දොර ජනෙල්
පියන් පත්
නිහඬව දරා හිඳී
මහ රහස්
උප්පැන්න අහිමි
ද්වාර මණ්ඩල
බොහෝ දුර විත්
නවාතැන් හැර
හිමින් අතගා බලන්න
මේ දොර ජනෙල්වල
ඈතට නොපෙනෙන
කඩතොලු
අපරැක්කේ සිරිධම්ම 2021.06.25
මෙම කෘතිය අශිෂ්ටත්වයේ හද කම්පා කරවන සංකේතීය ක්‍රියාදාමයක් පිළිබඳ සාමූහික විරෝධය දැක්වීමකි. ඒ සාමූහිකත්වය තුලට මා ද කැඳවා ගැනීම ගැන චන්ද්රජීවයන්ට මගේ ස්තුතිය මෙයින් පිරිනැමේ. ඒ එවැනි ඓතිහාසික කාර්යයකට අපට සම්බන්ධ වීමට අවස්තාවක් ලැබුණු නිසාය. යාපනයේ යුද අනාථයන්ගේ සාම්ප්‍රදායික නිවෙස්වලින් ඔවුනගේ ම සංස්කෘතික ආරක් සහිත දොරජනෙල් පියන්පත් ගලවාගෙන විත් නුගේගොඩ හා ප්‍රකට කලාගාරයක හා තවත් තැන්වලදීත් විශාල මිල ගණන්වලටත් අලෙවි කරන ජාවාරම ගැන පළමුවරට මා දැනගත්තේ චන්ද්රජීවයන්ගෙනි. ඔහු එය මට සැලකළ විධිමත් ආකාරයේ රිද්මය මට තවමත් මතකය. යුද්ධය ආරම්භ කළ දා සිටම සාමය පැත්තේ සිටගත් මට ඒ කුරිරු සිදුවීම් ජාලය මහත් සේ අනුවේදනීයව දැනුණි. මේ හිත්පිත් නැති කාර්යයන් මේ සියවසට හෝ ගෙවී ගිය සියවසේ තුන්වැනි කාර්තුවට අයත් නැතැයි මම සිතා සිටියෙමි. එහෙත් එය සිදුව තිබේ. මෙවන් කල් පවත්නා අපරාධ කර ඇත්තේ මුල් ඉන්දියානුවන්ට එරෙහිව බටහිර ජාතින්ය. එවැන්නක් මගේ රටේ සිදුවීම අපගේ රටේ ජාතියේ හා ආගමේ අවාසනාවයැයි මට සිතේ.
මෙම කෘතිය අශිෂ්ටත්වයේ හද කම්පා කරවන සංකේතීය ක්‍රියාදාමයක් පිළිබඳ සාමූහික විරෝධය දැක්වීමකි. ඒ සාමූහිකත්වය තුලට මා ද කැඳවා ගැනීම ගැන චන්ද්රජීවයන්ට මගේ ස්තුතිය මෙයින් පිරිනැමේ. ඒ එවැනි ඓතිහාසික කාර්යයකට අපට සම්බන්ධ වීමට අවස්තාවක් ලැබුණු නිසාය. යාපනයේ යුද අනාථයන්ගේ සාම්ප්‍රදායික නිවෙස්වලින් ඔවුනගේ ම සංස්කෘතික ආරක් සහිත දොර ජනෙල් පියන්පත් ගලවාගෙන විත් නුගේගොඩ හා ප්‍රකට කලාගාරයක එමෙන්ම තවත් තැන්වලදීත් විශාල මිල ගණන්වලටත් අලෙවි කරන ජාවාරම ගැන පළමුවරට මා දැනගත්තේ චන්ද්රජීවයන්ගෙනි. ඔහු එය මට සැලකළ විධිමත් ආකාරයේ රිද්මය මට තවමත් මතකය. යුද්ධය ආරම්භ කළ දා සිටම සාමය පැත්තේ සිටගත් මට ඒ කුරිරු සිදුවීම් ජාලය මහත් සේ අනුවේදනීයව දැනුණි. මේ හිත්පිත් නැති කාර්යයන් මේ සියවසට හෝ ගෙවී ගිය සියවසේ තුන්වැනි කාර්තුවට අයත් නැතැයි මම සිතා සිටියෙමි. එහෙත් එය සිදුව තිබේ. මෙවන් කල් පවත්නා අපරාධ කර ඇත්තේ මුල් ඉන්දියානුවන්ට එරෙහිව බටහිර ජාතින්ය. එවැන්නක් මගේ රටේ සිදුවීම අපගේ රටේ ජාතියේ හා ආගමේ අවාසනාවයැයි මට සිතේ.
'සුන්දරපුරම් ජනෙල් පියන්පත්' කෘතිය සම්පූර්ණ වර්ණයෙන් සැකසුණු සජීවී ඡායාරූප හා කවි එකතුවකින් සමන්විතය. කවීන් 86 දෙනෙකුගේ නිර්මාණ මෙහි ඇතුළත්ය.
'රූපයක් වචන දහසක් පවසයි
කවියක් රූප දහසක් මවයි.'
-අඥාතයි
යන මැයෙන් යුතුව චන්ද්‍රජීවයන් අඥාත කවියෙකුගේ පාඨයක් උපුටා දක්වමින් කෘතියේ කාව්‍ය, රූප හා ඉතිහාසය යළි ලියා තැබීමේ පෙරහැර පටන්ගනී.
එහි සමස්ත ඇතුළාන්තයම දනවන සංවේදනාවන් අපට දනවන හැඟීම් භාවනානුයෝගීව විමසීම අප කාටත් වැදගත්ය.'සුන්දරපුරම් ජනෙල් පියන්පත්' කෘතිය සම්පූර්ණ වර්ණයෙන් සැකසුණු සජීවී ඡායාරූප හා කවි එකතුවකින් සමන්විතය. කවීන් 86 දෙනෙකුගේ නිර්මාණ මෙහි ඇතුළත්ය.
'රූපයක් වචන දහසක් පවසයි
කවියක් රූප දහසක් මවයි.'
-අඥාතයි
යන මැයෙන් යුතුව චන්ද්‍රජීවයන් අඥාත කවියෙකුගේ පාඨයක් උපුටා දක්වමින් කෘතියේ කාව්‍ය, රූප හා ඉතිහාසය යළි ලියා තැබීමේ පෙරහැර පටන්ගනී.
මේ සා බරසාර වෑයමක් දැරීමට තිබූ ශක්තිය ගැන මම සරත් චන්ද්රජීවයන්ට ස්තුතිවන්ත වෙමි.
මෙම සටහන හා එහි ඇතුළත් මගේ කවිය කියවීමට Iranamvila blogspot වෙත පිවිසෙන්න.
No comments:
Post a Comment