Sunday 7 February 2016

ශුද්ධ වස්තු කෙලසීම

 
 
 
 

           කිෂානි ජයසිංහ නැමති ඔපෙරා ගායිකාව විසින් ඔපෙරා ශෛලියෙන් ගායනා කරන ලද ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ශුද්ධ වස්තු කෙලසීමකැයි සලකා ඇතැමුන් ඇයට බැල්ලියක ලෙස  ගර්හා කරයි. දෙරණ රූපවාහිනියේ පත්තර කියවන සංඛ අමරජිත් නැමැත්තා එලෙස සිය නාළිකාවෙන්ම පවසා ඇත. කිෂානි ජයසිංහ ගේ පුරුදු පුහුණු කළ ගායනා විලාසය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව මගේ විශ්වාසයයි. දන්නෝ බුදුන්ගේ ගී තනුවද බටහිර මෙලඩියක් වූ කලෙක එය එහි තනුව නොනසා වෙනත් ශෛලියකින් ගායන කිරීමේ වරද කුමක්ද?
         එක් දහස් නවසිය අසූ ගණන්වල පේ‍්‍රමසිරි කේමදාසයන් පිරිනිවන් මංගල්‍යය නැමති කැන්ටාටාව නිරමාණය කළේය. එහි අඩංගු ඊ.එ්. සේදරමන්ගේ පිරිනිවන් මංගල්‍යය නම් කාව්‍ය පෙළ ගායනා කළේ මෙම ඔපෙරා ශෛලියෙනි. එදා ඇතැම් සංගීතඥයෝ  කේමදාසයන් හැඳින්වූයේ ‘මියුසිකල් තග්’ කෙනෙකු ලෙසිනි. මහාචාර්ය සුනිල් ආරියරත්න පවා කේමදාස ශෛලියය ලංකාවේ පැල කළ නොහැකි  ඕක් ගසක් ලෙස දුටුවේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කේමදාස සම්ප‍්‍රදාය ලාංකික සම්භාව්‍ය සංගීතයේ වැදගත් පාර්ශවයක් නොවී ද?
     ලංකාවෙන් යුරෝපයට සංස්කෘතික චාරිකාවේ යෙදුණු පළමුවැන්නා දේවාර් සූරියසේනයන්ය. කොළඹ ඉහළ පැලැන්තික පවුලක ජේකබ් පීරිස් නමින් උපත ලද දේවාර් ස්වකීය වියදමෙන් ඉන්දියානු උත්තර භාරතීය සංගීතය හැදෑරීය. පෙරලා ලංකාවට පැමිණි ඔහු ගම් නියම් ගම් සැරි සරමින් ජන සංගීතයද, ජන නැටුම්ද පිළිබඳ ආශාවෙන් පර්යේෂණ කළේය. ඉංගී‍්‍රසි කතාකරන පැලැන්තියක ජීවත් වූ ඔහුගේ ගායන ශෛලියේ ඒ බටහිර ඌරුව අනන්‍යතාවක් සේ සටහන්ව තිබිණි. එහෙත් දේශීයත්වයට අපමණ ගරු කළ දේවාර් තමනට හැකි බටහිර උච්චාරණයෙන් වන්නම් හා ජන ගී ගයා එංගලන්තයේ දී තම උපන් රට ගෞරවයට පත් කළේය.
     මේ මෑතකදී ඇමරිකාවේ ජීවත් වන ලාංකික දරුවන් පිරිසක්  විදේශීය දරුවන්ද සමග වන්නම් හා ඇතැම් ජනපි‍්‍රය සිංහල ගී ගායනා කරන  හපන්කමත් මම දුටුවෙමි. එය සිංහල වන්නම් වෙතත් ඒවා අප අසා දැක පුරුදු ශෛලියට වඩා වෙනස්ය. කිෂානි ජයසිංහගේ ගීතයත් අප සැලකිය යුත්තේ ද අප දන්නා ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේම දිගුවක් ලෙසිනි.
        අද ශේක්ෂ්පියර් නාට්‍ය ගම්මානයේම ටයි කෝට් ඇඳ ඔතලෝ හැම්ලට් රඟ දැක්වෙන්නේය. ඒ වෙනස කෙරී ඇත්තේ කලාව රසවිඳින්නාට කෘතිය සමීප කිරීමේ වෑයමක් වශයෙනි. කපුගේ ගී සන්ප්ලවර්ස් අතට පත්වීමත් කිෂානි ජයසිංහ දන්නෝ බුදුන්ගේ ගීතයට නව අනන්‍යතාවක් ලබාදීමත් එකක් නොව දෙකකි. සන්ප්ලවර්ස් කපුගේ ගී තමන්ගේ කරගෙන එය  විනාශ කරයි. කිෂානි ජයසිංහ සිය ප‍්‍රතිභාව මුසු කොට නව අත්හදාබැලීමක් කරයි.
       කලා කෘතීන්හි මුල් ස්වරූප එසේම  තබා නව ප‍්‍රවේශයකින් ඒවා ඉදිරිපත් කිරීමට තවත් කෙනෙකුට බාධාවක් තිබිය යුතු නැත .
       කිෂානි ජයසිංහට ඇත්තේ පුරුදු පුහුණු කළ අපූරු කටහ`ඩකි. කේමදාස ශූරීන් ජීවතුන්
අතර සිටියා නම් ඇගේ හඩ සිය නිර්මාණ සඳහා අපූරුවට යොදාගනු නිසැකය. ඔහු සිය
සංගීත දිවිය පුරාම සොය සොයා සිටියේ එවැනි ප‍්‍රතිභාපූර්ණ හඩවල්ය.

11 comments:

  1. Most of our people resist change so much. That's why we are still in this state while many other Asian countries have gone far.

    ReplyDelete
  2. ඇය අපූරුවට එම ගීය ගායනා කරනව. ඇය එම ගීය ගයන ස්වර පරාසයන්ට ලඟා වීමට අපේ ගායිකාවො කීයෙන් කී දෙනෙකුට හැකිද මන්ද? අපේ සමහර හාමුදුරුවරු කවි බන කියල , බන සිංදු කරන්න ගිහින් කරන හානිය අපේ බෞද්ධයින්ට පේන්නෙ නැද්ද මන්ද?

    ReplyDelete
  3. ඔබ කියන්නට තටමන දේ ගැන කිසිම අවිවාදයක් නැතිව ඔබ හා එකඟ වන අතර ඔබගේ ලිපියේ එක තැනක් ගැන වැඩිපුර පැහැදිලි කීරීමක් බලාපොරොත්තු වෙමි.
    මේරියන්ස් කපුගේ ගී තමන්ගේ කරගෙන එය විනාශ කරයි.
    මා කපුගේට ආදරය කරන තරමටම මේරියන්ස් සංගීත ශෛලටත් ආදරේ කරමි.මොකක්ද මේ මේරියන්ස් කරන විනාසය.ඔබ පේ‍්‍රමසිරි කේමදාසයන් පිරිනිවන් මංගල්‍යය ගැන කතාකරන ගමන්ම නොදන්නා දෙයක් කියනවදෝ කියන හැගීමේන්ම ඔබගේ පැහැදිලි කීරීමක් බලාපොරුත්තු වෙමි.මා දන්නා තරමින් මේරියන්ස් ක්ලැරන්ස් විජේවර්දනගේ ගීත ගායනා කලා මිස කපුගේ ගේ ගීත ගයන බව දන ගත්තේ මේ ලිපියෙන්ම විතරකි.

    ReplyDelete
  4. පෙන්වා දීම හිස නමා බාර ගනිමි. මේරියන්ස් නොව සන්ප්ලවර්ස් විය යුතුයි. අදාළ නිවැරදි කිරීම කර ඇත. පෙන්වා දීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
  5. lankawe minissu danne sindu ahanda vitarai kiyana eka amaradevayan pawa piliganna deyak.music danne na.kodev manasikathva nawatat prdarshanaya wu awsthawaki meya.apita diunu sangeetha rasikathwayak na.

    ReplyDelete
  6. lankawe minissu danne sindu ahanda vitarai kiyana eka amaradevayan pawa piliganna deyak.music danne na.kodev manasikathva nawatat prdarshanaya wu awsthawaki meya.apita diunu sangeetha rasikathwayak na.

    ReplyDelete
  7. lankawe minissu danne sindu ahanda vitarai kiyana eka amaradevayan pawa piliganna deyak.music danne na.kodev manasikathva nawatat prdarshanaya wu awsthawaki meya.apita diunu sangeetha rasikathwayak na.

    ReplyDelete
  8. Chandare,oba kiyana boho de samanga ma ekanga unath mekedi ma daranne wena adahasak.Me gayikawage gayana hekiyawa, ihahala swara geyieme hekiyawa,gayana madhuryaya adiya gena kisima wadayak nehe. Eth, me geethye rachakaya saha sangeetha rachakaya apeksha kala aramuna me gayanayen itu wenawada? Owun rasikaya thula danawanna adahas kala de, wachana saha nada wikurthi karamin gayana me geeyen danawenawada? Mage anith tharkaya nam kisima nirmanayaka mul rupaya wenas kireema nokala yuthui, katawath eyata aithiyak nehe. Den star wedasatahanwala juriwala inna aya me wede hariyata oja wadanawa. Eka weradi.Pasugiya Derana Dream Star wedasatahanakata apu Kemadasage duwath eya weradi bawa kiwwa. Oba ,obe pothak pala kalata pasu eya wena kata ho eya wenas karanna ida denawada?

    ReplyDelete
  9. ඔපෙරා රස විඳිමට තරම් අපේ ජනයා තවම සංස්කෘතිකව දියුණු වී නැති නිසාදෝ මේසා විරෝධතාවයක් ?

    ReplyDelete
  10. Chandare your engagement with Kishani's singing is fine and great. I am with you. But what you say on the passing about Marian and Kapuge is rather problematic - why not engage with that as well from a different perspective!

    ReplyDelete