ප්‍රකට කොලොම්බියානු ලේඛක නොබෙල් ත්‍යාගලාභී ගේබ්රියෙල් ගාර්ෂියා මාකේස් විසින් රචිත සුප්‍රසිද්ධ නවකතාව වන ”One Hundred Years of Solitude'' හි සිනමා අනුවර්තනය Netflix හි මේ දිනවල ප්‍රදර්ශනයට නිකුත්කර ඇත. මෙම Netflix මාලා චිත්‍රපටය ගැන, බොගෝටාවේ (කොලොම්බියාවේ අගනුවර) ප්‍රකාශයට පත්කෙරෙන දිනපතා පුවත්පතක් වන El Espectador හි සිනමා විචාරක ගොන්සාලෝ මල්ලරිනෝ ෆ්ලෝරෙස්ව (Gonzalo Mallarino Flores) තමා ඉන් ලැබූ ආශ්වාදය සමාලෝචනය කර තිබුණි. මෙම ලිපිය එහි ඉංග්‍රිසි පරිවර්තනය ඇසුරෙන් සකස් කරන ලද්දකි.
අපේ නවකතාකරුවන්ගෙන් (කොලොම්බියානු) ශ්‍රේෂ්ඨතමයා වන නොබෙල් ත්‍යාගලාභී ගේබි්‍රයෙල් ගාර්ෂියා මාකේස් විසින් රචිත ශ්‍රේෂ්ඨ නවකතාව වන ”One Hundred Years of Solitude'' Netflix හි අනුවර්තනය මම නරඹමින් සිටිමි. එය මට අමන්දානන්දය ගෙන දෙන නැරඹීමකි.
කෘතිය සඳහා පසුබිම් වන ප්‍රබන්ධ නගරය සහ පසුබිම වන මැකොන්ඩෝ, පසුගිය වසර 50 තුළ නවකතාව විසින් මගේ මනසෙහි ගොඩනගා තිබූ නගරය ම විය. හෝසේ ආර්කාඩියෝ (José Arcadio) (ප්‍රජාවේ නිර්මාතෘ) මගේ මනසේ සිටි හෝසේ ආර්කාඩියෝ ම ය, උර්සුලා (Úrsula) (ඔහුගේ බිරිඳ) උර්සුලා ම ය. ඔවුන්ගේ දරුවන් මට මතක ඇති පරිදි පිලාර් ටර්නෙරා සහ මෙල්කියඩ්ස් ද එසේමය. මම මුලින්ම පොත කියවූ දා සිට ගෙවී ගිය අඩ සියවස තුළ ඔවුන් කතාබහ කරන ආකාරය මගේ මනසෙහි රැව් දුන් ආකාරයටම ඔවුන් සියල්ලෝම කතාබහ කරති.
මැකොන්ඩෝහි ආලෝකය මා සිතූ පරිදිම විය. ගස් වැල්, සුළඟ, වැසි වනාන්තරය, වගුරු බිම සහ මුහුද, ඒ සියල්ල නවකතාව විසින් මගේ මනසෙහි මැවූ ආකාරයටම විය. මෙය ඇත්ත වශයෙන්ම, මා කියවා ඇති පරිච්ඡේදවල දෘශ්‍ය පුනරාවර්තනයක් ම ය. ඒවා සියල්ල මට ඉතා සමීපය. මෙම සිනමා නිර්මාණයේ සෑම දෙයකින්ම ඉතා සියුම් ලෙස කොලොම්බියානු බව වෑහෙන නමුත් ඒ සියල්ල විශ්වීය බවට පත්කොට තිබේ. ලෝකයේ ඕනෑම තැනක මේ සියල්ල තිබෙන්නට හා වෙන්නට පුළුවන.
එබැවින් චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන ලෝරා මෝරා සහ ඇලෙක්ස් ගාර්ෂියා ලෝපෙස්, නවකතාව පිළිබඳ මගේ දෘෂ්ටිය සමාන්තරව බෙදා ගනී. එය කෘතිය ජීවිත කාලය පුරාම නැවත නැවත කියවීමක් බවට පත්කර තිබේ. සමහරු මා සමග එකඟ නොවිය හැකිය. එහෙත් අවම වශයෙන් ගාර්ෂියා මාර්කේස් ඔහුගේ නවකතාවේ මෙම සිනමා අනුවර්තනය සම්බන්ධයෙන් අතෘප්තියෙන් ඔහු නැවතත් මරණය තෝරා ගැනීම හෝ ආපසු සුසානය වෙත යාමට තීරණය නොකරන බව මට ඉඳුරා පැවසිය හැකිය. මෙම සිනමා අනුවර්තනය ගැන ඔහුට සතුටු විය හැකිය. ඔහුට සහනයක් විය හැකිය. ඒත් කවුද දන්නේ?

කාලානුරූපී සුන්දරත්වය නැවත පණ ගැන්වේ
වචනවලින් මුලින්ම ඇති වූ වර්ණවත්, ප්‍රබෝධමත් වාතාවරණය දැන් සිනමාත්මක හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයට හෝ නිරූපණය වේ. තවද එය මෙම ග්‍රහලෝකයේ තවත් බොහෝ ජනතාවකට, විශේෂයෙන් ළමයින්ට - පිරිමි ළමයින්ට සහ ගැහැණු ළමයින් - කරා පැතිර යනු ඇත. ඔවුන් දැන් මෙම අතිවිශිෂ්ට සුන්දරත්වයෙන් යුත් අපූරු ලෝකයට ඇතුළු වනු ඇත. ඔවුන් සියළු දෙනා නවකතාවේ සඳහන් එවැනි ලෝකයක් පවතින බව දැන සිටියේ නැත. දැන් එවන්නක් පවතින බව ඔවුන් දැන ගනු ඇත. ඔවුන්ගේ සංවේදීතාව ස්පර්ශ කිරීමට සහ ඔවුන්ගේ කුඩා හදවත් ස්පන්දනය කිරීමට මෙම සිනමා අනුවර්තනය සමත්වනු ඇත.

සමහර අනුස්මරණීය කලා කෘති ප්‍රතිනිර්මාණය කිරීම හෝ නැවත සකස් කිරීම හෝ අසාමාන්‍ය දෙයක් නොවේ.
”One Hundred Years of Solitude'' නවකතාව, ''The Odyssey" ''Don Quixote" ''Hamlet'' හෝ ''The Divine Comedy” වැනි ශ්‍රේෂ්ඨ කෘති සමඟ එක පෙලට ඇති බව මම තරයේ විශ්වාස කරමි. එය ස්පාඤ්ඤ භාෂාවේ නව්‍ය හා කාව්‍යමය භාවිතය වැනි වාචික සංරචකවලින් හා සංකේතාත්මක වචනවලින්, මිනිස් ස්වභාවයේ ස්වරූප ලෙස එහි නිර්මාණය කර ඇති තත්වයන්හි ගැඹුර සහ සිත් ඇදගන්නා සුන්දරත්වය අනෙකුත් ශ්‍රේෂ්ඨ කලාකෘති කිසිවකට වඩා අඩු නොවේ.
ආකර්ශණීය බව නැති හෝ අඩු නොකරගෙන, අනුස්මරණීය කලා කෘති ප්‍රතිනිර්මාණය කිරීම හෝ නැවත සකස් කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. එය සෑම පරම්පරාවකටම වරක් ඒවා අපගේ ජීවිත කරා නැවත ගෙන ඒමේ ක්‍රමයක් වන අතර, අපි දිනපතා කාලය හා මරණය සමඟ පොරබදන විට අපගේ ජීවිත සමඟ සැරිසැරීමට ඒවාට ඉඩ සලසයි.
ඇත්ත වශයෙන්ම, ඒවාට මරණය, අමතකවීම සහ නැතිවීයාම සමඟ වන අපගේ අරගලයේ දී අපට උපකාර කිරීමේ හැකියාව පවතී. ඒවා එවැනි අකාලික කෘතිවල ශ්‍රේෂ්ඨත්වය සිහිගන්වයි.

සිනමාවට කවිය මුනගැසෙයි.
”One Hundred Years of Solitude'' Netflix චිත්‍රපට මාලාව නරඹන අතරතුර, එක් කලා ආකෘතියක් ඉතාම සියුම් ලෙස තවත් කලා ආකෘතියකට පරිවර්තනය වන ආකාරයන් මට සිහිපත් විය. එයින් මා අදහස් කළේ ඉතාලි අධ්‍යක්ෂ පියර් පාවුලෝ පැසොලිනිගේ චිත්‍රපට ගැනයි. නෙට්ෆ්ලික්ස් හි ”One Hundred Years of Solitude''පැසොලිනිගේ නිර්මාණවලට වඩා තත්වයෙන් කිසිසේත්ම පහල නොවන බව මම නොබියව කියමි.
පැසොලිනිගේ The Decameron" the Gospel of Matthew" Oedipus Rex සහ ”One Hundred Years of Solitude'' හි කාව්‍යමය අනුවර්තනයන් ලෙස හොඳින් නැවත සංකල්ප ගතකර නිර්මාණය කර ඇත.
ඒ අගනා නිර්මාණ තුලින් විස්තර කළ නොහැකි තරම් ආලෝක ධාරාවන් විහිදෙන බවක් හෝ තේරුම් ගත නොහැකි අපූරු ගුණාංගයන් ඇති බව මට වැටහිණි. මා ඒවා නරඹන විට කුඩා දරුවෙකු මෙන් ඒවාට ආකර්ශණය විය. කාලය ගෙවී යාම පිළිබඳ හැඟීමක් නොවූ තරම්ය.
ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් සකස්කළේ ,
චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:
Post a Comment