මිනිසෙකුට තවත් මිනිසෙකු හමුවීම උත්පත්තියේදීම සිදුවන්නකි. එතැනින් ඇරඹෙන තවත් මිනිසුන් මුණගැසීම මව් පිය සහෝදර සහෝදරි නෑදෑ හිත මිත‍්‍රාදීන් වශයෙන් ද සතුරන් වශයෙන්ද දිගට ඇදී යයි.
ලෙන්ගතුකම් වනාහි ලෝකය ප‍්‍රභාමත් කරන දෙවන හිරු යයි මම සිතමි. මාගේ ජීවිතයේ මෙතෙක් ආවේ ළෙන්ගතුකම්වලට පින්සිදුවන්නටය. මේ තවත් එවැන්නකි.
මා මෑතකදී ලියූ ‘වළාකුලු බැම්ම’ පිළිබඳ ශී‍්‍ර ලාංකික රසිකයන්ගේ සමීප අදහස් තවමත දැන ගන්නට විදිහක් නැත. විචාරයන් තවම පළවී ඇත්තේ එකක් පමණකි. විචාර ලියවා ගැනීමේ හා පළකර ගැනීමේ අරගලය හරිම නීරස එකකි. ඇත්තටම දැන් මට එවැන්නක් එපා වී ඇත.
එහෙත් මගේ නවකතාව අරබයා අප හිතවත් ජයලත් සමරක්කොඩි සහෝදරයා පසුගිය 11 වන දින අපූරු මැදිහත්වීමක් කළේය. කොහොමත් පොත පත කියවන දේශපාලනිකව සබුද්ධික ඔහු මගේ පොත කියවා හමාර කළ විට මම පොත ගැන ජයලත්ගේ අදහස් විමසීමි. ඔහු ගේ යෝජනාව වූයේ පොත කියවූ තෝරාගත් පිරිසක් සමග ඒ ගැන සාකච්ඡුා කරමුද කියාය.
ඉතාම සහෘද සිතින් පැමිණි සියල්ල මගේ ‘වලාකුළු බැම්ම’ ග‍්‍රහණය කරගත් අයුරු සාකච්ඡුා කළේය. ඔවුන් දැක්වූ අදහස් සියල්ල පාහේ ධනාත්මකය. මට මගේ නිර්මාණ ජීවිතයට වැඩ දායකයක. ඒ ආශ්වාද ජනක සන්ධ්‍යාව සංවිධානය කළ ජයලත් හා ලලිතා සමරක්කොඩි දෙපළගේ වෙහෙස මහන්සිය මට සැමදා මතක තියේවි. ඛාධ්‍ය බෝධ්‍ය ආදියෙන් අඩුවක් නොවූ සීමා මායිම් නොතැකූ විවෘත භාවයකින් ගෙවී ගිය සහෘද සන්ධ්‍යාවක් විය. මෙවැනි ලෙන්ගතුකම් නිර්මාණකරුවෙකුට කෙතරම් වටීද? මේ ඒ සන්ධ්‍යාවේ ආචාර්ය පි‍්‍රයන්ත කුලසේකරයන් දැක්වූ අදහසය. විටින් විට මේ අදහස් ගෙන ඒමට ඉදිරියේදීත් බලාපොරොත්තු වෙමි.
මෙය කැමරාගත කරන ලද්දේ මා හිතවත් සුනිමල් බාලසූරිය සොහොයුරා විසිනි. අල්ලපු නිවසේ එළිමහනේ ඉන්දියන් ජාතික නිවසක සාහිත්‍යමය නොවන මධු සාදයකි. ඒ හඬවල්ද මේ රූප මාලාව අතරට කැවී තිබේ. හොඳ දක්ෂ කැමරා ශිල්පියෙකු වන සුනිමල්ට වුවද තත්ත්වය පාලනය කර ගත නොහැකි වියග එතුමන්ගේ සහාය නොවන්නට මේ අදහස් ගොනුව ඉදිරිපත් කරන්නට නොහැකි වනු නිසැකය.
No comments:
Post a Comment