ප්‍රවීණ චිත්‍රකලාවේදියකු වන අප මිත්‍ර උපාලි හේරත්, ප්‍රේමානිශංස කියවා ඔහු විඳගත් ආකාරය මවෙත ලියා එවී ය.
ප්‍රේමානිශංස
_______________
සීගිරියෙන් ගෙනා මතක
සේදී යන්නටත් නොදී
වෙනදාටත් වඩා හොඳට
දිය නෑවේ පුසුඹ උලා
ප්‍රේමාලිංගන රැඟුමට
ගැලපෙන අභිනයන් සිතා
කැඩපත දෙස බලාගෙනයි
මුහුණක් හැදුවේ බියකරු
නාන කාමරය දෙසටම
හැරුණු ඇඳේ උඩුකුරු වී
නිරුවත පාමින් මා වෙත
අවුස්සන්ට බලා සිටින
ඇගේ ඇඟ මතට පනින්න.
රුදුරු වන සතෙකු වාගේ
දොර ඇරියේ මා රහසින්
ෂවර් වතුර ගියත් අපතෙ
තුවායවත් ඇඟේ නැතුව
වැදි රජුගේ අඩව්වකින්
ඒත් ඇඳේ නැත කිසිවෙකු
මගේ බිසව අතුරුදහන්
ඇදුරුතුමාගේ කරළිය
මත මොහොතක් මා තනිවිය
මා නිරුවත යළි වත විය
ඇය සොයන්න යා යුතු විය
පංකා කැරකුම නවතා
කඳුළු ඇසින් එදෙස බැලිමි
සැනෙකින් නැඟි නිහඬතාව
බිඳින හඬකි ඒ අතරින්
ඉකි ගැසුමකි දැන් ඇසෙන්නෙ
අඳුරේ ඇති සඳළුතලෙන්
''නිරූ ඇයි ඔයා අඬන්නෙ?''
''නැහැ, මම මේ සතුටු වෙනවා''
ළං කරගෙන මා ඇය වෙත
දිගු කළ සුරතෙහි එල්ලය
නිදිගත් මහනුවර උඩින්
ඈත පෙනෙන හන්තානය
රති සයනය
අමතක විය
ඇගේ ළමැද මා දෑසින්
ගලනා දිය ඇල්ලක් විය.
No comments:
Post a Comment