Monday, 22 August 2016

ඔලිම්පික් සහ අපේ කොදෙව්වට ඇති දුර



මාසයක් පුරාවට දිග හැරෙන බ‍්‍රසීලයේ රියෝද ජෙනෙයිරෝ නුවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල දැන් එහි මුලූ දෙයි. ලෝකයම පාහේ කී‍්‍රඩාව නම් විෂය හා එහි කී‍්‍රඩා කරන තරුණ තරුණියන්ගේ අප‍්‍රමාණ මිනිස් මහිමය පිළිබඳ ප‍්‍රබෝධවත්ව සිටී. වර්ධනය කරගත් කුසලතාවයන් විසින් කවර තරමේ බලයක් හා අලංකාරයක් මිනිසාට ලබාගත හැකිද යන්න මෙමගින් පසක් කර ගත හැකිය. කී‍්‍රඩාව හා කලාව තරම් මිනිසාගේ මනුස්ස භාවය ආඩ්‍ය බවට පත් කරන එහි මහිමාව ලොවට කියා පාන අන් විෂයයන් නැතැයි සිතමි.
ජැමෙයිකානු කී‍්‍රඩක උසේන් බෝල්ට් හත්වන වරටත්  රන් පදක්කම් දිනා ගත්තේය . එරටේම තොම්ප්සන් එලීනා විසින් මීටර් 100 සඳහා රන් පදක්කමක් දිනා ගනිමින් ලොව වේගවත්ම කී‍්‍රඩිකාව බවට පත්විය. මිලියන 2.9 වෙසෙන වැඩි වත් පොහොසත් කමක් නැති ජැමෙයිකාව තුළ උසේන් බෝල්ට් නමැති 30 හැවිරිදි තරුණයා ජාතික වීරයෙකි. කවර තරමේ අගතිගාමි දේශපාලනයක් තිබුණා වුවත් ජැමෙයිකානු දේශපාලනඥයෝ උසේන් බෝල්ට් හට නිදහසේ කී‍්‍රඩා කරන්නටත් එවැනි තවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නැගී එ්මටත් මං හසර ලබා දේ. පහසුකම් ද ලබාදේ. ‘මං අල්ලන්න උසේන්ටවත් බෑ’ වැනි ප‍්‍රස්ථාව පිරුලූ පවා මේ තරුණ කී‍්‍රඩකයා කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී ඇත්තේ ජැමෙයිකානු ජාතිය ඔහුට දක්වන හරසර කියා පාමිනි.
මීටර් 800 තරගයේ රන් පදක්කම දිනා ගත් කෙන්යානු ජාතික  ඍමාසිය් ෘ්ඩසා ඛ්නමඒ ද උසේන් බෝල්ට් මෙන්ම එකී අපි‍්‍රකානු රාජ්‍යය විසින් නිසි පරිදි රැුක බලා ගන්නා කී‍්‍රඩකයෙකි.
සුසන්තිකා ජයසිංහ මීටර් 200 තරඟයකින් 2000 ඔස්ටේ‍්‍රලියාවේ පැවති ඔලිම්පික් උත්සවයේ දී ලෝකඩ පදක්කම්ක ලැබුවාය. පසුව රිදී පදක්කම ලත් කී‍්‍රඩිකාව තහනම් උත්තේජනය පාවිච්චි කළාය, යන කාරණය නිසා පදක්කම අහිමිකරන ලදුව පසුව එය සුසන්තිකාට හිමිවිිණි. ඒ 1948 වසරේ ඩන්කන් වයිට් සිය මීටර් 400 සඳහා ලැබූ ඔලිම්පික් ජයට පසුව අප ලැබූ එකම ඔලිම්පික් ජයග‍්‍රහණයයි.
ලංකාවේ අපමණ දක්ෂකම් ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සිටිති. ඔවුන්ගේ සහජ දක්ෂකම් පමණක් ඔවුන් ලෝක මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බවට පත් කරන්නේ නැත. ඒ සඳහා පහසුකම් ද උසස් පුහුණුවක්ද මානසික ඒකාග‍්‍රතාවයෙන් ජීවත්විය හැකි ජීවන පසුබිමක් ද අවශ්‍යය. එහෙත් එවැනි වාතාවරණයක් අපේ රටේ කී‍්‍රඩකයන් අරබයා තිබේ ද? වෙඩි තැබීමේ තරඟයට සහභාගිවීම සඳහා ගිය මංගල සමරකෝ්න් කී‍්‍රඩකයා පැවසුවේ තමාට මේ තරඟයට සහභාගිවීම සඳහා එංගලන්තයේ පුහුණුවක් ලබා දෙන බව පැවසුවත් ඔහුට එය නොලැබූණු බවය. එමෙන්ම තමා තරඟයට ඇඳි කී‍්‍රඩක වස්ත‍්‍ර හා සපත්තු දැක අනෙක් රටවල කී‍්‍රඩකයන් අනුකම්පාවෙන් හා උපහාසයෙන් බැලූ බවත්ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට වඩා එසේ නොකර සිටීම වඩා හොඳ බවය.
මෙවර 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නව දෙනෙකු සහභාගි වූ අතර ඔවුන්ගේ පරිවාර නිලධාරීන් 29 දෙනෙකි. භෞත චිකිත්සකයන් , එක් එක් කී‍්‍රඩකයාගේ පුහුණුකරුවන් මේ අතර සිටින්නට ඇත. එමෙන්ම අත්‍යාවශ්‍ය නොවන නමුත් තම නිල බලය හරහා නිකම්ම නිකං නිලධාරීන් කී දෙනෙක් මේ සඳහා සහභාගි වන්නට ඇද්ද?
කී‍්‍රඩාව මානව ශිෂ්ටාචාරයේ මාහැඟි සොයා ගැනීමකි. කී‍්‍රඩාවෙහි යෙදීම දෙවියන් හා සමීප විය හැකි මාවතක් ලෙස පුරාතන ගී‍්‍රකයෝ විශ්වාස කළහ. ඔලිම්පික් ලාංචනය, ඔලිම්පික් ගිනි සිළුව, ඒ අතීත දේව සංකේත වෙත්. ලෝකයේ වඩාත් ශිෂ්ටාචාරවත් වන්නට වන්නට කී‍්‍රඩාවද වඩාත් ශිෂ්ටාචාරවත් විය. ඔප මට්ටම් විය. අනෙකෙකු හා තරඟයක් නමුත් අනෙකා හා කී‍්‍රඩාවට එකඟ වීම හරහා සංතුෂ්ටියද මිත‍්‍රත්වය ද හැඟවීය. ශිෂ්ටාචාරවත් බවින් තොර වූ ම්ලේච්චත්වය ළංවන කී‍්‍රඩා ක්ෂේත‍්‍රයන්ගෙන් ක‍්‍රමයෙන් ඉවත් වෙමින් යයි. මිනිස් ගොන් පොර එවැනි කී‍්‍රඩාවකි. බොක්ෂිං කී‍්‍රඩාවද එකී ඉරණමට ලක් වෙතැයි ඇතැම් විචාරකයෝ පවසති.
ගෙවී ගිය මාසය පුරා නිත්‍ය ලෙස දවසට පැය කිහිපයක් හෝ ඔලිම්පික් උළෙල නැරඹුවා නම් එය මනුෂ්‍ය හැකියාවේ සංතුෂ්ටියේ හා ශිෂ්ටාචාරයේ මංගල්‍යයක් බව ඔබට වැටහෙනු නිසැකය.
නැවතත් අපි ලංකාවේ කී‍්‍රඩාව දෙසට හැරෙමු. ලංකාවේ සමස්ත කී‍්‍රඩා ක්ෂේත‍්‍රයම කෙතරම් අවිනීත ද යන්න තේරුම් ගැනීමට ලංකාවේ පුවත්පත්වල කී‍්‍රඩා පිටු හරහා දිග හැරෙන අඩාපාලි පමණක් වුව ප‍්‍රමාණවත්ය. අග‍්‍රගන්‍ය කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර සංගක්කාර එංගලන්තයේ ඵක්‍ක්‍ ීචසරසඑ දෙ ක්‍රසජනැඑ  කි‍්‍රකට් කී‍්‍රඩා සමුළුව අමතමින් ලොවට හඬ ගා කී දුක්මුසු හා බියජනක කතාව ඔබ දන්නවා ඇත. ඩොලර් ලක්ෂ ගණනින් සිය කී‍්‍රඩා හැකියාවෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයන් උපයා දෙන මුදල් කි‍්‍රකට් සම්මේලනය විසින් ගසා කා  ඇති තරම කෙතෙක් ද යත් කී‍්‍රඩකයන්ට පඩි ගෙවීමටවත් ඔවුන්ට මුදලක්  නැතිව ගියේය. රාජපක්ෂ පුතුන් රගර් කී‍්‍රඩාවට අවතීර්ණ වී ඒ තුළ පැවති සංහිඳියාව විනාශ කළ අයුරු අපි දනිමු. ඇතැම් දක්ෂ කී‍්‍රඩකයන්ට කී‍්‍රඩා ජීවිතයෙන් පමණක් නොව ජීවිතයෙන්ද සමුගන්නට සිදු විය.
ආසියානු කී‍්‍රඩා උළෙලකදී මැරතන් ඉසව්වකින් රන් පදක්කමක් දිනූ එස්.එල්.බී. රෝසා සමග මීට අවුරුදු පහ හයකට පෙර මම කථා කෙළෙමි. ඔහු ඒ වන විට ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක කී‍්‍රඩා කථිකාචාර්යවරයෙකුව සිටියේය. ඔහු ඇමෙරිකාවට ආවේ ලංකාවට අකමැතිව නොව ඔහුගේ දක්ෂකම්වල නිසි පිළිගැනීමක් තම මව් රටේ දී නොලැබුණු නිසාය. ඔහුගේ දුක්බර කතාව ලංකාවේ දක්ෂ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකුටම අදටත් පොදුය.
ලංකාව වැනි හෝ ලංකාවට වඩා අඩු දියුණු හෝ රටවල් කිහිපයක් 2016 අගෝස්තු 17 වන විට මෙවර ඔලිම්පික් උළෙලේ ජයග‍්‍රහණය කර ඇති රන් පදක්කම් සංඛ්‍යාව මෙසේය. කියුබාව 8, කෙන්යාව 6, උතුරු කොරියාව 7, ජැමෙයිකාව 5, ඉතියෝපියාව 5, කොලොම්බියාව 4. ඔවුන්ට පුළුවන් අපට බැරි හේතුව අපේ කී‍්‍රඩකයන්ගේ දක්ෂකමේ ඌනතාවක් නොවේ. ඔවුන්ට නැඟී සිටීමට අවශ්‍ය කිසිදු ආණ්ඩුවක් විසින් ඉඩ නොදීමේ කාරණයයි.
වැලිවේරියේදී මීට කලකට ඉහත දී බෝම්බයක් පත්තු වී හිටපු අමාත්‍යවරයෙකු වූ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග මිය ගිය වුන් අතර ප‍්‍රවීණ කී‍්‍රඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් හා ආසියානු මැරතන් ශූරයකු වූ කරුණාරත්න (මැරතන් කරුද* විය.  කී‍්‍රඩාවට සම්බන්ධ දෙයක් නොවූ එකී උත්සවයට ලක්ෂ්මන් හා කරු සහභාගි වූයේ ඇයි? ඒ ඔවුන්ට සහභාගිවීමට බලකෙරෙන දේශපාලන තත්ත්වයක් තිබූ නිසාය. හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය වැන්නන් විසින් උපයාගත් කී‍්‍රඩක කීර්ති නාමයන් විනාශ වන්නේ ඔවුන්ගේ පැවැත්මට දේශපාලනය කළ යුතුය යන තත්ත්වයක් රටේ නිර්මාණය වී ඇති නිසාය.
අප නරඹන ඔලිම්පික් උළෙලේ අප‍්‍රමාණ කී‍්‍රඩා ඉසව් සංඛ්‍යාවක් ඇත . ඒවායින් බොහෝ ගණනක් කී‍්‍රඩා වශයෙන් අපට පුරුදු පුහුණු විය හැකි කී‍්‍රඩා ඉසව්ය. එහෙත් අප දරුවන් යොමු කරන්නේ කි‍්‍රකට්වලට හෝ රගර් කී‍්‍රඩාවට පමණි. ඒ දෙමව්පියන්ගේ වරද නොවේ. ලංකාවේ ආණ්ඩුව හෝ පෞද්ගලික අංශය උදව් කරන්නේ ඒ කී‍්‍රඩාවන්ට නිසාය. සමාජ මට්ටමක් ඇත්තේ ඒවාට නිසාය. ජනමාධ්‍යවල වොලිබෝල් තරඟ වාර්තා නැත. හොකී, පාපන්දු කී‍්‍රඩා ගැන ඒ හැටි උනන්දුවක් නැත. මේ ලියුම්කරු මේ ලියන අද දවසේ පුවත්පතක දුටුවේ ලංකාවේ කලක් පාපන්දු ජාතික නායකයාව සිටි තරුණයා කනත්තක කම්කරුවෙකු ලෙස වැඩ කරන බවයි. ඉතිං ඒ වැනි කී‍්‍රඩාවලට යන කල දවස ගැන කවර කතාද?
ජාතියක රටක අභිමානය යනු, එකී අතීතය කල්දේරමක දමා උණුකර බීම නොවේ. වර්තමානයේ ලෝක මනුෂ්‍ය සංහතිය වෙත යහපත් දෙයක් දායක කිරීමයි. මනුෂ්‍ය අභිමානයට හේතුවන කී‍්‍රඩාව, කලාව වැනි දෑ සුපුෂ්පිතව වැඞීමට ඉඩ දී ඒවා ලෝක මට්ටමට ගෙන ඒම රටක වගකීමකි. ඒ සඳහා රටේ දුප්පත් පොහොසත්කම ඒ හැටි බලපාන්නේ නැත. අවශ්‍ය වන්නේ කී‍්‍රඩාවට අවශ්‍ය පසුබිම තනා දීමයි. මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් ලාභී දිළිඳු ඌන සංවර්ධිත රටවල් කියාපාන බලවත් සත්‍යයද එයයි

1 comment:

  1. කාට කියන්නද?

    ඇට බෝල ක්‍රීඩාව, වල කජු ගැසීම වගේ එකක් තිබුණා නම් ලංකාවටත් තැනකට එන්න තිබුණා!

    ReplyDelete