පාසලෙන් ඉවත් වී වසර 36කට පසුවත් ඒ සුන්දර මතකයන් අවදි කරන්නට තවත් අවස්ථාවක් ඇවිත්. ඒ විවිධ වකවානුවල පාසලෙන් ඉවත් වී කලා ක්ෂේත‍්‍රයේ රැඳී සිටින දම්රද පුතුන්ගේ නිර්මාණ රැගත් ‘වැව් දසුනේ ලේඛකයෝ ’ එළි දැක්වීම මගිිනි. මහවැලි නදියත්, නුවර වැවත්,හන්තාන, නකල්ස් කඳු පංතියත් දකිමින්, දළදා මාළිගාවේ තේවා හ`ඩ අසමින්, අකුරු කළ අප පාසල තුලින් වෙනම අන්‍යතා ලකුණක් අපට ලැබුණා යයි සිතමු. දම්රද කඳු වළල්ලේ ගෙවී ගිය ජීවිතය තරම් මනරම් වකවානුවක් කවදාවත්ම හමු වූයේ නැතැයි සිතමි. ඒ. එස්. වීරකෝ්න්, ඞී. ආර්. බී. වික‍්‍රමසිංහ, ඩොනල්ඞ් වික‍්‍රම, වැනි ගුරුවරු අපට දැනුදු මතක්වේ.
එදා අපිට ඕනෑ වුනේ දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වන්නට නොව ධර්මසේන පතිරාජ කෙනෙක් හෝ කපිල කුමාර කාලිංග කෙනෙක් වෙන්නටය. එහෙත් සුළං හැමුවේ මදක් වෙන අතකටය. එදා අප කලා හිතැති මිතුරෝ මහා ගොනුවක් එක්ව ඇරඹි සිනෙරුව අද ‘ධර්මරාජ කලා පදනම’ නමින් නව උපතක් ලබා කලාවට හිතැති දරුවන්ට පාසලේ පමණක් නොව, ලංකාවේම දරුවන්ට තෝතැන්නක් වී ඇත. ඒ අලූත් යුගයට නායකත්වය දුන් බණ්ඩාරනායක විදුහල්පතිතුමා, ඞී. බී. හේරත්, බී. එම්බස්නායක වැනි ගුරු පියවරුන්ටද නමස්කාර වේවා.
වැව් දසුනේ ලේඛකයෝ ’ කෘතිය සංස්කරණයට වෙහෙසවූ කපිල කුමාර කාලිංග, රන්ජන් ඒකනායක හා පුෂ්පානන්ද ඒකනායක සොයුරන්ටද ස්තුතිය පුද කරමි.
අපි ලියන කෙටි කතාවක් කවියක් මාධ්‍යයක පළකරවා ගැනීම දැන් එතරම් අපහසු නැතත් දම්රද මාතාව නමින් පොතක එය පලවන විට දැනෙන පී‍්‍රතිය නිරානුෂ මව්වත් එකකැයි සිතේ. දම්රදයේ ඒ මව්වත් ගුණය වෙන කවර සමාජ හෝ රාජ්‍ය ආයතනයකින් ලැබෙන ඇගයුමක අඩංගු නැත.
මේක හොඳ වැඩක්.
ReplyDeleteනමුත් සමහරු ඉන්නවා ඉස්කෝලේ ඔලුවට අරං ඒකේ අයිතිකාරයින් වගේ වැඩ කරන්න යනවා අනුන්ටත් සයිස් දාමින්. ඒ අය නිසා මට නම් හිතෙන්නේ මේ පාසල් සංගම් කියන්නේ මහා ගෝත්‍රික සංවිධාන කියායි!