පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ ටොරොන්ටෝ ශාඛාව වාර්ෂිකව සංවිධානය කරන Back to Hantana සුහද හමුවේ මෙවර ප‍්‍රධාන ආරාධිතයා ප‍්‍රවීන රංගවේද්ී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. මේ ලිපිය කුරුටු ගානා දිනට පසුදා මේ කටයුත්තට සහභාගි වීම පිණිස මනෝ ටොරොන්ටෝවට සම්ප‍්‍රාප්ත වෙයි. ඔහු පැමිණි දා සිට ආපසු යන තෙක් අපගේ හැසිරීම් රටා වෙනස් වෙයි. සිත සතුටින් පිරී යයි. ඔහු තරම් මව්බිමේ සිට පැමිණෙන අන් කිසිදු කලාකරුවෙකු අපගේ ජීවිතයට මෙතරම් බලපා නැතැයි සිතෙන තරම්ය. ලංකාවට සම්පතක් වූ මේ මාහැ`ගි මිනිසා ගැන ලියන්නට සිත් වූයේ ඉහත කරුණු හා තවත් කරුණු බොහොමයක් නිසාය.
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර මායිමෙන් ඇරඹෙන මාඔය දෑල ජනකතා ජනශ‍්‍රැති ගණනාවකට පාදක වන්නේය. මනෝ ගේ ඡන්ම භූමිය නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දියතිලක කෝරලගේ දෙහිපේ වටපිටාවට අයත්ය. මා ඔය ඇරඹෙන්නේ ඒ සුබදායි මනෝ රම්‍ය නිම්න භූමියෙනි. මා ඔය මහනුවර දිස්ති‍්‍රක්කයේ ගුරුදෙනියෙන් මහවැලි ගඟට හාවෙන්නට පෙරාතුව අපගේ ඡන්ම භූමිය වූ මාරස්සන ගම්මානය මැදින් ගලා යයි. රාසිං දෙවියන් (දෙවැනි රාජසිංහයන්) ආ ගිය තැන් බහුල මනෝ හා අප වසන භූමිය පුරා පැතිර ඇති ජනශ‍්‍රැති ජනකතා බහුලව ගෙතී ඇත්තේ එකී රජු වටාය. පෞද්ගලිකව අපගේ සංස්කෘතික ජිවනාලිය ඇරඹෙන්නේ මේ වට පිටාවෙනි.
මනෝගේ නාට්‍ය බොහොමයක හමුවන චරිත, භාෂා ව්‍යවහාරය, ස්ථාන හා ග‍්‍රාම නාම, ඇමතුම් රටාවන්, මනෝ ගේ නිජ පරිසරයට අයත් යැයි මට සිතේ. මනෝද අපද ඡන්ම ලාභය ලැබූ මේ කලාපයට අයත් ප‍්‍රාදේශීය සංස්කෘතිය ඔසවා තැබූ බලවත්තු තිදෙනෙක් ගැන මගේ මතකයට නැගේ. කාව්‍ය ශිරෝමනී වෛද්‍යාචාර්ය පී.ඇම්.පී. අභයසිංහ, විශ‍්‍රාමලත් විදුහල්පති ඩි.පී. වික‍්‍රමසිංහ සහ ආචාර්ය ජයලත් මනෝරත්න ඒ තිදෙනාය. මුල් දෙදෙනා තම අවට පරිසරයේ ජනශ‍්‍රැති ජනකතා ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ තොරතුරු හෙළිකළ පොත පත ලියූ වියතුන්ය. ජයලත් මනෝරත්නයන් ඒ කටයුත්ත ඉටු කළේ නාට්‍ය කලාව ඇසුරෙනි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුල් ගල තැබූ දේශීය නාට්‍ය සම්ප‍්‍රදායේ පුළුල් අවකාශය තුළින් ජන රංගය තෝරා බේරා ගෙන එය තවත් අනු නාට්‍ය සම්ප‍්‍රදායක් බවට පත් කළේ දයානන්ද ගුණවර්ධනයන්ය. ඔහුගේ නාට්‍ය සම්ප‍්‍රදායේ දිගුවක් ලෙසත් තමන්ගේම වූ අනන්‍යතා සාධක ඔස්සේත් වැඩි දියුණු කරගත් නාට්‍ය සම්ප‍්‍රදායක් මනෝ සතුය. ඒ සම්ප‍්‍රදායේ ඍජු ප‍්‍රකාශනය ‘තල මල පිපිලා’ යයි හඟිමි. ‘ගුරු තරුව’ ‘අන්දරේලා’ ඒ මග ගිය ඔහුගේ අනෙකුත් නාට්‍ය සේ හැඳින්විය හැකිය.
මනෝ දේශීය සංස්කෘතිය කලාකරුවෙකුට වස්තු ආකරයකැයි ද, නිදන් වදුලක් යැයිද සිතන කෙනෙකි. සිංහල සාහිත්‍යය විෂය නොසලකා හැරීම, එය පාසල් විෂය මාලාවෙන් පිටමං කිරීම, දේශීය අධ්‍යාපනයේ අක් මුල් සිඳීමකැයි යන ආස්ථානයේ පිහිටා මනෝ ‘ගුරු තරුව’ නිර්මාණය කළේය. ගුරු තරුව තුළින් අවධාරණය කරන මෙම ආස්ථානය අපගේ ජාතිකවාදීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. අද දවසේ ජාතියක් යන සංස්කෘතික ප‍්‍රපංචයට අයත් විය යුතු භාෂාව, චාරිත‍්‍ර වාරිත‍්‍ර, සාහිත්‍ය ව්‍යාපාරය, කලා ශිල්ප, ගුණ ධර්ම දුබලව දුර්වලව යමින් පවතී. මේ සියල්ල නැති වූ විට ජාතියක ලේබලය සහිත හිස් මිනිසෙක් අපට හමුවේ. ගුණදාස අමරසේකරයන්ගේ බසින් කියන්නේ නම් හිසක් නැති කවන්ධයක් අපට හමුවේ. සිංහලත්වය දේශීයත්වය රැුක ගත යුත්තේ එයට හිමි අනුශාංගික කාරණාද ඇතුලත් වන ලෙසය. බුදු දහමේ සාරාර්ථයන් විනාශ කරගත් අද දවසේ භික්ෂූන් තමන් හැඳි සිවුර බුද්ධාගම ලෙස සිතන ලෙස බෞද්ධයන්ට බලකරයි. ජාතියක් සමලංකෘත වන්නාවූ භාෂාව ඇතුළු අනෙකුත් වටිනා දේවල් අහිමි උප්පැන්නයේ ‘සිංහල’ යයි නම් ලද්දාවුන්ගෙන් සමන්විත මිනිස් සමූහය සිංහලයන් ලෙස සලකන්නට අපට බලකරයි.
ලංකාවේ එෆ්එම් නාලිකා රූපවාහිනි නාලිකා පැය 24 මුළුල්ලේම සිතා මතා විනාශ කරන සිංහල භාෂාවට එසේ නොකරන්නැයි ඉල්ලා සිටින සංවිධානය වන එකදු දේශපාලකයකු, එකදු ජාති මාමකයෙකු, සිංහලයන් අතර නැත. එසේ කරන්නේ මනෝ වැනි අතළොස්සක් කලාකාරයන් වියතුන් කිහිප දෙනෙකු පමණකි.
මනෝ ගේ රංග වේදය වසර පනහක් පමණ තිස්සේ අඛණ්ඩව ගලා ගිය, රටක සංස්කෘතික ජීවිතය චමත්කාරයෙන් ඇළලූ, මාහැඟි කි‍්‍රයාවලියකි. රටක් ජාතියක් බැතිබර විය යුත්තේ එවන් උතුම් කි‍්‍රයාවලියක් හරහා ලංකා නාමය වර්ණවත් කළ උතුම් මිනිසුන්ටය. මීට අවුරුදු පණහකට සියයකට පමණ පසුව අපගේ මුණුපුරු මිණිපිරියන් විසින් ලංකාවේ ඉතිහාසය සමරන විට ඔවුන්ට ඇස ගැසෙන එක පරිච්ෙඡ්දයක් මනෝ ගැන වීම නොවැළැක්විය හැකි ය. ඒ ඉතිහාස කාර්ය භාරය මැනවින් ඉටු කිරීම මගින්, අනෙක් ජාතිකත්වයන්ට අශෝභන ලෙස අභියෝග කරන, ඊනියා දේශපේ‍්‍රමීන්ට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින දේශපේ‍්‍රමියෙකු ලෙස මනෝ ගැන කියවෙනු ඇත.

හැත්තෑව දශකයෙන් පසුව ලංකාවේ ජන ජීවිතය අලකලංචි ගණනාවකට මුහුණ දුන් අවාසනාවන්ත දේශයක් විය. උගතුන් බුද්ධිමතුන් රට හැර යන්නට පටන් ගත්තේය. මිනී මැරීම්, එකිනෙකා කා කොටා ගැනීම් දිරි ගන්වන සුළු පරිසරයක් නිර්මාණය විය. 1983 සිට තිස් අවුරුදු යුද්ධයක් අඛණ්ඩව සමාජ ජීවිතය දුක්ඛදායී ලෙස හකුළුවා ලූවේය. මේ සියලූ සමාජ විපත් ශී‍්‍ර ලංකාවේ කලාවේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපෑවේය. හැත්තෑව දශකයේ මුල් භාගයේදී සිංහල සිනමාව අත්පත් කර ගනිමින් සිටි වර්ධනයන් සුන්නද්¥ලි කිරීමට මේ සමාජ විපත් සමත් විය. වේදිකාව මත තිබුණු ජන ආකර්ෂණය ක‍්‍රමයෙන් අහෝසි විය. රංග ශාලා වැසී ගියේය. ඇතැම් රංග ශාලා පැවතුණේ ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවලට, රූපලාවන්‍ය ප‍්‍රදර්ශන වලට පමණි. එහෙත් මේ දුර්භාග්‍ය සම්පන්න සමයේත් වේදිකාව අත නොහැර ගිය රංගවේදියා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. සැබැවින්ම මුළුමනින්ම සිංහල නාට්‍ය විනාශවන්නට ඉඩ නොදී රැුකුණේ ඔහු ඇතුළු පළමු පෙලේ කලාකරුවන් කිහිප දෙනෙක් මේ සිංහල වේදිකාව මත්තේ රැුඳී සිටිය නිසා විය හැකිය.
මීට වසර දෙක තුනකට පමණ පෙර මනෝරත්නයන්ගේ ‘බූරුවා මහත්තයා’ නාට්‍ය නැරඹීමට මම කොළඹ නව නගර ශාලාවට ගියෙමි. නාට්‍ය විවේකයේදී මා නේපත්‍යාගාරය වෙත ගියේ මනෝ හමුවීම පිණිසය. ඉතා අපිරිසිදු පරිසරයක අනෙකුත් නළු නිළියන් පිරිවරා මාළු පාන් ගෙඩියක් බුදින මනෝ මම එහිදී දුටුවෙමි. පනස් වසරක් සිංහල රංගනය පෝෂණය කළ, අද ජීවත්වන ඉහළම රංගවේදියා හමුවිය යුත්තේ මීට වඩා ගෞරවාන්විත තැනෙක බව දක්වමින් මගේ සිත කළබල කළේය. දේශපාලන රැුස්වීම් වැනි වැඩ කටයුතු සඳහා තැනුණු ශාලාවක මනෝ වැනි මහා රංගවේදියකු ගේ නාටකයක් ප‍්‍රදර්ශනය වීමම සිංහල නාටකය වෙත ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල පෙන්නුම් කරයි. ඊට පයින් යන දුරක නෙළුම් පොකුණ නම් වූ උචිත රංග ශාලාව හිස්ව පැවතුණි. හිතක් පපුවක් නැති එහි මිළ ගණන් මනෝ වැනි කැපවුණු රංගවේදීන්ගේ නිර්මාණවලට පාර වසා ඇත.

මනෝ මෙවර කැනඩාවට එන්නේ පස්වන හෝ හයවන වතාවටය. මනෝ එන බව ආරංචියට ඔහුගේ කලා කෞශල්‍යය නැරඹීමට හුරු පුරුදු වූ රසික ජනතාවක් මෙහි වෙසෙති. ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ප‍්‍රංශය, මැද පෙරදිග ආදි විවිධ දේශදේශාන්තරයන්හි ද ඔහු බොහෝ වාරයක් ගොස් ඇත්තේ මේ රසික ජන ප‍්‍රසාදය නිසාමය.
අල්ප පුරිස් ප‍්‍රඟුලන් දේශපාලනයේද, ශාස්තී‍්‍රය ලෝකයේද, කලාවේද නිමග්නව ඔවුන් කරන කියන දෑ මහා දේවල් ලෙස පිළි ගන්නැයි බල කරන රටක ආචාර්ය ජයලත් මනෝරත්න යනු දැවැන්තයෙකි. පුද ලැබිය යුතු මහා මිනිසෙකි. උත්සාහයෙන් ශාස්ත‍්‍ර ලෝකය දිනූ පැනසරු වියතෙකි. නිසඟ කලා හැකියාවෙන් සමන්විත දුලභ මානව සම්පතකි. හිතවතෙකි. ගරු කටයුතු මිනිසෙකි. සරල බවේ චමත්කාරය ජීවමාන කරන්නෙකි.
ආචාර්ය ජයලත් මනොරත්නයෙනි
ඔබට දිගාසිරි

මනෝ කිහිප විටක් සිඩ්නි නගරයට පැමිණ තියෙනවා. වසර 2007 දී අපි ඔහුගේ මකරා නිෂ්පාදනය සිඩ්නිවලට ගේන්නට සැළසුම් කළා. මා ඊට මාස කිහිපයකට කලින් ලංකාවේ නිවාඩුවට ගිය විට ඔහු ගේ නිවසට ගොස් සම්මුඛ සාකච්ඡාවක් කළත්, ඒ නාට්‍ය ව්‍යාපෘතිය ඉදිරියට නොයෑම නිසා සාකච්ඡාවෙන් ලිපියක් ලියවුනේ නෑ.
ReplyDeleteසොඳුරු මිනිසෙක්.
මා ඔහු රඟ පෑ සුදු රෙදි හොරු නාට්‍යය ලංකාවේ දී නැරඹුවා 2008 දී පමණ.
මිනිසෙකුගේ සුන්දරත්වය හුවාදැක්වෙන අවස්ථා අතරින් එක් අවස්ථාවක් වන්නේ ඔහු කෙතරම් අන්අය වෙනුවෙන් සැබෑවටම කැපවී ඇතිදැයි නිර්ව්‍යාජව අපට දැකගතහැකි වන ඉතාමත් දුර්ලභ මොහොතයි. පසුගියදා ඔහු "ආපසු හන්තානට - 2016" සංදර්ශනයේ එක් මොහොතකදී මෙම අවස්ථාව මතුකළා, ඔහුගේ "සුදු නෙළුම කෝ" ඉදිරිපත් කිරීම තුලින්. පැලැස්තරවාදී විසදුම් මගින් සදාකාලික නිවණට මග සොයන විදේශගත ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ට, ඔහු පෞද්ගලිකව සිදුකල පැලැස්තරයක් ගැසීම (සිසුවකුට උනන්දු කරවීම සහ ආධාර කිරීම)පිළිබඳව පැවසීම සහ ඒ සඳහා උනන්දුවක් ප්‍රේක්‍ෂකයන් තුල ඇති කිරීමට යත්න දෑරීම ඒ අවස්ථාවයි. සංවිධාන වශයෙන් ලොකු සදාකාලික විසදුම් සොයද්දී, අසංවිධානාත්මකව කලහැකිදේ තම හිතට එකගව ඉදිරිපත් කිරීමට සංවිධානයක වේදිකාවේදී ඉදිරියට පැනීම කොතරම් සුන්දරද? මමත්වයෙන් මත්වූ තමාගේ අනාගත සුබසිද්ධිය ගැන පමණක් සිතන කලාකරුවන් මෙවැන්නක් කිරීමට පෙර යලිත් වරක් සිතනු නොඅනුමානය.
ReplyDeleteMessage to the Sri Lankans Living in Canada
ReplyDeletehttp://trueeyeinthesky.blogspot.ca/2016/03/wasantha-abeysiri-realtor-living-in.html