Sunday, 12 April 2015

ආචාර්ය පේ‍්‍රමදාස උඩගම: අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා නව මානයක් දීමට තැත්කළ වියතෙක්



             ආත්මාර්ථය වෙනුවට පරාර්ථය සිය ආත්මයේ කොටසක් කරගත් වියතුන්ගෙන් එකළ විශ්ව විද්‍යාල පිරී පැවතුනි. අද දක්වා මෙම ආයතන විශ්ව විද්‍යාල නාමයෙන් පවතින්නේ එකී වියතුන්ගේ බුද්ධිමය ශ‍්‍රමයේ දායකත්වයෙනි. විශ්වවිද්‍යාලයක ස්වර්ණමය අවධිය යනුවෙන් හැඳින්වෙන්නේ ගොඩ නැගිලි හා උපකරණවලින් ආඩ්‍ය වීම නොව මෙවැනි වියතුන්  ගෙන් විශ්වවිදයාල පිරී පැවතීමයි. එ් ස්වර්ණමය අවධීන්ට දායක වූ විද්වතුන් වයස්ගත වීම නිසාම එම ආයතනවල බුද්ධිමය සම්ප‍්‍රදායයන් අභාවයට යමින් පවතී. ආචාර්ය පේ‍්‍රමදාස උඩගම වනාහි එලෙස පේරාදෙණි විශ්ව විද්‍යාලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේත් ශාස්ත‍්‍ර දානය ලබා දුන් වියතෙකු පමණක් නොව ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරගෙන් පසුව පොදු මහජනයාගේ දරුවන් ඉලක්ක කොට අධ්‍යාපන පරිවර්තනයට දායක වූ මහා වියතාය. එතුමන්ද සිය ජීවන චාරිකාවේ 94 වසර සපුරද්දී පසුගියදා අභාවප‍්‍රාප්ත විය.
          පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි 1970 දී පමණ එවකට බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් හා ලේකම් ධුරය බාරගන්නා ලෙස ආචාර්ය පේ‍්‍රමදාස උඩගමයන්ට ආරාධනා කරන ලදි. එ් අනුව විශ්වවිද්‍යාල ආචාර්ය පදවියෙන් ඉවත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය.
           මහනුවර මැනික්හින්නේ උපත ලද ආචාර්ය උඩගම ගමේ පාසලෙන්ද අනතුරුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එතුමාගේ වැඩිමල් සොහොයුරා වූ යූ.පී.වයි. ජිනදාස මහතා දීර්ඝ කාලයක් මහනුවර දිස්ති‍්‍රක්කයේ කුණ්ඩසාල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරයා විය. ශී‍්‍ර ලංකාවේ ගැමි ජනයා අතර දේශපාලනය කිරීමේ වෘත්තාන්තගත චරිතයක් වූ ජිනදාස මහතාගේ ආභාෂයත්, සිය ගැමි ජීවිතයෙන් ලද අවබෝධයත් සමග එකල සමගි රජයේ දිසානතිය හඳුනා ගැනීමට එතුමන්ට පහසු විය. අවසාන ප‍්‍රතිඵල කවරක් වුවද එකල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උඩගම මහතා මූලිකත්වය සපයමින් සිදු වූ පෙරළිය දුගී ජනයා ඉලක්ක කරමින් විමුක්තිවාදී  දැක්මකින් සිදු වූවකි. එවැනි සමාජ ඉලක්කයන් ඇතිව නිදහස් අධ්‍යාපන පනත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ඉදිරිපත් කළාට පසුවත්, අවසන් වරටත් , අධ්‍යාපන කි‍්‍රයාවලිය සකස් කෙරුණේ උඩගම මහතාගේ මූලිකත්වයෙනි. එවකට සමගි පෙරමුණු රජයේ දර්ශනයට එම ඉලක්කයන් යම් තරමකට අනුකූලද විය. එතුමා පසු කලෙක අප සමග කීවේ තමා දායකත්වය සැපයූ එකී ප‍්‍රතිසංස්කරණ සමාජ සාධාරණත්වයක් සඳහා පදනම් විය හැකි යයි සිතූ බවයි. එවකට සිටි අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත්, අල්හාජ් බද්යුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමතිතුමාත් ,එවකට පැවති රජයනුත්, මෙකී  ප‍්‍රතිසංස්කරණ උදෙසා සහය ලබාදුන් බව ඊට වසර පහළොවකට පමණ පසු ආචාර්ය උඩගම අප සමග පැවසීය.
           1977 දී සිය ලේකම් ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් ටික කලකට පසු පීජී ¥පත්හි අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කටයුතුවලට සහභාගි විය. විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් සමූ ගැනීමත් සමග අධ්‍යාපනඥයකු ලෙස ලොව පුරා අධ්‍යාපන ක‍්‍රමවේදයන් හැදෑරීමට එතුමන් උත්සුක විය. විශේෂයෙන් ප‍්‍රගතිශීලී අධ්‍යාපනය :ඡුරදටරුිිසඩැ ෑාමජ්එසදබ* කවරාකාරද යන්නත්, දරුවකු ලබා ගන්නා අධ්‍යාපනය රටේ සංවර්ධනයට නැවත දායක කරගන්නා ආකාරයත් පිළිබඳ අවබෝධ කර ගැනීමට එතුමා බොහෝ සේ උනන්දු විය.
         නිදහස් අධ්‍යාපන පිළිවෙත 1945 සී.ඩබ්. කන්නන්ගර මහතා විසින් ප‍්‍රතිෂ්ඨාපනය කළත් පාලන බලය ගත් වැඩවසම් පාලකයන් එය පූර්ණ යථාර්ථයක් කර ගැනීමට ඉඩ නොදුන්නේය. අධ්‍යාපනයෙහි වූ පංති භේදය එ් සඳහා ප‍්‍රධාන බාධාව වන බවද ආචාර්ය උඩුගම දුටුවේය.  එහෙයින් දිවා ? වෙහෙසෙමින් දහස් සංඛ්‍යාත ගුරුවරුන් බඳවා ගනිමින් එකී ගුරුවරුන්ගෙන් ඉලක්ක සපුරා ගැනීම උදෙසා මනාව පුරුදු පුහුණු කරමින් එතුමන් කටයුතු කළේය. අධ්‍යාපනය තුළින් දරුවන් පූර්ණ සහනදායි සමාජයක් ඉදිකිරීමේ කොටස්කරුවෙකු කළ යුතු බව ඔහු විශ්වාස කළේය.
         1989ට පසු කාලයක එතුමා සිය විදේශයන්හි කළ සේවයන් නිමවා ලංකාවට පැමිණි අතර ඊට පසුව ටික කාලයක් මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස එහි පර්යේෂණ කි‍්‍රයාවලියට සම්බන්ධ වූයේය. මට එතුමා පළමුවරට හමුවන්නේ එහිදීය. මාර්ග ආයතනය ප‍්‍රකාශයට පත් කළ මාර්ග සඟරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස මා සේවය කරද්දී එතුමා සමග ආචාර්ය ගාමිණී කොරයා, ගොඞ්පි‍්‍ර ගුණතිලක ආදි විද්වතුන් පිරිසක් එම සඟරාවේ  උපදේශක මණ්ඩලයේ සේවය කළේ ය. මාර්ග ආයතනයේ එදා තිබුණු නිදහස් වෘත්තීය පරිසරය තුළ අපට බොහෝ විෂයයන් පිළිබඳව නිදහස්ව අදහස් හුවමාරු කර ගත හැකි විය. යොවුන් සමාජ කි‍්‍රයාකාරීන් වූ අපට එතුමාගේ  දීර්ඝ වෘත්තික ජීවිතයේ ලද අත්දැකීම්  නොමසුරුව ලබා දුන් අතර ඒ දැනුම හා උපදෙස් පසුකාලීනව බොහෝ සේ අපට වැදගත් විය.
        ආචාර්ය උඩගම වනාහි ජාතික දර්ශනයකින් සමන්විත දේශපාලන නැඹුරුවක් තිබූ විද්වතෙකි. 1977 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වූ එළඹුණු මැතිවරණයේදී සේරුවල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ බිමට බටහ. පසුකාලීනව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලී නැඹුරුව ලෙස ු ශී‍්‍ර ලංකා මහජන පක්ෂය නිර්මාණය කිරීම සඳහා  ටි.බී. ඉලංගරත්න, විජයකුමාරතුංග, වී.ඩබ්. කුලරත්න ආදීන් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්විය.  ඉනික්බිති තවත් නොබෝ කලකින් මහජන පක්ෂයේ කි‍්‍රයාකාරිත්වයෙන් ද ඉවත් වූ ආචාර්ය උඩගම ශූරීන් යළි කිසිදු දිනෙක කි‍්‍රයාකාරී දේශපාලනයට පැමිණියේ නැත.
          ඔහු සමග එක්ව වැඩ කළ සමයේ ඔහුගේ උදාරතර ගතිගුණ සමීපව අවබෝධ කර ගැනීමට අපට හැකි විය. එකළ නව සමසමාජ පක්ෂයේ කි‍්‍රයාධරයෙකු වූ ගාමිණී කුමානායකත්, ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාධරයෙකු වූ විජේරත්නත්, නිදහස් මතධාරියකු වූ පසුකාලීන මහත් ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදියකු වූ ජේ. තිස්සනායගම් හා මා මාර්ග ආයතනයේ ඔහුගේ සමීපතම හිතවතුන් වූහ. ඔහු කවදාවත් අපගේ එකිනෙකට පරස්පර දේශපාලන කලාපයන් විවේචනය නොකළේය. දාර්ශනිකවම  ජාතිකවාදී දේශපාලනය අගය කළ නමුත් එතුමාගේ එකී දර්ශනය විවේචනය කිරීමට අපිද පසුබට වීමු.
        පසුකාලීනව එතුමන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් කෙරිණි. එසමයෙහි ද එතුමා සමග වැඩ කිරීමට අපට හැකි විය. එකල ඔහු අප සමග පැවසුවේ තමාගේ අධ්‍යාපනය පිළිබඳ දර්ශනය කි‍්‍රයාත්මක කිරීමට එයද සුදුසු තැනක් නොවන බවයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආචාර්ය උඩගම ශූරීන් පේරාදෙණිය විශ්වවිදයාලයේ කුලපතිවරයා වශයෙන් ද සේවාවක යෙදුණි.
      
       අප කවරාකාරයෙන් අගය කළත් පේ‍්‍රමදාස උඩගම ශූරින්ගේ අධ්‍යාපන ක‍්‍රමවේදය විවාදපන්නය. එ් ගැන ගැඹුරින් කතා කිරීමේ නිපුණතාවයක් මට නොමැති නිසා මම නිහඬ වෙමි. එහෙත් මා දැක ඇති එක දෙයක් තිබේ. එතුමා සමග ගිය ගමන් බිමන්වලදී හමු වූ උදවියත් එතුමා ගැන නාමමාති‍්‍රකව ඇසූ විටත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වුවන්ගෙන් ලැබුණු ගෞරවය  තවත් රාජ්‍ය සේවකයකු අරබයා ලැබෙනු මා දැක නැත.
දර්ශනයක් සහිතව රාජකාරිය මෙහෙයැවීමත් අවංක බවත්, කැපවීමත් සහිත උසස් නිලධාරීන් අද නැතිම තරම්ය. ආචාර්ය උඩගමයන්ගේ සකි‍්‍රය ජීවිතය තුළ මේ ගුණාංග නොඅඩුව තිබුණි. සපිරි වූ බුද්ධියක් සහිත එතුමා එපමණටම නිහතමානිද විය. දිදුලන ඒ ගුණයට දහස්් ගණන් වෘත්තිකයෝ එපමණටම එතුමන්ට ගෞරවාචාර දැක්වූහ.
චන්ද්‍රරත්න බණ්ඩාර

5 comments:

  1. වැදගත් පුද්ගල චරිතයක් ගැන නොදන්න දේවල් දැනගත්තා.... තුති

    ReplyDelete
  2. උඩගම මහත්මයගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සෘජුවම මුහුණ දුන්නු ශිෂ්‍යයෙක් හැටියට මට කියන්න තියෙන්නෙ ඒ ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක වුනා නම් රටට ලොකු යහපතක් වෙන්න තිබුනා කියන එකයි. අලුතෙන් හඳුන්වාදුන් විෂයයන් ඇත්තටම සිසු පරපුරකටම නව දැනුමක් ලබාගැනීමට මංපෙත් විවරකලා කිව්වොත් ඒ නිවැරදියි.

    ReplyDelete
  3. උඩුගම මහහා විශිෂ්ඨ අධ්‍යාපනඥයෙකු බව අවිවාදිතයි. එහෙත් එතුමා විසින් ඉතිහාසය පාසැල් විශය මාලාවෙන් ඉවත් කිරීමෙන් කළ වරද හරියටම කිරි කලයක් දොවා ඒකට ගොම බින්දුවක් මුසු කිරීම හා සමානයි.. පාසලෙන් නිවැරදි ඉතිහාසය ඉගෙන නොගත් අය අද කරන විකාර දෙස බලන විට මේ හැඟීම තවත් තීව්‍ර වෙනවා.

    සමරසේකර

    ReplyDelete
  4. උඩගම තරම් විද්‍යා අද්‍යාපනයට කෙල වූ කිසිම කෙනෙක් නැහැ . ප්‍රයෝගික පරීක්ෂණ විබාග විද්‍යා උසස් පෙලෙන් ඉවත් කරේ මෙයා . හේතුව නම් ඔහුගේ අසලවැසිය වන රසායන මහාචාර්ය වරයා එක වසරක ප්‍රායෝගික විබාග වලින් ශීතකරණයක් මිලට ගැනීම නිසා හටගත් ඉරිසියාව. මේ සිද්දිය පේරාදෙණියේ පුස්තකාලය ඉදිරීපිටදී වෙනත් කෙනෙක් එක්ක කියනවා මගේ කනට ඇහිලා තියෙනෙවා . මේකෙන් වුනේ ආසියාවේ කිසිම රටක් නැති විද්‍යා අද්යාපන ක්‍රමයක් මෙරටේ බිහි වීම යි . ලියන විබගයකින් පමණක් විද්‍යා විෂය පාස් වෙන්න පුළුවන් එකම රට ලංකාව උනේ මේ උඩගමට පිං සිද්ද වෙන්න. මේකෙන් සිදුවෙච්ච විනාසය අති මහත්ය

    ReplyDelete
  5. මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාසයන් සමග මා මෑතකදී කළ සංවාදයකදී එතුමා ද මහාචාර්ය උඩගමගේ අධ්‍යාපන වැඩපිළිවෙළ දැඩි සේ විවේචනය කළේය.

    "මේ වෙනකොට බලයෙ හිටියෙ හැත්තෑවෙ ආපු මැතිණිගෙ සමගි පෙරමුණ ආණ්ඩුව. ශිෂ්‍ය අරගලවලට එරෙහිව ආණ්ඩුව විශාල මර්දනකාරී වැඩ පිළිවෙළක් ගෙනගියා. විශ්වවිද්‍යාල දින නියමයක් නැතිව වහල දැම්මා. මේගොල්ල ගෙනගිය එක සංකල්පයක් තමයි රටේ ආර්ථිකය මධ්‍යගත කරන්න ඕනෙ කියලා. ආර්ථිකය විතරක් නෙමෙයි අනික් හැමදේමත් මධ්‍යගතව පාලනය කරන ප‍්‍රතිපත්තියකයි ඔවුන් හිටියේ.
    මේ අතර හැත්තෑ දෙකේදි ආණ්ඩුව ආචාර්ය ඔස්මන් ජයරත්න යටතේ විශ්වවිද්‍යාල ප‍්‍රතිසංවිධානය කියලා කමිටුවක් පත් කළා. ඒ වාර්තාවෙන් කීවෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ඔක්කොම එකතැනකින් පාලනය කරන්න ඕනෙ කියලා. විශ්වවිද්‍යාලවල තිබ්බ අනන්‍යතා හා ස්වාධීනත්වය ඒතනදි සැලකුණේ නෑ. ඒකට අනුව කොළඹ වෝඞ් ප්ලේ්ස් එකේ ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රධාන කාර්යාලය පිහිටෙව්වා. ඒ වෙනකම් ස්වාධීන විශ්වවිද්‍යාල විදිහට තිබ්බ විශ්වවිද්‍යාල පේරාදෙණිය මණ්ඩපය, කොළඹ මණ්ඩපය, විදේ‍යා්දය මණ්ඩපය, විද්‍යාලංකාර මණ්ඩපය ආදී ලෙස ප‍්‍රධාන කාර්යාලයෙන් පාලනය වුණා. විදේ‍යා්දය මණ්ඩපය ඒ කාලෙ තිබ්බේ ජනතා විමුක්තිපෙරමුණේ අය හිරකරලා තියෙන හිරක`දවුරක් විදිහට.
    මේ ප‍්‍රතිපත්තියේ නරකම දේ තමයි, පාලි, සිංහල, සංස්කෘත, බෞද්ධ අධ්‍යනය ආදී විෂ්‍යයන් ආර්ථික සංවර්ධනය ස`දහා දායක වෙන්නෙ නැති විෂයයන් විදිහට හ`දුන්නලා ඒවා ඉගනගැනීම සම්පූර්ණයෙන් අධෛර්යමත් කරපු එක. ඒ විතරක් නෙමෙයි මේ විෂ්‍යයන් කරන අයට රජයේ රැුකියා ලැබේවි කියා ස්ථිර නැත ආදී දේ ස`දහන් චක‍්‍රලේඛයක් පවා ආවා. කළිං අවුරුද්දේ කලාගාරයේ ඉ`දන් පළවෙනි වසර ශිෂ්‍යයින් හාරසිය ගාණකට දේශන තියපු මට, විශ්වවිද්‍යාල ප‍්‍රතිසංවිධානයේ ප‍්‍රතිඵල විදිහට ඒ අවුරුද්දෙ උගන්නන්න උණ ළමයි සංඛ්‍යාව දහතුනකට බැහැලා තිබ්බා"

    "ඉතිහාසය වගේ ඒවා පාසැල් විෂයෙන් අයින් කළෙත් සමගි පෙරමුණ ආණ්ඩුව. අපේ කාලේ අපි වෙනම ඉගනගත් ඉතිහාසය වෙනුවට ආර්ථි’ක විද්‍යා කෑල්ලයි, ඉතිහාස කෑල්ලයි, දේශපලන විද්‍යා කෑල්ලයි වගේ හැමදේම කෑල්ල කෑල්ල තිබ්බ සමාජ අධ්‍යනය කියලා එකක් දැම්මේ ඒ අය"

    ReplyDelete