නිර්මාල් මම දන්නේ 80 දශකයෙ මුල් භාගයෙ ඉඳං. එකට කාපු බීපු නිදා ගත්ත අතීතයක් අපට තිබුණා. කිසිම මතවාදයක වැඩිකලක් එල්බ නොගත් ඔහු අත්හදා බැලීම සඳහා හෝ විශ්වාස කරන නිසා කිසිදු අවදානමක් නොතකා සංවිධාන සමග අත්වැල් බැඳ ගත්තා.ඔහු දැන් තබන පේස් බුක් සටහනුත් ඇතුලුව ඔහු ලියු ලිපි එකතුව මැනවින් පරීක්ෂා කළහොත් ඔහු යමක් සොයා යන්නෙක් මිස යමක් සොයා ගත්තෙක් නොවන බව පෙනේවි. දැන් ඔහු සිටින්නේ බෝසතුන් ආලාරකාලාම , උද්දකරාම පුත්ත ගෙනුත් හෙම්බත් වී තමන්ම සත්‍යය හොයන අවධියට සැපත්වූ බෝසතුන් වගේ. මට නම් වැටහෙන්නේ ඔහු බෝසතුන් මෙන් අජපල් නුග රුක අසලම සිටිනවා විනා බුදු කෙනෙකු ලෙස එතනින් නැගිටගත නොහැකි බවයි. මක් නිසාද යත් ඔහු 'පරම සත්‍යය' ඔහු කිසිදාක සොයා නොගන්නා නිසාය. ඔහු තමන් අතීතයේ හරි යයි සිතූ තැනක යලි අත නොහැර එතනම නැවතී සිට තමන්ගේ කුණක් කිලුටක් නැති ආචාර්ය උපාධියද උපයෝගී කරගෙන එයම නිවැරදි යයි ඒ ඇසුරින් තවතවත් ප්‍රවාද ගොඩ නැගුවා නම් නිර්මාල් දැවැන්ත උගතෙකු ලෙස බුහුමන් ලබනවා මෙන්ම දැවැන්ත ධනවතෙකුද වනවා නිසැකය.
එහෙත් සිය ඇත්ත විෂය වන ඉතිහාසය අරබයා නම් නිර්මාල්ට ඉහත කරුණු අදාළ නැත. මෙතෙක් අප මත පැවරුණු ලාංකීය ඉතිහාසය පුරෝකතනය කිරීමේ කඩඉමකට සමාජයක් වශයෙන් අපි පැමිණි සිටිමු. ඉන්දියානු ඉතිහාසය නැවත ලිවීමේ දී රොමිලා තාපර් වැන්නන් පුරෝගාමී වූ ඒ කටයුත්තට නායකත්වය ගත හැකි ඉතිහාසඥයා ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි යයි මම සිතමි. ඒ සඳහා ඔහුට ඇති සුදුසුකමට හොඳම සාක්ෂිය ඔහුගේ ලිපි සරණියක් රැගත් 'ලංකාවේ ඉතිහාසයඃ දෟෂ්ටිවාදී විචාරයක්' කෘතියයි. එහෙත් ඔහු අනවශ්‍ය වාද විවාදවල , සාහිත්‍ය ජූරි සභාවල කල් ගත කරමින් කාලය නාස්ති කිරීම නවත්වා තමන්ට හිමි කටයුත්ත කිරීමට හිත යොමුවීම අපේ වාසනාව හෝ අවාසනාව මත රඳා පවතී.
No comments:
Post a Comment