Friday 22 September 2017

බිහිසුණු යුගයක බිහිදොර





       මහින්ද රාජපක්ෂගෙ කාලෙ ඔහුගේ රෙජීමය අහිමි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි දිනා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. හැට දෙලක්ෂයක් ජනතාව ඒ බලාපොරොත්තුව ඉෂ්ට කළා. බොහෝ අපි‍්‍රකානු හා ලතින් ඇමෙරිකානු රටවල වගේ  ඕනෑ දෙයක් වෙච්චදෙන් කියා ඔහේ ඉන්න ජනතාවක් නොව යම් විමුක්ති අවකාශයක් නඩත්තු කරන බහු ජනතාවක් ඉන්න බව එකී ජනතාව විසින් 2015 ජනවාරි 08 වනදා ඔප්පු කොට පෙන්නුවා.


       ඒත් ඔවුන් දහසක් බලාපොරොත්තු ඇතිව පත්කර ගත්ත ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය විහිලූවක් කරලා එය එපා කරවමින් ඉන්නෙ. ඒක ජනයාගෙ විමුක්ති බලාපොරොත්තු සුන් කරලා ‘කරුමෙ’ වගේ දේකට පසු බැස්ස වීමක් කියලා මට හිතෙන්නෙ.


        අද ශිෂ්‍යයො , වෘත්තිකයො සියල්ලෝම මහපාරේ. හොරු නිදැල්ලෙ හොරකම් කරනවා. පාලකයො අපට කියන්නෙ ඒක නිදහස කියලා. නෑ ඒක නිදහස නෙවේ. ඒකට කියන්නෙ වැරදි දේශපාලන කළමනාකරණයෙ ප‍්‍රථිපල කියලා. ඒත් එක්ක ලොකු දෙන්නම අපට නොකියා කියනවා ජනවාරි 8 බලාපොරොත්තු සියල්ල සිතින් ඉවත් කරගන්නා ලෙස.


          ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස අතීත  විශිෂ්ටයන්ගෙන් ලැබුණු උරුමයක් මිස අද දේශපාලනයෙ නියුතු අයගෙ ඒවා සිය න්‍යාය පත‍්‍රවල නෑ.

No comments:

Post a Comment