අද තෙක් ආවා මේ ගමන
ඔබ දුන් හයියෙන්.......
මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි
යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත
කදු වැටි සමතලා කොට
තනා දුන් නිවස
දොර ඇර තිබූ
සිංහ ගල්ලෙන
හිරු ඔබ විය සැරට පායන
එහෙයින් පිබිදුනි අප
කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ
රෑට ඔබ සදු විය
මහ සැඩ රශ්මිය පළවා හරින
ඝන සීතල වුව මුන නොගස්වන
රෝ දුකින් සිරුර පෙලනා නමුත්
සිහ රදෙකු සේ හැසිරිණි
මිනිස් වග වෙත වග ඵල නොකියන
මිනිස් වග වලසුන් අතර
හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ
සිහින් බද සහිත පහන් කනුවක් සේ
පාර පෙන්වීය
අප හැමෝටම
(අප්පච්චී මියගියේ අද වැනි ජූලි 24 වන දාකය.)
ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeletethanks
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදූ දරු ලැවුගිණි, බඩගිණි, නිවු වැඩවෙච්චී
ReplyDeleteමවු වරුනට ද ඉහලින් හිද කැපවෙච්චි
දෙවිවරු විලස මුලු දිවියම දියවෙච්චී
තව ටිකදොහිං බුදුවෙයි ඔබෙ අප්පච්චී!