Tuesday 24 December 2013

පුලුල් සංස්කෘතික අවකාෂයකට අන්ධ වීම..........


        ටොරොන්ටෝවේ යටි නගරයේ  ^Down Town)ඇවිද යන විට සංස්කෘතික වීදි ලෙස හැඳින්විය හැකි මංසන්ධි හමුවේ.St George & Bloor, Spadina & King එවැනි ස්ථාන දෙකකි. එ් දෙක ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය ආශි‍්‍රතව පවතින මං සන්ධි වේ. A4 ප‍්‍රමාණයෙන් ජායාස්ථිත පිටපත් ක‍්‍රමයට මුද්‍රණය කළ පෝස්ටර Salvadoor Dali f.a ks¾udK yuqj,g" Hermann Hesse, Garcia Marquez    ආදීන්ගේ සාහිත්‍ය ගැන කෙරෙන විවිධ සාකච්ඡුාවලට  ආරාධනාවන් එ් පෝස්ටර්වල දැක්වේ.
        මේ ලියන අපද ් මගී ප‍්‍රවාහන සේවාවන් පාවිච්චි කරමින් වැඩි වගකීම් නැති රැුකියාවන් කරන කැනඩාවට පැමිණි මුල්  අවධියේ මේවාට සම්බන්ධ වෙමින් කලා රසාස්වාදනය කළෙමු. ඇතැම් විට එ් හුරුව පැමිණියේ ලංකාවේ අගනගරය (මෙට්‍රොපොලිටනය) ආශි‍්‍රත සංස්කෘතික කල්ලි කණ්ඩායම් අතර සැරිසරමින් සිටි ආශ්වාදය නිසා විය හැකිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ටොරොන්ටෝව ආශි‍්‍රත මේ කලා රසාස්වාදන අවස්ථා අපි මග හරිමින් සිටිමු. මුදල් හදල් හම්බ කිරීම සඳහා අප සතු කාලය වැය කරන්නට සිදුවීම එයට හේතුකාරකය විය හැකිය.
         විදෙස්ගත සිංහලයන් ජීවත්වන උතුරු ඇමරිකාවේ, යුරෝපයේ,  ඕස්ටේ‍්‍රලියාවේ හා ජපානයේත් තනි පුද්ගලයකුට ආශ්වාදනය කොට නිම කළ නොහැකි උසස් පෙලේ කලා සංස්කෘතික කි‍්‍රයාකාරකම් සිදුවේ. එ් දියුණු ධනේශ්වර රටවල සංස්කෘතියේ පැවැත්මය. එහෙත් එ්වා පරිශීලනය කරන මෙහි ජීවත්වන සිංහලයන් වෙතොත් එ් අතළොස්සකි.
      මීට දශක තුන හතරකට පෙරාතුව විදේශයන්ට පැමිණි සිංහලයන් ඒ රටවල සංස්කෘතික විවිධත්වය තමා දරාගත් තමාගේ රටේ සංස්කෘතිය සමග සම්මිශ‍්‍රණය කරගෙන උසස් සංස්කෘතික ජීවිතයක් ගත කළ අයවලූන් වූහ. මේ ලියන මගේද බොහෝ සිංහලයන්ගේද හොඳම නවකථා ලෙස ඉස්මතු වූ සරච්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා එ් සංස්කෘතික අන්තර් පෝෂණයේ මා හැඟි උදාහරණයෝ වෙත්. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ පූර්ව කාලීන නවකතා එ් සඳහා තවත් උදාහරණයන්ය.     
කලාකරුවන් හෝ සාහිත්‍යකරුවන් හෝ නොවන වෙනත් විදිහේ වෘත්තීමය සුදුසුකම් සහිතව මීට දශක දෙක තුනකට පෙර විදේශයන්ට පැමිණි සිංහලයන්ට එ් රටවල පැවතියා වූ උසස් සංස්කෘතික ජීවිතය දැන හඳුනාගෙන තමන්ගේ උසස් සංස්කෘතික ජීවිතයට එ්වා මිශ‍්‍ර කරගෙන ලෝකය දෙස බලන නව ඇසක් එකල නම් ඔවුනට ලැබී තිබිණ.
         මේ ලියන මාද ඇතුලත් අපේ පරම්පරාව ආවෘත සමාජයක සිය යෞවනය ගත කොට විවෘත ආර්ථික පරිසරයක සිය තුරුණු විය ගත කළ උදවියගෙන් සමන්විතය. එහෙයින් පැරණි සමාජයකින් පසු නව සමාජයක් ඇතිවීමේදී සිදුවන මහා කම්පනය මුළුමනින්ම අත් විඳි පරම්පරාව අපි වෙමු. සමාජ සමානාත්මතාවය පිළිබඳ පූර්ව සමාජයේ ඉගැන්වීම් එ්වා මුදා හැරීමට සුදුසු පරිසරයක් නොමැති වුවත් 77න්  පසු යුගයේද වසර පහක් හයක් යන තෙක්   ඒ ධර්මතා සමාජ ගත කරන්නට අපි උත්සාහ දැරුවෙමු. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය ජීවිත කාලය තුලදීම තමා හඳුන්වා දුන්  විවෘත ආර්ථිකය තුළ ගැබ්ව පවත්නා ආර්ථික සමාජ හා දේශපාලන දර්ශනය නොනවත්වා සමාජ ගත කරමින් ඈත ගම්වලට පවා ගෙන යාමට සමත් විය. ඔහු මිය ගියේද ඒවායේ නිටු අනිටු ප‍්‍රථිඵල දෑසින් දැක ගැනීමෙන් පසුවය. එ් අතින් ඔහු පුරාතනයේ මහසෙන් රජුට සමානය. මහායානික බලපෑමෙන් මහා විහාරය පොළොවට සමතලා කොට උඳු වපුරද්දී මහා විහාර භික්ෂුහු ථේරවාද පොත පත රැුගෙන ආරක්ෂිත තැන් සොයාගොස් එකී සම්ප‍්‍රදාය අඛණ්ඩව රැුක ගත්තේය. එහෙත් එ් ථේරවාද භික්ෂූන්ට මෙන් 77න් පෙර යුගයේ සමාජ සමානතාවය පිළිබඳ අදහස් අවුරුදු හතර පහකට වඩා අපට නම් රැුක ගත නොහැකි විය. මුළු සමාජයම පාහේ අවසානයේ ජේ.ආර්ට යටත් වූ අතර ඉනික්බිති පැමිණි සියලූ පාලකයන් හා පාලිකාවෝද ජේ.ආර්. අණසක අද දක්වාම ඉදිරියට ගෙන ආවෝය.
මේ ආකාරයට මුදල් සෙවීමම පරමය බවට පත් කරගත් පිරිසක් එ් අරමුණ වඩාත් සාක්ෂාත් කර ගැනීමට විදෙස් ගත වූහ. ඔවුන් බොහෝ විට සංස්කෘතිය කන්ටදැයි ජේ.ආර්. ගේම වචන පුනරුච්චාරණය කළ පිරිසක් වූහ.
           1983 කළු ජූලියට කල එළි බැස්ස ම්ලේච්ඡු සිංහලත්වය ඔවුන් දරා සිටි සිංහලත්වය විය. එය විදේශ අධ්‍යාපනයට ගිය සරච්චන්ද්‍රලා අමුණුගමලා සුනන්දලා හෝ එවැනි පඬිවරුන් දරාගත් පුරාණ සිංහල සංස්කෘතික උරුමයෙන් පෙරී ආ සාරවත් සිංහලත්වය නොවීය. සිංහල භාෂාව නිවැරැුදිව උච්චාරණය කරන්නට මේ නව සිංහලයන් දැන සිටියේ නැත. මනමේ සිංහබාහුවත් නරඹා, එ් වටා තිබුණු සංස්කෘතික කතිකාව ගැන අංශු මාත‍්‍රයක් දැන සිටියේ නැත. තිත්තවෙල ගුණයා හෝ චිත‍්‍රසේන ගැන නොදැන සිටියා මෙන්ම මාර්ටින් වික‍්‍රමසිංහද ඔවුනට අවිෂය විය.
        දහ පහළොස් වසක් හෝ විසි වසක් විදේශයන්හි සේවා කම් කොට උපයා ගත් ධනයක් ඔවුන් සතුව තිබිණ. යාන වාහන හා ඉහළම පන්නයේ නිවාස ඔවුනට තිබිණ. ඉංගිරිසිය මිස සිංහලය ඔවුන්ගේ දරුවන්ගේ භාෂාව නොවීය.
      අද ලෝක සිංහල ඩයස්පෝරාවේ සමාජ නායකත්වය දරන්නේ මේ ලූම්පිත සිංහලයන් විසිනි. සිංහල භාෂාවේ, සිංහල කලාවේ සමස්ත සිංහල සංස්කෘතියේ අගය නොදන්නා ඔවුන් සිංහල රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිති. තමන් ජීවත් වන්නේ ජනවාර්ගික සමානාත්වය මැනවින් රජයන රටක වුවත් එ් සාමගී‍්‍රයේ අගනා ඵල තම රටේ සුළු ජාතික අනෙකා සමග විඳගැනීමේ කැමැත්තක් නැත.
      අපගේ නාට්‍ය කලාවේ වර්ධනය සිදු වූයේ ප‍්‍රාථමික ජනතාවගේ මූලයන් හා සරච්චන්ද්‍රයන් ලෝක නාට්‍ය කලාවේ රටාවන් එකට බද්ධ කළ හෙයිනි. එහෙත් මනමේ සිංහබාහු  හා ඉන්පසු ඔහුගේ සියලූ නාට්‍ය හොඳම සිංහල කලා කෘතිවන්නේ විශ්ව අවබෝධයක් තුළ සිංහල නාට්‍යයක් කිරීම නිසාය.
එහෙත් එවන් සංවරශීලී පිරිපුන් ජාතිකත්වයක් සහිත මිනිසුන් පිරිසක් පසු කාලීනව විද්වතුන් ලෙස උසස් අධ්‍යාපනය සඳහා එන්නේ නැත. කටපාඩම් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලයට යන සිසුන් පරිද්දෙන්ම MA ,PHD  උපාධි සඳහා  විදේශයන්ට පැමිණෙන සිංහල විද්වතුන්ද අර ලාබාල සිසුන්ගේ ක‍්‍රමවේදයේම ඉහළ අවධියක් නිරූපනය කරයි.
      මීට හතළිස් වසරකට පමණ පෙර පශ්චාත් උපාධි අධ්‍යයනයන් සඳහා විදෙස් ගත වූයේ අදට සාපේක්ෂව ඉතාම සුළු පිරිසකි. එසේ පැමිණි ඔවුහු යළි ආපසු ගියේ තමන් ලංකාවේදී ලැබූ අධ්‍යාපනයත්, විදේශීය අධ්‍යාපනයත්, විශ්ව සමාජයේ අත්දැකීමුත් තුලනාත්මකව අවබෝධ කර ගනිමිනි. එහෙයින්ම ඔවුන් තමන් අයත් ක්ෂේත‍්‍රවලට බොහෝ වටිනා සම්ප‍්‍රදායන් එක් කිරීමට සමත් විය. එහෙත් අද දහස් ගණනින් විදේශයන්ට එන විද්වතුන්ට එ් අපූර්ව දායකත්වය රටට දිය හැකිද?.
     රැකියා සඳහා බටහිරට පැමිණි පුද්ගලයන්ගේ දරුවෝ තම රට ලෙස සලකන්නේ තමන් උපන් රටයි. එසේ නැත්නම් ළමාවියෙන් ඔබ්බට තමන් ජීවත් වූ රටයි. බහු සංස්කෘතිකත්වය ඔවුන් කුඩා කල සිටම අවබෝධ කර ගනිති. එහෙයින් මෙහි උපදින සිංහල දරුවෝ කැනේඩියානු සංස්කෘතියේ අග‍්‍ර ඵලයෝ වෙති. සැබැවින්ම කැනේඩියානු සංස්කෘතිය යනු ලෝක සංස්කෘතියට කිව හැකි පර්යාය නාමයකි. මක් නිසාද යත් රටවල් 174 ක ජනයා වාසය කරන මෙහි පාසලේදී රෝහලේ දී රජයේ කන්තෝරුවක ඇතුළු මෙකී නොකී හැම තැනකදීම මුන ගැසෙන්නේ වෙනත් රටක වෙනත් ගැහැනියක මිනිසෙකු නිසාය. මෙහි රජයත් එකී නා නා ජාතිකයන්ගේ ජීවිතයේ ප‍්‍රගමනය උදෙසා මුදල් ඇතුළු අනේක විධ උදව් උපකාර කරති. විවිධ රටවලින් පැමිණි සංක‍්‍රුමණිකයන් විසින් ගෙන ආ සංස්කෘතික භාවය කැනඩාව දියුණු කිරීමg අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පාලකයෝ සලකති.
      ශී‍්‍ර ලාංකික මයිකල් ඔන්ඩච්චි, ෂ්‍යාම් සෙල්වදොරේ කැනේඩියානු මහා ලේඛකයන් වන්නේත්, ඉන්දියානු, අපි‍්‍රකාන,ු චීන, ජපන්, ලේඛකයන්ගේ තමන් උපන් රටේ අත්දැකීම් අනුසාරි සාහිත්‍ය කෘතිවලින් කැනඩාවේ පොත් රාක්ක පිරී යන්නේත් එහෙයිනි. මේ ආකාරයටම රඟහල්ද, සිනමා ශාලා ද බහු සංස්කෘතිකත්වයට විවෘතය. එහෙත් ඒවායින් සිංහලයන් ප‍්‍රයෝජනයක් ගන්නා බවට පෙනෙන්නට නැත. කොටින්ම  නිතර නිතර මෙහි පැමිණෙන, ආශා බෝෂ්ලේ, ජග් ්ජිත් සිං (මෑතකදී මියගිය) හරිහරන්, ඉලයරාජා වැනි තමන්ට නුදුරු කලාකරුවන්ගේ ප‍්‍රසංග නැරඹීමටවත් එන්නේ සිංහලයන් හත් අට දෙනෙකු පමණි.
     මෑතකදී ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පිහිටි නගරයක් වන බ‍්‍රැම්ප්ටන් හි නගර සභාව සිය පුස්තකාල සඳහා සිංහල පොත් මහා පරිමාණයෙන් ගෙන්වා ඒවා පාඨකයන්ට විවෘත කළේය. ඔවුන් එසේ කළේ එම නගරයේ විශාල සිංහලයන් පිරිසක් ජීවත් වන නිසාය. අවුරුදු තුන හතරක් පවත්වාගෙන ගිය මෙම වැඩ පිළිවෙල නවතා දැමීමට එම නගරසභාව තීරණය කර ඇත. එයට හේතුව ඔවුන්ගේ බලාපොරොත්තුවේ තරමට සිංහල පාඨකයන් පුස්තකාලයේ සිංහල පොත් පරිහරණය නොකිරීමයි. සුද්දා ළ`ගටම ගෙනත් දෙන සිංහල පොත පත නොකියවන නමුත්.......?

2 comments:

  1. සුනිමල්24 December 2013 at 21:41

    දෙනෙත් විවර කොට, අපට අපවම දකින්නට පොළඹ්වනා සත්‍ය ගවේෂ්නයක්..

    ReplyDelete
  2. තමන් තමන් විසින්ම කූඩුවෙනවා මදිවට, ඒ කූඩුවට අගුලකුත් දාගන්නවා..

    ReplyDelete