ධර්මරාජ කන්දේ මහවැලි ගඟට මුහුණලා පිහිටි මගේ පාසල් නේවාසික ජීවිතයේ හමුවූ විචිත්‍රවත්ම චරිතයක් වූ යේ දමිත රාජපක්ෂය. ළමා වියේදී ගැඹුරින් තැන්පත් වන බොහෝ දේ මියෙන තෙක්ම ගෙන යයි.දමිතගේ විකට කතා විකට රඟපෑම් කොතෙක් මා තුල තැන්පත් වීද යත් ප්‍රෙඩී සිල්වාට තබා විනෝද සමය කට්ටියටවත් ඒ අසලට ළඟාවීමට නොහැකි විය. දමිත පාසල් වියේදීත් වෙනස් මිනිසෙකු විය. ඔහුගේ වෘත්තීය ජීවිතයද වෙනස් එකක් විය.ගහ කොල මහ පොලොවේ පැවැත්ම ගැන ඔහු අපට වඩා සංවේදීව සිතුවේය. පසුකලෙක එයම ඔහුගේ ජීවන වෘත්තියද විය.
මේ සියල්ල මෙසේ වී නමුත් ඔහුට කොතැනකදෝ තැනෙක ජීවිතය සංවිධානය කර ගැනීමේදී වැරැද්දක් වී තිබිණි. අපිට එහෙම වෙන්න පුලුවන් වුනත් දමිතට එහෙම වෙන්න බැරි යයි හිතා සිටි නමුත් එසේ වී තිබුණි. ඔහුගේ අභාවය අපේ පාසල පැත්තෙන් පමණක් නොව රට පැත්තෙන්ද මහා පාඩුවකි. ඔහුගේ හිස්තැන පුරවන්න එවැනි විශේෂිත මහා මිනිසුන් හිඟය.
පේස් බුක් හරහා ඔහු මගේ සෑම ජයග්‍රහණයකටම සුභ පැතුවේය.
ධර්මරාජ නේවාසිකයේ නාට්‍යයක් ලෙස ඔහු ගම කතාවක් නාට්‍යයට නැගුවේය. එහි ගමමහගේට රඟපෑවේ දමිතය. මම ගම දියනිය වීමි. පසුව එය මහනුවර දිස්ත්‍රික් තරඟාවලියක ජයග්‍රහණයක්ද ලැබීය.ඒ නාට්‍යයේ 'යකා හූ කියාගෙන එයි" කියා දෙබසක් කියන්නට මට පැවරී තිබිණි. කවර පුහුණුවක් යටතේවත් ඒ වැකිය නියමාකාරයෙන් කියා ගන්නට මට නොහැකි විය. ඇත්තටම සිදු වූයේ කියා ගන්ිනට බැරිකම නොව දමිත ඊළඟට කියන දෙබස මතක් වී මට කල් ඇතුව හිනා යාමය. හිනාව වලක්වා ගනිමින් දෙබස කියන විට විසුලු ස්වරූපයක් ගැනිණි. එවන් දුර්වලතා නිසා රඟපෑම මගෙන් දුරස් වුවත් දක්ෂකමේ අග්ගිස්සේ සිටි දමිතගේ රඟපෑම හමාර වූයේ ඇයි?
දමිත මියයන්නට දින දෙක තුනකට පෙරත් මීට හතළිස් පස් වසරකට පෙර සිදු වූ 'යකා හූ කියා ගෙන ඒම' ඔහු විසින් මතක් කළේය.
සොයුර, නිසි අවසානයක් නැති නාට්‍යයක් ලෙස ඔබ ඔබේ නාට්‍යය විවේකයටත් පෙරමනිමා කර ඇත.
එහෙම නොකර හිටියා නම් මෙතරම් සංතාපයකින් අප මිත්‍ර සමූහයා නොපෙළනු නිසැකය.