Sunday 10 July 2016

අපේ අළුත් ජාතික වීරයා




(2016-06-26 වන දින ‘සත්හඩ’ පුවත්පතේ පලවූ කොලම)
           එක් දහස් නවසිය අනූ ගණන් අග භාගයේ වසර දෙකක පමණ කාලයක් ජාතික අධ්‍යාපන ආයතනයේ අමතර කියවීම් පොත් සම්පාදන කමිටුවක සාමාජිකයෙකු ලෙස මා පත්කර තිබිණි. හයවන ශ්‍රේණිය සිට නවවන ශ්‍රේණිය දක්වා වූ පංති සඳහා මේ අමතර කියවීම් පොත් සකස් කෙරිණි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, සෝමා ජයකොඩි ඇතුළු තවත් රට පිළිගත් කිහිප දෙනෙක් ඒ කමිටු සාමාජිකයන් ලෙස කටයුතු  කළේය. අපට සකස් කරන්නට තිබූ අමතර කියවීම් පොතකට මෑතකාලීන ජාතික වීරවරයෙකු පිළිබඳ පරිච්ෙඡ්දයක් ඇතුළු කිරීමට අවශ්‍ය විය. අප කමිටුව මේ පිළිබඳව පුරා රැුස්වීම් වාර දෙකක් සාකච්ඡුා කළා මතකය. එහෙත් ප‍්‍රාථමික ශ්‍රේණියක ඉගෙන ගන්නා ළමයෙකුගේ මනස තුළ අවිවාදිත වීර ප‍්‍රතිරූපයක් සොයා ගැනීමට අවශ්‍ය වීර චරිතයක් අපට සොයා ගැනීමට  නොහැකි විය. එක් අයෙකු නැසීගිය ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නම යෝජනා කළේය. එහෙත් රට තුළම පවතින සිවිල් යුද්ධයක එක් පාර්ශවයක ජෙනරාල්වරයෙක් වීරයෙක් ලෙස උත්කර්ෂයට  නංවන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මා යෝජනාකරුගෙන් ඇසුවා මතකය. කෙසේ වෙතත් අපට අමතර කියවීම් පොත් සඳහා අවිවාදිත වීරචරිතයක් සොයා ගැනීමට නොහැකි වීය යන්න මගේ මතකයයි.
         සැබැවින්ම පසුගිය වසර පනහක පමණ කාලයේ පාර්ශ්වික වීරයන් මිසක ජාතික මට්ටමේ වීරයෙකු සොයා ගැනීමට රටක් වශයෙන් අපට නොහැකි වීය යන්න මගේ හැඟීමයි.
          එහෙත් ලංකාවේ අනතුරුදායක ඉරණම් ගමනක් සිය දැවැන්ත පෞරුෂයෙන් වැළකූ අති විශිෂ්ට පුද්ගලයෙකු අපට හමුවුයේ 2015 ජනවාරි අට වෙනි දිනය. ඔහු පාර්ශ්වික පුද්ගලයකු නොව සකල දේශවාසී සියලූ වාර්ගිකයන්ගේ අනාගතය භයානක ඉරණමකින් බේරාගත් විශිෂ්ටයෙකි. කොන්ද කඩා ගත් රාජ්‍ය සේවයේ කොන්ද ඇති මිනිසුන් අතළොස්ස අතර ගලිවර ඔහු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස හා අ¥ෂිත බව පි‍්‍රයකරන සෑම මිනිසෙක් ගැහැනියක්ම ඔහුට ණයගැතිය. බුද්ධිමතුන් ගැවසෙතැයි සැක කෙරෙන  විශ්වවිද්‍යාලය තුළින්, පාර්ලිමේන්තුව නම් වූ විශාල හතරැුස් කොටුව තුළින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් යැයි කියන දේශපාලන පක්ෂ තුළින් එවන් වීරවරයෙකු බිහිවූයේ නැත.
         මහින්ද දේශපි‍්‍රය ඒ වීරයාය. මම අද වැනි දිනෙක යට කී අමතර පොත් ලියන කමිටුවේ සාමාජිකයෙකුව සිටියා නම් මා ඒ පොතට ඇතුළත් කළ යුතු වීරයා ලෙස යෝජනා කරන්නේ මහින්ද දේශපි‍්‍රයය.
සිංහලයාගේ මතකය දින දෙක තුනකට පමණක් සීමා වන්නේ යැයි ජනවහරක් තිබේ. සැබැවින්ම එය ඇත්තකි. දේශපි‍්‍රයයන්ගේ නිර්භීතකම් ගුණවරුණ ළමයින්ට හා සමාජ කි‍්‍රයාධරයන්ට කියා දිය යුතු මහාර්ඝ දෙයකි. එහෙත් එසේ වන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවභාවිතයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ විවිධ මූලාශ‍්‍ර සහිතව සටන් කළ මිනිසුන්ගෙන් සමහරු මිය ගොසිනි. සමහරු සටන අතහැර ප‍්‍රවාහයට එක්ව සිටිති.
යුද්ධය විසින් සමාජය මත හෙලන ලද දැවැන්ත භීතිය ලංකාවම හිරි වට්ටා තිබිණි. එය මැඩ පැවැත්වීම හෙවත් ප‍්‍රභාකරන් පැරදවීම උදෙසා සමාජයේ වැදගත් මූලධර්ම සියල්ල අහෝසි වූවාට වරදක් නැතැයි සිතන තැනට සමාජය පත් වූයේය. සිය ශාස්තෘවරයාගේ ඉගැන්වීම් අවභාවිතා කොට වුවද යුද්ධයට පක්ෂපාතී වීමට කිසිදු හිරිකිතයක් භික්ෂූන්ට නොතිබිණි. අවසානයේ මේ දාතම රහිත ජන අනුමැතිය සහිතව මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග‍්‍රහණය කළේය. යුද ජයග‍්‍රහණයෙන් ඔද වැඩුණු සිංහලයෝ  ඕනෑ දෙයක් කිරීමේ රාජපක්ෂ වරුන්ට දුන් ජන අනුමැතිය ආපසු කැඳවා ගැනීමට උත්සාහ නොකළෝය. රාජපක්ෂවරුද යුද ජයග‍්‍රහණයේ සන්නාමය වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව අයිතීන් හා මහජන ධනය කොල්ලකෑම ඇරඹුවේය. සුදු වෑන් සංස්කෘතිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සුධීමතුන්ගේ අ`ඩු කඩන ලදි. මානව අයිතිවාසිකම් කි‍්‍රයාධරයන්ගේ හඬ නිහඬ කරන ලදී. තමන්ට අභිමත පරිදි නඩු  නො ඇසු නඩු කාරයන්ට අවමන් කොට ඒ උත්තරීතර තනතුරුවලින් ඉවතට ඇද දමන ලදී.
         එහෙත් දෙවියන් විසින් ඒ අත්තනෝමතික පාලකයාට තමන්ගේ (දෙවියන්ගේ) හාල් කැව්වේය. බල මෝහයේ ඝන අඳුරින් ඔහුට හාත්පස නොපෙනෙන්නට සලස්වන ලදී. බිහිසුණු තව වසර දෙකක් ලේ ගංගාවන්ගෙන් මහපොළොව තෙමෙන්නට ඉඩ නොහරින ලදී. එහෙයින් තවත් නීත්‍යානුකූලවම වසර දෙකක් තිබියදී පහසු ජයක් සඳහා ඒ අත්තනෝමතිකයා විසින් ජනාධිපතිවරණයක් කැඳවන ලදී.
එම ජනාධිපතිවරණය ගල උඩ සටනක් විය. සිය වසකට වඩා පැරණි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සටන ඒ ගල උඩ දී වෙන්නට නියමිතය. ඒ ගල උඩ සටනේ විනිසුරු වූයේ මහින්ද දේශපි‍්‍රයයන්ය. මහින්ද දේශපි‍්‍රයද තම පූර්වජයන් ගිය මග ගියා නම් අද අඬු කැඩුනු යළි පිළිසකර කළ නොහැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක හිමිකරුවන් වන්නට අපි නියමිතව සිටියෙමු. එහෙත් එය එසේ නොවීය. ඔහු තමා වෙත පැවරුණු යුක්තිය ඉෂ්ට කිරීමේ ශුද්ධ වූ වගකීම මනාව ඉටු කළේය. ඔහු තමන්ට බලවත් හෘද සාක්ෂියක් ඇති බව ඔප්පු කළේය. යුක්තියේ මහභාරකාරයා වූ අග විනිසුරුවරයා අරලියගහ මන්දිරයේ කාණු පල්ලේ ලගිද්දී මැතිවරණ කොමසාරිස් නම් සුළවතා සිය අභිත බව මනාව ප‍්‍රකට කළේය.
       මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස අදීන රාජ්‍ය සේවකයකු ලෙස ඔහු තමාට කළ හැකි උපරිමය ඉටු කළේය. ඒ සිය දිවියද පරදුවට තබමිනි. සිය සහායක ජනයා වෙත නායකත්ව ගුණ වපුරවමිනි. කෝටි සංඛ්‍යාත සල්ලි බෙදමින් ඡුන්ද කළවුන්ට මැතිවරණ පනතේ  හැටියට ඡුන්ද කරන්නට බොහෝ කළකට පසු සිදු වූයේ මහින්ද දේශපි‍්‍රය නිසාවෙනි.
      ඒ තනි මිනිහාගේ මහිමය නිසා බලයට පත් ආණ්ඩුව ඒ තනි මිනිසා කපා දුන් වටිනා පාරේ ගමන් කරන්නේද? අප ප‍්‍රධාන නායක දෙපලගෙන් ද ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන්ද ඇසිය යුත්තේ එයයි.
අපගේ මෑත ඉතිහාසයේ රට විනාශයට යන මගට තනි පුරුෂ ශක්තියෙන් අභියෝග කළ මහා වීරයා ලෙස මහින්ද දේශපි‍්‍රය නාමය අන් සියල්ලට ඉහළින් ඔසවා තැබිය යුතුය.

1 comment: