Saturday 17 January 2015

සාස්තර කාරයන්ට නිදහසේ සාස්තරයක්වත් කියන්නට බැරිවූ රටක්






            සුමනදාස අබේගුණවර්ධන යනු කපටියන් අතර ශූර කපටියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සුමනදාස අබේගුණවර්ධන තමන්ගේ දැන උගත් ශාස්ත‍්‍රය හමුවේ අසරණයෙකු වූ බව සිතන විට සියුම් අනුකම්පාවක් ඔහු ගැන ඇතිවේ. මහා දැන උගතෙකු නොවූ සුමනදාස සාමාන්‍ය වේලා පත්කඩක් බලා ගැනීමට රුපියල් විසිපන්දහසක් වැනි ඉහළ මුදලක් අය කිරීමට හැකිවූයේ ඔහු මහ රජුගේ දෛවඥයා වූ හෙයිනි. එමෙන්ම කිසිසේත්ම ඔහු වැනි මිනිසෙකු නොසිටිය යුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ රට ගැන, රටේ වැදගත් මර්මස්ථාන ගැන තිබුණු හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය ගැනද අපට හැ`ගීමක් ලබා දෙමිනි. 
      දැන් සුමනදාස අමුතු කතාවක් කියයි. ඔහු මහින්ද රාජපක්ෂ පරදින බව දැන සිටිය බවත් ඒ බව නොකීවේ ඔහුට ඇති බය නිසා බවත්ය. මහින්ද රාජපක්ෂගේ චර්යාවන් ගැන සිතන විට සුමනදාසගේ කථාව ඇත්තක්යැයි විශ්වාෂ කළ හැකිය. එයින් පෙනී යන්නේ සාස්තරකාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කීමට බැරි පරිසරයක් මහින්ද රාජපක්ෂ විසින් නිර්මානය කර තිබූ ආකාරයයි.
      නව ග‍්‍රහයන් ආසි‍්‍රතව සාස්තර කියූ සුමනදාසත් තමා දන්නා ඇත්ත කීමට නොගියේ මරණ බිය නිසා නම් ලංකාවේ ඇත්ත කියන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ විපත් තේරුම් ගත හැකිය. එහෙයින් සුඛෝපභෝගීව ජීවත්විය හැකි වූයේ සුමනදාස මෙන් රජා සතුටු කිරීමට බොරු කී ජනමාධ්‍යවේදීන් පමණය. සුමනදාසගේ ගනයට වැටෙන පළමු ජනමාධ්‍යකරුවා ලෙස මා හඳුනාගන්නේ ආරියනන්ද දොඹගහවත්තය. ු නීති විරෝධීව ප‍්‍රචාරය කිරීමට ජනාධිපතිතුමා හා කළ රූපවාහිනී සාකච්ඡුාව මෙහෙය වූයේ දොඹගහවත්තය. ඒ දැකීමෙන් දොඹේ ගැන මට තිබූ ශේෂ මාත‍්‍ර ගෞරවයද අවසන් විය. සුමනදාස පන්නයේ ජනමාධ්‍යකාරයෝ සුමනදාස මෙන්ම සුඛ විහරණ ලැබූහ. කරුණාදාස සූරියාරච්චි, මහින්ද අබේසුන්දර, සීලරත්න සෙනරත්, බන්දුල පද්මකුමාර, රාජ්පාල් අබේනායක, සුදර්මන් රදලියගොඩ, අනුර සිරිවර්ධන, මොහාන් සමරනායක, මේ අතරින් කිහිප දෙනෙකි.
       ජනවාරි අටවෙනිදා මහජන බලවේගය විසින් අවසන් කරනු ලැබුවේ සාස්තර කාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කිව නොහැකි මෘග පාලනයකි. ඒ පාලනය හමාර කිරීමට කැපවූ සියල්ලෝම බුහුමන් ලැබිය යුත්තෝය.

5 comments:

  1. සුමනදාස තව මොනවද දන්නෑ දැනගෙන හිටියේ.........................

    ReplyDelete
  2. සුමනදාස වගේම හුඟක් අය බය වුණේ තමන්ගේ ජීවිතේ නැතිවෙනවට වඩා තමන් හිමි කරගෙන තිබුණු සුඛ විහරණයන් තමන්ට නැතිවෙයි කියල කිව්වොත් මං හිතන්නෙ ඒක බොහොම හරි...............

    ReplyDelete
  3. කේන්දරයක් බලාගන්නට විසි පන්දහසක් අයකරන බව අසා මම මේ රටේ ජනතාවගේ බුද්ධිය ගැන කම්පාවට පත්වීමි.හැකි ඉක්මනින් කළ යුතු දෙය නම් ජ්‍යොතිෂය පාසල් විශය මාලාවට ඇතුල් කිරීමයි.එවිට මෙහි ඇති ලබ්බක් නැති බව ජනතාව තේරුම් ගනු ඇත.ඉතා සුළු ගනිත ගැටලු කිහිපයක් හා ලිත් පොත බලා කල යුතු පිහිටවීම් කිහිපයක් සහ ඒ මත පදනම්ව ලෝකෙ නැති බොරු කීමේ කලාවක් පමණි.

    ReplyDelete
  4. මම අරිට්ටදාස කිවෙන්ඩු කියන ලිපිය ලීවේ මෙය ගැන තමා.

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15384-2015-01-18-20-01-01

    ReplyDelete