්‍යාපාරයට එළඹි තොන්ඩමාන් සමත් විය’' තොන්ඩමාන් කම්කරුවෙකු නොව දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් ලංකාවට ගෙන ආ තැරැුව්කරුවෙකුගේ පුත‍්‍රයෙකි'’ එවැන්නෙක=g වතු කම්කරුවන් බාරවීම වනාහි නරියාට කුකුල් කොටුව බාරදීමට දෙවෙනි නොවේ’ තැරැුව්කාර තාත්තාට මෙන් මහ තොන්ඩමන්ටද(^එස් තොන්ඩමන්& ඊටත් වඩා ඔහුගේ මුණුපුරා වන ආරුමුගම් තොන්ඩමන්ටද මේ පීඩිතයන් වනාහි මිනිසුන් නොව තමාගේ අභිවෘද්ධිය සඳහා සිටින සත්ව විශේෂයකි’' ඔවුන්ගේ ඡුන්ද පදනම වෙන්දේසියේ දමමින් සිය පුද්ගල අභිමතාර්ථ සාදා ගනී’' ආණ්ඩු සමග හෙට්ටු කරමින් තම ව්‍යාපාර තර කර ගනිති’

දකුණු ඉන්දියාවේ සිට ගෙන ආ කම්කරුවන්ගෙන් සියයට පනහක් මන්නාරම් තොටේ සිට මධ්‍ය කඳුකරයට ගෙන ඒමේදී ගමන් වෙහෙසටත් මැලේරියාව ඇතුලු ලෙඩ රෝග වලටත් ගොදුරුව මග මැරුණාහ'’ ලෙඩ දුකින් පෙලෙන්නවුන් මග අතහැර දමා මැරෙන්නට හැරියහ’' ඒ බව වැඩිදුර හැදෑරීමට ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘‘ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම’’ කියවන ලෙස ආරාධනා කරමි’

මේ වතුකර දෙමළ පීඩිතයන්ගේ දුක්ඛදායී ජීවිතයේ කටුකත්වය සංවේදී කලාකරුවකුගේ හෘද සාක්ෂිය හැ`ඩවූ අයුරු දැන ගැනීමට 1980 ගණන්වල මුල් භාගයේ පරාක‍්‍රම කොඩිතුවක්කු කිවිඳුන් විසින් රචිත ’දෙවියන්ගේ දරුවන්’ කාව්‍යය කියවන්ak'


කඳුකරයේ ලස්සණ බැලීමට යන අපට පෙනෙන නිල්ල නැගෙන තේ වතු යායවල් වනාහි මහපොළොව උරාගත් මේ පිඩිත වතු දෙමළ වර්ගයාගේ රුධිරයයි’ ශී‍්‍ර ලාංකිකයන් මැදපෙරදිග ගොස් ශ‍්‍රමය වගුරා හරි හම්බ කොට එවන මුදල විදේශීය විනිමයේ පළමු ඉපයීම වන්නට පෙර තේ අපේ අපේ විදේශ විනිමය සැපයූ ප‍්‍රධාන අපනයනය විය’' ඒ වනාහි මේ පීඩිතයන්ගේ කඳුලේ  දහඩියේ හා රුධිරයේ අස්වැන්නය'’ අ|ssන්නට හර්හමන් වස්ත‍්‍රයක් කන්නට හරිහමන් ආහාරයක් ඉගෙනගන්නට හරි හමන් අධ්‍යාපනයක් ජීවත් වෙන්නට හරිහමන් සෙවනක් ජිවිතයට හරි හමන් ආරක්ෂාවක් නැති මොවුන්ගේ ජීවිතම සොයා ස්වාභාවික විපත් නම්වූ හෙනහුරාද පැමිණ තිබේ’

විපතට පත්වූවන්ට සහන සලසන්නැයි උස් හ`ඩින් ඉල්ලන්නට ඔවුන්ට නායකයන් නැත’ දෙවියන්ට දුක කියමින් කඳුලු වතුර බොමින් අහසට හ`ඩ නගා දෙවියන් යදිනවා හැර ඔවුන් අන් කුමක් කරන්නද

Saturday, 4 October 2014

මදාවි පියවරුන්ගේ සාහිත්‍ය උපදෙස්




      
    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නිමාවීමටත් පෙර සම්මාන බලාපොරොත්තු වූවෝද අනෙකුත් උදවියද, කියන ලියන අඩාපාලි දැකීම නිසා මෙය ලියන්නට සිත්විය. ඒ සියල්ල එසේ තිබේවා. එකක් කිව යුතුය. එනම් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඇරඹීමත් සමග ඉතා කුඩාවට තිබුණු පාඨක සමාජය පුලූල් එකක් වී ඇති බවයි ඒ. මීට දශකයකට දෙකකට පමණ පෙර පොත් 1000ක් මුද්‍රණය වුණු නවකතාවක් අද 10000 ට එහා පැත්තේ මුද්‍රණය වේ. එයින් ප‍්‍රකාශකයා ලාභයක් ලබන බව සැබෑවකි. එහෙත් ලේඛකයා හා පාඨකයා ලබන ඵල ප‍්‍රයෝජන සුලූ කොට තැකිය හැකිද? ලේඛකයෙකු ලියන පොතක් පු`ථල් පාඨක සමාජයක පරිහරණය වීම ඔහුට හෝ ඇයට කවර නම් වූ ආත්ම තෘප්තියක් ගෙන දෙයිද? එය පොත අලෙවි වීමෙන් ලැබෙන කතෘ භාගයට වඩා හෝ ඊට සමානව ලේඛකයෙකුට වටිනා දෙයකි.
 
      ස්වර්ණ පුස්තක සම්මාන උත්සවයට හා ගොඩගේ සම්මාන උත්සවයට මේ කෙරෙන පහරදීම් සඳහා අලූත් ජවයක් ලැබුණේ විද්‍යොදය සම්මාන උළෙලේදිී ගුණදාස අමරසේකර සම්මාන උත්සවය අරබයා කරන ලද දුෂ්ඨ ප‍්‍රකාෂයත් සමගය. ගුණදාස අමරසේකර වැනි සිංහල සාහිතයයට අපූරු මං සළකුණු එකතු කළ ලේඛකයෙකු සිය දේශපාලන භාවිතය හා සාහිත්‍ය භාවිතය වංගු ගසා පැමිණ ඇත්තේ ඉතාම දුර්භාග්‍ය සම්පන්න අවසානයකටය. එතැන් සිට ඒ ක්ෂේත‍්‍ර දෙක අරබයාම වෛරය හා ද්වේශය වපුරන අමරසේකර වැඩිහිටියෙකු, ලෝකය දන්නා වියතෙකු, ලෙස නොකළ යුතු දේවල්ම කරයි. කොටින්ම කියතොත් ඔහුගේ අග‍්‍රගන්‍ය නවකතාව ලෙ මා සලකන පේ‍්‍රමයේ සත්‍ය කතාවේ ඩොක්ටර් වීරසිංහ චරිතයටම ආදේශවී සිටි.
  
       මහගමසේකරයන් මියගොස් එහි ශෝකී සීතලවත් වියැකෙන්නට පෙර ”මහගමසේකර යනු ඔහුගේ හදිසි මරණයෙන් ජනපි‍්‍රයත්වයට පත් කුකවියෙකැයි ” අමරසේකර පැවසුවේය. ඔහු හැර කිසිදු වියතෙකු කලාකරුවෙකු ඒ දුෂ්ට ප‍්‍රකාෂය ඇත්තකැයි අදටත් විශ්වාෂ නොකරනු ඇත. සේකර අරබයා දුෂ්ට කතා කීමේ අමරසේකර සම්ප‍්‍රදාය වසර හතලිහක් පමණ තිස්සේ නොනවත්වා කරගෙන විත් අද එහි උච්චත්වයට පත්වී ඇත.
   ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැන කෙරෙන දුෂ්ඨ විවේචන එහි අයිතිකරුවන් වන ග‍්‍රන්ථ ප‍්‍රකාශකයන්ගේ සංගමයට නම් අබ මල් රේණුවක තරම් අවැඩක් වෙතැයි සිතිය නොහැකිය. ග‍්‍රන්ථ සඳහා පු`ථල් පාඨක සමාජයක් බිහි කිරීම හා ඒ ඔස්්සේ ග‍්‍රන්ථ ප‍්‍රකාශනය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ සඳහා ඔවුන් ඉතා දියුණු ක‍්‍රම වේදයක් භාවිතා කර ඇත.
    විනිශ්චය මණ්ඩලයන් ගැන ඇති විවේචනයද සම්මාන උළෙලේ විවේචකයන් සතු උපකරණයකි. ලංකාවේ සිංහල සාහිත්‍ය කෘතියක් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ළ`ගාවූ ලේඛකයෙක් ලංකාව තුළ නැත. එහෙයින්  ඕනෑම කෙනෙකුට සිදුවන්නේ නිර්මාණ ක්ෂේත‍්‍රයේ හා විචාර ක්ෂේත‍්‍රයේ යම් ගැඹුරක් ඇතැයි සිතන දේශීය සීමාවන් තුළ වැඩ කරන විනිශ්චයකරුවෙකු සොයා ගැනීමටයි. ඒ අනුව ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය කෙරෙහි සර්ව සම්පූර්ණ එක`ගතාවක් ඇතිවෙතැයි සිතිය නොහැකිය.
     අමරසේකර විසින් ප‍්‍රවර්ධනය කොට සේන තෝරදෙණිය වැන්නන් පාවිච්චි කරන ලේඛකයන්ට හා විනිශ්චයකරුවන්ට එරෙහි එන්.ජී. ඕ. චෝදනාව අතිශයින් හිතුවක්කාර අපහාසාත්මක එකකි. අද වන විට කිසියම් විකල්ප මතයක් දැරීම එන්.ජී. ඕ. කාරයෙකු යන අපහාසයට ගොදුරුවීමට හේතුවක්ව තිබේ. අමරසේකර , නලින් ද සිල්වා වැනි උදවියගේ සිට ගලබොඩඅත්තේ ඥානසාර දක්වා වූ බොහෝ අයට තමා අනුයන මතයට විරුද්ධ මතධාරීන්ට NGO හංවඩුව ගසනු ලැබේ. අමරසේකර ඇතුලූ ඔහුගේ අනුගාමිකයන් විසින් NGO චෝදනාව නගන බොහෝ උදවියට ලංකාවේ සමාජ සංවිධානය ගැන අධිපති මතවාදයට අයත් නොවන විකල්ප මතවාදයක් තිබේ. එවැන්නක් දැරීමට බුද්ධි ජීවීනට සිදුවන අතර එසේ දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික ලක්ෂණයකි. එය සුරැුකිය යුතු අයිතියකි.
       අමරසේකර පිස්සුවෙන් මෙන් චෝදනා කරන මේ NGO කාර චෝදනාවට නිසි උත්තර ලබා දීමට හැකියාව තිබුණු වියතා අද ජීවතුන් අතර නැත. ඒ දිවංගත තිස්ස අබේසේකරයන්ය. ” ඔබම යෝජනා කළ ප‍්‍රඥා ප‍්‍රාසාදයේ ඔබවත් සිටින්නේදැයි සන්සුන් මනසින් විමසා බලන ලෙස තිස්ස අබේසේකර කළ ආරාධනාවේදී අමරසේකරට කට උත්තර නැති විය.
     ඉතිහාසය යනු සමාජ විද්‍යා විෂයයකි. එහි මිනුම් ද`ඩු වෙනස් විය හැකිය. මහා වංශය යෝජනා කරන ඉතිහාසය තුළ ,ප‍්‍රායෝගික නොවන තර්ක බුද්ධියට නොගැලපෙන බොහෝ දේ ඇත. එවැනි දෑ ප‍්‍රශ්න නොකර ගෙඩිය පිටින් බාර ගන්නට බල කරන සමාජයක් සබුද්ධික සමාජයක් වන්නේ කෙසේද?
      මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට තේරුණු මංජුල වෙඩිවර්ධන ලියු ”මගේ ආදරණීය යක්ෂණී” යනු සමාජ විද්‍යාත්මක කෘතියක් නොව පරිකල්පනයන් පදනම් කරගෙන බිහිවුණ නවකතාවකි. නවකතාවකවත් තමන්ගේ හෘද සාක්ෂියට ගැලපෙන සේ ඉතිහාස තතු විමර්ශනය කිරීමට ඇති අයිතිය සේන තෝරදෙණිය විසින් රාජ්‍ය ද්‍රෝහිත්වයක් දක්වා වර්ගීකරණය කරයි. ඉතින් රාජ ද්‍රෝහි වූවාමයයි කියමුකෝ. ඉතින් එහෙම වෙන්නට අයිතියක් ලේඛකයෙකුට නැද්ද?
       බටහිර ලෝකයේ හෝ අවම වශයෙන් ඉන්දියාව මෙන්වත් ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමට අසමත්ව සිටින අප වැනි රටක ජාතීන් වශයෙන් ඇති දුක් ගැනවිලි බොහෝය. එවැනි රටක මේ සියලූ හෙන ගෙඩිවලට හේතුව ඉතිහාසයේ වැරැුද්ද යයි සිතන්නෝද බුද්ධිමතුන් අතර බොහෝය. එවැනි ඉතිහාසයක් දෙස සංවේදි ලේඛකයෙක් වෙනස් විදිහට සිතීමේ ඇති වැරැුද්ද කුමක්ද? එසේ සිතීම නිසා ඔහුට රාජ ද්‍රෝහිත්වයේ ලේබලය ඇලවීම සාධාරණද? තෝරදෙණියද අමරසේකරද කරන්නේ එයයි.
      ලාංකීය කලාකරුවෙකුට සිය නිර්මාණ සඳහා වස්තු විෂයයන් සෙවීමට සිදු වන්නේ මේ මඩ ගොහොරුවෙන්මය. කලින් කලට වෙනස්වන , නිරවුල් චින්තනයක් නැති අමරසේකර වැනි බුද්ධිමතුන්ද මේ මඩ ගොහොරුව නිර්මාණය කිරිමට දායක වූවෝ වෙති. මෙසේ සෑදු මඩ ගොහොරුවම නිල් මානෙල් විලක් ලෙස දකින ලේඛකයන්ද සිටිය හැකිය. එහෙත් තිස් අවුරුදු යුද්ධයක්, නොනවතින ඝාතන සම්ප‍්‍රදායක් , රාජ්‍යය සතු ස්වකීය මර්ධන යාන්ත‍්‍රණයක් වැඩි වර්ධනය කරගෙන ඇති රටක මේ බිහිසුණු තතු වලින් මිදිී නිර්මාණභ්‍යාස කළ හැකිද?
    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අරබයා කෙරෙන විවේචන, ලේඛකයන්ද වැටී ඇති බිහිසුණු ඉරණම කියාපායි. රටේ පාලකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ ඝාතනය කරන්නේ ඔවුන්ගේ තනි හයියෙන් නොවේ. අමරසේකර පන්නයේ දුෂ්ට බුද්ධිමතුන්ගේද සහයෙනි. අලූත් පරපුරක නිදහස් සිතුම් පැතුම් විසින් රටක් විනාශ වෙතැයි සිතන ඔවුනට පාලකයන්ගේ අත්වල ඇති ලේ දහරා නෙපෙනෙන්නේය.
    අවසන් වශයෙන් කිව යුත්තේ ස්වර්ණ පුස්තක වේවා , ගොඩගේ සම්මාන වේවා රැුක ගත යුතු අගනා උත්සාහයන් බවය. එමගින් සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇතිවී ඇති බව පිළිගත යුතුය. එහෙත් එසේ ඒවා පිළිගත යුත්තේ ඒවා සතු අඩුපාඩුකම්ද ඇති බව පිළි ගන්නා කොන්දේසියකට යටත්වය.

චන්ද්‍රරත්න බණ්ඩාර
2014-09 -24

Tuesday, 16 September 2014

වතුර බෝතලයත් හිලව්වට





          ඌව වෙල්ලස්සේ මිනිස්සුන්ට ගස්වල පොතු කකා වතුර බිබී ජීවත් වන්නට සිදුවූ අතීතයක් තිබිණි. ඒ 1818 කැරැුල්ලට ඔවුන් සහයෝගය දුන් නිසාවෙනි.එතෙක් ඔවුන් ගොවිතැනට හුරු එමගින් බත බුලත සපයාගත් උත්සාහවන්ත මිනිසුන්ව සිටියෝය. ප්‍රෞඩ සිංහලයන්ගේ අතීත කතාව ලියන විට පටන් ගන්නේම ඌව වෙල්ලස්සෙනි. ඒ ඔවුන් කොන්ද කෙලින් තබාගත් ජනතාවක් වූ නිසාය.

         එහෙව් සිංහලයන්ට සුද්දන්වත් අපහාස කළේ නැත. ඔවුන් කළේ තමන්ට හතුරු වූ ඒ ජන කොටස මර්දනය කිරීමය.

          එහෙත් අද රට කරවන පාලක වරිග සභාව  ඒ උදාර සිංහලයන්ට කරන නින්දාව මේ සමග ඇති පිංතූරයෙන් තේරුම්ගත හැකිය. පිපාසයට පැන් පොදක් දෙන විට සතුරු මිතුරුකම්වත් , කුල මලවත් බලන සිරිතක් මනුස්සයන්ට නැත. දෙන වතුර ටිකට හිලව්වට කිසි දෙයක් ඉල්ලන සිරිතක් මනුස්සයන් අතර නැත. පස මිතුරු සේනා දෙකක වුනත් පිපාසයට වතුර හුවමාරු කර ගැනීම යුද්ධය තුල වුවද කි‍්‍රයාත්මක මන්ස්ස ගුණාංගයකි.

           මේ පිංතූරයේ සිටින තැනැත්තා ඌව පළාතේ මහ ඇමති අපේක්ෂකයාය. ඒ මදිවාට කතරගම දේවාලයේ භාරකාරවරයාය. අතීතයේ නම් ඔවැනි තනතුරුවලට පත්වූවෝ යහ ගුණ පිරි, පංච ශීලය රකින, වැදගත් ප‍්‍රභූවරුය. එහෙත් මොහු පිපාසයට දෙන වතුර බෝතලයේ හිලව්වට ඡුන්දය ඉල්ලන්නෙකි. එවැන්නෙකු මහජන නියෝජිතයන් අතර සිටීම පමණක් නොව මිනිසෙක්ව සිටීමත් පුදුමයකි.

     ඡුන්ද ලකුණ හා මනාප අංකය යෙ¥ සිල් රෙදි 18000ක් මොනරාගල හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෙදා ඇති බව කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාමය. සිල් රෙද්දක් පූජාකර රජකම බලාපොරොත්තුවන මොවුන්ගෙන් වැදගත් ශීලාචාර දෙයක් බලාපොරොත්තු විය හැකිද? බොදු බල සේනාව, රාවණා බලය, සිංහල රාවය,සිවුරු උස්සාගෙන කෑ ගැසිය යුත්තේ මොවුනට විරුද්ධව මිස වෙනත් අසරණුන්ට විරුද්ධව නොවේ. 

Thursday, 11 September 2014

රාජිත ඇමතිවරයාට කල කම් පල දෙන හැටි



               රාජපක්ෂ වරිග සභාව විසින් සිය වරිගයේ යහපත තකා මුදාහැර ඇති බොදු බල සේනාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය ප‍්‍රචංඩත්වය මුදා හරිමින් සිටී. ඔවුන්ගේ නොහොබිනාකම් වලින් ගැලවී සිටීමට ලංකාවේ ඇමති මණ්ඩලයට පවා බැරිය.

           රාජිත සේනාරත්න ඇමතිවරයා බොදු බල සේනාවේ ප‍්‍රහාරයට ගොදුරුවී සිටින ලොකුම කැබිනට් සාමාජිකයාය. ඔහුට අද සිය ආරක්ෂාව පතා අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ. එහෙත් රාජපක්ෂ රෙජීමයට රෙදි නැතිව කඬේ යමින් නීති විරෝධීව හා ආචාර ධර්ම විරෝධීව අග‍්‍ර විනිශ්චකාරිනී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන ලද පාර්ලිමේන්තු විනිශ්චය සභාවේ විනිසුරුවරයෙකු ලෙස එදා හිරිකිතයක් නැතිව රාජිත පෙනී සිටියේය. එදා ඔහුද සහභාගිත්වයෙන් ඒ කල ඓතිහාසික අපරාධය හරහා අධිකරණ ක‍්‍රමයේ ඉතිරිව තිබුණු ස්වාධීනත්වයේ ප‍්‍රාණ පොදද ඉවත් කෙරිණි.

            අද ඇත්තේ රෙජීමයට අවෂ්‍ය නම් නඩු දිනවන හෝ පරදවන අධිකරණ ක‍්‍රමයකි. දෛවයේ කුරිරු සරදමක් ලෙස රාජිතට සහනය පතා යන්නට සිදුව ඇත්තේ එවන් අධිකරණයක් ඉදිරියටය. රාජපක්ෂ වරිග සභාව මුදා හැර ඇති දඩ බල්ලන්ට එරෙහිව අධිකරණය කි‍්‍රයා නොකරන බව අපට වඩා හොඳට රාජිත ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. බුදු සමයේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඔයාකාරයට මේ ආත්මයේදී පටිසන් දෙන පාප කර්ම වලටය. ඒ කෙසේ වෙතත් රාජිතට ජය අත්වේවා යයි අපි දෙවියන්ට බාර හාර වෙමු.