Saturday 10 January 2015

ජනවාරි 8 වනදා යනු

 
 
               ජනවාරි 8 වනදා යනු ලංකාවේ කුඩා මට්ටමේ හෝ විප්ලවයක් සිදුවූ දිනයක් බව මගේ හැගීමයි. එහෙත් එහි ජීව ගුණය හා ඒ කටයුත්තට උරදුන් මිනිසුන්ගේ අපේක්ෂා භංග වන බවත් පළමු වාරයේදීම කළ පත්වීම් වලින් පෙනෙන්නට තිබේ. ඉන් පළමු වැන්න ජනාධිපති ලේකම් පත් කිරිමයි. එවැනි මර්මස්ථානයකට මෙතරම් දූෂිත මිනිසෙකු පත් කිරීම කෙතරම් යුක්ති යුක්තද? මේ වෙනසට හදවතින්ම දායකවූ දක්ෂ, අවංක, දේශපාලන හෘද සාක්ෂියක් සහිත උගතෙකුවූ කරුණාරත්න පරණවිතාන ,දක්ෂ කඩිසර පරිපාලන නිලධාරියෙකු වූ , පී.බී.ජයසුන්දරගේ අනීතික යෝජනාවන්ට අකමැතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිකමෙන් ඉල්ලා අස්වූ සුනිල් සිරිසේන වැනි ජේෂ්ට පරිපාලන නිලධාරියෙක්, පරිපාලන ක්ෂේත‍්‍රයේ ස්වාධීනත්වය සඳහා විශාල සේවාවක් කළ රනුග්ගේ , අඩුම වශයෙන් මහින්දගෙන් දේශපාලන වශයෙන් බැට කෑ තිලක් රණවිරාජ වැන්නෙකුවත් මේ තනතුරට යෝජනා නොවුණේ ඇයි.? මේ නම් වගේම තවත් දක්ෂ හොඳ මින්ස්සු කොතරම් නම් ඉන්නට ඇද්ද මේ පිංගුත්තර අබේකෝන්ට වඩා.
    
              සෝමරත්න දිසානායකට මහින්ද පාලනය තුළ තිබූ සිය සුඛ නම්‍ය පැවැත්ම බාධා විරහිතව ගෙන යාමට රූපවාහිනියේ සභාපති ධුරයට මේ පත්වීම හේතුවනු ඇත. විද්යුත් මාධ්‍ය ගැනත් , ප‍්‍රසංගික කලාව ගැනත් දැනුමක් සමග හොඳ හදවතක්ද, නිර්භීත ආත්මයක්ද සහිත ලක්ෂ්මන් විජේසේකර වැන්නෙක් ඒ තනතුරට යෝජනා නොවුණේ අපේ අවාසනාවටද? මෛතී‍්‍රට වැටුණු ඡුන්ද ලක්ෂ ගණනක් ලක්ෂ්මන්ට නිල් බලකායේ පහරදීම් නිසා මෙරටේ සංවේදී මිනිසුන්ගේ ඡුන්ද බව අප අමතක කළ යුතු නොවේ.

3 comments:

  1. හැබැයි ඉතින් ඔහෙමිමම මෛත්‍රිත් ගියොත් වැඩිකලක් යන්න ඉස්සෙල්ලා බඩු බනිස් වෙනවා

    http://www.intercrack.net

    ReplyDelete
  2. // මහින්දගෙන් දේශපාලන වශයෙන් බැට කෑ තිලක් රණවිරාජ//

    මේ මම නොදැන සිටි පුවතක්! මම රණවිරාජ මහත්මය හඳුනගත්තෙ 98 සෞක්‍ය අමාත්‍යංශ ලේකම් හැටියට ඉන්න කාලෙ. කලාතුරකින් රාජ්‍යසේවෙ දකින අලුත් දේට කැමති නිළධාරියෙක්. බොහොම කණගාටුයි මහින්ද මේවගේ මිනිස්සුන්ට කෙලිය කිව්වම!

    ReplyDelete
  3. පත්කරපු ගමන් අයින් කරන්න බැරිනම් අඩු වශයෙන් දින සියයේ වැඩසටහනින් පසුවවත් දූෂිතයන් ඉවත් කළ යුතු වෙනවා. මා සිතන්නේ නව රජය යෝජනා කරන්නේ සංචිතයකින් සංස්ථා සභාපතිවරු පත් කිරීමටයි. දැනට කරන ලද පත්වීම් හුදෙක්ම දේශපාලන පත්වීම් නේද?

    ReplyDelete