2000 වසරට අප පා නගන විට මා සේවය කළේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේය. ඊට සමාන්තරව ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයටද මාගේ සේවය ලබා දුන්නේ එකළ ජාතීන් අතර සංහිඳියාව නංවාලීමේ වැඩ පිළිවෙළක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් දියත් වූ නිසාය.
මේ කාලයේ මෙකී අමාත්‍යාංශ දෙකම එළඹෙන සහස‍්‍රකය පිළිගැනීමට විවිධාකාර වැඩ සටහන් දියත් කළේය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ මහා ප‍්‍රදර්ශනයකි. දේශපාලකයන් බහුතරයකගේ මුවින් පිටවූයේත් 21 වන සියවසේ දී නූතන විද්‍යාව වඩා ලංකර ගනිමින් සංවර්ධනයේ යෝධ පිමි පනින ආකාරය ගැනය. මාධ්‍යයද හරි හරියට එවැනි බලාපොරොත්තු මහජනයා හමුවේ තැබීය.
මහනුවර කේන්ද්‍ර කරගත් ‘මිලේනියම් ආට්’ වැනි නමක් ඇති සංවිධානයක් තරුණයන් පිරිසක් විසින් පිහිටුවා ගත් අතර එයට මගේ ද සහය ලබා දුන්නෙමි. එහිදී සාකච්ඡුා කෙරුණේ 21 වන සියවසේ ජාතිවාදය වැනි අගතීන්ගෙන් තොර කලාවක් නිර්මාණය කර ගැනීම ආදී කාරණාවන් ගැනය.
කෙටියෙන් කිවහොත් සමස්ත රටම එළඹෙන සහස‍්‍රකය තුළ විද්‍යාවේ හා නූතනත්වයේ යුගයක් මැවෙන අයුරු බලාපොරොත්තු දල්වාගෙන සිටියේය. එහෙත් ඉන් වසර පහළොවකට පසුව සිදුවී ඇත්තේ කුමක්ද?
රස්තියාදුකාර ජාතිවාදයක් මුළු මහත් ජාතියම වෙලාගෙන ජාතියක් සතු සියලූ පුරුෂාර්ථ බිඳ හෙලමින් පවතී. අවාසනාව වන්නේ ඒ රැුල්ලේ මුලින්ම සිටින්නේත් ගිනි අවුලූවන සේව නූල් ඇත්තේත් අන්ත ජාතිවාදී නූගත් භික්ෂූන් සුළු පිරිසක් හා ජාතිය දඩමීමා කර ගනිමින් බලයට ඒමට කැස කවන දේශපාලකයන් පිරිසක් අතය.ඒ පිරිස් දියත් කර ඇති අලූත්ම භ‍්‍රෂ්ට කි‍්‍රයාව නම් ‘සිංහ ලේ’ නමින් ස්ටිකර් අලවමින් හා බිත්ති තාප්පවල ලියමින් ඒවා කැත කිරීමයි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයත් අදහස් ප‍්‍රකාශ කිරීමේ වපසරියට අයත් දෙයක් නොව මිනිසුන් භීතියට පත්කරන දඬුවම් දිය යුතු වරදකි. අවාසනාව වන්නේ ආණ්ඩුව අනවශ්‍ය තරම් නෝන්ජල්ව මේ සියල්ල ඉවසා ගෙන සිටීමයි.
මේ නම් සැබෑම මූලධර්ම වාදයයි. ඉන් ගොඩ නොආවොත් අපට ශ්‍රේෂ්ටත්වයේ නටබන්වත් සොයා ගැනීමට නොහැකිවනු ඇත.මේ කොළම ලියන අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා 2015 ට අදාළ සංඛ්‍යාලේඛන ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේය. ඒ මෙසේය. මිනිස් ඝාතන සංඛ්‍යාව 548 කි. ස්තී‍්‍ර ¥ෂණ සංඛ්‍යාව 2334 කි. රාජවංශික දරුවෝ එක්ව කළ තාජුඞීන් ඝාතනයවත්, උන්ගේ මහ එවුන් සිදුකළ එක්නැලිගොඩ ඝාතනයවත් මේ සංඛ්‍යා ලේඛනවලට අයත් නොවන්නේ ඒවා සිදු වූයේ ඊට පෙර වසරවලදී නිසාය.
දේශපාලකයෝ අවම වශයෙන් පෙනුමට හෝ නීතියට යුක්තියට ගරු කළ යුතුය. නීතිය කි‍්‍රයාත්මක වීමට අදාළව නිර්වචන සැපයීම අධිකරණ කටයුත්තක් සේ සලකා ඒ කි‍්‍රයා දාමයට ගරු කළ යුතුය. එහෙත් මූල්‍ය වංචා පිළිබඳ සැකපිට අත් අඩංගුවට පත් වී සිටින හිටපු විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවාත්, එක්නැලිගොඩ ඝාතනයට සැකපිට අත් අඩංගුවට පත්ව ඇති හමුදා බුද්ධි අංශ නිලධාරියාත් බැලීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිලද, ගියේ සැකකරුවන්ගේ නිදොස් බව ඔවුන් කලින්ම තීරණය කර ඇති නිසා විය හැකිය. ඔවුන් දෙදෙනා සිය දේශපාලන පැවැත්ම සඳහා එවැනි දෑ කිරීම අප කලක් තිස්සේ දැක ඇති දෙයකි. ඔවුන් දෙන්නා පස්සේ වැටී ඇත්තටමත් නීති විශාරදයකු වන මහාචාර්ය ජි.ඇල්. පීරිස් ද යාම මේ රටේ දේශපාලකයන් බුද්ධිමතුන් වුවද ඔවුන් වැටී ඇති නරාවලේ තරම කියාපායි. මේ සිංහ ලේ ඇත්තන්ගේ පැටිකිරියේ හැටිය.
සිංහයා තිරිසනෙකි. ඔහු අනෙක් වනසතුන් සමග තමා අවට පරිසරය බෙදා හදා ගැනීමට අසමත් වර්ගයේ තිරිසනෙකි. එමෙන්ම සතුන් අතර කම්මැලියන්ගෙත් කම්මැලියා සිංහයායි. ඔහුගේ තිරිසන් ලේ අප ජාතියට ඇත්තටම තිබේදැයි සිතෙන්නේ රුවන් ගුණසේකර කියන අපරාධ හා මිනීමැරුම්වල සංඛ්‍යා ලේඛන විමසන විටය.
නිදහසින් පසු අතීත පාලන වකවානු සියල්ලම ගත් කළ ජාතිවාදි ව්‍යාපාර ආණ්ඩුව විසින් දැනුවත්ව නඩත්තු කළේ රාජපක්ෂ රෙජීමය පමණකි. ඒවාට නීතිය ඉක්මවා යන්නට ඉඩ දුන්නේය. දර්ගා නගරයේ මහා විනාශයට පාදක වූ බොදුබල සේනා නියමුවන්ට නීතිය හමුවේ වරදක් එල්ල නොවිණි. අනුන්ගේ රැුස්වීම්වලට කඩා වැදී ඔවුන් කළ කි‍්‍රයාවලටද දඬුවමක් නොවිණි. ඒවා විමර්ශනය කිරීම අදටත් සිදු නොවේ.
බහු වාර්ගික සමාජයක ඒ රට ජාත භූමිය කරගත් සකල විධ ජාතින්ගේ ලෙංගතුකම උපන් රටට ලබා ගැනීමට අසමත් වෙතොත් සංවර්ධනයේ ඇනහිටීම්, අහිතකර විදේශ මැදිහත්වීම් හා සිවිල් යුද්ධ අනිවාර්ය වේ. බණ්ඩාරනායක මෙන්ම පනස් වසරකට පසු බලයට පත් ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂත් මේ සරල සත්‍යය නොදන්නවා විය නොහැකිය. බණ්ඩාරනායකට බලය පිළිබඳ කාරණයත්, ඔහුගේ පශ්චාත් කාලීන අනුප‍්‍රාප්තිකයාට බලය හා බලය අවට බොහෝ දේත් ස්වසන්ථකයට ගැනීමේ අරමුණින් මේ ජාතිවාදය ඇවිස්සුවේය.
ජාතිවාදය පිළිබඳ දැල් පටෙහි අවංක සිතින් වෙළෙන්නෝ ආකාර ගණනාවක හීන මානයන්ගෙන් පෙළෙන්නෝය. දැනුම පිළිබඳව ඇති හිමිකමේ සංසංදනාත්මක අඩුව, තම පුද්ගල පෞරුෂය පිළිබඳ ඇති කර ගත් සැකය, තමාගේ අභිවෘද්ධියට තවෙකකු බාධා කරන්නේය යන අනාරක්ෂිත ආකල්පය, පවත්නා සමාජ වටාපිටාවේ අනෙකුන් හා සැසඳීමේදී තමාගේ සම්භවයේ ඊනියා අඩුවක් ඇතැයි යන අදහස (රසල් බ‍්‍රවුන් කියන්නේ එවැන්නෝ තමාගේ ආසන්න වාර්ගිකත්වය අතහැර තමාගේ වටපිටාවේ සිටින තමාට ඉහළ ආසන්නතම හතුරා යයි උපකල්පනය කරන්නා ද ඇතුළත් පොදු වර්ගයාගේ ආරක්ෂාවට පෙනී සිටින බව හඟවන බවයි. සැබැවින්ම ඔහුගේ නිදන්ගත වෛරය ඇත්තේ ඒ පිටස්තර වර්ගයා සමග නොව තමාට ආසන්න එහෙත් තමාට ඉහළින් සිටින තැනැත්තා සමගය. * රූපයෙන් හැකියාවන්ගෙන් තමන් අනෙකුන්ට වඩා පහළින් සිටින්නේය යන ආකල්පය, තමාට හා තමා ඇතුළත් වර්ගයා ආරක්ෂා කිරීමේ ශුද්ධ වූ වරමක් ඇත යන ආකල්පය, ආදී තව ඊට ආසන්න බොහෝ හේතු ගණනාවක් අනුසාරයෙනිි.
ලංකාවේ ජාතික ඒකාග‍්‍රතාව බිඳ වැටීම සමාජය වෙලා පටලා ගත් හීනමානයක ප‍්‍රතිඵලයකි. ලංකාවට උපසම්පදාව ගෙන ඒමට අනුග‍්‍රහය සැපයූ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ ඉල්ලීමට අවනතව උපසම්පදාව ගොවි කුලයට සීමා කිරීමේ අනුවණ, බෞද්ධ විරෝධී තීරණය වැලිවිට සරණංකර හිමිපාණන් විසින් ගත් අවස්ථාවේ සිට අනෙකුත් කුල භික්ෂූන් වහන්සේලා පමණක් නොව සුදු පාලකයන්ගේ ආණ්ඩු ඇසුරෙන් ධනවත් හා බලවත් වූ කුල නායකයෝ ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යයේ හිමිකාරිත්වය තමන් වෙතට ගැනීමට වලි කෑහ. ඒ නොනිමි අරගලයේ අශෝභන ඉම් පෙදෙස් බොහෝ ගණනකි. මෙත්තානන්දලා, ඒ.ඇම්.පී. රාජරත්නලා ගේ සිට බොදුබල සේනා, රාවණා බලය හරහා සිංහ-ලේ පච්චකරුවා දක්වා සමාජය හැඩ ගැසුණේ මෙකී හීනමාන එකක් හෝ වැඩිගණනක් ඇසුරේය.