ලෝකයේ අඛණ්ඩව ලියැවුණු පුරාණ බව අතින් ඉහළම කෘතිය යයි සැළකෙන ඉතිහාස ග‍්‍රන්ථය මහාවංශයයි. එවැනි කෘතියක් ජාතියක් සතුවීමෙන්ම එකී ජාතියේ ශිෂ්ටාචාරවත් බවේ පොහොසත්කම කියා පායි. එහෙත් එකී වසර 2500ක් පැරණි සංස්කෘතියට බිහිවූ පළමු මහා ගාන්ධර්වයා අමරදේවයන් බව කියන්නේ මහචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එමෙන්ම එයට ඌන පූරණයක් කරමින් අපට කිව හැක්කේ එකී වසර 2500ක ඉතිහාසය තුළ බිහිවූ පළමු උසස් නාට්‍යය මනමේ බවයි. නාට්‍යවේදියා සරච්චන්ද්‍රයන් බවයි. මනමේ බිහිවූ 1956 නොවැම්බර් 8 වන දින, සංවේදී සංස්කෘතික මිනිසෙකු වන මෙම ලේඛකයාට නම්, ලංකාවේ නිදහස් දිනයට වඩා වැදගත් ඵල ප‍්‍රයෝජන රටට ලබාදුන් දිනයකි. අපගේ පෙබරවාරි සංස්කාරක සටහනින් විස්තර කළ පරිදි රෙදි බැනියම් අඳින හීනමානීය සමාජ බලවේගයන් අතට බලය ලැබීම ලංකාවේ නිදහස යනුවෙන් සංකේතවත් කරයි. විනයක් නැති ගමනක සමාරම්භය ලංකාවට නිදහස ලැබුණු පෙබරවාර හතර වෙනිදා සටහන් කෙරුණු බව අපගේ අදහසයි.
එහෙත් මනමේ සහ සිංහබාහු යනු අද වන විට වසර හැටකට ආසන්න කාලයක් දික් ගැසුණු වැඩිණු පිරිපුන් සිංහල නාට්‍ය කලාවකට ගුරු වූ උසස්ම ගණයේ නාට්‍ය දෙකකි. එ්වා මේ වන විට දස දහස් වාරයක් පමණ රට පුරාත් ලෝකයේ ඇතැම් තැන්වලත් ප‍්‍රදර්ශනය කොට තවමත් රංගගත වෙමින් තිබේ. සිංහබාහු නාටකයේ සුප්පාදේවි ලෙස රඟපෑ මාලනී රණසිංහත්, එහි ඵලමු පොතේ ගුරුගේ භූමිකාව නිරූපණය කළ ටෙරන්ස් රණසිංහත් ලෝකයේ දීර්ඝ කාලයක්, දීර්ඝ වාරගණනක් එකම චරිතය රඟ පෑමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා ගිනස් පොතටද ඇතුලත් කෙරිණි. පරම්පරා තුනකට අයත් නළු නිලියෝ මනමේ සිංහබාහු නාටකවල චරිතවලට පන පොවමින් ගෙවී ගිය ඉතිහාසය මුලුල්ලේ එ්වා වර්ණවත් කළෝය. බෙන් සිරිමාන්න, ශ්‍යාමන් ජයසිංහ, ටෙරන්ස් රණසිංහ, මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු, ටි‍්‍රලීෂියා ගුණවර්ධන, ධම්ම ජාගොඩ, නිශ්ශංක දිද්දෙනිය, විජය නන්දසිරි, ආදි වූ විශාල නළු නිළි කැළක් මේ ඉතිහාසය ගොඩ නැඟීමට දායක වූවෝය. එමෙන්ම සරච්චන්ද්‍රයන්ගේ අභාවයෙන් පසුව මෙකී නාට්‍යයන් කාලයේ වැලි තල අතරේ වහං වන්නට නොදී රැුක බලා ගන්නා සරච්චන්ද්‍ර ආර්යාව ලලිතාවන්ද බුහුමන් ලැබිය යුත්තේමය.
අද අප සමරන්නේ මනමේ නාටකය බිහිවීමේ පනස් අටවැනි වසර මෙන්ම, සිංහබාහු නාටකය බිහිවීමේ පනස් දෙවෙනි වසරයි. සිංහල නාටකයේ එකී මංගල ලකුණු බිහි කිරීමේ නිර්මාතෘ වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඡුන්ම ශත සංවත්සරයයි. මේ සියලූ කාරණා, බොහෝ සමාජ අධ්‍යාත්මික කාරණා අතින් දුගී දුප්පත් වූ, තව දුරටත් දුප්පත් වෙමින් පවතින රටකට අහස තරම් උසට වටිනා කියන කාරණාය.
වසර පනස් අටක් හා වසර පනස් දෙකක් වශයෙන් මනමේ හා සිංහබාහු වේදිකාව මත අඛණ්ඩව රඟ දැක්වීමේ අනුහස කවරේද යන්න දිවි සැරිය නිමා කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය සමරණ මෙවැනි වකවානුවක සිහිපත් කිරීම ශී‍්‍ර ලංකාවේ ඉපදුනු ශිෂ්ටාචාරවත් මිනිසකුගේ අත් නොහැරිය හැකි යුතුකමකි. බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති සිවිල් සේවා, තරඟ විභාගයෙන් දිවයිනේම පළමුවැන්නාට සමත්වූ ඔහුට සිවිල් සේවයට ඇතුළු වූවා නම් තමා ගෙවූ ජීවිතයට වඩා බොහෝ සැප සම්පතින් ආඩ්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබිණි. දක්ෂ ශිෂ්‍යයෙකු වූ සරච්චන්ද්‍ර සිංහල, පාළි, සංස්කෘත, බෞද්ධ සංස්කෘතිය, වැනි විෂයයක් තෝරා නොගෙන වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වැනි විෂයයන් තෝරාගත්තේ නම් ඔහුට ජාත්‍යන්තර ගණයේ විශිෂ්ටයකු වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ ශී‍්‍රමතාණෝ තෝරා ගත්තේ සිංහල, පාළි, සංස්කෘත වැනි අධ්‍යයන විෂයයන්ය. ඔහු විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු පසු ඒ මනරම් පරිසරය තුළ සැප පහසුවට දිවි ගෙවමින් අකර්මන්‍ය ජීවිතයක් ගත නොකළේය. එ් වෙනුවට ගම් නියම්ගම් සැරි සරමින් එතෙක් පැවති සම්භාව්‍ය ලක්ෂණවලින් වියෝ වූ ටවර්හෝල් මිනර්වා ආදි නාට්‍ය වෙනුවට, සම්භාව්‍ය හා සංවේදී නාට්‍ය කලාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න සොයා බැලූවේය. එපමණක් නොව තමන්ට ලැබුණු අධ්‍යයන ශිෂ්‍යත්වයක්ද කැප කළේ යටකී සද්කාර්ය උදෙසා පර්යේෂණ කිරීමටය. එමගින් සරච්චන්ද්‍රයෝ ඇමරිකාවටද, ඉන්දියාවටද, ජපානයට ද ගොස් පර්යේෂණ කාර්යයන්හි නිරත විය.
දේශීයව හා විදේශීයව කෙරුණු මේ දැවැන්ත පර්යේෂණයේ ප‍්‍රතිඵල ලෙස මනමේ හා සිංහබාහු නාට්‍ය ද්වය ප‍්‍රමුඛ කොටගත් පේ‍්‍රමතෝ ජායතී ශොකෝ, මහාසාර සිට 1980 ගණන් අගභාගයේ නිපදවුණු බවකඩතුරාව දක්වා විහිද විකාශනය විය. එමෙන්ම සිංහල ගැමි නාටකය නම් වූ අග‍්‍ර ගන්‍ය පර්යේෂණ කෘතියද එකී පර්යේෂණයේම කොටසකි. ජපානයේ ප‍්‍රචලිත නාට්‍ය සම්ප‍්‍රදායන් හැදැරීම සඳහා වෙහෙසුණු සරච්චන්ද්‍රයන් එරටේි සමාජ ආධ්‍යත්මය මැනවින් හඳුනාගෙන ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ නැමති අසහාය නවකතා දෙක රචනා කළේය. මේ විශිෂ්ට කෘති දෙක මනුෂ්‍ය ස්වභාවයේ භාව භාව ලීලාවන්, ජීවිතයේ අභ්‍යන්තරික චින්තාවලින් මෙතරම් ග‍්‍රහණය කරගැනීමට සමත් වූ තවත් සිංහල සාහිත්‍යය කෘතියක් මෑත කාලයේ රචනා නොවිනැයි කියවේ. මතුනොව එතුමන් සිය පූර්ව මාතු භාර්යා වූ අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය සමග විවාහ වීමේදී, දායාද ලෙස ලැබුණු නිවස පවා විකුණා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට බැඳී ශාස්තී‍්‍රය සංගීතය උගත්තේය. එහෙයින්ම ඇතැම් මනමේ හා සිංහබාහු දර්ශනයක වාද්‍ය කණ්ඩායම් අතර සිට සිය සිතාරය වයන සරච්චන්ද්‍රයන් දැක ගැනීමේ පින - වාසනාව අපට තිබිණ.
පසුගිය සියවසේ මුල් භාගයේ පහළ මධ්‍යම පාංතික පවුලක ඉපිද දැවැන්ත කැපකිරීම් ඔස්සේ ලංකාවේ නාට්‍ය කලාව ප‍්‍රධාන වශයෙනුත්, සාහිත්‍යය දෙවනුවත් නගා සිටුවීමට ඔහු කැප කළ වෙහෙසේ තරම තේරුම් ගැනීමට එතුමන් විසින් රචිත ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වූ ස්වයං ලිඛිත චරිතාපදානය ඔස්සේ පුළුවන.
දැන් අප අභිමුවෙහි සරච්චන්ද්‍රයන් නැත. ඇත්තේ ඔවුන්ගේ නිර්මාණ සමූහය, හා ඔහු අනුගමනය කළ සම්ප‍්‍රදායන්ගේ ආනුභාවය පමණි. කලා ක්ෂේත‍්‍රයට හා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයට ගමන් තරුවක් වෙමින් ඔහු එකී ක්ෂේත‍්‍රයන්ට මග කියා දුන්නේය. කලා ක්ෂේත‍්‍රයන් අරබයා අනුහස පෑ කලාකරුවන් තිදෙනෙකු මා යෝජනා කරමි. ඒ අමරදේව, සරච්චන්ද්‍ර හා මාර්ටින් වික‍්‍රමසිංහයි.
සරච්චන්ද්‍රයන්ගේ මහා මෙහෙවරින් ආලෝක මත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එතුමන්ගේද එතුමන් වැනි සුධීමතුන්ගේද කැප කිරීම් නිසා ලොව හොඳම විශ්වවිද්‍යාල 200 අතරට එකළ එක්වුණි. එහෙත් එයාකාර මහා පුරුෂ සෙවනින් දුරස් වූ එකී විශ්වවිද්‍යාලයට අද එයාකාරයට ඒ ඉසව් කරා ළඟාවීමටවත් බැරි තරම්ය.
කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එමගින් ලෝකය පිරිසිඳ දැකීමේ දැනුම ලබාගත් සද් ජනයන්ගේ එකමුතුවකි, කැනඩාවේ කි‍්‍රයාත්මක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය. කැනඩා ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ පළමු වතාවට ශාස්තී‍්‍රය කාර්යයක් උදෙසා වන වැඩිම ධනයක් වියදම් කරමින්, විසි දෙකක් තරම් වන නළු නිළි කැලක් මේච්චල් කරන අභියෝගය දරා ගනිමින් මනමේ සහ සිංහබාහු නම් වූ දැවැන්ත නාට්‍ය ද්විත්වය එළඹෙන මැයි මස 10 හා 11 වන දෙදින ටොරොන්ටෝවේත් ඊට පසු දිනයන් හි කැනඩාවේ තවත් රඟහල්වලත් වේදිකාගත කිරීමට සැලසුම් කර ඇත.
මනමේ සහ සිංහබාහු, කැනඩාවේ රංග ගත කිරීමට, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් දරන්නාවූ වෙහෙස අපි සැලකිය යුත්තේ සාමාන්‍ය ප‍්‍රසංගයක් ලංකාවේ කලා ශිල්පීන් ගෙන්වා පැවැත්වීමට වැඩි දෙයක් හැටියටය. මෙකී කටයුත්ත උදෙසා වන විශාල පිරිවැය උපයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සංවිධායකයන් නොදන්නවා නොවේ. එහෙත් එකී දැවැන්ත කාර්යයට තම සංවිධානය උරදීම තුළින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරණ වටිනා අරමුණ වෙනුවෙන් සමාජයක් වශයෙන් අප බැතිබර විය යුතුය. සිංහලකම ගැන කටමැත දොඩවනවාට වඩා සිංහලකම සතු උදාර වටිනාකම් ගැබ්වුණු මනමේ, සිංහබාහු වැනි ජාතියක් සතු මහඟු කලාකෘති විශාල අවදානමක් දරමින් මෙරට සංවිධානය කිරීමට සිතීම ගැන පවා ගෞරවනීය ලෙස සිතා බැලීමට සමාජයක් වශයෙන් අප සූදානම් විය යුතුය. සිංහලයන් වශයෙන් අපට උද්දාම විය හැකි බොහෝ දේ ඇත්තේ සිංහල භාෂාව හා කලා ශිල්ප ඇසුරේය. එ්වා ඇසුරින් බිහිවුණු ඉහළම නිර්මාණ ද්වයක් ලෙස මනමේ සිංහබාහු හැඳින්විය හැකිය. මෙකී නාට්‍ය දෙකට පුළුල් පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් ලැබීම හෝ නොලැබීම මගින් ඔන්ටාරියෝ වාසි සිංහල ජන ප‍්‍රජාවගේ සංස්කෘතික සංවේදිතාව පිළිබඳ කිරා මැන බලා ගත හැකි වනු ඇත.
sarathchandra,weerayek lesa samajaye wisala kotasak dakinawa,hithanawa,awagema sarathchandra WA silva,Piyadasa sirisena kiyana sinhala nawakathawe mulyugaye dewenthayanwa pahalata damanna,thamage civil prathrupaya bawithakara,awagema kolamba yugaye kaweenwa nethikaranna.wedakala,a wagema sugathpala da silva naatya karuwek kiyla eya piligannee kiyala kiwwa kiyala W jayasiri kiyana wiswasakatayuth kalakaruwa kiyalathibuna.kawruth mewakath karnnabayai meewa gena sulupirisak liyala kiyala thiyenawa.1969-1970kalawaladee "Wnshanatha deeshabandu" namin prweena sahithyakaru gathkaru "Sisirakumara manikkaarachchi liyapu "Sahithya kollaya,eelangata preweena gathkaru "Gunadasa liyanage"thamange "Dona Kamalawathi"pothe perawadanak liyala thibuna,karunakarala thwa meegena danna aya mee gena liyanna.sarathchandrage hondama withrak kiyala samajaya bageta andakaraye thiyanna dennaepa
ReplyDelete