Wednesday, 12 November 2025

රාහුල් සාංකෘත්‍යායන- වොල්ගා සිට ගංගා තෙක්.....

 

පරිවර්තනය- මහින්ද සෙනරත් ගමගේ

''මේ ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු - යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන , පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.''

       -කෘතියේ පසුවදන.

රාහුල් සාංකෘත්‍යායනගේ From Volga to Ganga කෘතිය මහින්ද සෙනරත් ගමගේ විසින් 'වොල්ගා සිට ගංගා තෙක් ' නමින් සිංහලට පරිවර්තනය කර ඇත. මෙය මානව වංශ විද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රබන්ධයකි. මෙම කෘතිය ප්‍රබන්ධයක් වුවත් දැවැන්ත ගවේශණයක් ඊට පිටුබලව තිබේ. මෙම කතුවරයා, මහත් දුෂ්කරතා විඳිමින් ගවේශකයෙකු ලෙස අරමුණක් සහිතව නිශ්චිත බිම් පෙදෙස්හි සංචාරය කර ඇත. 

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ 'බුද්ධ චරිතය' කෘතියෙන් බුදු දහමේ ප්‍රභවය පිළිබඳ සාරගර්භ තොරතුරු ඇතුළත් වූවා සේ, මෙම කෘතිය රචනා කර ඇත්තේ, ජාතීන්ගේ විකාශනය, දේශපාලන දෘෂ්ටියකින්- විශේෂයෙන් විමුක්ති දර්ශනයකින්- සන්නද්ධවය. ශිෂ්ඨාචාරගත නොවූ ආදි මිනිසා, ලිංගිකත්වය ඇතුළු මිනිස් අවශ්‍යතා සපයා ගත් ආකාරය මෙහි දැක්වේ. අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තරඟය නිර්මාණය වූ ආකාරයත් එයට මුහුණදීමේදී වාර්ගිකත්වය ගොඩනැඟුණු ආකාරයත් ගැන කතුවරයාගේ මතවාදය විමසීම වටී. 

සැබැවින්ම, ජාතිවාදයට, පූජක ත්‍රස්තවාදයට, ආගම ජීවන මාර්ගයක් කරගැනීමේ විකාශය අපට වටහා දෙන සාංකෘතයාන හින්දු - බ්‍රාහ්මණ පසුබිමක එහි ආතතිය විඳ දරාගෙන එහි පීඩක   බලය තාර්කිකව අපට වටහා දේ.

'වොල්ගා සිට ගංගා තෙක්' කෘතිය වත්මන් සමාජ හා දේශපාලන සාකච්ඡාවට උපයෝගී කරගත හැකි කෘතියකි.





No comments:

Post a Comment