Thursday 3 November 2016

මේ මහ වියොව හා අපේ සැ`ගවුණු සාමුහික අධ්‍යාත්මය


 

අමරදේවයන් තරමට දේශ සීමාව ඇතුලත සිටින සියල්ලන්ගේම ආධ්‍යාත්මයට ඇමතිය හැකි අන් කිසිවකු නැතැයි සිතමි` මේ මොහොත අපතේ නොයවා අපට පොදු සමාජ සංහිඳියාවක් සඳහා යම් ආරම්භයක් ගත නොහැකිද
පලමුව කවුරුත් පාහේ මෙතුමන්ගේ වටිනාකම අවබෝධ කරගෙන ඇති බව ලෝකයාට පෙන්විය යුතුය එය ඉහලින්ම පටන් ගත යුතුය හොංකොං ගිය අගමැති ඒ ගිය සියල්ල කල් දමා ලංකාවට පැමිණ අවමගුලට සහභාගි විය යුතුය .ජවිපෙ සියලූ රතු කොඩි අඩකුඹු කළ යුතුය
සියලූ කලාකාර සමූහයා තම තම ශක්ති පමණින් සිය හැගුම්බර ශෝකය ප‍්‍රසිද්ධියේ පළ කළ යුතුය. සියලූ පක්ෂ බේද අතහැර ඔහුගේ වියොව ගැන සිය හැගීම් පළ කළ යුතුය. න්‍යායික බෙදීම් රේඛාවල දෙපැත්තේ සිටින උදවිය සාමූහිකව තමන් අගයන මේ සුලවතාට ප‍්‍රසිද්ධියේ ප‍්‍රණාමය පළ කළ යුතුය. අප‍්‍රමාණ බේදයන් සිත් දරා ගත් බොහෝ දෙනාට සාමූහිකව අමතන්නට සමත් වූ එකම මිනිසා අමරදේවයන්ය

 
 

1 comment:

  1. පැරණි ශ්ලෝකයක් පොඩ්ඩක් වෙනස් කරන්නම්.

    ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්නංච කාකයෝ
    මත්ස්‍ය පාදං ජලේ පශ්යොත් - දේශපාලුවො නවිශ්වසෙත්

    ReplyDelete