Friday 6 December 2013

නෙත්ති මාලේ (නව) කවි


දෙපා ගුරුලු විත් නුඹ පා             අඹරාය
නුඹෙ සුනිඳු මුහුණේ කුණු          තවරාය
වැටුණු වල ගැඹුර නුඹ තවමත් නොදනීය
මල්කම් ගිනි ගනී දෙවියොත්      පිටුපාය

තැඹිලි පැහැ වටොර දැයකට එළිය දෙති
යහන තනති නුඹ එන සැකයෙන්   පිරිමි
යුද්දෙට පසුව ආ බලවත්        හැගීමෙනි
දෙපා ලග තබා රට, රට ඔල්වර    නගති

කුමන සැකයක්ද නුඹ ලස්සණයි    තමා
පාර්වතී පරදන මෙනි රුවැති         උමා
බලන් පුරා හඳ අහසේ නුඹම         තමා 
කවට කමට වත් ආපසු හැරෙනු     එපා

නුඹ නැවතුණේ කවුඩන් බානක්    ළගය
තව පලයං මොනරෙක් හමුවන     තුරුම
මොදර ඉඳං දෙව්පුර දුර බව          සැබව
වෙහෙස නොගන් සුරිඳුන් හමුවනු නිසැක

6 comments:

  1. සුපිරි බ්ලොග් අඩවියක් සහෝ.. මාතලන් සින්ඩියේ එල්ලුවා.. ඔබ වන් අය සිංහල බ්ලොග් කළාවට ආශීර්වාදයක්..

    කවි සැට් එක.. පට්ටයි.. උපරිමයි.. රහයි.. සාහිත්‍ය රසය උතුරනවා..

    ReplyDelete
  2. මාතලන් අයියගේ ෂෙයා එකෙන් මම මේ පැත්තට ආවේ.මරු කවි පන්තිය..........

    ReplyDelete
  3. ලොක්කා මේකේ වර්ඩ් වෙරිෆිකේසොන් අයින් කොරන්න..

    ReplyDelete
  4. මම ඔබේ බ්ලොගය මීට පෙර කියවා ඇත්තෙමි.....මාතලන්ගේ සින්ඩිය තුලින් පිවිසීම වඩා පහසුය.

    ReplyDelete
  5. පට්ටම කවු පෙළක් කාලීනයි...

    ReplyDelete