Saturday 7 November 2020

ඇමෙරිකානු සිහිනය යළි දකින්නට........

ඇමෙරිකානු ඉතිහාසයේ වසර හතරක පීලි පැනීමක් යළි නිසි මගට පැමිණ තිබේ. එහෙත් ට්‍රම්ප් පාලනය නිමා වන්නේ එක්සත් ඇමෙරිකානු ජාතිය හරි මැදින් දෙකට බෙදමිනි. ඇමරිකාව පිලිබඳ එතෙක් තිබූ චිත්‍රය බලවත් ලෙස බොඳ කරමිනි. ලෝකයේ බොහෝ මිනිසුන්ට ඇති ඇමරිකානු සිහිනය අර්බුදයට යවමිනි. ජනමාධ්‍ය එකරොත්තට ඔහුට විරුද්ධ වෙද්දී, තරුණයන් ශිෂ්‍යයන් වෘත්තීය වේදීන් එක රොත්තට විරුද්ධ වෙද්දීත් ඔහු පාලන බලයට පැමිණීමත් ඔහුගේ පාලනය වසර හතරක් පුරාවට පැවැත්මත් විග්‍රහ කරගතහැක්කේ නලින්ද සිල්වාගේ විග්‍රහයන් අනුව බව ට්‍රම්ප්ට ඡන්දය දුන් මගේ් මිතුරෙකු පැවසීය. ඔහු රාවණාද , නලින්ද සිල්වාද එකසේ විශ්වාෂ කරන හිතහොඳ මිතුරෙකි. ඇමෙරිකාවේ ඉතිහාසය වසර දෙසිය ගණනක් වුවත් ඒ දෙසිය ගණන තුල වසර 2500ක දේවල් ගොඩනගා ගැනීමට වලිකන ස්වොත්තමවාදීන්ගේ ප්‍රමාණය ට්‍රම්ප්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය කියාපායි. රජෙක් වගේ නායකයන් පැතීම අපවැනි රටවලට පමණක් නොව ඇමරිකාව වැනි රටවලට පවා බෝවුණු රෝගයක් බව ට්‍රම්ප්ට වැටුණු ජනප්‍රිය ඡන්ද ප්‍රමාණය අපට තවදුරටත් පෙන්වා දෙයි. රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය ලෝකයේ දියුණුම දේශපාලන පක්ෂ දෙක බව මගේ හැඟීමය. එම පක්ෂ දෙකට ඇමෙරිකානු ඉතිහාසයේ සියලු නව ගොඩනැගීම් විග්‍රහ කර ගැනීමට හැකිවිය. වෘත්තිකයන්ගේ හා සියලු සමාජ තරාතිරම්වල පාක්ෂිකයන් සංචිතයක් තනා ගැනීමටත් එම පක්ෂ සමත්වූ අතර ඔවුන්ගේ පොදු අදහස පක්ෂයේ හැඩරුව හා ගුණය බවට පත්විය. එමෙන්ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂ යාන්ත්‍රණයන්හි වැදගත්ම ගුණාංගය විය.පක්ෂ දෙකටම තමන්ගේම වූ බුද්ධිමතුන් සංචිතයක් සිටින අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔවුන් තීරණාත්මක වේ. එහෙත් ට්‍රම්ප් බලයට පැමිණියේ මේ යාන්ත්‍රණයනට පිටතිනි. විශේෂයෙන් රිපබ්ලිකන් පක්ෂ යාන්ත්‍රණයම අර්බුදයට යවමින්ය. ට්‍රම්ප්ගේ පරාජය වඩාත් සතුට දනවනු ඇත්තේ සැබෑ රිපබ්ලිකානුවන්ට බව මගේ විශ්වාෂයයි. කමලා හැරිස්ගේ ජයග්‍රහණය බොහෝ සම්ප්‍රදායික ඉන්දියානුවන්ට අසතුට දනවන කාරණයකි. ඒ ගොඩට බහුතර ඇමෙරිකානු ලාංකිකයන්ද එකතුවී සිටී. ඒ ඇයට දකුණු ආසියාතික උරුමයක් ඇතත් ඇය ඇමෙරිකාවේ උපන්නියක නිසාය. අපේ අයට නම් ඇය කොටින්ට සහයෝගය දේවි යන පූර්ව නිගමනය නිසාය. කෙසේ වෙතත් අපට පූර්ව නිගමන දිය නොහැකිය. එනමුත් වසර හතලිස් අටක අඛංඩ සෙනෙට් ධුරයක් දරණ ජෝ බයිඩන් හා විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකාවක වන කමලා හැරිස්ට ඇමෙරිකාව එතෙක් අත්පත් කරගත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තුවාල කරන වර්ගයේ තීරණ ගැනීමට පෙළඹෙනු ඇතැයි සිතිය නොහැකිය. චන්ද්‍රරත්න බණ්ඩාර

2 comments:

  1. ලoකාවෙ ඉන්න මහජාතිය අධික හීනමානයකින් සහ අධික අධිමානයකින් එකවර පෙළෙන ජාතියක්. අධික හීනමානය එන්නේ ලoකාවෙ මහජාතිය උනාට ලෝකයේ ඉතාම සුළුතර, වඳ වෙමින් යන ජාතියක් නිසා. මේක වඩාත් බරපතල මහජාතියේ ජාතික හතුරා වන දෙමළ ජාතිය ලoකාවෙ සුළු ජාතිය උනාට ලෝකයේ ප්‍රබල ජාතියක් නිසා සහ මහජාතියේ ආගමික හතුරා වන මුස්ලිම්/කතෝලික ආගම් ලoකාවෙ සුළු ආගම් උනාට ලෝකයේ ප්‍රබල ආගම් නිසා. ඊට අමතරව රටක් වශයෙන් ලෝකයේ කිසිම පිළිගැනීමක් නැති වීම ආදිය. අධික අධිමානය එන්නෙ අවුරැදු ගණනක ඉතිහාසය සහ තව නොයෙක් කරැණු නිසා. මේ දෙක අතර දෝළනය වෙවී ලෝකයේ සිද්දවෙන හැම දේටම මොකක්මහරි කොන්ස්පිරසියක් අටවගෙන පොර ටෝක් දීම තමයි බොහෝ දෙනෙක්ගේ හිත හදා ගන්න ක්‍රමය. දෙමළ මිනිස්සුන්ට තිබෙන ඊර්‍ෂ්‍යාව කමලගෙ පිටින් යවනව ඒ මනුස්සය වැඩ බාර ගන්නත් කළින්, කවදාවත් ඇමරිකාවට ආපු නැති, ඉoගිරිසි බැරි, අරහෙන් මෙහෙන් මොනවහරි අහුළගෙන ඉන්න ළි මැඩියො ටිකක්.

    ReplyDelete
    Replies
    1. මේ පිස්සු හටන මෙතනටත් ඇවිල්ල

      Delete