Saturday, 18 January 2014
මහාචාර්ය සුරවීරයන් පිළිබඳ සොඳුරු මතකයක්...
එ් 1998 කාලයයි. මහාචාර්ය සුරවීරයන්ගේ එකළ සන්ධාන රජයේ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා විය. සිය විද්වත් හා කලාකරුකමට උඩින් තම දේශපාලන වහන්තරාවක් සහිතව පෙනී සිටීමට ඔහු අකමැති වී යයි මම සිතමි. 1956 ආණ්ඩුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිට වූ දා සිට අද දක්වාම වැඩියෙන්ම ශාස්ත‍්‍රඥයන් එකී අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ගැවසුනේ සුරවීරයන් සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම දැරූ අවධියේ විය යුතු යයි හඟිමි.
මා එකළ මහවැලි අධිකාරියේ සැලකිය යුතු තනතුරක් දැරූවෙකු වීමි. මා සමග වර්තමාන ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂවරයකු වන අනුර ජයසේකර ද එකල මහවැලියේ මා සමග එකට සේවය කළේය. මේ කතාවට ඔහුද සම්බන්ධය.
පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ සහාය ඇතිව මහවැලි සී කලාපයේ පාසල්වල පුස්තකාල පිහිටුවීම හා පුස්තකාල නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් එකළ අපි සංවිධානය කළෙමු. පුස්තකාල පරිහරණය හා පුස්තකාල පවත්වා ගැනීම පිළිබඳ කලාපයේ ගුරුවරුනට අප සේවාස්ථ වැඩ මුළු සමග අවශ්‍ය උපකරණ ලබා දුනිමු. මේ සමස්ත වැඩ පිළිවෙලේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ මහාචාර්ය එ් වී සුරවීරයන්ය. එවකට පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වූ හෙන්රි සමරනායක, ප‍්‍රවීණ ලේඛක කේ. ජයතිලක එවක ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති වූ ගුණසේන විතාන මේ ගමනට සහභාගි වූයේ රාජකාරියකට මෙන්ම මිතුරු සවාරියකටද එක් වෙමිනි.
පෙරදා සැන්දෑවේ සියල්ලගේ නවාතැන වූ දෙහිඅත්තකණ්ඩියේ මහවැලි සංචාරක නිවාසය වෙත ජීප් රථයකින් හෙන්රි සමරනායක, කේ. ජයතිලක, ගුණසේන විතාන පැමිණි අතර ආරක්ෂක නිල රථ දෙකක් පෙරටුකොට මහාචාර්ය සුරවීර පැමිණියේය. එදා හැන්දෑවේ සියල්ලෝම දඹානට ගියේ එකල ජීවතුන් අතර සිටි තිසා හාමි බැහැදැකීමටය. තිසාහාමි බැහැ දැකීමෙන් අනතුරුව ආපසු ගමන යාමේ දී ඒ දුර සිය මිතුරන් සමග ජීප් රථයෙන් යාමට සුරවීරයන්ට ඕනෑ කළේය. එහෙයින් මමත් අනුරත් කළු කණ්නාඩි සහිත සුඛෝපභෝගි නිල රථයට ගියෙමු. මේ හුවමාරුව නොදත් ගිරාඳුරු කෝට්ටේ ප‍්‍රභූ පොලිස් ආරක්ෂක සේවාව ඉදිරියෙන් හා පසු පසින් අපට රැුකවල් සැපයූවා පමණක් නොව සුරවීර මහතා පැමිණි රථයට අපගේ කාරයට ළඟා වීමටවත් ඉඩ නුදුන්නේය. ඉනික්බිති දෙහි අත්තකණ්ඩිය පොලිස් සීමාවේදී ගිරාඳුරු කෝට්ටේ පොලිස් ආරක්ෂක සේවාවේ නිලධාරින් සිය සේවා හමාර වී අපට සැලියුට් ගැසුවේය. දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලධාරීන් අපට සැලියුට් ගසා ඔවුන්ගේ සේවාව ආරම්භ කළේය. ප‍්‍රභූ රථයේ වූ අප පොලිස් රැුකවරණ මැද්දේ දෙහිඅත්ත කණ්ඩිය සංචාරක නිවාසය තෙක් පැමිණියෙමු. ගමන අවසානයේ අප ඇමති නිලරථයෙන් බසිද්දී තමන් රැුකවරණය දුන්නේ මුංටදැයි යන හැඟීමෙන් පොලිස් නිලධාරින්ගේ ලජ්ජාවෙන් බර වූ මුහුණු මට දැනුදු මතකය.
රාතී‍්‍ර දෙකක් සුරවීරයෝ සිය මිතුරු සගයන් හා අප සමග විහිළු තහළු හා ශාස්තී‍්‍රය කථා බහකින් යුතුව කල් ගත කෙළේය. ඒවා කෙතරම් ලස්සණ, සුමධුර හා ශිෂ්ටාචාරවත් සාකච්ඡුා හා සන්ධ්‍යාවන්දැයි මට සිතේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment